අපිට එහෙම නොවුනට දැන් කාලේ ළමයින්ට තමන්ගේ අම්මා තාත්තා අනිවාර්යෙන්ම ඒ අයගේ අතට දෙන්නේ තාක්ෂණික උපකරණ. ගැහැණු පිරිමි භේදයක් නැතුව සමහර ළමයිව මල් වගේ රැක බලාගන්නේ. ඉතින් මේක ඕනෑවට වඩා කරන්න ගියාම වෙන්නේ නිතරම ඕනෑවට වඩා පරිස්සම් වෙන්න ඕන කියන එකයි, නිතරම හැමදේකටම බය වෙච්ච ගමන් ඉන්න එකයි. එහෙම නෙවෙයි ව…

අපිට එහෙම නොවුනට දැන් කාලේ ළමයින්ට තමන්ගේ අම්මා තාත්තා අනිවාර්යෙන්ම ඒ අයගේ අතට දෙන්නේ තාක්ෂණික උපකරණ. ගැහැණු පිරිමි භේදයක් නැතුව සමහර ළමයිව මල් වගේ රැක බලාගන්නේ. ඉතින් මේක ඕනෑවට වඩා කරන්න ගියාම වෙන්නේ නිතරම ඕනෑවට වඩා පරිස්සම් වෙන්න ඕන කියන එකයි, නිතරම හැමදේකටම බය වෙච්ච ගමන් ඉන්න එකයි. එහෙම නෙවෙයි වෙන්න ඕන. හැමදේම සමබර කරලා තමයි ළමයිව හදන්නයි ඕන. ඒත් හැමදේකටම ඕනෑවට වඩා පරිස්සම් කරලා හැදුනු වැඩුණු කෙනෙක් තමයි කෝල් කියන්නේ. මෙයාට වයස අවුරුදු දොළහයි. මේ නිසාම මෙයා සැහෙන්න දේවල් වලට බයයි.ඉස්කෝලෙදි අඩම්තේට්ටම් වලට ලක් වෙනවා, යාළුවන්ගෙන් ගුටි කනවා, කොටින්ම ඉස්කෝලෙදි බෙහෙත් විදින ඉන්ජෙක්ෂන් කට්ටට පවා බයයි. මෙයාගේ ඕනෑ එපාකම් ගැන හොයලා බලන්න අම්මයි තාත්තයි හිටියත් එයාව කට්ටියගෙන් ආරක්ෂා කරන්න එයාට බේබිසිටර් කෙනෙක් නොහොත් ළමයි බලාගන්න කෙනෙක් ඉන්නවා. මෙයා ඇත්තට ටිකක් වැඩිමල් ලස්සන අක්කි බබෙක්. එයාගේ නම බී. බී තමයි නිතරම කෝල්ව හුගක් දේවල් වලින් බේරගන්නේ. තමන්ගේ ගෙදරට ගෙවල් කිහිපයක් එහායින් ඥාතියෝ වෙන කෝල්ට ඉන්නවා එයාගෙම වයසේ යාලුවෙක් එයා එක්කම ඉස්කෝලේ යන. එයාගේ නම මෙලනි. සැහෙන්න ලස්සනයි. මෙලනි කියන්නේ මේ ළමයිව බලාගන්න අය කියන්නේ හරිම නරක අය කියලා. මොකද මේ අය තමන් බලාගන්න කෙනාව නිදියන්න ඉඩ ඇරලා කොල්ලොන්ව ගෙවල් වලට ගෙන්නගෙන නරක විදිහට හැසිරෙනවා කියලයි කියන්නේ. ඒත් කෝල්ට මේ ගැන විශ්වාස නෑ. ඒ නිසාම මෙලනි කියනවා කෝල්ගේ අම්මයි තාත්තයි සතිඅන්තයක් නිවාඩුවක් ගත කරන්න ගියහම බී එයාව නිදි කෙරෙව්වට පස්සේ ඇහැරන් ඉදලා හොරෙන් ගිහින් බලන්න එයා මොකක්ද කරන්නේ කියලා. මෙලනි මේ ගැන කියලා පෙළඹෙව්වට පස්සේ කෝල්ටත් ඉන්න බැරි වෙනවා මේ ගැන හොයලා බලනකන්. කොහොම කොහොමින් හරි සතිඅන්තයත් ලගා වෙලා කෝල්ගේ අම්මයි තාත්තයි නිවාඩුව ගත කරන්න කියලා යනවා. මොනවා උනත් බී කියන්නේ කෝල් එක්ක හුගක් හිතවත් කෙනෙක්. මේ දෙන්නා හොදට විනෝද වෙලා අන්තිමට බී කෝල්ව නිදියන්න ඇරලා ගියපු වෙලාවේදී කෝල් පහල තට්ටුවට ගිහින් බලනවා. එතකොට එයාට දකින්න ලැබෙනවා බී එක්ක කොල්ලො තුන්දෙනෙකුයි, කෙල්ලෝ දෙන්නෙකුයි ඇවිත් ඉන්නවා. මේ අය අර කියපු ව්දිහේ ජරා වැඩක් නම් කලේ නෑ. සෙල්ලමක් කරලා බී හැමෝවම කිස් කරලා, එතන හිටිය සැමියුල් කියලා කොල්ලෙක් හිටියා කෝල්ට වඩා නම් වැඩිමල් හැබැයි කෝල් වගේ හැසිරෙන කෙනෙක්. බී එයාව අන්තිමට කිස් කරලා එයාව මරලා දාලා ලේ අරගත්තා. මේ අය ලැස්ති වෙන්නේ බිලි පූජාවක් කරන්න. හැබැයි ඒ මොකටද? මේක දැක්කට පස්සේ කෝල් මොනවා කරාවිද? කෝල්ට මොනවා වෙයිද?
Netflix නාලිකාව හරහා බෙදාහැරුණු චිත්‍රපටයක් අරගෙන තමයි අද මෙහ් ආවේ. 2017 ඔක්තෝබර් 13 වැනිදා තමයි මේක විකාශය වුණේ. ඉතින් සෙනසුරාදා කොපියක් නිකුත් උනත් මේක කරන්න පටන් ගන්න පුලුවන් කමක් ලැබුනේ සදුදා. Terminator Salvation (2009), The DUFF (2015), Before We Go (2014)වගේ සුපිරි චිත්‍රපට නිර්මාණයට දායක වුනු McG තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Insurgent (2015) චිත්‍රපටියේ තිර පිටපත රචනා කල Brian Duffield තමයි මේ චිත්‍රපටියේ තිර පිටපත ලියලා තියෙන්නෙත්. කෝල්ගේ චරිතයට දායක වෙන්නේ Point Break (2015) චිත්‍රපටයට එහෙම දායක වුනු “Judah Lewis” විසින්. Monster Trucks (2016), Bad Girl (2016) වගේ චිත්‍රපට වලට දායක වූ “Samara Weaving” තමයි මේකේ බී කියන අක්කි බබාගේ චරිතෙට දායක වෙන්නේ. The Tomorrow People කතාමාලාව, The Flash කතාමලාවට, The DUFF (2015), Max (2015) මේ වගේ රූපවාහිනී කතාමාලා හා චිත්‍රපට රැසක’ට දායක වූ ස්ටෙෆාන් ඇමෙල්ගේ සොහොයුරා “Robbie Amell” මේ චිත්‍රපටයේ මැක්ස්ගේ චරිතයට දායක වෙලා තියෙනවා. The DUFF (2015) චිත්‍රපටය බැලුවා නම් අමතක නොවෙන තවත් සරාගී කෙල්ලෙක් හිටියා “Bella Thorne” කියලා. එයත් මේ චිත්‍රපටයේ ඇලිසන්ගේ චරිතයට දායක වෙනවා. එතකොටLights Out (2016) චිත්‍රපටයට රංගනයෙන් දායක වුනු “Emily Alyn Lind” තමයි මේ චිත්‍රපටයේ මෙලනිට දායක වෙලා තියෙන්නේ. IMDb අගය මේ වෙද්දී6.5/10 ක් වගේ ඇගයීකට ලක් කරන්න ඕන අගයක් ලබාගෙන තියෙනවා. පැයකුත් විනාඩි විසිපහකුත් පුරාවටම ධාවනය වෙන මේ චිත්‍රපටය Comedy, Horrorකියන කැටගරි වලට තමයි අයත් වෙන්නේ. බලනවද නැද්ද කියලා තීරණය කරන්න පූර්ව ප්‍රචාරක පටය බලලම ඉන්නකෝ. මේවා Netflix හරහා බෙදාහැරිම සිද්දවුනු ඒවා නිසා කතාමාලා වල වගේම නිකුත් වෙන්නේ වෙබ් පිටපත් විතරයි කියලත් හොදට මතකතියාගන්න.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB Rip පිටපත් සඳහා ගැලපේ.
16,362 downloadsDownload The-Babysitter-2017.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
41 comments
Kantha_DLA
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
download කරලා තියාගත්තා සබ් එක දෙනකන්...
මේ අවුරුද්දේ baby කතා වැඩියි..දමිත්
උපසිරැසියට ස්තුතියි චාමර සහෝ..
ජයෙන් ජය.Gayan
thanks mcn, දිනුෂ චතුරංග ta nam sub denna epa karanan ban aye sub track aual,fix karanneth na
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Sohan Jayasooriya
වෙනස්ම කතාවක් වගේ අනිව බලනව අයියෙ සබට තුති ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Maduranga
Me sub eka ela athi kiyala hitenawa thawa sinhala apita denna thqnks saho
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Nirodhauthpala
Ambe bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .... brrip eanakan balan inna ayata vinadiyaka nisshabdha thavayak
madusanaka
Film wka download karaganne kohomada
thuli
suba wada nathooo
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
මේක ට්‍රේලර් එකනම් කලින්ම බැලුවා සහෝ..එකනම් හෙනම ආතල්. ඔන්න එහෙනම් අරගත්තා. ජය වේවා!
*****************බුදුසරණයි******************madusanka
Baiscope download eke link eka nane .film eka download karagannne kohomada
අසිත
elama saho thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Udaya Fernando
Thanks Chamara
Rohan
උපසිරැසියට බොහොම ස්තුතියි ...............
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
භාෂිත් උඩවත්ත
thaknZ brow... ;)
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
lakshan
උපසිරැසියට බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!niro2006
Thnx machan wenasma film ekak......
devinda969
Thank you bro.
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Sasindu chamod
Hoda filumakne.Horror ne ithin.Onna math bagaththa.Sabata thuthi!Obata jaya!
Kalanacosta
Thanks ........
kalana sb 4587
thanks for the sub bro.
Dulan Madhushan
Thanks
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
pathum_nuwan
Thanks
Anonymous
link eka nadda film eka download karaganna?
Dewadithya
Thanks for sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
shevin
Thanks
Asitha.pramoth
Thanks Brother
sahangayantha
Thanks a lot saho sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Harshana Atapattu
Thanks for sub brother
Advertisement
![The Babysitter (2017) Sinhala Subtitles | මරණය කැදවූ රාත්‍රිය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-Babysitter-2017.jpg)
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!