Imaginary (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් අදත් අරගෙන එන්න ලෑස්ති වෙන්නෙ මං සෑහෙන දවසක් බලාපොරොත්තුවෙන් හිටපු තවත් එක් හොරර් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය නිකුත් උනේ මාර්තු මාසෙ මුල. ඉතින් ඔන්න දින කිහිපයකට පස්සෙ මේකෙ වෙබ් පිටපත් නිකුත් කරන්න නිශ්පාදක මඩුල්ල තීරණය කරල තියෙනව. එහෙනම්,ව…
Imaginary (2024) Sinhala Subtitles
ඔන්න එහෙනම් අදත් අරගෙන එන්න ලෑස්ති වෙන්නෙ මං සෑහෙන දවසක් බලාපොරොත්තුවෙන් හිටපු තවත් එක් හොරර් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය නිකුත් උනේ මාර්තු මාසෙ මුල. ඉතින් ඔන්න දින කිහිපයකට පස්සෙ මේකෙ වෙබ් පිටපත් නිකුත් කරන්න නිශ්පාදක මඩුල්ල තීරණය කරල තියෙනව. එහෙනම්,වැඩි කතා නැතුව යමු අපි කතාව පැත්තට.
මේක දිවයන්නෙ සම්පූර්ණයෙන් ම අපි හැමෝගෙම වගේ පුංචි කාලෙ පාලුව මකා ගන්න අපි හිතින් හදාගන්න යාළුවෙක්,එහෙමත් නැත්නම් අපි අපිටම කතා කරගන්න Imaginary Friend කියන මානසික තත්ත්වය වටේ ගෙතුනු හරි අපූරු කතා තේමාවක්. සාම්ප්‍රදායික හොලිවුඩ් සිනමාවෙ දකින්න ලැබෙන Supernatural horror sub genre එකට මේක වැටුනත්,අවසාන හරියෙ උන ට්ව්ස්ට් ටික නිසා කතාවට අමුතුම එළියක් ඇවිල්ල තියෙනව. දාවන කාලය පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් විදියෙ පීක් පොයින්ට්ස් ටිකකුත් කතාව ඇතුළට බොහොම නිර්මාණාත්මක විදියට ගෙනල්ල තියෙනව කියලත් මේ වෙලාවෙ මතක් කර යුතුම කාරණයක් විදියක් සඳහන් කරන්න පුළුවන්.
මේ කතාවෙ ඉන්න මන:කල්පිත මිතුරා තමයි චෝන්සි කියල කියන්නෙ. ඇත්තම කිව්වොත් මේ චෝන්සි රියල් එක්සිස්ටිං සුපර්නැචුරල් ක්‍රීචර් කෙනෙක් විදියට තමයි කතාවෙ පේන්න ඉන්නෙ. මෙයා නිසා ජෙසිකා සහ එයාගෙ පවුලෙ උදවියට විඳින්න වෙන කරදර ටිකක් ගැන තමයි සරලවම කතාව ඇතුළෙ වෙන්නෙ. වැඩි විස්තර චිත්‍රපටය නරඹලාම දැනගන්න එක තමයි වටින්නෙ. මේක මේ වෙනකොට ආදායම අතින් අතිශය සාර්ථක සිනමා පටයක් විදියට ගන්න බැරි උනත්,වියදම සාපේක්ෂව ගානක් හම්බ කරගන්න නිශ්පාදක මඩුල්ලට හැකිවෙලා තියෙනව. ඉතින් මේකත් අපි කවුරුත් දන්න Blumhouse නිශ්පාදයක් වගේම Lionsgate බෙදාහැරීමක්. කතා ඇති! එහෙනම් හැමෝටම චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව. හැමෝටම සුභ දවසක්!
~ ” Baby,it’s just an Imagination.” ~
Imaginary, Imaginary (2024) Sinhala Subtitles, Imaginary sinhala subtitles, Imaginary sinhala sub
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,026 downloadsDownload Imaginary-2024.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #Imaginary
- #Imaginary (2024) Sinhala Subtitles
- #Imaginary sinhala sub
- #Imaginary sinhala subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #You Decide
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Kaveen
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Buddhika Lakmal
හොරර්නං ඉතිං බැලිල්ලක් තමයි...
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.......හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
"Wicked little letters" kiyana film ekata subtitles file ekai video file ekai denna puluwanda??
Eka 2024 film ekak. Olivia Colman, Jessie Buckely wage aya act karanne. Thanks.Anonymous
thank you
YOU
THANKS
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank you.