Jackass: Best and Last (2026) Sinhala Subtitles “Jackass” කිව් සැනින් අපේ මතකයට එන්නේ කිසිම බයක් සැකක් නැතුව පිස්සු කෙළින, ඇඟ කිලිපොලා යන ජවනිකා සහ ප්‍රේක්ෂකයන් හිනස්සන්න ඕනෑම අභියෝගයකට මුහුණ දෙන ඒ පිස්සු කල්ලියයි. 2022 දී නිකුත් වූ Jackass Forever චිත්‍රපටයෙන් පසුව මේ කල්ලියේ අවසාන ගමන සනිටුහන් කර…

“Jackass” කිව් සැනින් අපේ මතකයට එන්නේ කිසිම බයක් සැකක් නැතුව පිස්සු කෙළින, ඇඟ කිලිපොලා යන ජවනිකා සහ ප්‍රේක්ෂකයන් හිනස්සන්න ඕනෑම අභියෝගයකට මුහුණ දෙන ඒ පිස්සු කල්ලියයි. 2022 දී නිකුත් වූ Jackass Forever චිත්‍රපටයෙන් පසුව මේ කල්ලියේ අවසාන ගමන සනිටුහන් කරමින් 2026 ජූනි 26 වන දින තිරගත වීම ආරම්භ කළ නවතම සිනමාපටය තමයි Jackass: Best and Last.
මිනිත්තු 92 ක ධාවන කාලයකින් යුක්ත මෙම හාස්‍යජනක ක්‍රියාදාම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ජෙෆ් ට්‍රේමේන් (Jeff Tremaine) විසිනි. එමෙන්ම ජෙෆ් ට්‍රේමේන් සමඟ ස්පයික් ජෝන්ස් (Spike Jonze), ජොනි නොක්ස්විල් (Johnny Knoxville) සහ ෂානා සැබ්ලෝ නිව්ටන් (Shanna Zablow Newton) එකතු වී මෙහි නිෂ්පාදන කටයුතු සිදු කර තිබෙනවා.
චිත්‍රපටය නිකුත් වීමත් සමඟම සිනමා විචාරකයන්ගේ ඉහළ ප්‍රතිචාර ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
IMDB – 6.2/10
Rotten Tomatoes – 87%
රංගන දායකත්වය (Cast):අවුරුදු 25 ක Jackass ඉතිහාසයේ ප්‍රේක්ෂකයන් ආදරය කළ ප්‍රධාන නළු කැල සියල්ලම පාහේ මෙම අවසාන චිත්‍රපටයට එක්ව සිටිනවා. ජොනි නොක්ස්විල් (Johnny Knoxville), ස්ටීව්-ඕ (Steve-O), ක්‍රිස් පොන්ටියස් (Chris Pontius), ජේසන් “වී මෑන්” අකූනා (Jason “Wee Man” Acuña), ඩේව් ඉංග්ලන්ඩ් (Dave England), “ඩේන්ජර් ඒරන්” මැක්ගෙහේ (“Danger Ehren” McGhehey) සහ ප්‍රෙස්ටන් ලේසි (Preston Lacy) ඇතුළු ප්‍රධාන සාමාජිකයන් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව ෂෝන් “පූපීස්” මැක්ඉනර්නි (Sean “Poopies” McInerney), සැක් හෝම්ස් (Zach Holmes), ජැස්පර් ඩොල්ෆින් (Jasper Dolphin), රේචල් වුල්ෆ්සන් (Rachel Wolfson) සහ කොම්ප්ස්ටන් “ඩාර්ක් ෂාක්” විල්සන් (Compston “Dark Shark” Wilson) යන සාමාජිකයන්ද මෙවරත් සිනමාපටය හා එක්වෙනවා.
චිත්‍රපටය ගැන තොරතුරු:
මෙවර චිත්‍රපටය විශේෂ වෙන්නේ අවුරුදු 25 කට අධික කාලයක් ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුණු Jackass කල්ලියේ නිල සමුගැනීමේ (Farewell) සිනමාපටය නිසයි. ජොනි නොක්ස්විල් ඇතුළු පරණ කල්ලිය වගේම අලුත් සාමාජිකයනුත් එකතු වෙලා ප්‍රේක්ෂකයන්ට පරණ මතකයන් නැවත ආවර්ජනය කරන ගමන්, මීට පෙර කවදාවත් නොපෙන්වපු (Never-before-seen) පිස්සු ස්ටන්ට්ස් සහ අලුත්ම විහිලු වැඩ එකතුවක් ඉදිරිපත් කරනවා.
චිත්‍රපටයේ විශේෂතා:
නොදැකපු ජවනිකා එකතුව: වසර 25 ක Jackass ඉතිහාසයේ එම්.ටී.වී (MTV) නාලිකාවෙන් විකාශය කිරීමට අවසර නොදුන් ජවනිකා සහ මෙතෙක් එළිදක්වා නොමැති රූපරාමු රැසක් මෙයට ඇතුළත් කර තිබෙනවා.
වයසට ගියත් නොකැඩුණු පිස්සුව:
Steve-O ගේ රොබෝ තාක්ෂණයෙන් කරන ප්‍රොස්ටේට් පරික්ෂාව සහ කොලොනොස්කොපි පරීක්ෂණ අභියෝග වැනි වයස්ගත වීමත් එක්ක ඔවුන් මුහුණ දෙන හාස්‍යජනක සිදුවීම් රැසක් මෙහි අන්තර්ගතයි.
රයන් ඩන් (Ryan Dunn) වැනි අතීත මිතුරන් මතක් කරමින්, අවුරුදු 25 ක දීර්ඝ ආපසු හැරී බැලීමක් එක්ක සිනමාපටය අවසන් වෙනවා.
ඉතින් හිනාවෙන්න ඕන නම් බලන්නම ඕන චිත්‍රපටයක් තමයි මේක.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
Jackass: Best and Last (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
455 downloadsDownload Jackass-Best-and-Last-2026.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-08-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Jackass: Best and Last Sinhala SubtitlesSubtitles by
යොහාන් සම්පත්
Subtitles
- #Editor's Pick
- #Jackass: Best and Last (2026) Sinhala Sub
- #Jackass: Best and Last (2026) Sinhala Subtitles
- #Jackass: Best and Last Sinhala Sub
- #Jackass: Best and Last Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Yohan saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ්එකට ස්තූතියි මචං