සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසිකයන්ට. නැවතත් වාරයක් විනෝදාත්මක කටයුතු සඳහා වැඩි ඉඩක් ලැබිලා තියෙන මේ කාලයේ අදත් ආවේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි අරගෙන. ඉතින් අද මේ සිංහලට පරිවර්තනය කරන ලද උපසිරැසි ගෙනාව චිත්‍රපටයේ නම The Woman in the Window. ඉතින් මේක ඉතාමත් මෑතකදි නිකුත් වුණු චිත්‍රපටයක්. ම…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසිකයන්ට. නැවතත් වාරයක් විනෝදාත්මක කටයුතු සඳහා වැඩි ඉඩක් ලැබිලා තියෙන මේ කාලයේ අදත් ආවේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි අරගෙන. ඉතින් අද මේ සිංහලට පරිවර්තනය කරන ලද උපසිරැසි ගෙනාව චිත්‍රපටයේ නම The Woman in the Window. ඉතින් මේක ඉතාමත් මෑතකදි නිකුත් වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කලේ 20th Century Studios ආයතනයෙන්. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා ඔවුන් ඇමරිකන් ඩොලර් මිලියන 40ක වියදමක් දරලා තියෙනවා. (ඒ කාලේ ඒක 20th Century Fox. මේ තමයි 20th Century Fox නාමය යටතේ නිකුත්වුණු අවසාන චිත්‍රපටය)
ඉතින් මේ යථෝක්ත චිත්‍රපටය හරිනම් සිනමාහල් හරහා නිකුත් වෙන්න තිබුණේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදි වුවත්, නිෂ්පාදන ආයතනය විසින් චිත්‍රටය තිරගත වීම මාස කිහිපයකට ප්‍රමාද කලා. ඒ චිත්‍රපටයේ ඇතැම් දර්ශන නැවත සංස්කරණය කිරීම් සිදුවුණු නිසා. පසුව උත්ගත වුණු වසංගත තත්වයන් මත සිනමාහල් වසා දැමුණු නිසා නිෂ්පාදක ආයතනය විසින් මෙම චිත්‍රපටය Netflix ආයතනයට මේ චිත්‍රපටයේ සියලු හිමිකම් විකුණා දමා තියෙනවා. ඉන් අනතුරුව මේ චිත්‍රපටය Netflix ඔස්සේ digital release එකක් විදිහට නිකුත් වුණේ ඉකුත් මැයි මස 14 වැනි දා. මේක The Darkest Hour(2017), Anna Karenina(2012), The Soloist (2009), Hanna(2011) වගේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂනය කල Joe Wright කියන අධ්‍යක්ෂකවරයාගේ තවත් සුපිරි අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටය නිමැවෙන්නේ New York Times හරහා ප්‍රකාෂයට පත්වුණු A. J. Finn විසින් රචිත The Woman in the Window කියන නව කතාව ඇසුරින්. ඒවගේම තවත් කියන්නම ඕනේ දෙයක් තියෙනවා. ඇතැම් අය අතර මතයක් පවතිනවා මේ චිත්‍රපටයට පාදක වුණේ The Couple Next Door කියන නව කතාව කියලා. කොහෙත්ම නැහැ! ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රචාරයක්. චිත්‍රපටය පිළිබඳව තව ටිකක් කියන්න තියෙයි, ඒත් ඊට මත්තෙන් චිත්‍රපටය සිදුවීම් පෙළගැස්ම ගැන කියලා ඉන්නම්.
ඇනා ෆොක්ස් වෘත්තියෙන් ළමා මනෝ වෛද්‍යවරියක්. හිටපු ළමා මනෝ වෛද්‍යවරියක් කිව්වොත් තමා වඩාත්ම නිවැරදි. මොකද කිව්වොත් කලකට පෙර ඈ මුහුණ දුන් බරපතල සිදුවීමක් නිසා ඇය දැන් ඇගෝරාෆෝබික් නම් මානසික රෝගයෙන් පෙළෙනවා. වෛද්‍ය කාල් ලැන්ඩි තමා ඇගේ වෛද්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ. ඔහු සතියකට එක් වරක් ඇගේ නිවසට පැමිණ ප්‍රතිකාර කරනවා. ඉතින් මේ ඇගෝරාෆෝබික් තියෙන අය අනියත බියක් දක්වනවා විවෘත එළිමහනට පිවිසෙන්න. සරලවම කිව්වොත් නිවසෙන් එළියට පිවිසෙන්න ඔවුන් බයයි. ඉතින් ඇනාත් මේ මානසික රෝගී තත්වයෙන් පෙළෙන කෙනෙක්. මේ ඇනාට ඉන්නවා හුරතල් පූසෙක්. එයාගේ නම පන්ච්. ඉතින් ඇනා හා පන්ච්ට අමතරව ඇනාගේ නිවසේ බිම්මහලේ කුලී පදනම මත නේවාසිකයෙක් ජීවත් වෙනවා. මේ තරුණයාගේ නම ඩේවිඩ් වින්ටර්ස්. මේ ඩේවිඩ් තමයි ඇනාට එළිමහනෙ තියෙන වැඩ බොහොමයක්ම වගේ කරලා දෙන්නේ. ඒ කොහොමද කිව්වොත් නිවසේ කසල බාල්දිය පවා එළියට දාන්නේ ඩේවිඩ්. ඒවගේම ඇනා දවස පුරාම නිවස තුල ඉන්න නිසා වටපිටාව ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. ඉතින් මේ අස්සේ ඇගේ නිවස ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ තියෙන අංක 101 දරණ නිවසට අලුතෙන් රසල් කියලා පවුලක් පදිංචියට එනවා. හරි හදිස්සියෙන් තමා ඔවුන් මේ නිවසේ වාසයට එන්නේ.
ඇනාගෙ සවන වැකුණු විදිහට ඔවුන් හදිස්සියෙන් නිව්යෝර්ක් වලට ඇවිත් තියෙන්නේ බොස්ටන් ඉඳලා. ඉතින් මේ රසල් පවුලේ ඉන්නවා නව යොවුන් වියේ පසුවන ගැටයෙක්. එයාගේ නම ඊතන්. වැඩි කාලයක් යන්න කලින් ඇනා ඊතන්ගේ හොඳ යාලුවෙක් වෙනවා. ඉන් පසුව ඩේවිඩ්වත් නිවසේ නොසිටි රැයක උද්ගත වුණු අනපේක්ෂිත සිදුවීමකින් ඇනාට හඳුනගන්න ලැබෙනවා ජේන් රසල්ව. ඒ කියන්නේ ඊතන් ගේ මව, තවත් ආකාරයකින් කිව්වොත්, ඇට්කින්සන් සමූහ ව්‍යාපාර ආයතනයේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කල ඇලිස්ටෙයාර් රසල්ගේ බිරිඳ. ඇතිවුණු පුංචි කතාබහකින් මෙයාලා ගොඩක් සමීප මිතුරන් වෙනවා. දවසක් රැයක ඇනා අවදි වෙන්නේ කිසිවෙකුගේ බහින්බස් වීමක් ඇසිලා. ටිකක් ජනේලය අසලට ගිහින් බලන ඇනාට දකින්න ලැබෙන්නේ මොකක්ද? ජේන් හා ඇලිස්ටෙයාර් අතර වෙන වචන හුවමාරුවක්. ඇසිල්ලකින් පිහියක් ඇදලා ගත්ත ඇලිස්ටෙයාර් රසල් සිය බිරිඳට එකෙන් අනිනවා.
එක්වරම දුටු සිදුවීම නිසා භීතියෙන් කම්පනය වුණු ඇනා වහාම හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ගෙන මේ අපරාධය දැනුම් දෙනවා. මඳ වේලාවකින් නිව්යෝර්ක් පොලිස් අංශයේ අපරාධ පරීක්ෂකවරු දෙදෙනෙක් එන්නේ මේ සිදුවීම ගැන හොයාබලන්න. නමුත් ඔවුන්ට රසල් නිවසෙන් කිසිදු අපරාධයක් හමුවන්නේ නෑ. එහෙත් අපරාධ පරීක්ෂකවරු දෙදෙනට ඝාතනය වුණා යැයි පැවසූ ජේන් රසල් හමුවෙන්නේ සීරීමක් හෝ නැතිව. ඒ වුණත් ඒ ඉන්නේ ඇනාට දින කිහිපයකට පෙර හමුවුණූ ජේන් රසල් නෙමෙයි. ඇනා කවදාවත් දැකලා නැති කාන්තාවක්. ඒසේම මේ ජේන් රසල් එකහෙලාම පවසනවා ඇය කෙදිනක හෝ ඇනා හමුවී නැති බව. එතකොට ඇනාට දින කිහිපයකට පෙර හමුවුණු, ඇගේ ඇස් ඉදිරියේම ඇලිස්ටෙයාර් අතින් ඝාතනය වුණු කාන්තාව කවුද? ඇය දුටු කාන්තාවගේ ඝාතනය, ඇගෝරෆෝබික් රෝගය වෙනුවෙන් ඇනා භාවිත කරන ඖෂධයක් නිසා මනසේ මැවුණු මායාවක්ද? ටික දවසකට පසුව ඇනාට ඝාතනය වුණු ජේන් රසල්ගේ කරාබුවක් ඩේවිඩ්ගේ යහන අසල තිබියදී හමුවෙන්නේ මේ අබිරහස තවත් තීව්‍ර කරමින්. ඇනා දිනපතාම ඇගේ දියණියට හා සැමියාට දුරකථනයෙන් කතා කරනවා. ඒත් ඔවුන් ඉන්නේ කොහේද? රසල් පවුල බොස්ටන් ඉඳලා හදිසියේම නිව්යොර්ක් එන්නේ ඇයි? අවසාන වශයෙන්, කවුද මේ ඩේවිඩ් වින්ටර්ස්? කුතුහලය ඇති කරන සිදුවීම් ගණනාවක සංයෝජනයකින් යුතු මෙම චිත්‍රපටයේ කතාව මම තවත් ඉදිරියට කියන්න යන්නේ නෑ.
ඒ වගේම මේ චිත්‍රපටයට ජනප්‍රිය රංගන ශිලපීන් ශිල්පිනියන්ගෙන් පවා අඩුවක් වෙලා නෑ. Amy Adams, Gary Oldman, Julianne Moore, Wyatt Russell වගේ ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ දායකත්වය මීට ලැබිලා තියෙනවා. Arrival, Man of Steel, Dawn of Justice, Zack Snyder’s Justice League වැනි චිත්‍රපට බලලා තියෙන අයට Amy Adams අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම තමා Gary Oldman. The Dark Knight චිත්‍රපට ත්‍රිත්වය ඔස්සේ James Gordon ලෙස මුලු සිනමාලෝකයම Gary Oldman ව දැක්කා. ඒවගේම තමා Julienne Moore, ඇය Kingsman The Golden Circle, Hunger Games Mocking-Jay වගේ චිත්‍රපට වල ප්‍රධාන චරිතයන් හොබවමින් දායක වුණු රංගන ශිල්පිණියක්. ඉතින් දැන් ඕනෙම කෙනෙකුට තේරෙනවා රංගන ශිල්පීන් පැත්තෙන් මේ චිත්‍රපටය බොහොම පොහොසත් බව.
මේ චිත්‍රපටය මේ වන විට Imdb දර්ශකයේ 5.8ක් හා Metacritic හි 41 ලෙස තමා සටහන් වෙලා තියෙනවා වගේම චිත්‍රපටය මූලික වශයෙන් අයත් වෙන්නේ Crime, Drama, Mystery, Thriller යන වර්ගිකරණ වලට. පරිශීලක ඔබේ හිතේ මේ චිත්‍රපටය ගැන ඇතිකරපු කුතුහලය හොඳටම ප්‍රමාණවත් කියලා හිතෙනවා. ඉතින් තවදුරටත් මේ ගැන විග්‍රහ කරලා ඔබව වෙහෙසට පත්කරන්න මගේ අරමුණක් නෑ. මට මේ චිත්‍රපටය වෙන්කර දුන් තිසර අයියටත් මේ ගමන්ම ස්තූතියි නොකර බැහැ ඒ සමඟම චිත්‍රපටය රසවිඳන්න කියලා ඔබටත් ආරාධනා කරනවා. ඉතින් ඔබේ අදහසත් පහල තියෙන කමේන්ට බොක්ස් එකෙන් හලාගෙන යන්න කියලා පරිශීලක ඔබට අවසන් ඉල්ලීමකුත් කරන ගමන් මම මේ කාර්ය මෙතනින් අහවරක් කරනවා.
හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,160 downloadsDownload The-Woman-in-the-Window-2021.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
- #2021
- #A.J. Finn
- #Amy Adams
- #Anthony Mackie
- #Editor's Pick
- #Gary Oldman
- #Jennifer Jason Leigh
- #Joe Wright
- #Julianne Moore
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Tracy Letts
- #Wyatt Russell
- #You Decide
- #උපසිරැසි
- #විහඟ පියුමාල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
Amila
Shaggy
Thank you very much
indika75
thanks..
Thathsarani
Good job bro
Harshi Gangodawilage
Thank you sub ekata. Lipiya nisamai kathawa balanna hithune.
yash
Machan eminum produced karapu Bodied (2017) eke sub eka dannako
movie link eka dannm blanna poddakSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Teron
Too late bro
Anyway thanksAnonymous
Thank you!
UDARA DAMITH
එල
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
lakshan
thanks .....................
D.Chamara
බොහොම ස්තූතියි .... !
Rishantha
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!chamod
through my window meke sub ekak dennako
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Supiri kathawak wage
Lipiya nam niyamai
Jaya wewa