ඔන්න අද මම අරන් ආව සුපිරි නලු ටොම් කෲස්ගේ අලුත්ම ෆිල්ම් එක. Imdb ලකුණු 7.1කුත් මේ චිත්‍රපටයට ලැබිල තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Christopher McQuarrie විසින්. එහෙනම් වැඩි විස්තර නැතුව කෙලින්ම කතාවට බහින්නම්.. ටොම් කෲස් මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ ජැක් රීචර් කියන පරීක්ෂකවරයාගෙ චරිතය. මෙයා හරියට හොල්…

ඔන්න අද මම අරන් ආව සුපිරි නලු ටොම් කෲස්ගේ අලුත්ම ෆිල්ම් එක. Imdb ලකුණු 7.1කුත් මේ චිත්‍රපටයට ලැබිල තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Christopher McQuarrie විසින්. එහෙනම් වැඩි විස්තර නැතුව කෙලින්ම කතාවට බහින්නම්..
ටොම් කෲස් මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ ජැක් රීචර් කියන පරීක්ෂකවරයාගෙ චරිතය. මෙයා හරියට හොල්මනක් වගෙයි. හොල්මනක් කිව්වට මැරිල නෑ. පණ පිටින් ඉන්නව. ඒත් මෙයා ගැන කිසිම සඳහනක් නෑ. මෙයාගෙ නමින් රියදුරු බලපත්‍රයක්, පදිංචි ස්ථානයක්, ක්‍රෙඩිට් කාඩ්, සෙල්ෆෝන්, ඊමේල්.. මේ වගේ කිසිම දෙයක් නෑ. මෙයා ඉස්සර හිටපු හොඳම හමුදා සෙබලෙක්. ඒත් දැන් කිසිම තොරතුරක් නෑ. කට්ටිය මෙයාව නමින් විතරයි දන්නෙ. වර්තමානයේ මොනව කරනවද, කොහේ ඉන්නවද කියන එක ගැන කිසිම තොරතුරක් නෑ.
චිත්‍රපටය ආරම්භයේදිම පෙන්වන්නෙ ස්නයිපර් වෙඩික්කරුවෙක් අහඹු ලෙස සාමාන්‍ය මිනිසුන් 5 දෙනෙක්ව ඝාතනය කරන දර්ශනයකින්. කොහොම හරි පොලීසියට මේක කරපු කෙනාව අහුවෙනව. ඒත් එයා කියනව තමන් නිර්දෝෂියි කියල. ඒවගේම එයා “ජැක් රීචර්” කියන කෙනාව ගෙන්නන්න කියල පොලීසියට කියනව. ඉතින් දැන් කොහොමද පොලීසිය මේ ජැක් රීචර්ව හොයා ගන්නෙ.. හොය හොයා ඉන්න දෙයක් නෑ.. ජැක් රීචර්ම තමන් විසින්ම ඉදිරියට එනව. ඇවිත් මේ අපරාධයේ සුල මුල හොයන්න ගන්නව. මේකට එයා එක්ක වැඩ කරනව අපරාධකරුගේ නීතීඥවරිය. ජැක් රීචර් කියන්නෙ සුවිශේෂී චරිතයක්. එයාට නීතිය කියන දේ වැදගත් නෑ. සාක්ෂි වැදගත් නෑ.. එයාට වැදගත් වන එකම දේ තමයි ඇත්ත මොකද්ද කියන එක. ඉතින් ජැක් රීචර් බොහොම සූක්ෂම විදියට මේ ඝාතන පෙළේ සුලමුල සොයාගෙන යනව. මේ ගමනෙදි එයාට මුහුණ දෙන්න වෙන්නෙ මොනවගේ සිදුවීම් වලටද, ඒවගෙන් මෙයා ගැලවෙන්නෙ කොහොමද, අන්තිමට මේ අභිරහස විසඳෙන්නෙ කොහොමද, මේ ඝාතනයේ පසු පස ඉන්නෙ කවුද කියන හැමදේම ඔයාලට දැනගන්න ලැබෙයි. පෙනෙන දේට වඩා ගැඹුරු අර්ථයක් තියන චිත්‍රපටයක්. හොඳ කල්පනාවෙන් බලන්න.. හැමෝම හොඳට චිත්‍රපටය රස විඳින්න.
මේකට සබ් එක හදන්න වෙලාව හොයාගත්තෙ හරිම අමාරුවෙන්. මොකද මේ දවස් වල වෙලාවක් ඇත්තෙම නෑ. අපි හුඟක් වෙලාවට මේ සබ් හදන්න කැප කරන්නෙ අපේ ජීවිතේ වටිනාම කාලයන්. මම විතරක් නෙමෙයි සබ් හදන අනිත් අයත් එහෙමයි. ඒ නිසා නිකම්ම බාගෙන යන්නෙ නැතුව අදහසකුත් දක්වල යනව නම් අපිට සතුටුයි. එහෙනම් මම ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
12,636 downloadsDownload Jack.Reacher.2012.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
215 comments
tharanga
Isuru
loweth na maxxa ne awa gaman badu mehe... jaya
ositha
bohoma pin machan
Chathura
Ela aaaaaaaaaaa.... Patta...
lasidu
මොනා උනත් මේක නම් පට්ටයි
quik
thanks
was
ලොවෙත් නෑ මචං සුපිරියේත් සුපිරි වැඩක්... සබ් නම් බයිස්කෝප් තමා අපිට...
chami
thnxxxxxxxxxxxxxxxxxxxxx
ShaMi
300 MB , 350 MB හරි 450 MB සයිස් කොපියකුත් දෙනවා නම් හොදයි.. මෙවා බාන්න ගියහම එපා වෙනවා..
Janaka
Elakiri macho.... Thanx
Ashan ravihansa
ammatasiri pattama ekak dila thankz macho
Isuru Dimantha
thankz me wage patta film denawata
Siraj priyantha
Thanks saho.meka mama godak balaporoththuwen hitapu film ekak.puluwan ikmanata dipu ekata ha sub ekata very very thanks yaluwa.
rusuru | රුසිරු
නියමයි සහෝ පට්ට
shann
ලොවෙත් නෑ නේ නියමයි සහෝ අනිවා දිදුල ආව ඉක්මනට සබ් දාලා දුන්න එක නම් පට්ට
ccnp
Thanks
“චූටී මල්ලි”
පිස්සු කොරනෙ
එල එල සහෝ දිගටම දෙමු
සබට තෑන්ක්ස්
ඔබට ජයchethiya
සුපිරියි මඟ බලාගෙන හිට්යේ එනකම් ස්තුතියි
hh
supiri supiri
Fernando
aniwa banwa patta naluwek inne :D
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ඔයාගේ කතාව ඇත්ත අපි අපේ වටින කාලයෙන් කාලය වය කරල තමයි සබ් දෙන්නේ නමුත් දැන් එන්න එන්නම කොමන්ට් අඩුයි, අපි නොමිලේ දෙන දෙයට ප්‍රතිඋපකාරයක් වශයෙන් කොමන්ට් එකක් කරන්න එයාලට විනාඩියක් වැය කරන්න බැහැ, අපි පැය කීයක් නම් මේ වෙනුවෙන් වැය කරනවද සහෝ???????? ජයවේවා. මම කලින් ඔයාගේ එකෙන් කල ඉල්ලීම ගැන පොඩ්ඩක් බලන්න.
kalinga
නියම සුපිරි පහරක්. දිදුලට ජය වේවා !
Bandula
onna gannooooo thxxxxx
elakiri
පට්ට පතුරු මචං වැඩේ එල එල එල එල එල එලම කිරි
wow
wow... maru :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හත්වලාමේ ටොම් කෘස් ගේ මෙහෙම ෆිල්ම් එකක් තියේ කියලත් දන්නේ දැනුයි....
අනිවා බෑමක් තමයි ටොම් කෘස් ඉන්නවනම්...අනික කතාවත් පට්ටයි කියල තේරෙනවා ලිපිය කියෙව්වම...තැන්ක්ස් දිදුල සහෝ....මාදම්පේ කාල්
අපිත් බා ගත්තා එහෙනං....හොඳේ....
zumo man
elazzzz thnxzzzz
උදාර
ඔන්න දිදුල ආයේ ගේමට බැහැලා අතාරින්නෙපා කොලුවෝ දිගටම වෙඩි වගේ වැඩ පෙන්නමු ,... ජය
HarshA
maxxxaxaxxaxaxaxaxxaxaa wadak ne
chamath cafe
ජයෙන් ජයම වේවා පට්ටයි හොදේ, දිදුල දෙවියෙක්නේ
සමීර කරුණාරත්න
මේව එන්න විතරයි ඕනෙ උපසිරැස ලැබෙනව නේ... බොහොම අගෙයි
බොහොම ස්තුතියි සහෝeraNga
supiri :D
samaith4
elama wadak thama didula.didulage subs pattai,,,
kasun
thxz sooooooooo muchhhhhhhhhh
අසංක
සුපිරි :) බාන්න දැම්මා..
gayan
තැන්ක්ස් මචන් ෆට්ට ෆිලිම් එකක් වගෙ
එරංග
එලස් ඔන්න නියම පහරක් දීලා බොහොම පින්
p.a.t.h.u
ela :D :P
කැළුම්
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ නියමයිනේ මචෝ
dj
දිදුල සුපිරි කොල්ලෙක් නේ ආව ගමන් දීලා නේ. අද රෑ ට බලන්න හැකි .
kapila
ikmanata dunna akata txz
ruki
patta machn....
waruna
suppaaaa kollooo
Reno nuwan
තැන්ක්ස් මචන් පට්ට ෆිල්ම් එකක් වගේ.. සබ් එක ඉකමනට දුන්න එකට පින් ....සුභ පැතුම්
g-a-n-d-u
දැන්ම බාමි ජය
fad
goda goda :D
aruna
jayen jayama weywa !
ganidu
තැන්ක්ස් වේවා
danushka
niyamai machan demmama gannawa....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේක නම් පට්ට එකක්,, මම මේ ආව දැක්ක ගමන් ඩිරෙක්ට් ලින්ක් බාමින් උන්නේ...මෙන්න 800 බ්ලුරේ එක.
ජයම වේවා!!!!