Border 2 (2026) with Sinhala Subtitles කොහොමද යාලුවනේ, ඔන්න මම මගේ 158 වැනි උපසිරැසි නිර්මාණය විදියට අරගෙන ආවේ බොලිවුඩ් සිනමාව පෙරළියකට ලක් කරපු දැවැන්ත සිනමා පටයක අතිශය ජනප්‍රිය, වසර ගණනාවක් පුරා ප්‍රේක්ෂකයින් මඟබලාගෙන හිටපු දිගුවක්. ඒ තමයි 2026 වසරේ තිරගත වුණු “Border 2” චිත්‍රපටය. මේ අලුත් චිත්…

Border 2 (2026) with Sinhala Subtitles
කොහොමද යාලුවනේ, ඔන්න මම මගේ 158 වැනි උපසිරැසි නිර්මාණය විදියට අරගෙන ආවේ බොලිවුඩ් සිනමාව පෙරළියකට ලක් කරපු දැවැන්ත සිනමා පටයක අතිශය ජනප්‍රිය, වසර ගණනාවක් පුරා ප්‍රේක්ෂකයින් මඟබලාගෙන හිටපු දිගුවක්. ඒ තමයි 2026 වසරේ තිරගත වුණු “Border 2” චිත්‍රපටය.
මේ අලුත් චිත්‍රපටය ගැන කතා කරන්න කලින් අනිවාර්යයෙන්ම මීට දශක තුනකට ආසන්න කාලයකට කලින්, ඒ කියන්නේ 1997 අවුරුද්දේ ආපු “Border” පළමු චිත්‍රපටය ගැන මතක් කරන්නම ඕන. ජේ. පී. දත්තාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ඒ චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටතම යුද චිත්‍රපටයක් විදියට අදටත් සැලකෙනවා. 1971 ඉන්දු-පාකිස්තාන යුද්ධයේ ‘ලෝන්ගේවාලා’ (Battle of Longewala) සටන පාදක කරගෙන නිර්මාණය වුණු එහි සනී ඩියෝල්, සුනිල් ෂෙට්ටි, අක්ෂයේ ඛන්නා සහ ජැකී ෂ්රොෆ් වගේ දැවැන්ත තරු රැසක් රංගනයෙන් දායක වුණා. ඒ වගේම රූප් කුමාර් රතෝඩ් සහ සෝනු නිගම් ගායනා කළ “Sandese Aate Hai” ගීතය ඇහෙද්දි අදටත් ඇඟේ හිරිගඩු පිපෙනවා.
ඉතින් ඒ විශිෂ්ට නිර්මාණයෙන් පස්සේ තමයි මේ “Border 2” අපේ හමුවට එන්නේ. මෙවර අනුරාග් සිංගේ අධ්‍යක්ෂණයෙන් එන මේ අලුත් සිනමාපටය හරහා සුපුරුදු පරිදි සනී ඩියෝල් (ලුතිනන් කර්නල් ෆතේ සිං කලේර්) තමන්ගේ ගාම්භීර රංගනයත් එක්ක නැවතත් සටන් බිමට පිවිසෙනවා. මේ චිත්‍රපටයේ තියෙන විශේෂම දේ තමයි පළමු චිත්‍රපටයේ හිටපු සුනිල් ෂෙට්ටි වෙනුවට මෙවර ඔහුගේ පුතා වන අහාන් ෂෙට්ටි (ලුතිනන් කමාන්ඩර් මහේන්ද්‍ර සිං රාවත්) ඉන්දීය නාවික හමුදා නිලධාරියෙක් විදියට රංගනයෙන් එක්වීම. ඊට අමතරව නව පරපුරේ ජනප්‍රිය තරු වන වරුන් ධවාන් (මේජර් හෝෂියාර් සිං දහියා) සහ දිල්ජිත් දොසාන්ජ් (පියාසර නිලධාරී නිර්මල් ජිත් සිං) මේ මෙහෙයුමට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මෝනා සිං, සෝනම් බාජ්වා සහ මේධා රාණා වැනි නිළියන්ගෙන් මෙහි චරිත තවත් හැඩගැන්වෙනවා.
කතාව ගැන කිසිම ස්පොයිල් කිරීමක් නැතුව කෙටියෙන් කිව්වොත්; මේ කතාවෙන් දිගහැරෙන්නෙත් 1971 ඉන්දු-පාකිස්තාන යුද්ධයේදීම සිදුවුණු තවත් සුවිශේෂී වීරෝදාර මෙහෙයුමක් ගැනයි. පළමු චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම ගොඩබිම් හමුදාව (Army) මූලික කරගෙන නිර්මාණය වුණත්, මේ අලුත් චිත්‍රපටයේදී ඉන්දීය යුධ, නාවික සහ ගුවන් (Army, Navy, Air Force) කියන ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා සතුරු ප්‍රහාරයකට මුහුණ දෙන ආකාරය ඉතාමත් අපූරුවට පෙන්නුම් කරනවා. සතුරු හමුදාවන් අනපේක්ෂිත අන්දමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන මොහොතක, ඉතාමත් සීමිත භට පිරිසක් සහ අවම සම්පත් ප්‍රමාණයක් එක්ක දේශසීමාවේ තීරණාත්මක කඳවුරක් ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම මේ වීරයන්ට පැවරෙනවා.
තමන්ගේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වන සටන් බිමක ඉඳගෙන, කවදාහරි ගෙදර එයි කියලා මඟබලාගෙන ඉන්න තමන්ගේ ආදරණීයයන්ගේ මතකයන් එක්ක මේ සෙබළුන් කොහොමද තමන්ගේ රාජකාරිය ඉටු කරන්නේ? මුළු රටම බේරාගැනීමේ මේ ඒකාබද්ධ මෙහෙයුම කොහොම අවසන් වෙයිද? කීදෙනෙකුට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයිද? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න නම් මුල ඉඳන් අගටම පුදුමාකාර කුතුහලයකින් බලන්න පුළුවන් මේ කතාව බලන්නම වෙනවා.
පළමු චිත්‍රපටය වගේම මේ චිත්‍රපටයත් ඔබේ ඇසට කඳුළක් එක් කරන ගමන්ම, ලොකු වීරත්වයක් හිතට දනවාවි. යුද (War) සහ ක්‍රියාදාම චිත්‍රපට වලට කැමති අයට මේක අනිවාර්යයෙන්ම මඟහැරගන්න නරක ෆිල්ම් එකක්.
එහෙනම් මේ සුවිශේෂී චිත්‍රපටයත් අරගෙන බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මගේ 158 වැනි උපසිරැසිය විදියට මේ වගේ දැවැන්ත නිර්මාණයකට උපසිරැසි ගන්වන්න ලැබුණු එක ගැනත් මට තියෙන්නේ ලොකු සතුටක්. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු!
පෙර චිත්‍රපට
- Border 1997
- Border 2 (2026)
බුදු සරණයි….!
Border 2 (2026) with Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/BR පිටපත සඳහා අදාළ වේ.
2,072 downloadsDownload Border-2-2026.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Border 2 (2026) with Sinhala Subtitles
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
2 comments
Tharidu Sagara Sadalu
damith niwanthaka
Thanks bro. Jaya wewa...!!!
Advertisement
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤