It Was Just an Accident (2025) Sinhala Subtitless Palme d’Or winner at the 78th Cannes Film Festival කාලෙකට පස්සෙ ඔන්න වෙනස්ම භාෂාවකින් සම්මානනීය චිත්‍රපටයක් ගේනවා. මේ දවස් වල වැඩියෙන්ම කතා වෙන රටවල් තුන ඇමරිකාව,ඊශ්‍රායලය සහ ඉරානය. චිත්‍රපට ක්ෂේත්‍රයෙදි ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මේ ඇමරිකානුවොයි,…

Palme d’Or winner at the 78th Cannes Film Festival
කාලෙකට පස්සෙ ඔන්න වෙනස්ම භාෂාවකින් සම්මානනීය චිත්‍රපටයක් ගේනවා. මේ දවස් වල වැඩියෙන්ම කතා වෙන රටවල් තුන ඇමරිකාව,ඊශ්‍රායලය සහ ඉරානය. චිත්‍රපට ක්ෂේත්‍රයෙදි ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මේ ඇමරිකානුවොයි, යුදෙව්වොයි පර්සියානුවොයි නැති නම් ලෝක සිනමාව කොතනක තියෙයිද කියලා. ඉතින් මේකෙනුත් මම ඉතාම ගරු කරන සිනමාවක් තම්‍යි ඉරාන සිනමාව. 1979 දි ඉරානයෙ හිටපු ෂා රජ පෙළපත පන්නල දාල ඉස්ලාමීය මූලධර්මවාදී ආණ්ඩුවක් බලයට එනවා. ඒ සමගම එහි සමාජය එතෙක් බුක්ති විඳපු සාමකාමී නිදහස් ආගමික රටාව දැඩි ආගමික නීති පද්ධතියකට යටත් වෙනවා. දැඩි මර්ධනකාරී තත්වයක් යටතේ මේ සුන්දර රටේ ජනතාව කැමැත්තෙම් හෝ අකමැත්තෙන් මෙයට හුරු වී තිබෙනවා. ඒත් මේ වෙන කොට යම් යම් කොටස් වල මෙකී පීඩනයට එරෙහිව ප්‍රභල විරෝධයක් මත වෙමින් තියෙනවා. ඒ අතරම තමයි පෙර කී රටවල් සමග විශාල යුද්ධයකට යන්න ඉරානයට සිදු උනේ.
කෙසේ වෙතත් මේ රෙජීමය යටතේ විශාලම පහරක් වැදුනේ සිනමාවටයි. ඒ උනත් ඔවුන්ගේ නිර්මණ කරුවෝ තමන් හිර වුන රාමුව අස්සේ ඉඳගෙන විශිෂ්ඨ නිර්මාණ එළි දැක්වූවා. ඉරාන සිනමාව කියන්නෙ අමුතුම රහක් තියෙන සිනමාවක්.තමන්ටම ආවේණික වුන අනන්‍යතාවයක් ගොඩ නගා ගත් ඉරාන සිනමා කරුවෝ ලෝකයේ කිසිදු සිනමාවකින් දැකිය නොහැකි අමුතුම නිර්මාණ රැසක් ඉරානයෙන් බිහි කර තිබෙනවා. ඒ නිසා ලෝක සිනමාවේ වෙනම විශේෂ තැනක් ඉරානයට තියෙනවා. Abbas Kiarostami, Mohsen Makhmalbaf, Bahman Ghobadi, Asghar Farhadi, Majid Majidi, Jafar Panahi ආදී ඉරාන සිනමා කරුවන්ගේ නිර් මාණ ලෝකයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙලා තිබෙනවා. එහි සිනමා කරුවන්ට වෙනත් රට වල වගේ අත දිග හැර නිර්මාණය කරන්න හැකියාවක් නෑ. ඒත් ඔවුන්ගේ නිර්මාණශීලිත්වයට එය කිසිදු බාධාවක් කර ගෙන නෑ. ඒ රාමුව ඇතුලේ ඔවුන් පාන දස්කම් හරි අපූරුයි, ඒ අතරින් Jafaar Panahi රාමුව තුල කොටු නොවී සූක්ෂම ලෙස එයින් පිටතට පැමිණ පාලන අධිකාරියට අභියෝග කරන සිනමා කරුවෙක්.මේ නිසාම ඔහු රජය සමග විවිධ ගැටීම් ඇති කර ගන්නවා.2010 වසරේ ඔහු අත් අඩංගුවට පත් වීමෙන් අනතුරුව සය වසක සිර දඬුවමකට හා නැවත සිනමා නිර්මාණ කිරීමේ තහනමක් සමග රටින් පිටවීමේ තහනමකටත් යටත් කරනවා.එම සිර දඬුවම පසුව වසරකට ලිහිල් කරනවා. තහනමක් පැනවීමෙන් පසු වුවද ඔහු චිත්‍රපට නිර්මාණකරණයේ යෙදෙනවා. This Is Not a Film (2011), Closed Curtain(2013), Taxi (2015) සහ 3 Faces(2018), No bears (2022) ඔහුගේ තහනම් යුගයේ නිර්මාණයි.මේ සියළු චිත්‍රපට කෑන්ස්, බර් ලින් වැනි සිනමා උළෙල වල සම්මාන වලට පාත්‍ර උනා. මේ තමයි ඔහුගේ නවතම චිත්‍රපටය.
ඉතිං මේකෙ විශේෂය තමයි ඉරාන අධිකාරියෙන් අවසරයක් නොගෙන රූප ගත කරන ලද චිත්‍රපටයක් වීම. ඉරාන ප්‍රංශ ලක්සම්බර්ග් හවුල් නිශ්පාදනයක් වන මෙයින් ඔහු කෙලින්ම තමන් කොටු වී ඉන්න රාමුවෙන් පිට පනිනවා. අවසානයේ 78 වන කාන්ස් සිනමා උළෙළේ Palme d’Or සම්මානය ඇතුළු සම්මාන රැසක් ලොව පුරා සිනමා උළෙලවල් වලදී ලබා ගන්නා මේක ඇකඩමි, ගෝල්ඩන්ග්ලෝබ් සම්මාන උලේල වලද අවසාන නාමයන් අතරට නිර්දේශ වෙනවා. කාලයක් තිස්සේ රටින් පිට යාමේ තහනමකට ලක්ව සිටි පනාහි සියල්ලන්ම මවිතයකට පත් කරමින් මෙවර කාන්ස් උළෙලට සම්මානය ලබා ගැනීම සඳහා ඉදිරි පත් වෙනවා. ඉරානය නැවතත් රටින් පිටවීමේ තහනමක් පනවන විට ඔහු ඉන්නෙ රටින් පිට. ඒත් මේ මනුස්සයා ආපහු ඉරානයට එනවා. පුදුමෙ කියන්නෙ මෙයා මොන දඬුවම වින්දත් රටින් නොයන එකනේ.
ඉතිං මේ කතාවෙ කියවෙන්නෙ රෙජීමයෙන් අත් අඩංගුවට අරන් වධ වේදනා විඳ දිගු කාලයක් සිර දඬුවම් විඳි මිනිහෙකුට අහම්බෙන් තමාට වධ දුන් රෙජීමයේ කුප්‍රකට පොලිස් නිලධාරියෙකු යැයි සැක සිතන පුද්ගලයෙක් මුණ ගැසීමයි. නිතරම දෑස් බැඳ ඔහු ඉදිරියට යැවෙන නිසා ඔහුව මුහුණෙන් හඳුනා නොගත්තත් වෙනත් බාහිර හේතු මත ඔහුව සැකයට පාත්‍ර වෙනවා, කිසිදා ප්‍රචණ්ඩත්වයට යොමු නොවූ අහිංසකයෙක් උනත් ඔහුට පළි ගැනීමට අවශ්‍යයි. ඒත් මේ ඔහුමද යන්න තහවුරු කර ගත යුතුයි. ඒ සඳහා ඔහු තවත් ඔහු මෙන්ම වධ බන්ධන වලට ගොදුරු වූ පිරිසකගේ සහය ලබා ගන්නවා. ඉතින් අවසානය වෙන කල් බලන්න. මොකද ප්‍රබල අවසානයක් තියෙනවා. ඇත්තටම මේ ඔහුද?
Vahid Mobasseri, Ebrahim Azizi Mariam, Afshari Hadis Pakbaten, Mohamad Ali Elyasmehr, සහ Majid Panahi මෙහි නළු නිළියෝ.
නැවත හමුවෙමු
It Was Just an Accident (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
692 downloadsDownload It-Was-Just-An-Accident-2025.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
It Was Just an Accident Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #Golden Globe Nominated
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි බන්දුල සහෝ මේ සුපිරි මූවි එකට සිංහල සබ් දුන්නට