Watch Trailer

Jagga Jasoos (2017) Sinhala Subtitles | ජග්ගාගේ කතාව! [සිංහල උපසිරසි සමඟ] (50*)

Jagga Jasoos (2017) Sinhala Subtitles හැමෝම දන්න විදිහටම අපේ මොළේ කොටස් දෙකක් තියනවා. වම සහ දකුණ………….. වමෙන් කියවීම, ලිවීම, ගණිතය, තර්කනය, භාෂාව, හඳුනා ගැනීම, සංවිධානය, කථනය, නිරවද්‍යතාවය, පාලනය වගේ දේවල් කරනවා වගේම දකුණු මොළෙන් නිර්මාණශීලීත්වය, සංගීතය, රසවින්දනය, හැගීම්, සංවේදීත්වය, ගැළපීම, කලාව,…

Jagga Jasoos (2017) Sinhala Subtitles

Jagga Jasoos (2017) Sinhala Subtitles

හැමෝම දන්න විදිහටම අපේ මොළේ කොටස් දෙකක් තියනවා. වම සහ දකුණ………….. වමෙන් කියවීම, ලිවීම, ගණිතය, තර්කනය, භාෂාව, හඳුනා ගැනීම, සංවිධානය, කථනය, නිරවද්‍යතාවය, පාලනය වගේ දේවල් කරනවා වගේම දකුණු මොළෙන් නිර්මාණශීලීත්වය, සංගීතය, රසවින්දනය, හැගීම්, සංවේදීත්වය, ගැළපීම, කලාව, වර්ණ හඳුනාගැනීම, කුතුහලය සහ සිතෙන් මවා ගැනීම් වගේ දේවල් ඉටු කරනවා. ඉතින් මේ “ඔබගේ මොළය හඳුනා ගැනීම” සම්බන්ධව තියන කතාවක් නෙවෙයි. ඒත් මේ කතාවේ ප්‍රධාන චරිතය,,,(ජග්ගා)ට මේ සංකල්පය ටිකක් වෙනස් වෙනවා. අපි හැමෝම වම් මොළයෙන් කතා කළාට, එයා කතා කරන්නේ දකුණු මොළෙන්. එයාට වම් මොළෙන් කතා කරන්න බැහැ. දකුණු මොළෙන් කතා කරද්දී එයාට වචන නොනවත්වාම කියාගෙන කියාගෙන යන්න පුළුවන්. ඉතින් මේ අරුම පුදුම දකුණු මොළකාරයා වටා ගෙතුණු කතාව තමයි මම “ජග්ගාගේ කතාව” නමින් අරගෙන ආවේ.

jagga jasoos කියන නමින් කවුරුත් දන්න මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ 1995 වර්ෂයේ ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්. ආයුධ හෙළීම වර්තමානය වෙද්දී ලෝකයට රහසක් නෙවෙයි. ලොව පුරා සිටින විවිධ පාතාල කල්ලි සහ ත්‍රස්තවාදී සංවිධාන වලින් තමයි නීතිවිරෝධී අවි ජාවාරම් වැඩිපුරම සිදු කරන්නේ. ඉතින් එක දවසක පුරුලියා කියන මේ ගමට වැරදීමකින් අවි හෙළීමක් සිදු වෙනවා. ඒ වැරදීම නිසා මෙම අවි හෙළීම සම්බන්ධව සමස්ත ඉන්දියානු රජයම දැනගන්නවා වගේම කළබලයට පත් වෙනවා. කොතරම් කළබල වෙලා තියනවද කියලා ජනතාවට පෙන්නුවත් කිසිම වගකිවයුතු නිලධාරියෙක් ඒ ගැන කටයුතු කරන්න උත්සුක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අවි හෙළීම වුණ අවස්ථාවේ එතන හිටපු ටුටිෆුටි මේකට විරුද්ධව කටයුතු කරන්න පටන් ගන්නේ. මේ වැඩ කරගෙන යන අතරතුර තමයි ඔහුට ජග්ගා හමුවෙන්නේ. ජග්ගා එතකොට රෝහලක ඉන්න අම්මා තාත්තා නැති, අහිංසක ළමයෙක්. ඉතින් මේ ටුටිෆුටි ජග්ගාව එයාගෙම ළමයෙක් විදිහට හදාගන්නවා. ඒ දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා. මේ අතරතුර හදිසියෙන් ජග්ගාගේ තාත්තට(ටුටිෆුටි) සිද්ධ වෙනවා දුරකට යන්න. ඉතින් ඔහු ජග්ගාව පාසලේ නේවාසිකාගාරයේ නතර කරලා යනවා. ආවා වගේම ඉක්මණින් ටුටිෆුටිට සිද්ධ වෙනවා ජග්ගාව දාලා යන්න. ඒත් ටුටිෆුටි ජග්ගාගේ හැම උපන්දිනයකටම විශේෂ තෑග්ගක් එවනවා. ඒ VHSටේප් එකක්. තාත්තා ලෝකේ කෙළවර හිටියත් අනිවාර්යෙන්ම පුතාගේ උපන්දිනය දවසට මේ ටේප් එක එවන නිසා තාත්තා තවමත් ඉන්නවනේ කියන හැගීමෙන් ජග්ගාගේ ජීවිතය පිරෙනවා.

මේ ජග්ගා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ගොඩක් බුද්ධිමත් කෙනෙක්. කොටින්ම කිව්වොත් ෂර්ලොක් හෝම්ස් වගේ. නිරීක්ෂණ වලින් නිගමන වලට එන්න සහජ දක්ෂකමක් ජග්ගාට තියනවා. මේ හින්දා ජග්ගාට පාසලේදීත් හොඳ පිළිගැනීමක් තියනවා. ඒ වගේම එයාට බොරු කරන්න කාටවත් බැහැ. ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි ශ්රුති සෙන්ගුප්තා කියන මාධ්‍යවේදිනිය එයාට මුණ ගැහෙන්නේ. ඒ වෙනකොට මේ ශ්රුතිත් පාතාලය සම්බන්ධ ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න කෙනෙක්. ජග්ගාගේ තීක්ෂණ බුද්ධිය නිසා එයාට ඒ ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම අවසානයේදී මේ ආයුධ ජාවාරම සම්බන්ධ ගැටළුව ජයග්‍රහණය කරන්නත් ජග්ගාට හැකි වෙනවා. ඒක තමයි කතාවේ සාරාංශය.

ඉතින් මේ චිත්‍රපටය නිකුත් වුණේ 2017 ජුලි 14 වෙනිදායි. මිනිත්තු 162ක් පුරා විහිදෙන මෙම චිත්‍රපටය සිද්ධාර්ත් රෝයි කපූර්, අනුරාග් බාසු, රන්බීර් කපූර් ත්‍රිත්වයේ නිෂ්පාදනයක් වගේම අනුරාග් බාසු අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටය mystery, comedy, adventure ගණයට අයත් වෙනවා. UTV Motion Pictures මඟින් මෙම චිත්‍රපටය බෙදා හැර තිබෙන අතර imdb දර්ශකයේ 6.7ක අගයක් ලබාගැනීමට සමත් වෙලා තියනවා. ඉන්දියානු රුපියල් මිලියන 833.5ක බොක්ස් ඔෆිස් වාර්තාවක් ආදායම් වාර්තාවක් හිමි කරගෙන තිබෙනවා. රන්බීර් කපූර් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ජග්ගාගේ චරිතය රඟදක්වන අතර කත්‍රිනා කායිෆ්, ශ්රුති ගේ චරිතයට පණපොවනු ලබනවා.

ඒ වගේම මේක මගේ 51 වෙනි උපසිරැසි ගැන්වීම. 50 වෙනි උපසිරැසිය අවසානයට කරපු “වෙස් මුහුණේ පාලකයා” කතාවේ අවසාන කොටස විදිහට ලබාදුන් නිසා ජග්ගා ජාසූස් චිත්‍රපටයෙන්ම කඩඉම් උපසිරැසිය කළා. මේක මගේ පළවෙනි හින්දි උපසිරැසි ගැන්වීම. මම මුල සිට අද දක්වා කළේ කොරියානු කතා මාලා සහ එක් ඉංග්‍රීසි චිත්‍රපටියක් පමණයි. මගේ පළමු උපසිරැසි ගැන්වීම නිල් සයුරේ පුරාවෘත්තය නමින් ගෙන ආ කොරියානු කතාවක්. මාස 11ක් වගේ ඇතුළත උපසිරැසි මෙතරම් ප්‍රමාණයක් කිරීමට ලැබීම ගැන ඇත්තටම මම සතුටු වෙනවා. ඒ වගේම ඉදිරියටත් ගොඩක් ආශාවෙන් උපසිරැසි නිර්මාණයට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් මට මේ දක්වා දුරක් එන්න උදව් කරපු මගේ ආදරණීය අක්කාව (ගයේෂා සත්සරණී) ආදරයෙන් මතක් කරනවා. මටත් වඩා මගේ උපසිරැසි ගැන වද වුණේ අක්කා. මම මෙතෙක් කරපු සියළුම උපසිරැසි කරන්න හොයලා දුන්නේ, උපකාර කළේ අක්කා තමයි. ඒ වගේම මේ චිත්‍රපටයේ ulluka patta, galti se mistake, Khaana Khaake කියන සින්දු වලට උපසිරැසි කළෙත් අක්කා.

ඊට අමතරව මේ චිත්‍රපටය මට ලබා දීමට කටයුතු කළ සුධීර මාලන් සහෝදරයාටත් නිර්ලෝභීව මේ චිත්‍රපටය කරන්න මට ලබා දුන්න මයුර සුරාජ් සහෝදරයාටත්, ඉංග්‍රීසි උපසිරැසිය පිළිබඳව මා දැනුවත් කළ ආසිරි ප්‍රියන්ත, රවිඳු රුක්ෂාන්, සොහාන් ජයසූරිය, සඳුන් ධනුෂ්ක යන සහෝදරවරුන්ටත් වචනයකින් හරි මට සහයෝගය ලබාදුන් ශාන් විමුක්ති, හසන්ත වික්‍රමරත්න සහෝදරවරුන්ටත් ස්තූතිවන්ත වෙනවා. නැවත උපසිරැසියකින් හමුවෙමු. ජය!

Jagga Jasoos (2017) Sinhala Subtitles

 

Jagga Jasoos (2017) IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BRRip පිටපත් සඳහා අදාළ වේ.

31,065 downloadsDownload Jagga-Jasoos-2017BR.zip115 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

31,065 downloadsDownload Subtitles115 KB

106 comments

  1. නිරෝෂ්

    බොහොම ස්තුතියි සහෝදරී.ජයවේවා !

    1. Vmadu

      ගොඩක් ස්තුතිය sub ඒකට link එක දෙන්න බැරිද ..

  2. Helili Hemamali

    සුබ පැතුම් නංගි,
    නියම ෆිලුමක් වගේ..
    ඔහොම යං.. ජයෙන් ජය!

  3. supun bro

    50 ට මගෙන් සුබපැතුම් ....
    උපසිරසයට ගොඩක්ම ස්තූතියි
    ජය වේවා ....!

  4. losaka

    ස්තුතියි උපසිරස ලබා දුන්නාට
    සුබ පැතුම්!...

  5. Gathsara Umesh Kumara

    Bhoom sthuthiyi akkee....godaaaak godaaaaark sthuthiu

  6. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  7. එල්.සී . දමැල්

    50ට සුබ පැතුම්...
    මේ ෆිල්ම් එකනම් බලන්න ඕනමයි. සබ් එකටත් ස්තුතියි.

  8. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
    සුභපැතුම් 50 වෙනි උපසිරැසි නිර්මාණයට.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  9. දමිත්

    කඩඉමට සුබ පැතුම් සොනාලි.
    ජයෙන් ජය..

  10. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.
    50ට සුභ පතනවා,ජය!

  11. oshanda

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.
    50ට සුභ පතනවා,ජය!

  12. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!

  13. sumed

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්.ස්තූතියි සහෝදරී.ජය වේවා...!!!!

  14. Sajeevi

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්....

  15. Ravindu Rukshan

    50 උපසිරැසයට සුභ පැතුම් සොනාලි අක්කි මෙතැනින් නොනැවතී තවත් ඉදිරියට යන්න කියා පාර්ථනා කරනවා..මාවත් මතක් කළාට ස්තූතීයි වගේම සබ් එකටත් ස්තූතියි හැබැයි ඉතින් වෙබ් කොපියක් ආපුවාම බලන්න කියල හිතාගෙන ඉන්නෙ තව මාසයක් ඉවසලා ආවේ නැත්තම් මේක බලලා දානවා

  16. James DC

    50 වෙනි සබ් එකට සුභ පැතුම්....

  17. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි!…
    ජය වේවා!…

  18. prabodha

    Congratulations to 50th subtitles....

  19. භාෂිත් උඩවත්ත

    50ට උනුසුම් සුබපැතුම්.... ;)
    ජය... :!: :P

  20. යුශාන් පියුමාල්

    මගේ උණුසුම් සුබ පැතුම් සොනාලි නංගි 100 වෙනි උපසිරැසක් ඉක්මනින්ම ගේමු ..

  21. Chamika

    Thank you. Nice movie

  22. දිල්ශාන් සචින්ත

    50ට සුභපැතුම්..
    සබ් එකට ස්තූතියි..
    ඊලග කඩයිම මීට වඩා ඉක්මනින් පහුකරමු.
    ජය..!

  23. KAVINDA GAMAGE

    සුබ පැතුම් සොනාලි නංගි ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  24. gihan perera

    Thank you very much sis...I'm looking for this movie since after long time....thank you very much..good luck....

  25. Kaushan_P_Herath

    50 ට සුබපැතුම් ඉක්මනටම ශතකය ගහමු.සබට තැන්කියු වේවා

  26. යශෝධ ශ්‍රීමාල්

    අපිට නැහැනේ හොඳ ඒවා කිව්වට ඔය හම්බෙලා තියෙන්නේ හොඳ ෆිල්ම් එකක් 50 වෙනුවෙන්ම.. සුබ පතනවා මේ වැඩේට අක්කත් එක්කම සම්බන්ධ වුනු එක ගැන.. හැකිතාක් කාලයක් උපසිරැසි සපයන්න ජය පතනවා..!

  27. Thisal Lakpura

    50ට සුභපැතුම්,
    සබ් එකට ස්තූතියි......

  28. Sohan Jayasooriya

    ආ සෝ එහෙනම් මෙන්න ගහලා 50.. එල එලම ආ හදවතින්ම සුබ පතනවා.. 100ටත් යමු ඉක්මනට.. ජයම වේවා!! මාවත් මතක් කලාට ස්තූතියි හොදේ සෝ/ නැන්දේ..

  29. Darshana

    50 weni sub ekata thanks akki methanin nonewathi thawa thawa sinhala sub denna obata jaya

  30. Kulanjana Maduranga

    welldone….Hat off Respect SIS….Great work & Lot of thanks SONALI sis.wish u’r great future…..

  31. Kasun Widusha

    50 ta suba pethum..100 ta yamuu.tnx sub ekt

  32. Thilina Chamara

    thank you

  33. D.Chamara

    bohoma sthuthi sahodariii. 50 wani sub ekata subapatuma kohoma harai 100t yamooo jaya

  34. sureni Athurugiri

    50 වෙනි කඩඉමට සුභපැතුම් නංගී. ඔය වගේම ඉක්මනින් 100ත් පහුකරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය...!!!

  35. amnk

    50ට සුභපැතුම්..

  36. සිසිල ප්‍රසාද්

    පනස් වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
    මෙතනින් නොනැවතී, ඉදිරි කඩයිම් වලටත් යෑමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය!

  37. සමන් ප්‍රසාද්

    50ට සුභ පැතුම්...!!!
    ජය වේවා...!!!
    ඊළඟ කඩඉමත් ගහමු...

  38. anu

    thanks sis....

  39. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    50 වෙනි කඩඉමට හදවතින්ම සුබ පැතුම්..තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා..ජය වේවා..!
    ***************බුදුසරණයි***************

  40. විදුෂාන් සජිත්

    :-) 50 වන කඩයිමට උණුසුම් සුබපැතුම්! :-). උපසිරසියටත් ගොඩාක් ස්තුතියි, ජය වේවා!...

  41. PC

    ස්තූතියි

  42. Tharaka

    50 වෙනි සබ් එකට සුභ පැතුම්! සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  43. lasafdo999

    Download kranna Link eka denna Pluwanda

  44. kelum chathuganga abeysekara

    thanks

  45. Praneeth priyadarshana

    Suba pethum tks dear

  46. Rajitha

    Thank you .......jayawewa.....!

  47. Udaya Fernando

    Thanks Sonali

  48. Harsha

    ftta wadk kastiyatama jaya wewa...

  49. තාරක නුවන් දිල්හාර

    50 වන උපසිරසියට සුභ පැතුම්..
    දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය...!!!

  50. wije

    Thanks and Congratulations .digatama sub kotanta

Load more comments