Watch Trailer

Irul (2021) Sinhala Subtitles | අඳුර [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන්එ වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං ඔයාලා හමුවෙන්න ආවේ අද දිනම (2021.04.02) නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Mystery, Thriller ගණයට අයත් Irul (2021) මලයාලම් සිනමාපටය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ වෙනකොට IMDb දර්ශකයේ 6.5/10 අගයක් හිමිකර ගත්ත මේ…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන්එ වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං ඔයාලා හමුවෙන්න ආවේ අද දිනම (2021.04.02) නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Mystery, Thriller ගණයට අයත් Irul (2021) මලයාලම් සිනමාපටය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි.

මේ වෙනකොට IMDb දර්ශකයේ 6.5/10 අගයක් හිමිකර ගත්ත මේ සිනමා පටය Kai Po Che!, Happy New Year, Raees, Newton සහ Tumbbad වැනි බොලිවුඩ් සිනමා නිර්මාණයන්හි සහය අධ්‍යක්ෂවරයෙක් වන Naseef Yusuf Izuddin ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය බව සඳහන් වෙනවා. මලයාලම් සිනමාවේ පෙරළිකාරයෙක් වන Fahadh Faasil සමඟින් තවත් දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් වන Soubin Shahir සහ Darshana Rajendran මේ සිනමා නිර්මාණයට රංගන දායකත්වය ලබාදෙනවා.

මේ සිනමාපටය ගොඩනැගෙන්නේ ඇලෙක්ස්, අර්චනා හා උන්නි කියන චරිත තුන වටායි. කොරෝනා වසංගතයෙන් එල්ල වුණ බාධක එක්ක 2020 සැප්තැම්බර් 16 වෙනි දින Kuttikkanam වලදි රූගත කිරීම් පටන් ගත්ත Irul 2021 හි රූගත කිරීම් දින 30 ඇතුලත නිමකරලා තියෙනවා.

ලේඛකයෙක් උන පෙම්වතෙක්…
නීතිඥ පෙම්වතියක්….
ආදර බර ගමනක්….
අඳුරු වැහි බර රාත්‍රියක්….
වාහනයේ දෝෂයක්….
කැලයක් මැද අතරමංවීමක්….
පාළු නිවසක්….

මේ හැමදේම එකතු උනාම මේ පෙම්වතුන් දෙන්නාට මොන වගේ ආදර බර හැන්දෑවක් ගත කරන්න පුළුවන් වෙයිද කියලා බලලම කීරණය කරමු නේද? තවත් මේ වගේම සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.

මිනිත්තු 90 වැනි සුළු කාලයකට ඉරුල් ඔබව ත්‍රාසයෙන් සහ කුතුහලයෙන් ඇද බැඳ තබාගන්නවා නොඅනුමානයි. උන්නිගේ නිවසේ විදුලිය විසන්ධි වනතුරු බලා සිටින්න. වෙනස්ම සිනමා අත්දැකීමක් විඳගැනීමට ඔබව අවස්ථාවක් ලැබේවි. තෝරා බේරාගෙන රසවිඳීම ඔබ සතුයි.

https://en.wikipedia.org/wiki/Irul_(film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  WEB / HD පිටපත් සඳහා අදාළ වේ.

10,874 downloadsDownload Irul-2021.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,874 downloadsDownload Subtitles31 KB

66 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. පොරින්ජු

    වෙඩි වගේ ඈ. තෑන්ක්ස් වේවා.
    ෆහාඩ් නම් අත ඇරලා කොහොමද?

    1. Anonymous

      ආ මෙන්න වැඩක්... ඉන්න එහෙනම් අල්ලගෙනම �

  3. Deshan

    අඩේ මලයාලමක් විතරයි අඩුවට තිබ්බේ.....
    ඇයි මේ ටිකෙ ටැමිල්,හින්දි,ඉංග්ලිෂ් පහරවල් ටිකක් කලවමට හම්බවුනා නේ.....
    ස්තුතියි සහෝදරී

  4. Anonymous

    Thankz sis

  5. Anonymous

    නොබල කොමෙයි ඉතින් fahadh ලොක්කා ඉන්නවනම්

  6. Anonymous

    Stand up malayalam movie eke sinhala subtiltle dennako........

  7. isuru srinath sjs

    මරු අක්කෙ... නියමයි...
    බොහොම ස්තුතියි උපසිරැසියට.. ජය!!

  8. Samith

    මේවට තමයි කියන්නේ දෙන දෙයියෝ දෙන්නේ පොදි බැදගෙන කියලා..එකදිගට පහරවල්
    නියමයි සහෝදරී

  9. Anonymous

    Thanks kelle

  10. kavinu

    බොහොම ස්තූතියි අක්කා.
    අදම සබ ලැබයි කියලා නම් හිතුවෙම නෑ...!
    ෆෆා ලොක්කාගේ ඒවා අතාරිනවා කියන්නෙම අපරාදයක් වගේ දෙයක්

  11. Punsara Samuditha

    film ek aragena sub ek enkm balan hitiye. thanx

  12. Shaggy

    බොහොම ස්තූතියි

  13. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. Anonymous

    සුපිරියක් වගේ

  16. Anonymous

    ස්තුතියි සහෝදරී

  17. Thiwanka

    උපසිරසියට ස්තුතියි සහෝදරී

  18. Ramesh

    ඒ දවස්වල මලයාලම් ෆිල්ම් දෙනඅය ගොඩක් හිටියනේ
    දැන් හරි අඩුවෙන්නේ මලයාලම් දෙන්නේ
    එහෙමකරන්න එපා,මලයාලම් කියන්නේ අමුතුම රසයක්

    1. Anonymous

      ඒක නම් ඇත්ත බන්

  19. Anonymous

    Thanks sister

  20. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  21. Prabodha

    Godak sthuthi ..

  22. Nadun

    සිංහල උපසිරසියට ස්තුතියි

  23. Samesh

    thanku hodai

  24. Anonymous

    Fahadh , soubin dennma innwnm ithin aai kiyanna deyak na

  25. Anonymous

    Thanks sis

  26. Gayan

    තෑන්ක්ස් හොදෙයි

  27. Neo

    Thanks for sub sister
    Keep it up

  28. Gihan

    Thanks sister........…….
    Podi request ekak, awurudu sathiye puluwn nm film tikak wadipura denna khomth gedra inna eke kammali neh ekai,mkow ara tv eke yana malakolam wadasatahan blnna appiriyai

  29. Nadeera

    මලයාලම් ත්‍රිලර් එකක් කියන්නෙ ඉතින් සුපිරිම ඇති
    ස්තුතියි සහෝ

  30. Nilu

    Thanks akki

  31. රංගික සිනෙත් කාරියවසම්

    බෝම ස්තුතියි අක්කි. නියම වැඩක් ජයම වේවා..

  32. රංගික සිනෙත් කාරියවසම්

    බෝම ස්තුතියි අක්කි. නියම වැඩක් ජයම වේවා..

    1. Nisal Ravindu

      Film eke kathawa danna kenek kiyandooo

  33. කවිඳු ජයවර්ධන

    මලයාලම් ඉතින් කවර කතාද..සිංහල සබ් එකට බොහොම ස්තූතියි අක්කෙ.ඔබට ජය..!!!

  34. Anonymous

    අඩේ මේක නම් සුපිරි

  35. Anonymous

    ඇයි බන් මේ වගේ storyයක්වත් ලංකාවේ උන්ට හදාගන්න බැරි

    1. Sahan

      ඒක නම් ඇත්ත බන් ඊයේ trailer එකක් release කරා සිංහල ෆිලුමක "කබඩි" කියලා බලද්දි ඒක vijay ගේ "Ghilli" ෆිලුමේ කොපියක්.....
      මුන් හැදුවොත් කොපියක් , සිංහල එක බැලුවොත් දෙමල එක හදපු එකා අනිවා බෙල්ල වැලදාගන්නෝ

  36. Sahan

    සිංහල උපසිරසියට ස්තුතියි
    ඉදිරියටත් අලුත් ඒවා කරමු

  37. Rajitha

    උපසිරසියට බොහොම තුති සහෝදරී
    තව තවත් මලයාලම් ෆිල්ම් දෙමු

  38. Anonymous

    Thanks sister
    Keep it up

  39. Anonymous

    Thanks

  40. indika75

    thanks..

  41. UDARA DAMITH

    elaaaaaaa

  42. Nethini123

    බොහොම ස්තූතියි අක්කේ, ඉක්මනටම සබ් එක දුන්නට...

  43. Anonymous

    Thanks for the sub

  44. Punsara Samuditha

    JOJI 2021 ektat sub ek dendko.

  45. Gayashan

    sub ekta thank you.malayalam film balanta huru wunema baiscopelk hinda thmi...JOJI eke sub ekth denwnm supiri

  46. Anonymous

    sub ekta thanks...JOJI denwnm thawath supiri

  47. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  48. Anonymous

    Joji plzzzz

  49. R.S

    Joji (2021) denne ndda???

  50. kanishka

    Faasil , dharshana ,Soubin Shahir කියන්නේ පට්ටම ආස තුන් දෙනෙක්..ඒ තුන් දෙනාගේ රංගනය නිසා ආසාවෙන් බැලුවට අන්තිමට විකාරයක් උනා වගේ හැගුනේ..

    1. sujith eranga

      එකගයී..ඉන්න සෙට් එක නිසා බලන්න ගත්තෙ අපරදෙ කාලෙ කියල හිතුනා

    2. Anonymous

      හදපු කෙනාගෙ පලවෙනි එකද කොහෙද

    3. Anonymous

      කතාව තත්වික මදි කියලා හිතූනා

    4. Anonymous

      No... it's a great film.. different story... very talented
      actors...

Load more comments