Watch Trailer

I Spit on Your Grave (1978) AKA Day of the Woman Sinhala Subtitles | අසරණ තරුණියක් ඝාතකයෙකු බවට පත් කළ ඔවුන්… [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් බයිස්කෝප්වාසී යාලුවො හැමෝටම! මේ හා හා පුරා කියලා එලිබහින්න හදන්නේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඇත්තටම කියනවනම් සිංහල උපසිරැසි නැති චිත්‍රපටයක් හොයා ගන්නත් අමාරුයි. හරිම අමාරුවෙන් තමා මේකත් හොයාගත්තෙත්. කොහොම වුනත් පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා.…

 

ආයුබෝවන් බයිස්කෝප්වාසී යාලුවො හැමෝටම! මේ හා හා පුරා කියලා එලිබහින්න හදන්නේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඇත්තටම කියනවනම් සිංහල උපසිරැසි නැති චිත්‍රපටයක් හොයා ගන්නත් අමාරුයි. හරිම අමාරුවෙන් තමා මේකත් හොයාගත්තෙත්. කොහොම වුනත් පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. එහෙනම් අපි චිත්‍රපටිය පැත්තට හැරෙමු.

ජෙනිෆර් කියන්නෙ හැඩකාර තරුණියක්. ඒ වගේම කතුවරියක්. ඇය එනවා ගිම්හාන නිවාඩුවේ තමන්ගෙ පළවෙනි නවකතාව ලියන්න. (ජෙනීගෙ පළවෙනි නවකතාව, මගේ පළවෙනි සබ් එක) කොහොම හරි ⁣මේ තරුණිය ජීවත්වෙන්නෙ පාලු නිවසක තනියම. ඇය ගමේම තරුණයින් පිරිසක් අතින් අමානුෂික ආකාරයට දූෂණය වීමත්, ඒකට ඇය ඔවුන්ගෙන් පළිගන්නා ආකාරයත් තමයි මේ කතාව පුරාම දිවෙන්නේ.

I SPIT ON YOUR GRAVE කියපු ගමන් ⁣ගොඩක් අය දන්නවා මේකේ අන්තර්ගතය මොන වගේ වෙන්න ඇතිද කියලා. ⁣මේ චිත්‍රපටය IMDB අගය 5.7කුත් තක්කාලි දර්ශකයේ 56%කුත් ලබාගෙන තියනවා. ඒ වගේම මේක R-RATED එහෙමත් නැත්තම් සරලවම වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් විධියට හඳුන්වන්න පුළුවන්. කොහොම වුනත් මේ චිත්‍රපටයේ තදින්ම ලිංගිකත්වය සම්බන්ධ දර්ශන, වගේම violence තියන නිසා මේ කතාව 20+ වත් අයට පමණක් යෝග්‍ය වෙන එකක් කියලා අවධාරණයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම චිත්‍රපට ඉතිහාසයේ දිගම rape scene එක මේ චිත්‍රපටයෙයි ති⁣යෙන්නේ. ඒ නිසා ආයෙත් කලින් අනතුරු ඇඟවීමම නිකුත් කරන්න කැමතියි.

⁣මේ සළරැවේ Camille Keaton, Eron Tabor, Richard Pace වැනි නළු නිලියන් රංගනයෙන් දායක වෙලා තියනවා. මේ චිත්‍රපටයෙ Theoretical Version එක විනාඩි 94කුත්, Director’s Cut එක විනාඩි 111කුත් සහිතව ධාවනය වෙනවා. මෑත කාලීනව ආපු I SPIT ON YOUR GRAVE චිත්‍රපට ත්‍රිත්වයට අඩිතාලම දාපු චිත්‍රපටය විධියට මේක හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටයෙම REMAKE එකක් ⁣I SPIT ON YOUR GRAVE (2010) නමෙනුත්, එ්කෙ දෙවැන්න I SPIT ON YOUR GRAVE 2 (2013) නමිනුත්, එහි තුන්වැන්න I SPIT ON YOUR GRAVE III: VENGEANCE IS MINE (2015) නමිනුත් නිකුත් වෙලා තියනවා. මේ 1978 චිත්‍රපටයේම දෙවැනි කොටස I Spit on Your Grave: Deja Vu (2018) නමින් තිරගත වීමට සූදානමින් තියනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR [Director’s Cut ] පිටපත සඳහා වලංගු වේ.

3,788 downloadsDownload I-Spit-on-Your-Grave-1978.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Bat-Man-pic-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BAT MAN” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

BAT MAN

Subtitles

3,788 downloadsDownload Subtitles27 KB

38 comments

  1. jagath55

    Thanks

  2. Udara Damith Dissanayaka

    ..........බොහොම ස්තූතියි

    ......................

  3. Wicki

    Thank you Very Much

  4. SAjith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Suranjan

    Thanks......jayawewa......!

  6. Ishan Madusha

    පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
    පුලුවන්නම් friday the 13th ඉතිරි ෆිල්ම් ටිකටත් සබ් දෙන්න
    ජය වේවා!

    1. BRUSEWAYNE

      FRIDAY THE 13th මුල්/මැද ඒවයෙ සීඩර්ස්ලා නෑ බන්. හරිම අමාරුයි DOWNLOAD කරන්න. DOWNLOAD කරගන්න පුළුවන් වුනොත් මං දෙන්න ට්‍රයි කරන්නම්.

    2. Ishan Madusha

      එලම

  7. gihan perera

    සුභ පැතූමි සහෝ......ජය වෙිවා....

  8. Dilanka Prasad

    ela bn.. movie eke link eka dapanko..

    1. BRUSEWAYNE

      සබ් ඩවුන්ලෝඩ් කරන තැනට උඩින් තියෙන්නෙ. එතනින් ගිහින් බලන්න.

    2. AsithaDilruwan

      Filmxy.com hoda kopiyak tyenawa

  9. අනුෂ්ක දිල්ශාන්

    first sub ekata suba pathum digatama denna

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. BRUSEWAYNE

      උවමනා ඒවයෙ නම් කිවුවනම් තමයි ලේසි.මොනවද නම්??

  11. bhasu92

    SUBA ANAGATHAYAK

  12. AsithaDilruwan

    ලඟදි බැලුවා...2010 2013 වලට වඩා යමක් දැක්කා
    කොහොමත් classic වල අමුතු ගතියක් තියේ..
    අපේ රටේ ඇගේ වෛරය හැදුනෙත් මේකේ කොපියක් විදියටයි..
    බොහොම පින්

  13. damith.thara

    බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  14. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  15. malith

    Ela ela

  16. priyanthapremarathna

    නියමයි මචෝ.ජයවේවා

  17. Shehan Pramuditha

    LInk eka na ne bn

  18. Wayantha Sandaruwan

    ගොඩක් ස්තූතියි බැට් මෑන් සබ එකට. දිගටම සබ් දෙන්න එහෙනං. ජය වේවා!

  19. Hasitha_Madhushan

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට. ඒ වගේම පලවෙනි උපසිරැසියටත් සුබ පැතුම්. පුලුවන්නම් දිගටම මේ වගේ පරන හොද ෆිල්ම් වලටම සබ් දෙන්න. ඔබට ජය.........!

  20. Kasun Harshana

    මචෝ.මේක සුපිරි ෆිල්ම් එකක්. මේකෙ අලුත් ෆිල්ම් 3 ම බැලුව. සුපිරි. මේකත් බාගෙන බලනව ඔයාගෙ සබ් එක්ක. පුළුවන්නම් cannibal holocoust ෆිල්ම් වලට සබ් දෙනවද. ඒකෙත් 1979, 1980 ෆිල්ම් දෙකක් තියෙනව මතක හැටියට. සුපිරිම භාණ්ඩයක්. Wrong turn වගේ. මිනීමස් කන ඒව. අතිශය බිහිසුණු දර්ශන තියෙනව. ඒක හින්ද සමහර ලින්ක් වල සම්පූර්ණ ෆිල්ම් එක නැතුවත් ඇති. ෆුල් මූවී ලින්ක් එකක් හොයාගෙන බාලා සබ කරන්න. සබ් ෆයිල්ස් තියෙනව. වැඩිය සබ් ලයින් නෑ. හොඳටම බයහිතෙන බිහිසුණු දසුන් සහිත පට්ට පතුරු ෆිලුමක්.

    1. BRUSEWAYNE

      මේ දැං උණු උණුවෙම ටයිප් කර කර ඉන්නෙ ඒක තමයි. 1980 එක.

    2. Kasun Harshana

      අම්මෝ සුපිරි. මේක මං හෙටම බානව බ්‍රෝ. අද ඩේටා නෑ. මේ වගේ බිහිසුණු ත්‍රිලර් ඇඩ්වෙන්චර් ෆිල්ම් බලන එකත් වෙනම ආතල් එකක්. ඒත් එක්කම ඔයාට ගොඩක් පින් දෙනව canibal holocaust එකට සබ් කරන එකට. මං ගොඩක් අයට කිව්ව සබ කරන්න කියල. ඒත් ෆිල්ම් එක පරණයි කියල ගොඩක් අය මගහැරිය. ඒත් ෆිල්ම් එක බලද්දි හිතෙයි අද ඊයෙ ගහපු එකක්ද කියලත්. පට්ට තාත්විකයි. I spit on your grave (1979) එකත් එහෙමම තමා. දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් සෙට් එකක් බස්සමු. තද.

    3. BRUSEWAYNE

      නෝමල් BR RIP එක බාපන්. මන් සබ් එක හැදුවේ ඒකට. ඩිරෙක්ටර්ස් කට් එකට නෙමෙයි.

  21. chinthaka_priyadrshana

    Thanks machoo........

  22. TharakaWAS

    thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. BRUSEWAYNE

      අනේ බන්, උඹලට ටයිප් කරලා එවපු සබ් එක දාන්න බෑනේ.

    2. BRUSEWAYNE

  24. Re Load 1

    පළවෙනි සබ් එකට සුබපැතුම්.

  25. Sadeu_Bandara

    හොද ලිපියක් හා සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි.......

  26. s-j-kumara

    බයිස්කෝප් වෙබ් අඩවියට Bat Man සහෝ ඔබව සාදරයෙන් පිළිගන්නවා. උපසිරැසිය ගෙන ඒම සඳහා ඔබ දැක්වූ කාර්යක්ෂමතාවය ඉහළින් අගේ කොට සලකනවා. අන්න Friday The 13th... ෆිල්ම් කලෙක්ෂන් එක yify වෙබ් සයිට් එකේ තියනවා ඒව ටක්ගාලා Download වෙනවා. Seeders ලා ඕනතරං ඉන්නවා... මමත් Friday The 13th collection එකම බෑවෙ yify සයිට් එකෙන්.

    - ඔබට ජයෙන් ජය

  27. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  28. Chamindalakruwan

    ස්තුති සබ් එකට