[box]ඔන්න යාලුවනේ මම මගේ 21 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා (7 වෙනි) නිර්මාණය. ගොඩක් විහිළු තහලු වලින් සමන්විත ඒ වගේම ලස්සන ස්ථානයන් වලින් සමන්විත ලස්සන කතාවක්. ටිකක් හිනා වෙලා ලේ පිරිසිදු කරගන්නත් පුලුවන්. මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක…
ඔන්න යාලුවනේ මම මගේ 21 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, ඒ වගේම මේක
දරුවන් වෙනුවෙන් ගෙනා (7 වෙනි) නිර්මාණය. ගොඩක් විහිළු තහලු වලින් සමන්විත ඒ වගේම ලස්සන ස්ථානයන් වලින් සමන්විත ලස්සන කතාවක්. ටිකක් හිනා වෙලා ලේ පිරිසිදු කරගන්නත් පුලුවන්. මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කලින් කොටස් දෙක මම ඔයාලට අරන් ආවා මතක ඇතිනේ.
මම මේකේ උපසිරැසිය හදල ටික දිනක් උනත්, 698 MB තියෙන ටොරන්ට් එකේ ෆිල්ම් එකේ උපසිරසි ෆයිල් එක හාත්පසින්ම වෙනස්. මට ෆිල්ම් එක බල බල ඒකට හදපු උපසිරසි ගොනුවේ දෙබස් මේකට දාන්න උනා සහ පසුව යලිත් ෆිල්ම් එක බලන්න උනා දෙබස් ගැලපෙනවද කියල. එම නිසා අමතරව පැය 6ක් 7ක් වැය කරන්න උනා. මොකද ලංකාවේ ඉන්න අයට ලොකු ටොරන්ට් එකක් ගන්න අමාරු නිසා, මම වෙහෙස නොබලා ඔබලා වෙනුවෙන් ඒක කළා. මමනම් මෙහෙ 50 GB සිට 100 GB වගේ මාසෙට බාගත කරගන්නවා. 😛 මට ෆිල්ම් එකක් බාගත් කරගන්න යන උපිරිම කාලය විනාඩි 20ක් වගේ හොඳට සීඩ් තියෙනවනම්. ලංකාවේ අන්තර්ජාල වේගය එතරම් නැහැනේ. 😀
හරි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු, හර්බිව ජිම් ඩග්ලස් විසින් මොන්ටි කාර්ලෝ වලට ගෙන්න ගන්නවා. එහි තියෙන තරඟයක් සදහා ඔවුන් ප්‍රංශයට පය තියන දවසෙම එහි ලෝකයේ තියෙන ලොකුම දියමන්තිය ප්‍රදර්ශනයට තියනවා. නමුත් ඒක හොරුන් දෙන්නෙක් විසින් හොරකම් කරනවා. ඔවුන් ඒක අහුවෙන්න යන නිසා හර්බිගේ පැට්‍රල් ටැංකියට දානවා පසුව ගන්න කියල. වසර 12කට පසු තමයි යලිත් ජිම් ඩග්ලස් හර්බි සමග රේස් තරඟ වලට සහභාගී වෙන්නේ. ඔහුට යලිත් පැරණි නම්බුව කිර්තිය ලබාගන්න හැකිවෙයිද? (තරඟය දිනලා) දියමන්තිය හොයන රහස් පරීක්ෂකයන්ට එය සොයාගන්න පුළුවන් වෙයිද ? දියමන්තිය හොරකම් කරන එක පිටුපස සිටින මහා මොලකරු කවුද? ඒ වගේම මේ පාර තමයි හර්බිට පෙම්වතියක් ලැබෙන්නේ. හර්බි පෙම්වතිය පස්සේ යනවා මිසක් තරඟය ගැන නොහිතයිද?
මේ සියලු දේවල් ගැන දැනගන්න ඔබත් කැමතිනම් මේක අරන් බලන්න. ඒ වගේම මම දෙන 5.5 GB ඇතුලේ 1.4 GB ටොරන්ට් එකක් මේ ෆිල්ම් එකට තියෙන්නේ. එය ඔබ බාගත කරගන්න. ඒ වගේම 700 MB එකේ තියෙන ෆිල්ම් එකේ ස්විස් උපසිරැසි හාඩ්සබ් ලෙස අන්තර්ගතයි. ඒ උනාට ඔයාලට බලනකොට අපහසුවක් නොවෙන්න මම හැම ලයින් එකක්ම පාටින් වැටෙන්න හැදුවා. ඒකෙ සීඩ් නම් ටිකක් අඩුයි නමුත් ඔයාල බාගත කරනකොට සීඩ් වැඩිවෙයි.
5.5 GB ටොරන්ට් එක ඇතුලේ ෆිල්ම් හතරම තියෙනවා.
- The Love Bug (1968), 1.47 GB – මම ඒකට කලින් දුන්න උපසිරසියක් ගැලපෙනවා, ඔබට උවමනානම් බාගත කරගන්න.
- Herbie Rides Again (1974), 1.18 GB – මම කලින් දුන්න උපසිරසි ගැලපෙන්නේ නැත. එම නිසා ඔබ එයනම් බාගත කරගන්න එපා. මම මෙයට ගැලපෙන උපසිරසි ගොනුවක් ඊළග එක සමග දෙන්න උත්සහ කරන්නම්.
- Herbie Goes to Monte Carlo (1977), 1.41 GB – මේ දෙන උපසිරැසිය.
- Herbie Goes Bananas (1980), 1.25 GB – තවම උපසිරසියක් මම හැදුවේ නැත. එම නිසා දැනට එය ඔබ බාගත කර ගන්න එපා.
ඔන්න හොද පැහැදිලි කිරීමක් කළා. යන්න කලින් ඔබගේ වටිනා අදහස් අකුරු කර යන්න.
700 MB කොපිය මෙතනින් බාගන්න 3aee707b92d11f14589c3bba03d8292e31d1affa 1.4 GB කොපිය (5.5 GB) මෙතනින් බාගන්න eed30b4ca6542a3c95d9de5b23347406a0c3506a 2.4 GB කොපිය මෙතනින් බාගන්න 0bdfd489019e13bb12acc931686ce278354a7d75 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,243 downloadsDownload Herbie-Goes-to-Monte-Carlo-1977baiscope.lk_.rar93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
37 comments
chami
lasidu
සුපිරි මචං ඔහොම යන්
Isuru
jayama wewa!!!!!! saho
pubudu
kalin awa baluwa meykath balanna one.tx bro
wow
wow.... maru :D
tharanga
සුපිරි සහෝ... ඔන්න මාත් බාන්න දානවා...
amilatk
jaya wewa!!!!
quik
thanks
mihin ලංකා
නියමයි සහෝ බොහොම පින් සබ් එකට
zumo man
elazzzz thnxzzzz
elakiri
එළකිරි මචං
ositha
thx so much
ccnp
Thanks
chamath cafe
සුපිරි වැඩක සහෝ..
geeth
pattattatatataaaaaa
GUNADASA DENIPITIYA
happy new year dimuthu
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
pattai hode.....kalin dekama baluwaaa...pattai...hinaa yanawa adenna...700mb eka baa gannawa..natham aayeth adenawa....jaya wewaaaa........
mudiya / මුදියා
හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!
සතියකට පස්සෙ විතර තමයි මේ පැත්තෙ ආවෙ.නියමම කතා ටිකක් දීලනෙ මේ ටිකට.ඒ හැමෝටම ස්තූති කරන්න අවස්ථාවක් කරගන්නව මේක.ආපු ගමන් කරේ දීල තියෙන ඒව බාන්න දාපු එක.දැන් ඉතිං ඒව බලන්න කාලය හොයන එක තමයි වැඩේ.
නියමයි දිමුතු වැඩේ නම්.පරණ උනත් සුපිරි එකක් තමයි දීල තියෙන්නෙ.පළවෙනි එක බැලුව.ඉක්මනට අනිත් දෙකත් බලන්න ඕනි.අයියෝ මට නම් ෆිල්ම් එකක් බාන්න දවස් එක හමාරක්වත් යනව.පොඩි කොපි නම් වරුවෙන් ගොඩ යන්න පුළුවන්.කොහොම හරි කට්ට කාගෙන කරපු වැඩේට පිං හොඳේ.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!
“චූටී මල්ලි”
බොහොම අගෙයි දිමුතු සහෝ
කතා සෙට් එකම දෙන එකනම් වටිනවා
හැබැයි සයිස් එක දැක්කම තමා ඇඩෙන්නෙ...
මට නම් ආසාවෙ බෑ ඔයා මාසේට GB 50ක් 100ක් බානවා
කිව්වම
ඔය ප්‍රමාණය බාගත කරන්න මාසෙට කොච්චර
බිලක් යනවද ඔහේ?
එහෙනම් ඔබට ජයසමීර කරුණාරත්න
kattak kaala thiyana viththiya peenava sahoo bohoma sthuthiy mahanasiyata api venuven vuna
නලින්
ස්තුති වේවා දිමුත් සහෝ..
ලංකාවෙ අපිට හරියන විදියේ 700 MB avi
වලට සබ් හදන්න පුළුවන් නම් ගොඩාක් හොදයි.
මොකද දැන් නෙට් ලිමිට් කරගෙන අපේ උන් නානවා නෙව.shashik
මටත් විනාඩි 16 යි යන්නේ
දිමුතු තරංග ඉලුක්කුඹුර
21 EURO සහෝ, අන්ලිමිටඩ්, විනාඩි 200ක් ගුහස්ථ දුරකතන වලට සහ විනාඩි 20ක් ජංගම දුරකථන ඇතුලත්ව කතා කිරීමේ පහසුවත් සමඟ. අන්තර්ජාලයේ කොතරම් හිටියත්
මොනවා කලත් බැලුවත් ඔය මිල තමයි.කේ. යූ. ජී. උදාර
නියමයි දිමුතු.........
ඊළඟ එකත් ඉක්මනට ම දෙන්න.
සිංහල සබට බොහොම ස්තූතියි.kdn
thanka
uda
හහ් :D දෙබෑ කාරෙකේ කතාවෙ තුන්වැනි කොටසත් ගෙනැත් තියෙන්නේ මේ...
සහෝ ලංකාවෙ අපටනම් අන්තර්ජාලය සුඛෝපබෝගී සේවාවක් වෙන දවස වැඩි ඈතක නෑ වගේ. දැන් ආශ්චර්යය දිනෙන් දින පළ දෙනවා.ආශ්චර්යයේ මහා ප්‍රාතිහාර්යය සිදුවෙන දා එනකම් හැකි විදිහට බලමු අපිත්! දැනටම රටෙන් බාගයක් චීනෙට අයිතියි. තව අවුරුදු කිහිපයකින් මේ රටේ මිනිස්සුන්වත් පන්නලා ණයහිමි රටවල් කෑලි කෑලි බෙදා ගනියි මයෙ හිතේ, යන්ඩ තැනක් හොයාගන්ඩ වෙනවා ඊට කලින්. :P හි හි
ඉතුරු ටිකත් ගේන්ඩ, අපි නැතත් පුළුවන් උදවිය බලයි. ජය!
වරුණ
thanks machan thanks......
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍දිනිඳු සම්පත්
මට තාම මේකෙ එකක්වත් බලන්න බැරි උනා දිමුතු සහෝ. අනිත් එකටත් දුන්නම එක දිගට හතරම බලනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා.
ශාන් විමුක්ති [වීමා]
එලකිරි කොල්ලෝ..
කොමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සමාවෙයන්
මම මේකනම් බලල තියන්ව ටීවී එකේ ගියා
ඒත් නොබලපු උදවිය වෙනුවෙන් සහ කතා මාලාව සම්පූර්න කරන්න ගන්න මහන්සියට උබට ගොඩක් පිං මචෝ..
නියම එලකිරි මල් හතේ කතා සෙට් එකක්
ජය වේවා! :)lahiruS
ela thank u macho puluwannam police academy set eka deepankoo...
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
රාම් රාජ්
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
Malika
me site ekanam elakiri
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි දිමුත් සබ් එකට :) :)
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thxxxxxx