[box]මේ වන විට ලොව පුරා චිත්‍රපට ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරමින් සිටින චිත්‍රපටක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. හුඟ දෙනෙක් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති මේ චිත්‍රපටය නරඹන්න. අයන් මෑන් 3 වාර්තා පිට වාර්තා තබමින් තිරගත වන බව කවුරුත් දන්නව ඇතිනෙ. ඒ වාර්තා සහ චිත්‍රපටයේ වටපිටාව ගැන තවත් තොරතුරු දැන…
මේ වන විට ලොව පුරා චිත්‍රපට ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරමින් සිටින චිත්‍රපටක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. හුඟ දෙනෙක් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති මේ චිත්‍රපටය නරඹන්න. අයන් මෑන් 3 වාර්තා පිට වාර්තා තබමින් තිරගත වන බව කවුරුත් දන්නව ඇතිනෙ. ඒ වාර්තා සහ චිත්‍රපටයේ වටපිටාව ගැන තවත් තොරතුරු දැනගන්න බයිස්කෝප් මංසලට වෙත පිවිසෙන්න. අයන් මෑන් චිත්‍රපටි මාලාව මගහැරුනු කෙනෙක් ඉන්නව නම් මුලින්ම Iron Man 1 සහ Iron Man 2 චිත්‍රපටි නරඹල ඉන්න. දැනටමත් ඔයාල මේ චිත්‍රපටය ගැන හුඟක් විස්තර අහල දැකල ඇති. ඒ නිසා මම කෙලින්ම චිත්‍රපටයේ කතාව දෙසට හැරෙන්නම්.
චිත්‍රපටය ආරම්භ වෙන්නෙ 1999 දි ස්විස්ටර්ලන්තයේ පැවති සාදයක් අතරතුර සිදුවූ සිදුවීමක් මතු කර දක්වමින්. එහිදී “ඕල්ඩ්‍රිච් කිලියන්” නම් ආබාධිත විද්‍යාඥයෙක් “ටෝනි ස්ටාක්ට” (අයන් මෑන්) යෝජනාවක් කරනව තමන් ඔහු සමඟ එක්වී පරීක්ෂණ කිරීමට කැමති බව. නමුත් ටෝනි මේ කෙනා ගැන එතරම් තැකීමක් සිදු කරන්නෙ නැහැ. වසර ගණනාවකට පසු ඇමරිකාවට අලුත් සතුරෙක් ඇති වනවා “මැන්ඩරින්” කියල. එයා ඇමරිකාවට නිතරම ප්‍රහාර එල්ල කරනවා. මැන්ඩරින් ජීවත් වන ස්ථානයක් ගැන කිසිම සඳහනක් නෑ. එයා තාක්ෂණය අතින් ඉතා ප්‍රබලයෙක් බව එයා කරන දේවල් වලින් ලෝකයට හෙලි කරනවා. මේ නිසා “ටෝනි ස්ටාක්” හරිම කේන්තියෙන් ඉන්නෙ. ටෝනි මේ වන විට අයන් මෑන් ඇඳුම් කට්ටල කීපයක්ම නිර්මාණය කරල තියෙන්නෙ. මීට පෙර තිබුනාට වඩා දැන් අයන් මෑන් ඇඳුම හුඟක් ප්‍රබලයි. වැඩ කෑලි ලෝකයයි. ටෝනි කියන්නෙ ටිකක් සෙල්ලක්කාර චරිතයක්නෙ. දවසක් මෙයාට කේන්ති ගිහින් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේම “මැන්ඩරින්ට” තර්ජනය කරනව. තමන්ගෙ ගෙදර ලිපිනයත් කියල පුලුවන් නම් තමන්ගෙ වැඩ පෙන්නන්න කියල අභියෝග කරනව. නොසිතූ විරූ වෙලාවක අයන් මෑන්ගේ නිවසට එයා හෙලිකොප්ටර් මගින් බරපතල ලෙස පහරදීල මුලුමනින්ම විනාශ කරල දානව. මේ අතරෙ අයන් මෑන් “ජාවිස්” එක්ක පැන ගන්නව. “ජාවිස්” කියන්නෙ අයන් මෑන් ඇඳුම, එය කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ කෙනෙක්. තමන්ට එල්ල වූ ප්‍රහාර නිසා දැන් අයන් මෑන් දරුණු ලෙස තුවාල වෙලා ඉන්නෙ. ඒවගේම තම නිවසින් හැතැක්ම දහස් ගානක් ඈත ඉන්නෙ…
මෙවර අයන් මෑන් ඇඳුමේ අලුත්ම වැඩ කෑලි මොනාද? කවුද මේ “මැන්ඩරින්” කියන්නෙ? අයන් මෑන් කොහොමද මැන්ඩරින්ගෙන් තමන්ගෙ රට බේර ගන්නෙ?… මේ වගේ තවත් අලුත් දේවල් බොහෝමයක් ඔයාලට බලාගන්න පුලුවන් චිත්‍රපටය නැරඹුවොත්. මේ චිත්‍රපටයේ DVD පිටපතක්වත් ඉංග්‍රීසි උපසිරැසිවත් තවමත් නිකුත් වෙලා නෑ. ඒත් යම්තාක් දුරට හොඳ කොපියක් ඇවිත් තියන නිසා අපි තීරණය කරා මේකට සිංහල උපසිරැසි යොදන්න. දෙබස් වලට සවන් දෙමින් සිංහලට පරිවර්තනය කළ නිසා ලොකු වෙහෙසක් දරන්නත් සිදුවුනා. ඒ නිසා හොඳ කොපියක් එනකං ඉන්න බැරි අය බැලුවට වරදක් නෑ. කොහොමත් හොඳ කොපියක් ආ සැනින්ම අපි ඒකට ගැලපෙන සිංහල උපසිරැසිත් ලබා දෙනව.
එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙමු. හැමෝටම ජය වේවා෴
700 MB කොපිය (HD) මෙතනින් බාගන්න b68bcc3c8ae739c797c629ed76dc254c94a951bd 900 MB කොපිය (HD) මෙතනින් බාගන්න 5505667f80ed9b5a0d9388f097ee5772b6b6f2ea/span> 1.9 GB කොපිය (R6) මෙතනින් බාගන්න afef20c000435f8ae8801c04aab3ea87e37c142b 710 MB කොපිය (WEB) මෙතනින් බාගන්න 42d7db6fbf0955af7fd9a2af7ce7163e414a9cc3 1.4 GB කොපිය (WEB) මෙතනින් බාගන්න 96282ca44afa19fa842a4043d986594b9c084199 925 MB කොපිය (BR) මෙතනින් බාගන්න 04e1de5846d47b6c487c6ca77782918c02ca0903 1.9 GB කොපිය (BR) මෙතනින් බාගන්න 70b487b9e21e2869af831397851f45a00d3ea7ca ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
27,373 downloadsDownload Iron.Man_.3.2013.sinhala-sub.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
247 comments
pubudu supun
ajith
haaaa ne mare maru isthuthii saho ♥
Dulaj
maxxa bro ... thanx a lot
dilan
Maxxxxaaa macho
rajitha
thanks boss
amila
Man copy aka ada gaththa thxxxxx
ශාන් විමුක්ති [වීමා] 〠
හොදම හොද කොපියක් එනකම් කොහොමහරි ඉවසන් ඉන්ටයි මගේ කල්පනාව :D
කොහොම උනත් දිදුල අයිය කරපු මේ වැඩේනම් මල් හතයි හොදේ ;)sanjaya
Onna 1st mama
daham
එළකිරි.........
ccnp
Thanks
DARSHANA
THANKS MACHAN.
Fernando
thnxxxxxxxxxxx
Isuru
300mb aka aragena thibbe maxxa hode ada balanwa
elakiri
එළකිරි මචං පට්ට්ට මේක බලන්නම උන්නේ... තෑන්ක්ස්
Rashmika
මෙච්චර ඉක්මනට සබ් දුන්න එක ගැනනම් කියලා වැඩක් නෑ..එල එල..ගොඩාක් ස්තූතියි දිදුල සහෝ!!!!
nuraj
blu ray rip enakanma innawa,mechchara watina film ekak hodha quality eken baluwe naththan wadak na.
tharanga
පට්ට මචෝ බොහොම පින්
chamath cafe
අදම බලනවා පට්ට පට්ට ඩිරෙක්ට් ලින්ක් ගන්නේ...
chami
thnxxxxxxxxxxxxxxxx
ositha
pattta macho download wenna damma
upali
ela ela ela
Ruwan
Thanks macn .............. :D
nuwan
elama wadak jaya wewaaa.....!
asanka
අයියේ......... ඔයා නම් දේවාලයක්.................... ස්තුති අයියේ
mihin ලංකා
නියමයි සහෝ... මාත් බා ගන්න ඕනේ :)
Bandula
gr8 work :D
hh
bohoma pin didula
shann
පට්ට පතුරු
අසංක
දිදුල දුන්න කොපිය ආව දවසෙම බෑවා දැන් සබ් එක්ක බලන්න ඇහැකි.ජය වේවා!
harry
බොහෝම ස්තූතියි සබ් එකට එළකිරි මචං පට්ට්ට මේක බලන්නම උන්නේ…
Dharshana
Niyami macho....hoda copy 1k awama akath dennako.danata meka balannan.Thanks.....
එරංග
එලස්. නියම වැඩක් කාපු කට්ටට මගෙන් මල් මිටක්
naleen
thx so mcuch
kalinga
පට්ට දිදුල. අනිවා බලන්නම උන්නු ෆිල්ම් එකක් :)
zumo man
elazzz thnxzzzz
pubudu
elakiri kolllo
ganidu
තෑන්ක්ස් වේවා!
chanuka
ගොඩාක් ස්තූතිය!!!!!!!
කැළුම්
බොහොම පින්
නියමම ෆිල්ම් එක
wall e
ජය වේවා බයිස්කෝප් දිනේවා!!!!!!
dineth
ade patta mama mey sub akak hoya hoya unne.welawatama dunna.thxz
chamode
ahhha! kohomada malli iron man 3 baagathatha
amilatk
jayama wewa!!
eraNga
නියමයි :)
Harsha Lahiru
පට්ට පතුරු වැඩක් කරලා තියෙන්නෙ ලෙඩක් හැදිලා පොඩ්ඩක් අඩුඋනා වගේ.....
මේ වෙසක් මාසේ බොහෝම පින් සහෝgeeth
thnxx
උදාර
සුපිරිම තමා මචෝ
Amil
දිදුල සහෝ වැඩේ නම් පට්ටයි. එත් මමත් හොද කොපියක් එනකම් ඉවසනවා, බැරිම උනොත් මේක බාගෙන හරි බලනවා...
මෙච්චර ඉක්මනට Iron Man3 එකට සබ් ඩේවි කියලා නම් හිතුවේ නැ...
ජයවේවා!akila
මේක දෙනකම් බලාගෙන හිටියේ,දිදුල සහෝට බොහොම පින්
hasitha
a7 v7 awulak na mata nam :D
thxxx ikmanin meyka dunna akata :D
Awantha Kavshal
Meka enakan maa balagena hitiye. eth blueray rip eka namene. eka awama baganna ona.hoda qualitiyata balanna epai :-)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
දිදුල අයියේ ඔයා නම් දෙවියෙක් නෙමේ දේවාලයක්නේ :D :) බොහෝම ස්තූතියි සබ් එකට