2015 ජුලි මස දහ වන දින මගේ පලමු උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලකිරීමෙන් පසු, මේ මගේ පලමු කඩ ඉමයි. එනම් මේ මගේ පනස් වෙනි උපසිරැසි නිර්මාණයයි. මේ පිලිබඳව විශේෂයෙන් කිසිවක් පැවසීමට නැතත්, මේ සඳහා මා හට අවස්ථාවක් ලබා දුන් බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. රොයිලි, යශෝධ, සමන් ම…
2015 ජුලි මස දහ වන දින මගේ පලමු උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලකිරීමෙන් පසු, මේ මගේ පලමු කඩ ඉමයි. එනම් මේ මගේ පනස් වෙනි උපසිරැසි නිර්මාණයයි. මේ පිලිබඳව විශේෂයෙන් කිසිවක් පැවසීමට නැතත්, මේ සඳහා මා හට අවස්ථාවක් ලබා දුන් බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. රොයිලි, යශෝධ, සමන් මේ සියලු දෙනාට මගේ ආචාරය. ඔවුන් මට අවස්ථාවක් ලබා නොදීමට මා තවත් එක් ප්‍රේක්ෂකයෙක් පමණයි.එමෙන්ම මෙතෙක් අදහස් දැක්වීමකින් මා හට සහයෝගය දැක්වූ සියලු දෙනාට මා ස්තුතිවන්ත වෙනවා.
මා පනස්වෙනි උපසිරැසිය සඳහා තෝරාගත්තේ බීට්ල්ස් සංගීත කණ්ඩායම හා බැඳුන විනෝදමත් හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. 1978 තිරගත වන මෙය 1964 කාල වකවානුව පිලිබිඹු කරන්නක්. එනම් බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ස්වර්ණමය අවදිය. තරුණියන් හතරදෙනෙක් හා තරුණයන් දෙදෙනෙකු නිව්යෝක් වලට පැමිණෙන බීට්ල්ස් කණ්ඩායම දැකගැනීමට කරන නොනවතින උත්සහායන් චිත්‍රපටයේ කතා තේමාව වී ඇත. රෝසී බීට්ල් කෙරේ පිස්සු වැටුන තරුණියකි, ජෙනිස් බීට්ල් කණ්ඩායමට විරෝධය පාන්නියකි. ග්‍රේස් ගේ අවශ්‍යතාවය කණ්ඩායමේ ජායාරූපගෙන පුවත් පතක ඇගේ නමින් පලකරවා ගැනීමටයි. පැමෙලා විවාහයට සූදානමින් මේ සියල්ල කෙරේ උදාසීනත්වයකින් කටයුතු කරයි. අතර මගදී ජැනිස් හා මිතුරු වීමට උත්සහ කරන ටෝනි ගමනට එකතුවන අතර ලැරී තම පියාගෙන් සොරාගත් කාරයේ රියදුරාය.
නිව්යෝර්ක්හි අදාල හෝටලය ලඟය යන පිරිස විවිධ අතට බෙදී විසිරී යයි. ජැනිස් හා ටෝනි එක්ව හෝටල් පරිශ්‍රයේ විරෝධතා පැවැත්වීම් වලට එකතු වේ.පැමලා, රෝසි හා ග්‍රේස් හෝටලය තුලට යන අතර එහිදී තිදෙනාට වෙන්වී තෙදිසාවකට යන්නට සිදුවේ. ග්‍රේස් නැවතත් හෝටලයෙන් පිටතට එන අතර, රෝසි හට හෝටලය තුල හොරෙන් රැඳී සිටින ඇය වන්ම බීට්ල් පිස්සෙකු හමු වෙයි. දෙදෙනාම හෝටල් ආරක්ෂකයන් විසින් එළියට ඇද දමයි. මේ කිසිවකුට හමු නොවන අවස්ථාවක් පැමෙලාට අහම්බෙන් උදා වෙයි. එනම් බීට්ල්ස් ලා නැවතී සිටින හෝටල් කාමරයට පිවිසීමට ලැබීමයි. අවසානයේ ඇයව හෝටල් ආරක්ෂකයන්ට හමුවන විට එම කාමරයේ වන බොහෝ දෑ ඇගේ ඇඳුමේ සාක්කු වලට ගොස් අවසානයි. මේ අවස්ථාවේ ඇයට දර්ශන සංවිධායකයන් විසින් ටිකට් පතක් ලබා දෙනවා.
ගුවන් විදුලිය හරහා අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමෙන් ටිකට් පත් දිනාගැනීමට දුෂ්කර උත්සහයක යෙදෙන රෝසි හට පවා වාසනාව උදාවෙනවා. අවසානයේ කුඩා දරුවකු හා එක්වී දරුවාගේ පියාගෙන් ටිකට් පත් සොරකම් කරගෙන ජැනිස් හා ටෝනිද මෙම ෂෝ එක බැලීමට අවස්ථාව උදාකරගන්නවා. නමුත් ටෝනිගේ අවසන් උත්සහයත් සම්ප්‍රේශ්ණ කුලුණ විනාශ කර මේ වැඩසටහන කඩාකප්පල් කර දැමීමයි. මේ අතර ග්‍රෙස් රහසින් චිත්‍රාගාරයට ඇතුල් වී ආරක්ෂකයකුට අසු වේ. ඇගේ ඉල්ලීම මත ඩොලර් 50 ක පගාවක් දී චිත්‍රාගාරයට ඇතුලුවීමට ආරක්ෂකයාව එකඟ කරගනු ලබයි. බොහෝ ගැටලු වලට මුහුණ දී සොයාගත් ඩොලර් 50 පොලිස් නිළධාරියෙකුට දී ලැරීව දඬුවමින් මුදාගන්නා නිසා ඇගේ ජායාරූප අවස්ථාව ඇගෙන් ගිලිහී යයි. නමුත් වාසනාව ඔවුන්ව සොයා එන්නේ කිසිවකුත් නොසිතන ලෙසයි.
සිනාවෙන් සපිරි මෙම සිනමා සිත්තම ඔබට yify torrent අඩවිය හරහා ලබා ගත හැකියි. උපසෙරැසිය එම පිටපතට අදාල වේ. මීලගට Suspicion(1941)සමග නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.
127 downloadsDownload I-Wanna-Hold-Your-Hand-1978.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
39 comments
Raveesha Sandamin
Withanage Priyantha Dayakeerthi
බුද්ධික නුවන් සොයුර,
ඔබගේ "50 වන උපසිරසියට" මාගේ උණුසුම් සුබපැතුම්! ඔබ මෙම 50 සඳහා ගත් වෙහෙස මටත් හොඳින්ම දැනෙනවා. ඉතාමත් වටිනා සිනමාපට එකතුවකටයි ඔබ මෙතෙක් කල් උපසිරසි කළේ, එයට මාගේ ස්තුතිය!
1960 දශකයේ එංගලන්තයේ ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ "බීටල්ස්" සංගීත කණ්ඩායම ගැන දැන තිබුණත් ඔවුන්ගේ ගීත අසා තිබුණත්, මෙම සිනමාපටය ගැන දැන සිටියේ නැහැ. ඉතිං මා මෙය අනිවාර්යයෙන් නරඹනවා. ඔබගේ ඊළඟ උපසිරැසිය Suspicion(1941) යනුවෙන් ඉහත දක්වා තිබෙනවා දැකීමත් සතුටක්. මෙහි සියගණනක් උපසිරසි සපයන්නන් අතර මෙවැනි රුචිකත්වයක් ඇති අප වෙනුවෙන් මහඟු සේවයක් කරන ඔබව අපට ඉතාමත් සුවිශේෂී සොයුරෙක්. ඔබට අප සියලුදෙනා වෙනුවෙන් ප්‍රණාමය!!!Buddhika
Thanks ayyaa
එල්.සී. දමැල්
50ට සුභම සුභ පැතුම්
අනිවාරෙන්ම බලනව ඔන්න මේක
ස්තුතියි උපසිරසට...KAVINDA GAMAGE
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Pramod
50 වෙනි උපසිරසට සුභ පතනවා. I Want To Hold Your Hand කියලා කියන්නෙ 1963 වර්ෂයේදි එලිදක්වපු බීට්ල්ස් කණ්ඩායමේ ප්‍රකට
ගීතයක්. ඒක තමා ඔවුන්ගේ වැඩිම පිටපත් ගාණක් අලෙවි වුනු ගීතය. බීට්ල්ස් කණ්ඩායම නිකුත් කෙරෑ සංගීත ඇල්බම් දෙකක් ආශ්‍රිතව නිපදවුනු
ප්‍රසිද්ධ චිත්‍රපට 2ක් තිබෙනවා. ඒ A Hard Day's Night (1964) සහ Help (1965). පුළුවන් නම් මෙන්න මේ ෆිල්ම් දෙකට සබ් කරන්න.
හරිම වටිනවා.Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
ඒ වගේම 50 වෙනි කඩඉමට හදවතින්ම සුභ පතනවා සහො.. දිගටම උපසිරැසි ලබා දෙන්න ශක්තිය,ධෛර්යය ලෑබේවා කියල ප්‍රාර්ථනා කරනවා..
බුදුසරණයි..ජය වේවා..අසිත
elama saho thanks
Suspicion(1941 denakm balan innwa saho
ikmanata 100 gahamu
jaya wewa!!Mayura
නියමයි මචන්. 50ටත් පරණ එකක් ගෙනාපු උඹව අදහන්න වටිනවා. දිගටම සබ් දීහන් මචෝ.
මධුකප්‍රිය පෙරේරා
50වන උපසිරසියට හෘදයාංගම සුබපැතුම් එක් කරනවා..
ඉක්මනින් 100ත් ගහමු. ඔබට ජයෙන් ජයඅසංක ප්‍රදීප් රණතුංග
පැරණි උපසිරසි කරන කෙනෙක් විදියට ඔයාගේ වැඩේ අගය කරනවා,. දිගටම මෙහෙම උපසිරසි කරමු. පනස් වන උපසිරසියට සුබ පැතුම්
බුදු සරණයි
උදයා
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ...
ඔබට ජයෙන් ජය....chalana
thnx bro...
praneeth madu
පළමු කඩ ඉමට හදවතින්ම සුභ පතනවා සහෝ එහෙනම් මෙතනින් නොනැවතී තවත් උපසිරැසිකරණයේ යෙදෙමු ඔබට ජය
Kulanjana Maduranga
Hat off Respect Bro....Great work & Lot of thanks BUDDIKA saho.wish u'r great future.....
Sajith Anthony
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ…
ජයෙන් ජයම වේවා...!!Tharaka
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!
සිංහල උපසිරැසියටත් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
උණුසුම් සුබ පැතුම් නුවන් සහෝ. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් ඊලඟ කඩ ඉමටත් ළඟාවෙන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Buddhika
Thanks sahoo
Buddhika
Thanks hamootama, adahas dakawana nodakwana hamootama.
සනත් ගුණතිලක
සිංහල සබ් කරන සිය ගානක් පිරිස අතරින් මම දැක තිබෙන සුවිශේෂම උපසිරසිකරුවා වන්නේ බුද්ධික ඔබතුමායි. රැල්ලට නොගොස් මේ කරන සේවය කියා නිම කල නොහැකියි. ඔබගේ චිත්‍රපට තෝරාගැනීම අතිවිශිෂ්ටයි... කමෙන්ට් බලාගෙන මේක කරන්න එපා. පරන චිත්‍රපට බලන පිරිස අඩු උනත් මේ වගේ සිනමා නිර්මාණවල අගය දන්නේ එම පිරිස විතරයි. ඒකයි නිකන්ම Thank you කියල කමෙන්ට් කරගෙන යනවට වඩා ඒ අයගෙ ඇත්තම හැගීම ඔබ වෙනුවෙන් කමෙන්ට් කරන්නෙ. ඔබට ජය
nimal kantha
ammata hudu ubanam pissek bn. patta thanks machan sub walata ube. jayawewa.
ජයංග බණ්ඩාරනායක
ඔබ්ට තියෙන්නෙ කදිම දැක්මක්. බොහෝම ස්තුතියි මෙම උපසිරැසියට. මට පේන විදියට ඔබ ලංකාවෙ හොදම සිනමා පාසල වන ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා ඩිප්ලොමා එක කරපු කෙනෙක්. මම හරි නේද?
Buddhika
Boru mokatada, ethenta yannawath awasthaawak hamba wela na.
Priyal
Hama awruddema kattiya gannawa. Puluwannam palayan watinawa. Lankawe hodama waddo tika enne uganwanna. 50000 gana.
ජයංග බණ්ඩාරනායක
The Party (1968) කියන්නෙත් මරු චිත්‍රපටයක්. හැකිනම් එයටත් උපසිරැසිය දෙන්න. ස්තුතියි.
දිලාජ්
මචෝ rar file එකට subtitle එක දාද්දි new folder එකක් ඇතුලට subtitle එක දාල new folder එක දාපන් rar file එකට.
දිල්ශාන් සචින්ත
නියමයි සහෝ 50ට සුබපැතුම්. 100ත් ගහමු ජය.
Sajeevi
50 වෙනි උපසිරැසියට සුබ පැතුම්...
naween
මේ film එක Robert Zemeckis කියන පට්ටම පට්ට directorගෙ film එකක්. මොහු steven spielberg හා සමාන පුද්ගලයෙක්.
isuru
50වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා සහෝ!!
100වෙනි කඩයිමටත් ඉක්මනින්ම ලගාවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා..පැරනි චිත්‍රපට වලට උපසිරැසි ලබාදීමත් අගය කරනවා!!ජයවේවා!!පැතුම් චතුරංග
50 වෙනි උපසිරසි නිර්මාණයට හදවතින්ම සුබ පැතුම් සහෝ...
100 ත් ඉක්මනට ගහමු..
ජය වේවා!!shasith sandaruwan
50 වෙනි උපසිරැසියට සුභපැතුම් සහෝ.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Ravindu Rukshan
50ට සුබපැතුම්.
100 ත් ඉක්මනට ගහමු..sajith
Genius kiyala Einstein ge t.v serious eka nationala geography eke yanawa. danata episode 2 k giya. 10 k wage enna thiyanawa. mekata puluwannm sub danna. watina kathawak hamotama balanna. mkv cage site eke danawa.
Helili Hemamali
සුබ පැතුම් සහෝ!
තවත් ඉදිරියට යන්නට ශක්තිය,වාසනාව ලැබේවා!C h a m a r a S a m p a t h [C a s t i e l]
සමාවෙන්න ඕන සුභපතන්න පමා උනාට.
50'වැනි උපසිරැසියට හදවතින්ම සුභපතනවා බුද්ධික සහෝ.
මෙතැනින් නොනැවතී ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
මෙහ් උපසිරැසියටත් හුගක් ස්තුතියි සහෝ. ජය!සමන් ප්‍රසාද්
කමෙන්ටුවක් කොටන්න පරක්කු වුණාට සමාවෙන්න.
මුල්ම කඩඉම වෙනුවෙන් එහෙනම් හදවතින්ම සුභ පතනවා...!!!
ඊළඟ කඩඉමට යන්නත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub ekata ගොඩක් ස්තූතියි!!!
Mekath ba gnda ona