The Crow (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අළුතෙන්ම නිකුත් වුණ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. මේක ඇවිල්ලා බෲස්ලීගෙ පුත් බ්‍රැන්ඩන් ලී හට මරු කැඳවූ The Crow (1994) චිත්‍රපටයේ රීබූට් එකක් ලෙසයි එළි දැක්වෙන්නේ. මේ චිත්‍රපටය සිනමාශාලාවල් වලට නිකුත් කෙරුනේ ලංකාවෙත් ඇතුලුව අගෝස්තු 21 වෙ…

The Crow (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අළුතෙන්ම නිකුත් වුණ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. මේක ඇවිල්ලා බෲස්ලීගෙ පුත් බ්‍රැන්ඩන් ලී හට මරු කැඳවූ The Crow (1994) චිත්‍රපටයේ රීබූට් එකක් ලෙසයි එළි දැක්වෙන්නේ.  මේ චිත්‍රපටය සිනමාශාලාවල් වලට නිකුත් කෙරුනේ ලංකාවෙත් ඇතුලුව අගෝස්තු 21 වෙනිදයි. බෙදාහැරීම් කටයුතු සිදු කරේ Lionsgate ආයතනය විසින්. මේක අධ්‍යක්ෂණය කරේ Snow White and the Huntsman (2012), Ghost in the Shell වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරූ Rupert Sanders මහතා විසින්. රංඟනයෙන් දායක වෙනවා අපි කවුරුත් හොඳින් දන්නා IT (2017) චිත්‍රපටයේ පෙනීවයිස්ගෙ චරිතය රංඟපෑ Bill Skarsgård සහ ඊට අමතරව FKA Twigs / Danny Huston / Laura Birn / Isabella Wei වැනි අය.  මේකෙ කතාවට අනුව කෙනෙක් මැරුණහම කපුටෙකු විසින් ඔහුගේ ආත්මය මළවුන්ගේ දේශයට ගෙනියනවාලු. නමුත් සමහර වෙලාවට යම් නරක දෙයක් සිද්ධ වෙලා මහා දුකක් ආත්මයට කාවැදුනහම ආත්මයට සහනයක් නැතිවෙනවාලු මළවුන්ගේ දේශයට යන්න බැරි තරමටම. අන්න එහෙම දුකක් ආත්මයට කාවැදුනු කෙනෙක් තමයි එරික් කියන්නේ. ඉතිං මොහුට කුමක් සිදුවෙයිද ? ඔහුට කොහොමද මෙහෙම දෙයක් සිදු වුණේ ? ඒ හැම දේකටම උත්තර මේ චිත්‍රපටයේ අන්තර්ගතයි.  වැඩි යමක් කියන්න යන්නෑ ඔයාලගෙ රසයට බාධාවක් වෙන නිසා. කියන්න තියෙන්නේ එක දෙයයි ගූගල් සර්ච් කරල බලලා නිකරුනේ චිත්‍රපටය මනින්න යන්නැතුව කෙලින්ම මේකෙ ට්‍රේලර් එක බලලා සෙට් නම් අනිවා බලන්න කියලයි. මොකද මේක The Batman (2022) වගේ ඩාක් තීම් එකකට යන සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDb තුල ප්‍රතිචාර අඩු වුණත් බලපු අපේ අයනම් මේකට ධනාත්මක ප්‍රතිචාර තමයි දීල තිබුණේ. ඉතිං IMDb ගැන තකන්නැතුව සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් බලන්න කැමති අය ඉන්නවා නම් අරන් බලන්න කියලා මම නම් නිර්දේශ කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.  ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

7,004 downloadsDownload The-Crow-2024.zip45 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank


SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

7,004 downloadsDownload Subtitles45 KB

8 comments

  1. Buddhika laKMal

    ස්තූතියි චාමිකර සහෝ සබට

  2. shan

    Ewww IMDB බලලා ෆිල්ම් බලන්නෙ ගොබ්*යො ️ thanks for the subtitles

  3. යුරාන් ධනුක (දනුවා)

    අඩේ කාලෙකින් සුපිරියක් අරන් ඇවිල්ලනේ චාමී අයියා
    උපසිරසියට බොහෝම ස්තූතියි !!!

  4. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි චාමි අයියේ. ඔහොම්මම ඉස්සරහට තව සුපිරි ෆිල්ම් ටිකක් ගේමු ඈ. ජයවේවා!

  5. Sahan Gayantha

    thanks a lot Chamikara saho sub ekata

  6. Anonymous

    Thank you m

  7. Nishan

    Thanx bro

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤