Hanu Man (2024) Sinhala Subtitles අංජනාද්‍රිවල වෙසෙන හනුමන්තු පුංචි හොරෙක්. රස්සාවක් නොකර තමන්ගේ කරට කිසිම වගකීමක් නොගෙන සැළකිල්ලක් නැතිව කාලය ගෙවනවා. ඒත් පුංචි හොරෙක් වුණ මෙයා එදිනෙදා ජීවිතය ගෙවාගන්න පොඩි පොඩි දේවල් හොරකම් කරනවා. කොටසක් ගමේ මිනිස්සුන්ටත් දෙනවා. ඒ වගේම හනුමන්තු නොයෙක් දේවල් කරමින්…
Hanu Man (2024) Sinhala Subtitles
අංජනාද්‍රිවල වෙසෙන හනුමන්තු පුංචි හොරෙක්. රස්සාවක් නොකර තමන්ගේ කරට කිසිම වගකීමක් නොගෙන සැළකිල්ලක් නැතිව කාලය ගෙවනවා. ඒත් පුංචි හොරෙක් වුණ මෙයා එදිනෙදා ජීවිතය ගෙවාගන්න පොඩි පොඩි දේවල් හොරකම් කරනවා. කොටසක් ගමේ මිනිස්සුන්ටත් දෙනවා. ඒ වගේම හනුමන්තු නොයෙක් දේවල් කරමින් කුඩා කල ඉඳන්ම ආදරය කළ මීනාක්ෂිගේ ආදරය දිනාගන්න උත්සාහ කරනවා. දිනක් මීනාක්ෂි බසයේ ගමන් ගනිමින් ඉද්දි මංකොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. මීට අවුරුදු ගණනාවකට පෙර අංජනාද්‍රි මංකොල්ලකාරයින්ගේ තර්ජනයට ලක්ව තිබුණත් වර්ථමානයේ එවන් බියක් පැවතුනේ නැහැ. මීනාක්ෂිව බේරාගැනීමට හනුමන්තු මංකොල්ලකරුවන් සමඟ සටන් කරනවා. හනුමන්තු සටනින් මාරාන්තික ප්‍රහාර ලබා මුහුදට ඇද වැටෙනවා. මුහුදට ඇද වැටෙන හනුමන්තුට ඉන් පස්සෙ සිද්ධ වුණේ මොකක්ද?
Hanu Man (2024) Sinhala Subtitlesමේ සුපර් හිරෝ චිත්‍රපටිය රචනා කර අධ්‍යක්ෂණය කළේ ප්‍රශාන්ත් වර්මා. PVCU – Prashanth Varma Cinematic Universe එකේ ආරම්භය ලෙසින් තමයි මේ Hanuman නැත්නම් Hanu Man චිත්‍රපටය නිකුත් වෙන්නේ. මීට පෙරදී ප්‍රශාන්ත් වර්මා Zombie Reddy (2021), Awe (2018) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ඒ වගේම හනු මෑන් ප්‍රධාන නළු තේජාගේ Adbhutham (2021) චිත්‍රපටයේ කතාව රචනා කළා. තේජා සජ්ජා හා ප්‍රශාන්ත් වර්මා එක් වන තුන් වන අස්වස්ථාව තමයි මේ. තේජා සජ්ජා, අම්‍රිතා අයියර්, වරලක්ෂ්මි සරත්කුමාර්, විනේ රායි, වෙන්නිලා ක්‍රිෂෝර්, සමුත්‍රකනී, සත්‍යා, ගෙටප් ස්‍රීනු, දීපක් ශෙට්ටි, යනාදී නළු නිළියන් මෙහි චරිත රඟ දක්වනවා.
ඒ විතරක් නෙවෙයි. රවිතේජා විසින් මීට හඬින් දායකත්වය ලබා දී තියෙනවා. නිහතමානී කලාකරුවකු ලෙස ඔහු මීට පෙර Maryada Ramanna (2010), Awe (2018), Maaveerudu (2023) චිත්‍රපටවල විශේෂ චරිත කිහිපයකට හඬකවා තිබෙනවා. මේ සංක්‍රාන්තියට හනු මෑන් සමඟ රවිතේජාගේ Eagle (2024) ද තිරගත කිරීමට නියමිතව තිබුණත් ඔහු හනු මෑන් වෙනුවෙන් අවස්ථාව ලබා දී තමන්ගේ චිත්‍රපටය පෙබරවාරි මස 9 දක්වා කල් දමා ගත්තා.
Hanu Man (2024) Sinhala Subtitlesඅනේවාසික ඉන්දියානුවෙකු ද, චිත්‍රපට බෙදාහරින්නෙකු ද වූ නිරන්ජන් රෙඩ්ඩි විසින් ඉ. රු. කෝටි 30ක පමණ මුදලක් යොදවා මෙය නිෂ්පාදනය කළා. මේ වසරේ සංක්‍රාන්තියට සමගාමීව ජනවාරි මස 12 දින නිකුත් කරනු ලැබූ සිනමා තරු නැති මේ පුංචි චිත්‍රපටය හනුමාන් ප්‍රිය කරන භක්තිකයින් ඉ.රු. කෝටි 330ක් පමණ දළ ආදායමක් දක්වා උපයා දුන්නා.

ඒ වගේම ප්‍රේක්ෂක විචාරක සැමගේම ධණාත්මක ප්‍රතිචාර අත්පත් කරගත්තා. මේ සමඟම මෙවර සංක්‍රාන්තියට තෙළිඟු සිනමාවෙන් මහේෂ් බාබුගේ Guntur Kaaram (2024), නාගාර්ජුනාගේ Naa Saami Ranga (2024), වෙන්කටේෂ්ගේ Saindhav (2024) චිත්‍රපට තරඟ වැදුණා. හනු මෑන් ඉහළම ආදායම් ඉපයූ තෙළිඟු චිත්‍රපට අතර 8 වැනි ස්ථානයේ පසු වෙනවා.
චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය ඉහළින් ප්‍රශංසාවට ලක් වුණා. මීට ගෞරහරි, අනුදිප් දේව් සහ ක්‍රිෂ්ණා සුරාබ් විසින් සංගීතය සපයා තිබෙනවා. ඇත්තටම හනුමාන් චාලිසා, ශ්‍රී රාමදූත ස්තතෝත්‍රය, රඝුනන්දන ගීත රාම, හනුමාන් බැතිමතුන් තුල මහත් බක්තියක් උපද්දනවා. මේ චිත්‍රපටයේ 3D අනුවාදය මේ වසරේ මැදදී අමතර කොටස් සමඟින් නිකුත් කිරීමට සූදානම් බව ප්‍රශාන්ත් වර්මා සඳහන් කළා.
මේ හනු මෑන් චිත්‍රපටයේ ප්‍රචාරණයට ලොකුම සහය ලැබුණේ Adhipurush (2023) චිත්‍රපටයෙන්. ඉ.රු. කෝටි 600 ගණනක් පමණ වැය කර නිපද වූ අදිපුරුෂ් චිත්‍රපටියේ ටීසරය දැක ප්‍රේක්ෂකයින් මෙන්ම රසිකයින්ද මහත් කම්පනයකට ලක් වී සමාජ මාධ්‍යය පුරා සෑම අතකම අදිපුරුෂ් ටීසරය උපහාසයට ලක් කරා. ඒ වගේම අදිපුරුෂ් කණ්ඩායමේ ප්‍රචාරණ කටයුතුවලින් ඔවුන්ටම වළ කපා ගත්තා.
මේ අතරේදිම හනු මෑන් චිත්‍රපටයේ ටීසරය පිටවුණා. මේ ටීසරයේ ඉතාමත් අඩු පිරිවැයකින් මේ තරම් ඉහළ ගුණත්වයකින් CG සහ VFX නිර්මාණය කර තිබෙනවා දැක කාගේ කාගෙත් ප්‍රශංසාවට ලක් වුණා. අවසානයේ ඉන් හනු මෑන් චිත්‍රපටයට බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඇති කිරීමට සමත් වුණා. චිත්‍රපටය තිරගත වෙමින් තිබෙන අතරතුරදි ප්‍රේක්ෂක අනුකම්පාව උපදවාගැනීමට ශ්‍රී ලංකාවේ මේ චිත්‍රපටය තහනම් කල බවට ව්‍යාජ්‍ය පුවත් මතු කිරීමක්ද වුණා. මොකද ලංකාවේ හින්දු දහම අදහන ප්‍රමාණය සුළුතරයක් නිසාවෙන්.
Hanu Man (2024) Sinhala Subtitlesමාවල්ලාගේ Avengers Infinity War (2018) සහ Avengers Endgame (2019) චිත්‍රපට ආභාෂයට ගෙන ඉන්දියාවේ මේ වෙද්දි පඳුරකට ගැහුවත් සිනෙමැටික් යුනිවර්ස් විසි වෙන තරමට ඒ ඒ සිනමා කර්මාණ්ත වලින් සිනමා විශ්වයන් තනන්න අරගෙන තියෙනවා. මින් YRF Spy Universe, Pohit Shetty’s Cop Universe, Astraverse, KGFVerse, Lokesh Cinematic Universe, Dinesh Vijan’s Horror-Comedy Universe, Midhun Manuel Thomas Universe, HIT Verse යන සිනමා විශ්වයන් මේ වෙද්දි ස්ථාපිත කර තිබෙනවා.
මේ PVCU විශ්වයේ චිත්‍රපට සියල්ලම සිදු වෙන්නේ අඛණ්ඩ භාරතය නම් මනඃකල්පිත විශ්වයක. මේ අඛණ්ඩ භාරතයට වර්ථමානයේ ඉන්දියාවෙන් කැඩී ගිය ඇෆ්ගනිස්තානය, නේපාලය, බංගලාදේශය, බූතානය, මලදිවයින, බුරුමය, පාකිස්තානය, ටිබෙටය යන රටවල් සහ ශ්‍රී ලංකාව ද ඇතුලත්. ඒ කියන්නෙ ඉතින් දකුණු ආසියායෙන් ව්ශාල කොටසක් පුරා මේ අඛණ්ඩ භාරතය විහිදිලා තියෙනවා. චිත්‍රපටය ආරම්භයේ සිදුවීම් සිද්ධ වෙන්නේ සෞරාස්ත්‍රා වල. මේ සෞරාස්ත්‍රා වර්ථමානයේ ගුජරාටි සහ මහරාස්ට්‍රා ප්‍රාන්ත වලට වෙන් කර තිබෙනවා. ඒ වගේම අංජනාද්‍රි නම් ගමත් මනඃකල්පිතයි. මේ PVCU එකේ මීළඟට Adheera සහ Jai Hanuman චිත්‍රපට පැමිණීමට නියමිතයි.
Hanu Man (2024) Sinhala Subtitlesකොහොම වුණත් අධීරාගේ අතේ ඇති ආයුධය ශ්‍රක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධයට සමානයි. මේ වජ්‍රායුධයේ කතාව කෙටියෙන් සඳහන් කරන්නම්. සුරයින් සහ අසුරයින් අතරේ විටින් විට යුද්ධ ඇති වුණා. වරක් නැවතත් යුද්ධයක් ඇති වෙන්න පුළුවන් නිසා ඒ ආයුධ සියල්ලම ආයෙත් ඉල්ලද්දි දෙන්න කියලා දධිචි සාධුට ළඟ තියාගන්න කිව්වා. බොහෝ කලක් ගියත් සුරයින් ආයුධ ඉල්ලන් ආවේ නැති නිසා දධිචි ආයුධ ඔක්කොම වතුරට හරවලා බිව්වා. ඊට පස්සෙ කාලෙක සුරයින් ආයුධ ඉල්ලගෙන ආවම “ආයුධ ඔක්කොම මම වතුර කරල බිව්වා. ඒ ආයුධ ඔක්කොගෙම ශක්තිය මගේ කොඳුනාරටියේ තියෙනවා. උවමනා නම් මාව මරලා මගේ කොඳුනාරටියෙන් ආයුධයක් හදාගන්න” කියලා කිව්වා. සුරයින්ට මිත්‍රාසුරා නම් අසුරයෙක්ව මරන්න ආයුධයක් උවමනා වුණ නිසා ඒ කොඳුනාරටියෙන් වජ්‍රායුධය හදලා ඒ අසුරයව මරා දැම්මා. ඔන්න ඕක තමයි වජ්‍රායුධයේ කතාව.
Hanu Man (2024) Sinhala Subtitlesළමා නළුවෙක් ලෙස සිනමා දිවිය ඇරඹූ තේජා සජ්ජා ප්‍රථම වරට Zombie Reddy චිත්‍රපටයෙන් ප්‍රධාන නළුවෙකු ලෙස රඟපෑමට අවස්ථාව උදා වුණා. චිත්‍රපටයේ තේජාගේ ස්වරූපය වෙනස් වෙනස් ස්වරූප 25ක් අතරින් තෝරාගෙන තිබෙනවා. තේජාට මේ වෙනුවෙන් ශරීරය සකසා ගැනීමටත් Scuba Diving ඉගෙන ගැනීමටත් සිදු වුණා. අවසානයේ මේ වෙද්දි තේජා මේ චරිතයට සුදුසුම තේරීම කියලා තහවුරු කරලා හමාරයි. රූගත කිරීම් අතරතුර විනේ රායිගේ ඇඳුම් කට්ටලය ඔහුට පැළඳගැනීම අපහසු වීම නිසා ඔහු තමන්ගේ බර කිලෝ 2ක් අඩු කරගත්තා. ඒ ඇඳුම නම් බලාපොරොත්තු වුණ තරමට තිබුණෙ නැහැ. කෙනෙකුට ඒක දැකපු ගමන් හිනා යන්නත් පුළුවන්. චිත්‍රපටයේ විභීෂණගේ චරිතය වෙනුවෙන් රිෂාබ් ෂෙට්ටි සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු Kantara (2022) රූගත කිරීම් වල නියුතු නිසාවෙන් එම අවස්ථාව සමුත්‍රකනීට හිමි වුණා.
Hanu Man (2024) Sinhala Subtitlesහනුමන්, ආංජනේයා ලෙසින් හඳුන්වන මිනිස්-වඳුරු ස්වරූපයක් සහිත හනුමන්තා වාල්මිකී විසින් රචනා කළ ප්‍රබන්ධ කතාවක් වන රාමායණයේ චරිතයක්. රාමාගේ නිරන්තර සේවකයෙකු වූ හනුමන්තා රාමා, සීතා සහ ලක්ෂ්මන් තම හදවතේ තබාගෙන සිටිනවා. ඕනෑම මොහොතක දැවැන්ත ස්වරූපයක් ගැනීමට හැකියාවක්ද මොහුට තිබෙනවා. ඒ වගේම රාමායණයේ සිද්ධීන් සැබෑවටම සිදු වුණා කියන්න කිසිම සාක්ෂියක් නැතත් රාමායණය සිදු වුණ බවත්, හනුමන්තා සැබෑවටම සිටි බවත් බැතිමතුන් දැඩිව විශ්වාස කරනවා. රාමායණයේ සඳහන් වන ලංකාව, අප වෙසෙන ශ්‍රී ලංකාව නොවන බවටත් මතයක් පවතිනවා. ඇත්තටම ඉතිහාසයක් නැති රටක් විදියට ඉන්දියාවට ඉතිහාසය තහවුරු කරන්න සිදු වුනේ ශ්‍රී ලංකාවේ මහාවංසයෙන්.
Hanu Man (2024) Sinhala Subtitlesරාමාගෙන් වරම් ලබා හනුමා සහ විභීෂණ යන දෙදෙනා තවමත් පොළොවේම ජීවත් වන බව හින්දු ආගමිකයින් විශ්වාස කරනවා. මොවුන් චිරන්ජීවීන් ලෙසින් හඳුන්වනවා. වේද ව්‍යාසා, හනුමාන්, පරශුරාම්, අශ්වාත්තමා, මහාබලි, ක්‍රිපචාර්‍ය, කාකබුශුන්දි නම් සප්ත චිරන්ජීවිවරු තවමත් මේ පොළොවේ සැඟවී ජීවත් වෙනවා. ඒ වගේම මර්කන්දයා නම් අටවැනි චිරන්ජීවියෙකු ගැනද සඳහන් වෙනවා. හනුමාන් සහ විභීෂණ මේ හනු මෑන් චිත්‍රපටයෙන් හඳුන්වා දුන්නා.
Hanu Man (2024) Sinhala Subtitlesකොහොම හරි PVCU මීළඟ චිත්‍රපටවල අනෙකුත් චිරන්ජීවිවරුන් හඳුන්වා දෙන්න ඉඩ තියෙනවා. සුපිරි වීරයන් 12 දෙනෙක්ගෙන් සුපර් හීරෝ චිත්‍රපට 20ක් කරනවා කියලා ප්‍රශාන්ත් සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළා. ඒ අතරේ මහා කාලි සම්බන්ධ චිත්‍රපටයක් ද නිර්මාණය විය හැකියි. සමහරවිට Jai Hanuman චිත්‍රපටයේ(Hanu Man 2) හනුමාන් චරිතය රානා ඩගුබාටි රඟපෑමට ඉඩ තියෙනවා. මොකද මේ චිත්‍රපටයේ CG හනුමාන්ගෙ මුහුණෙන් රානා ඩගුබාටිට සමානකමක් පෙනෙනවා.
Hanu Man (2024) Sinhala Subtitlesප්‍රේක්ෂකයින්ට සුපර් හීරෝ කෙනෙක්ව පිළිගන්න නම් එක්කෝ විද්‍යා ප්‍රබන්ධයක් වෙන්න ඕන, නැත්නම් මේ වගේ දේව/ආධ්‍යාත්මික බලයක් සම්බන්ධව වෙන්න ඕන. දේව බලයෙන් කෙනෙක්ට සුපිරි බලයන් ලැබෙනවා කිව්වම ඉන්දියාවේ ප්‍රේක්ෂකයින් ඉහ මුදුනින්ම පිළිගන්නවා. ඇමරිකාව වගේ තාක්ෂණයෙන් දියුණු රටක් ප්‍රශ්නයක් නැතුවම පිළිගන්න මිත්‍යාව තමයි පිටස්තර ග්‍රහයින්. ඒත් බාලයියා වගේ සුපර් හීරෝ කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන් දැඩි බාලයියා රසිකයෙක්ටම විතරයි. ඊට පස්සෙ යථාර්ථය, භෞතිකත්වය, තර්කය නැහැ කියන් අපේ ලෙජන්ඩ්ව ට්‍රෝල් කරන්න ගන්නවා. ජයි බාලයියා!
Hanu Man (2024) Sinhala Subtitlesවර්තමානයේ මේ චිත්‍රපටයට ලැබී ඇති Imdb රේටින් අගය 8.1ක්. ඉතින් මේ චිත්‍රපටිය තේරුම් ගන්න රාමායණය හෝ වෙනත් කතා කියවා තිබීම අනිවාර්යය නැහැ. මේක පවුලේ සැමට එකට ඉඳිමින් නරඹන්න පුළුවන් අලංකාරවත් චිත්‍රපටියක්.
Hanu Man (2024) Sinhala Subtitlesනිවැරදි අර්ථය ඉදිරිපත් කිරීමේදී හනුමාන් චාලිස් අනුවාදනයේදී සහය වුණ හේෂාන් අයියටත් ඉංග්‍රීසි වලින් සහය වුණ අශාන් අයියටත් බොහොම ස්තූතියි! මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
9,530 downloadsDownload Hanu-Man-2024-Sinhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hanu Man (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Amritha Aiyer
- #Deepak Shetty
- #Editor's Pick
- #Getup Srinu
- #Hanu Man (2024)
- #Hanu Man (2024) Sinhala Sub
- #Hanu Man (2024) Sinhala Subtitles
- #Indian Box Office Hits
- #MaxxA
- #Must Watch
- #Prasanth Varma
- #Ravi Teja
- #Samuthirakani
- #Satya (Telugu)
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Teja Sajja
- #Varalaxmi Sarathkumar
- #Vennela Kishore
- #Vinay Rai
- #රවිඳු නවින්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Buddhika Lakmal
Bhathiya
Thankss sub ekata
Hashan
Thanx for the sub bro...❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thank you.good work
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


වෙනද වගේම පට්ට මූවි එහෙකට පට්ට ලිපියකුත් එක්ක සබ් එක ගෙනත් තියෙනවා....
බොහෝම ස්තූතියි සහෝ ලිපියටයි සබ් එකටයි.....