Watch Trailer

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

[box] මේ වෙනකොට නම් අයන් මෑන් කියන්නෙ කවුද, කොහොම චරිතයක්ද මොනා කරන කෙනෙක්ද කියලා නොදන්න කෙනෙක් ඉන්න බැහැනෙ. අවුරුදු 11 වගේ කාලයක් මාවල් විශ්වයේ චිත්‍රපට 23 එක්ක ගත කරපු අපි අයන් මෑන් නොදැන ඉන්නෙ කොහොමද නේද. එහෙම වුනත් කට්ටියට මතක් වෙන්නත් එක්ක මම පොඩි විස්තර ටිකක් කියන්නම්. මාවල් ආයතනය කියන්නෙ 199…


මේ වෙනකොට නම් අයන් මෑන් කියන්නෙ කවුද, කොහොම චරිතයක්ද මොනා කරන කෙනෙක්ද කියලා නොදන්න කෙනෙක් ඉන්න බැහැනෙ. අවුරුදු 11 වගේ කාලයක් මාවල් විශ්වයේ චිත්‍රපට 23 එක්ක ගත කරපු අපි අයන් මෑන් නොදැන ඉන්නෙ කොහොමද නේද. එහෙම වුනත් කට්ටියට මතක් වෙන්නත් එක්ක මම පොඩි විස්තර ටිකක් කියන්නම්.

මාවල් ආයතනය කියන්නෙ 1996 කාලයෙ නැත්තට නැතිවෙලා බංකොලොත්වෙලා ගිය ආයතනයක්. කොහොමහරි මෙයාලා දගලලා දගලලා 2008 දි සෑහෙන උත්සහයකින් පස්සෙ මාවල් සිනාමා විශ්වයක් ගොඩනගන්න හිතාගෙන Iron Man ෆිල්ම් එක රිලීස් කරනවා ලොකු අවධානමක් අරගෙන. ඇත්තටම මේ ෆිල්ම් එක 2008 දි අසාර්ථක උනානම් එහෙම අද වෙනකොට අපිට MCU කියලා දෙයක් ගැන අහන්නවත් නැති වෙනවා. ඇගේ මවිල් කෙලින් වෙන ඉන්ටො එක්කින් පටන්ගෙන ඊලඟට මේ විශ්වයෙ මොකක්ද වෙන්න යන්නෙ කියන කුතුහලය අපිට විදගන්න අවස්ථාවක් නැතිවෙන්න තිබුනා මේක අසාර්ථක වුනානම්. ඒ වගේ ලොකු අවධානමක් අරන් තමයි මාවල් ලොක්කො ටික අයන් මෑන් ප්‍රථම චිත්‍රපටය නිර්මාණය කරන්නෙ.

ඔයාලා දන්නවා මාවල්ලගෙ කඩා වැටීමත් එක්ක මෙයාලගෙ සුපර්හීරෝ චරිත වෙන ආයතන වලට විකිණුවා. X-Men, Fantastic Four ටීම් වල සේරම වගේ චරිත වල අයිතිය Fox ආයතනයටත්, Spider-Man ගෙ අයිතිය Sony ආයතනයටත් තමා තිබුනෙ. ස්පයිඩිව නම් තාමත් අයිති සෝනිලට තමා. ඒ වගේම තමා Iron Man අයිති වෙලා තිබුනෙ New Line Cinema ආයතනයට. ඒ කියන්නෙ මාවල්ලට අයන් මෑන් යොදාගෙන ෆිල්ම් එකක් හදන්න අයිතියක් තිබුනෙ නැහැ. අයන් මෑන්ගෙ අයිතිය මෙයාලට නෙවෙයි මුලින්ම තිබුනෙ, අයන් මෑන් අයිතිය Universal ගෙන් Fox ටත් එතනින් පස්සෙ තමා New Line Cinema ආයතයටත් අයන් මෑන් අයිතිය ලැබෙන්නෙ. මේ චරිත යොදාගෙන චිත්‍රපට හදන්න උවමනාව තිබ්බත් ඒවා හරිගියෙ නැහැ මේ අයිතීන් පිළිබඳ ප්‍රශ්න නිසා. ඒ නිසා මාවල් ආයතය තීරණය කරනවා තමන්ගෙම චිත්‍රපට නිෂ්පාදනය පටන් ගන්න. හැබැයි මේකට සල්ලි තියෙන්න එපැයි නේද. එතනදි තමා ඊලග අවධානම් තීරණය ගන්නෙ. මාවල්ලා Merrill Lynch ආයතනයෙන් ඩොලර් මිලියන 525 ක ණයක් අරගන්නවා, මේ මුදල් යොදවනවා මාවල් විශ්වයෙ ප්‍රධාන චරිත 10 කගෙ අයිතිය නැවත ලබාගන්න. Ant-Man, Black Panther, Doctor Strange, Captain America වගේම Avengers කණ්ඩායමේ අයිතිද ඇතුලුව. ඒ කියන්නෙ මුල ඉදන්ම සුපිරි සැලැස්මක් ඇතුවයි ගේමට බැහැලා තියෙන්නෙ හිතාගන්න පුළුවන්නෙ චරිත ටික දිහා බැලුවාම. මේ ගණුදෙනුවට පස්සෙ මාවල්ලා අයන් මෑන්ගෙ අයිතියත් New Line සමාගමෙන් අරගන්නවා.

ඊට පස්සෙ මෙයාලා තීරණය කරනවා මාවල් ස්ටූඩියෝ එකේ පළවෙනි ෆිල්ම් එක විදිහට Iron Man චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න. ඇත්තටම ලොකු අවධානමක් එක්ක තමයි මේක කරන්නෙ, මොකද දැනටම මෙයාලා ලොකු ණයක් අරන් තියෙන්නෙ. ඒකෙන් ගොඩ එන්න නම් අයන් මෑන් සාර්ථක වෙන්නම ඕන. ඇමරිකානු ඩොලර් මිලියන 140 වගේ විශාල පිරිවැයක් යොදලා නිෂ්පාදනය කරන අයන් මෑන් චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිනියන 585.3 වගේ ඉහල ආදායමක් සමග මාවල් ආයතනයට විශාල විශ්වයක් තනන්නට දොරගුලු විවර කරලා දෙනවා. බංකොලොත් වෙලා හිටපු මාවල් සමාගම අයන් මෑන් චිත්‍රපටයෙන් ගත් පන්නරයත් සමග අදවෙනකොට බිලියන ගානක් වටින ෆ්රැන්චයිස් එකක හිමිකරුවො වෙලා ඉවරයි.

චිත්‍රපටියෙ අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන්නෙ Jon Favreau, ඒ වගේම නිෂ්පාදනය Avi Arad සහා Kevin Feige දෙන්නා අතින් සිද්දවෙනවා, අයන් මෑන් චරිතයට පනපොවන්නෙ Robert Downey Jr. විසින්. රොබට්ගෙ සාර්ථකත්වය පටන් ගන්නෙත් මෙතනින් කිව්වොත් හරියටම හරි. IMDb දර්ශකයෙ 7.9/10 අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ 94% අගකුත් ලබාගන්න මේ වෙනකොට හැකිවෙලා තියනවා. එහෙනම් ඉතිං බලපු ෆිල්ම් එක්කට මේ විස්තර ප්‍රමාණවත් ආයෙ ෆිල්ම් එකේ වෙන දේවල් ගැන කියන්න අවශ්‍යතාවක් නැහැනෙ. එහෙනම් මම යනවා.

“Sometimes you got to run before you can walk”
– Tony Stark

#Hail Marvel!

 

සටහන – ලහිරු ප්‍රසාද්

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට පස්සෙ අපේ විකිය සහෝ තමයි නිතරම මාව උනන්දු කරවල මේ සබ් එකත් ඔයාලට ලැබෙන තත්වෙට ආවෙ. ඒව මේවගෙන් කතාව ගැන කියන්න අමතක වෙනවා තව ටිකෙන්.

IMDb දර්ශකයේ 7.9 රේට් අගයක් හිමෙවී තිබෙන Iorn Man 2008 චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Jon Favreau… අපේ සුපිරි වීරයා ඒ කියන්නේ ටෝනි ස්ට්‍රක් ගැන කියනවනම්, Sherlock Holmes (2009), Sherlock Holmes: A Game of Shadows (2011), Due Date (2010) වැනි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදුන් Robert Downey Jr. ඒ වගේම Terrence Howard කොලොනෙල් ගේ චරිතයෙන්ද Gwyneth Paltrow පෙපර් පොට්ස් ගේ චරිතයෙන්ද Jeff Bridges ඔබඩයි ස්ටේන් ගේ චරිතයෙන්ද දායකත්වය ලබාදෙනවා.

ටෝනි ස්ට්රබක් කියන්නෙ පියාගේ උරුමයෙන් පොහොසත්ව ඉපදුන නාස්තිකාර පුතෙක්. කිසිම වගකීමක් නැති සෙල්ලක් කාරයෙක්, හොවාඩ් ස්ට්රේක් ගේ පුතා. හොවාඩ් ස්ට්‍රක් කියන්නෙ කවුද කියල දන්නවා ඇති Captain America බලපු කට්ටිය. ටෝනි පිස්ස උනාට වැඩ්ඩෙකුගේ පුතෙක්. ඉතින් ඒ හින්දම ටෝනි කියන්නෙත් තාක්ෂණය අතින් සුපිරිම පොරක්. තමන්ගේම ආයතනයේ කෙනෙකුගේ කුමන්ත්‍රණයක් හින්ද ත්‍රස්තවාදීන්ට කොටුවෙනවා. ඉතින් අපේ ටෝනි ඊට පස්සෙ මොකද කරන්නෙ, iorn man කොහොමද හැදෙන්නේ කියල බාගෙනම බලන්න.

තව දේවල් ටිකක් කියනවනම් MARVAL කට්ටියගේ Avengers ගැන මුල්ම ඉඟිය ලැබෙන්නෙ මේ චිත්‍රපටය අවසානයේ. Iorn man 2, Thor, Captain America වගේ Avengers චිත්‍රපටයට සම්බන්ද චිත්‍රපට එකින් එකට සම්බන්ද බව හොඳින් බැලුවොත් පෙනේවි.

අවසානයේ මතක් කරන්න ඕනේ මෙහි 2 වන කොටසටත් ලගදීම සිංහල උපසිරස දෙන බව…

කලින් පලවූ ලිපිය.

ඕන් අද මම ගේන්නෙ ටිකක් පරණ වුනත් මරුම මරු, පට්ට පතුරු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මැක්සා බයිස්කෝප් එකක්. මේක මගේ ප්‍රියතම චිත්‍රපටි අතර ඉහළින්ම වැජබෙන නිර්මාණයක්.

මේ චිත්‍රපටිය ගැන අටුවා ටීකා, අතීත කතා, අනාගත කතා ඔක්කොම කියන්න ගියොත් මට වෙනම වෙබ් අඩවියක් ආරම්ඹ කරන්න වේවි. 🙂 ඒ නිසා ඉතාමත් ම කුඩා සාරංශයක් දෙන්නම්. කතාව කෙටියෙන් මෙහෙමයි.

ලොව නවීනම යුධ අවි නිපදවන ඉතාමත්ම විශාල සමාගමක් වන Stark Industries හි ප්‍රධාන මොල කාරයා වන්නේ Tony Stark. ඔහුගේ නවතම නිර්මාණය වන Jericho නම් විනාශකාරී මිසයිල පද්ධතිය හඳුන්වා දීමට මොහු ඇෆ්ගනිස්ථානයට යනවා. එහිදී සිදුවන අනපේක්ෂිත සිදුවීමක් නිසා ඉතාමත් සෙල්ලක්කාර ජීවිතයක් ගත කල මේ කෝටිපතියාගේ අරමුණු, අළුත් දිශාවකට හැරෙනවා.

ඒක මොකක්ද කියල බලන්න බාමුකෝ.. මේ කතාව බොහෝ දෙනෙක් නරඹලා ඇති. ඒත් මමනම් මේක ළඟදීත් ආයෙ පාරක් බැලුවා. ඒකට හේතු වුනේ ඊළඟ වසරේ (2010) නිකුත් වීමට නියමිත Iron Man 2 හි පෙරදසුන් නරඹන්න ලැබුන නිසා. චිත්‍රපටිය බලල ඉවර වෙලා ඒක මෙතනින් බලන්න. අනිවාර්යයෙන්ම ආයෙත් චිත්‍රපටිය බලාවි. මම විභාගෙකුත් අත ලඟ තියාගෙනයි මේක ලඟදී බැලුවේ. මාත් එක්ක මූණු පොතෙන් එකතු වෙලා ඉන්න කට්ටියනම් මට මේ දවස් වල වැලදිලා තියෙන උණ ද කින්න ඇති. 😉

Marvel චිත්‍ර කතා පදනම් කරගෙන බිහිවුණ මේ කතාව වගේම, අනෙක් එවන් චිත්‍රපටි වල මම ලොකු රසිකයෙක්. මාවල් චිත්‍රපටි හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. ඒවා ගැනත්, Marvel Universe එක ගැනත් විස්තර කට්ටියට කියමින් මම අනික් බයිස්කෝප් උත් අරන් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය REMASTERED Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

64,039 downloadsDownload Iron-Man-2008.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට සහ ශෂික මනෝජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

64,039 downloadsDownload Subtitles62 KB

118 comments

  1. chamila

    මම නම් මේක බැලුවා අයිත් නම් බලන්නේ නැහැ... මොකද බාපුවා තියෙනවා බලන්න...

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴......................................Good......................Luck............

  2. ashan kandy

    aiyo mekath baluwo.......

  3. mahen

    මම මේක බැලුවා එත් දැන් මේක මන්ගාව නෑ එකනිසා බාන්න
    දැම්මා

  4. dumasrc

    මම නම් බලලා නැ අද බලන්න ඔනි ස්තුතියි මිතුර

  5. චරිත

    Avatar දාන්නෙ කවද්ද? ඉක්මනටම දාන්න.

  6. Ram raj

    මමත් මේක බලලා නෑ. ඒ නිසා බාන්න දැම්මා.

  7. රන්දික පෙරේරා

    මම නම් ඇති වෙන්න බලලා තියනවා. ආයිත් බලන්න තරම් වේලාවක් නෑ. හැබැයි මේක හොදයි ඉයන්න පුළුවන් කථාවක්.. ඒක නිසා බලපු නැති අය බාගෙනම බලන්න...

    :) ජය වේව...!!! බයිස්කෝප් සිංහලෙන්...!!! :)

  8. පොතේ ගුරා

    maxxama film ekak..hamooma aniwa balanna..

  9. ගෝලයා

    අද ප්‍රතිචාර හොදටම අඩුයිනේ.. මම හිතුවා කට්ටිය සෑහෙන්න කැමති වේවි කියල. කමක් නැහැ, කට්ටියටම බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට. :)

    1. Pasindu Kavinda

      Film Eka Maru. Sub Ekata Thanks. Iron Man Armored Adventures Cartoon Series Ekata Sub Eka Ikmanatama Denawada

  10. රොයිලි

    නියම ෆිල්ම් එකක් ආ.. මම මේක ආපු කාලේ කොච්චර උනන්දුවෙන් උන්නද කියනවනම් කැමරා කොපියකින්ම බලා ගත්තේ පළවෙනි පාර. ඊලඟට තමයි හොඳ කොපියක් එනකම් ඉඳලා මගේ චිත්‍රපට එකතුවට එකතු කර ගත්තේ. :)

    බලපු නැති අය බලන්න. :)

  11. dushan

    maxxa film wekak.... thanx

  12. kathu

    එළකිරි film එකක් තමා..!! බලලා නැත්නම් අනිවා බලන්න... maxxxxxaa. ඔකෙ 2 එනකම් මම බලාගෙන ඉන්නෙ...!!

  13. AL1717

    Meka Nam Bewe... Dethun Serayak Ma Beluwa.
    Meke Part 2 Enakam Innawa...

  14. Dilan

    Thank's a lot my Friend..

  15. Gayantha

    මම මේකෙ කැමරා කොපියක් බැලුවා ආපු දවස් වලම.. ;)

  16. kasun

    EALA EALA......

  17. shenat

    meka baluwa.. kamak na. thanks..

  18. Osanda

    AVATAR danne nadda?

  19. Anonymous

    pATTA

  20. ගිම්හාන

    ම්ලො රහක් නෑ........................බලපු එකක්

  21. Anonymous

    sinhala subtitle ekkada

  22. Ramraj

    මාර ෆිල්ම් එක. හරිම ගති.

  23. mahima

    ana aiye sub dannako man asama kathvaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  24. Ashan vimukthi

    kalin baluwath
    dan aye sinhalenma balanna gannawa
    thx saho
    carry on.. :)

  25. ns

    thanx...

  26. gihan

    Maxxxa anith akatah subs denna

  27. chamara

    Supiri macho.....all the best......

  28. damith

    Maxxama film aka aye sub akakama balannabone

  29. darshana

    එල එල,

  30. savan

    meka tama me loke bihi una hodama film eka

  31. සිංහලයා

    පට්ට ෆිල්ම් එක ජය වේවා

  32. rusuru | රුසිරු

    නියමම ෆිල්ම් එකක් බැලුව ආයේ සබ් එක්කම බලන්න ඕනේ ....

  33. ccnp

    Thanks lot gr8

  34. kalinga

    සුභ පතනවා දිගටම මේ වැඩේ කරගෙන යන්න..

  35. quik

    Thanks

  36. elakiri

    එල කිරි හොදේ පට්ට ෆිල්ම් එකක්

  37. උදාර

    වැඩේ පට්ට දිගටම කරගෙන යමු

  38. wall e

    බලපු මැක්සා කතාවක් ආයේ සබ් එක්කම බලන්න ඕනේ 2 වෙනි එකටත් සබ් දෙන්න ජය

  39. lasidu

    පට්ට්ට පට්ටට් තුති :)

  40. yasiru

    maxxxxa macho sira podrak mama asama films 2 kak 3 th anwalune

  41. dj

    ජය වේවා සහෝ දෙවන නිර්මාණයට සුභ පැතුම්!!!!

  42. chamila

    balapu akak... but thanks...

  43. Shali

    macho mekatath ... Taken 2 ...... sub dennakooooo ...

  44. kathu

    එකත් බැලුවා..දෙකත් බැලුවා.. බොහොම ස්තුතියි..!!

  45. Uraj Deemantha

    මම මේක බැලුවා නේ..... මතක හැටියට මේක බයිස්කෝප් එකෙන්ම අරන් තමා බැලුවේ..... ඒත් කෝ මගේ කමෙන්ට් එක හොයා ගන්න නෑ නේ...... :(

    දැන් ඉතින් ආයෙත් බලන්න හිතෙනවා සිංහල සබ් එක තියෙන නිසා...... :D

  46. ashker

    patta thxxxxx saho

  47. Prasad

    Thank u very much Shashika. Digatama karagena yanna. ijts apith puluwan support 1k denawa sudanam.

  48. dileepa

    niyamaine thawa thawa

  49. Harsha Lahiru

    මේක 2008 ආපු පට්ටම බයිස්කෝප් එකක් ජයවේවා සහෝ.....

  50. Arjuna

    thnx

Load more comments