Jackpot (2024) Sinhala Subtitles ‘කැලිෆෝනියා ග්‍රෑන්ඩ් ලොතරැයිය, 2026 දී මහා අවපාතය අතරතුර ආරම්භ විය. ‘ ‘නව රජයද මුදල් පිළිබඳ බලාපොරොත්තු සුන් කරගනිද්දී මහ ජනයා තුළද එසේ සිදුවිය. ‘ ‘ කිරීමට ඇත්තෙ සරල දෙයකි. ‘ ‘ ජයග්‍රාහකයාව මරන්න. ‘ ‘ හිරු බැස යාමට පෙර ජයග්‍රාහකයාව මරා, නීත්‍යානුකූලව ජැක්පොට් එක ලබ…

Jackpot (2024) Sinhala Subtitles ‘කැලිෆෝනියා ග්‍රෑන්ඩ් ලොතරැයිය, 2026 දී මහා අවපාතය අතරතුර ආරම්භ විය. ‘ ‘නව රජයද මුදල් පිළිබඳ බලාපොරොත්තු සුන් කරගනිද්දී මහ ජනයා තුළද එසේ සිදුවිය. ‘ ‘ කිරීමට ඇත්තෙ සරල දෙයකි. ‘ ‘ ජයග්‍රාහකයාව මරන්න. ‘ ‘ හිරු බැස යාමට පෙර ජයග්‍රාහකයාව මරා, නීත්‍යානුකූලව ජැක්පොට් එක ලබාගන්න. ‘ ආයුබෝවන් කියන ගමන් බයිස්කෝප් වාසී සියලුම සිනමා රසික රසිකාවියන්ව ආදරෙන් සාදරෙන් වෙනදා වගේම පිලිගන්නවා. කෙටි කාලයක නිහඩතාවයෙන් පසුව නැවත වතාවක් උපසිරැසියක් අරගෙන එන්නයි මගේ මේ සූදානම. ඒ Jackpot (2024) චිත්‍රපටයට උපසිරැසි බව ඔබලා මේ වෙනකොට දන්නවා. චිත්‍රපටයට අදාලව, ආරම්භක කොටසේ විස්තරාත්මක දෙබස් පෙලක් තමයි, ලිපිය ආරම්භ කරන්නට කලින් මං සඳහන් කළේ. දවස් කීපයකට පෙර නිකුත් වුණත් උපසිරැසිය හිතුවට වඩා ටිකක් ප්‍රමාද වුණා. ඒ ගැන කණගාටුව ඵල කරනවා. මේ වසරේ නිකුත් වූ Comedy/Action ඛාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයට ප්‍රධාන භූමිකාව වශයෙන් රංගනයෙන් දායක වෙන්නෙ, ලොකු පොඩි කාගෙත් අඩුවක් නැතුවම ආදරයට පත් රෙස්ලින් ශූර ‘John Cena ‘ සහ Shang-chi, මෑතකදී නිකුත් වූ Kung fu Panda 4, Jumanji: The Next Level වැනි චිත්‍රපට ගණනාක ඔබ අපව සිනාමුසු සාගරයකට ඇද දැමූ හාස්‍යෝත්පාදක නිළි ‘Awkwafina’ විසින්. මං සඳහන් කළ චිත්‍රපට වගේම සඳහන් නොකළ චිත්‍රපට තුල ඇයගේ භූමිකාව ගැන අමුතුවෙන් කතා කරන්න ඕන දෙයක් නෙමේ කියලා කවුරුත් දන්න කරුණක්. ඉතිං මේ චිත්‍රපටය තුලත් ඇගේ උපරිමය කරලා තියෙනවා කියලා සඳහන් කරන්න ඕන. ඊට නොදෙවනි John Cena ගේ රංගනයත් චිත්‍රපටය ආසාවෙන් වෙලාව යනවා නොතේරෙන ගාණට බලන්න පුළුවන් සුපිරි ආතල් චිත්‍රපටයක් වීමද විශේෂත්වයක් මං දකින විදිහට.  වේගයෙන් දියුණු වෙන ලෝකයේ සිදුවන විවිධ වෙනස් එක්කලා ලෝක රටාවද වෙනස් වූ කාලයක කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් ඔයාලට බලාගන්න ලැබෙන්නෙ. ලිපිය මුලම සඳහන් කළ පද පෙළ ටික කියෙව්වම, මේ චිත්‍රපට ගැන ඔබලට යම් අදහසක් එන්න ඇති කියලා මං හිතනවා. ඉතාම සරල කතා වස්තුවක් තුල ගොඩ නැගෙන මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 46 ක කාලයක් පුරාවම කිසි කම්මලිකමක් නැතුව නරඹන්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඒ ගැන කෙටියෙන් කිව්වොත්: යම් හේතුවකට ලොස් ඇන්ජලීස් වලට එන කේටි කිම් (නොහොත් Awkwafina) හට නොසිතූ අන්දමින් එවිට පවතින විශාලම ලොතරැයි දිනුම් ඇදීමට හිම්කම් කියන්නට ලැබෙනවා. ඉතිං මෙතනදී මීට වඩා යමක් සඳහන් කළොත් චිත්‍රපටයේ රසාස්වාදයට බාධාවක් වෙනවා. ඒ නිසයි මං ‘යම් හේතුවකට’ කියලත් සඳහන් කළේ.  Jackpot (2024) හි නළු නිළි කැළ වශයෙන්, ● Awkwafina (Katie Kim ලෙසින්) ● John Cena (Noel ලෙසත්) ● Ayden Mayeri (Shadi ලෙස්ත්) ● Simu Liu (Louis Lewis ලෙසත්) ● Murray Hill (Johnny Grand ලෙසත්) …රංගයෙන් දායක වෙනවා. චිත්‍රපටය තුල නොසෑහෙන්න අසභ්‍ය වචන භාවිත සිදු වුණත් ඒකට කිසිඳු බාධාවක් නොවන අන්දමින් උපසිරැසි ගැන්වීම කරපු බවත් මතක් කරනවා සහ උපරිම රසවින්දයට සමහර තැන්වලට යොදන්න ඕන වචනද යොදන්නම වුණා’ මොකද එහෙම නැත්තම් කිසි ආතල් එහෙකුත් නෑ බලනකොට. කොමඩි චිත්‍රපට වලට ඇලුම් කරන කෙනෙක් නම් අනිවාරෙන්ම මගනොහැර බලන්නම ඕන චිත්‍රපටයක් කියලත් මතක් කරනවා.  Run time: 1h 46min Initial release: August 15, 2024 Director: Paul Feig Distributed by: Amazon MGM Studios Music by: Theodore Shapiro Production companies: Roth/Kirschenbaum Films; Feigco Entertainment Written by: Rob Yescombe IMDb ratings: 5.8/10 Rotten Tomatoes: 31% ඉතිං මීට වඩා යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. බයිස්කෝප් පලමු කඩයිම් මායිමට ඔන්න මෙන්න ඉන්න නිසා තවත් උපසිරැසියකින් හමුවන තෙක් අදට ගිහින් එන්නම්. හැමෝටම සුභ දවසක්! ජයවේවා! ✌️ Jackpot (2024) Sinhala Subtitles

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,981 downloadsDownload Jackpot-2024-.zip118 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ultraman: Rising (2024) Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

3,981 downloadsDownload Subtitles118 KB

5 comments

  1. Anonymous

    Anne with anne tv series eka denna puluwanda

  2. uwiniran

    meka baiscope dawnload eke,link ekata link wenne naha, eeka haanna .
    jaya wea..

  3. Buddhika laKMal

    සබ දෙනකම්ම හිටපු එකක්...
    බොහෝම ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට

  4. Sahan Gayantha

    thanks a lot Rukshan saho sub ekata

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤