IPL: Indian Penal Law (2025) Sinhala Subtitles බයිස්කෝප් සිංහලෙන් හිතවතුන් හැමෝටම ආයුබෝවන්! අද මම අරගෙන ආවේ 2025 වසරේ අගභාගයේ තිරගත වුණු, අදටත් ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්වන සුපිරිම දෙමළ චිත්‍රපටයක්. නම දැක්ක ගමන් මේක ක්‍රිකට් මැච් එකක් ගැන කියලා රැවටෙන්න එපා. මෙහි නම IPL නැත්නම් Indian Penal…

බයිස්කෝප් සිංහලෙන් හිතවතුන් හැමෝටම ආයුබෝවන්! අද මම අරගෙන ආවේ 2025 වසරේ අගභාගයේ තිරගත වුණු, අදටත් ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්වන සුපිරිම දෙමළ චිත්‍රපටයක්. නම දැක්ක ගමන් මේක ක්‍රිකට් මැච් එකක් ගැන කියලා රැවටෙන්න එපා. මෙහි නම IPL නැත්නම් Indian Penal Law. අපේ රටේ වුනත් ඕනෑම මොහොතක සිදුවිය හැකි සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වූ මෙය, දරදඬු නීතියක් ඉදිරියේ අසරණ වන සාමාන්‍ය මිනිසෙකුගේ සංවේදී මෙන්ම කුතුහලයෙන් පිරි කතාවක්. කරුණානිධිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.7 ක ඉහළ අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අප කවුරුත් දන්නා දක්ෂ රංගන ශිල්පී කිෂෝර් ය. ඔහුට අමතරව අභිරාමි, ‘ආඩුකලම්‘ නරේන් සහ බෝස් වෙන්කට් වැනි දක්ෂ නළු නිළියන් රැසක් මෙයට දායක වෙනවා. විශේෂයෙන්ම යූටියුබ් හරහා ජනප්‍රිය වූ TTF Vasan ගේ පළමු සිනමා ආගමනය සිදුවන්නේද මෙම චිත්‍රපටය හරහායි.
කතාව ගැන කියනවා නම්, ගුණසේකරන් කියන්නේ බොහොම අහිංසක, තමන්ගේ පාඩුවේ ටැක්සි රියදුරෙක් ලෙස රැකියාවක් කරගෙන ජීවත් වන මනුස්සයෙක්. ඔහුගේ බිරිඳ වන වසන්ති, නංගි කනිමොළි සහ කුඩා දියණිය සමඟ ඔහු ගත කරන්නේ ඉතාමත් සාමකාමී ජීවිතයක්. නමුත් “සල්ලි සහ බලය තියෙන අයට විතරයි මේ සමාජයේ සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්” යන තේමාව සනාථ කරමින් ගුණසේකරන්ගේ ජීවිතය එක මොහොතකින් උඩුයටිකුරු වෙනවා. දිනක් පොලිස් අත්අඩංගුවේ සිටි රාජේෂ් නම් තරුණයෙක් පොලිස් පහරදීමකින් මියයනවා. මේ මරණය පිටුපස විශාල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන අතර, එය වසා ගැනීමට මුත්තු කරුප්පන් නම් පොලිස් ඉන්ස්පෙක්ටර්වරයා සැලසුම් කරනවා. ඔවුන් කිසිදු වරදක් නොකළ ගුණසේකරන්ව මේ මිනීමැරුමට පටලවා බිල්ලට දෙනවා. ගුණසේකරන්ගේ කාර් එක යොදාගෙන කරපු මේ කුමන්ත්‍රණය නිසා ඔහුට නොකරපු වරදකට හිරේ ලගින්නත් වෙනවා.
පොලිසියේ අමානුෂික වධහිංසා හමුවේ, තමන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ගුණසේකරන්ට නොකළ වරදකට අත්සන් කිරීමට සිදුවෙනවා. මෙන්න මේ තීරණාත්මක මොහොතේදී තමයි ගුණසේකරන්ගේ නංගිගේ පෙම්වතා වන අන්බු මේ අසාධාරණයට එරෙහිව සටනට පිවිසෙන්නේ. බයික් රයිඩර් කෙනෙක් වගේම ඩිලිවරි බෝයි කෙනෙක් වන අන්බුට, බලගතු දේශපාලන සහ පොලිස් බලයට එරෙහිව ජයග්‍රහණය කළ හැකි වේවිද? රාජේෂ් සතුව තිබූ රහස් වීඩියෝව කුමක්ද? ගුණසේකරන්ට ආපහු තමන්ගේ පවුල සමඟ එකතු වෙන්න පුළුවන් වේවිද? මේ සියල්ල දැනගැනීමට නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
මේක නිකම්ම මසාලා ෆිල්ම් එකක් නෙවෙයි. ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය (Indian Penal Law) තුළ ඇති හිඩැස්වලින් රිංගා යන බලවතුන් සහ ඒ අතර තෙරපෙන අහිංසක මිනිසුන් ගැන මෙහි මැනවින් පෙන්වා දෙනවා. ගුණසේකරන්ගේ චරිතයට පණ පොවන කිෂෝර්ගේ විශිෂ්ට රංගනය සහ අන්බු ලෙස රඟපාන TTF වාසන්ගේ දායකත්වය චිත්‍රපටයට නව පණක් ලබා දී තිබෙනවා. පැය දෙකක කාලයක් කුතුහලය, ත්‍රාසය සහ සංවේදී බව අතර දෝලනය වන මේ අපූරු නිර්මාණය මගහරවා ගන්න එපා. නීතිය ඇත්තටම කා වෙනුවෙන්ද කියා ඔබට මෙයින් සිතා ගැනීමට හැකි වේවි. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!
Indian Penal Law (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,308 downloadsDownload IPL-Indian-Penal-Law-2025.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
IPL: Indian Penal Law (2025) Sinhala SubtitlesSubtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sirai (2025) Sinhala Sub
- #Sirai (2025) Sinhala Subtitles
- #Sirai Sinhala Sub
- #Sirai Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Vijay
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![IPL: Indian Penal Law (2025) Sinhala Subtitles | අහිංසකයන් බිලිගන්නා දරුණු නීතියක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/02/IPL-Indian-Penal-Law-2025-1.jpg)
ස්තූතියි තරිදු අයියේ සබට