2020 වසරේදී නිකුත් වූ Pacto de Fuga එහෙමත් නැත්නම් Jailbreak Pact චිත්‍රපටිය David Albala විසින් අධ්‍යක්ෂණය කළ සත්‍ය සිදුවීම් පාදක කොටගත් ස්පාඤ්ඤ චිත්‍රපටියකි. මේ චිත්‍රපටියට උපසිරසි කරන්න හිතුවේ මේ දවස් වල කාලීන මාතෘකාවක් වෙලා තියෙන “අරගලය” ගැන මේ චිත්‍රපටියෙන් යම්කිසි දුරකට අදහසක් දෙන නිසා. කථාව…

2020 වසරේදී නිකුත් වූ Pacto de Fuga එහෙමත් නැත්නම් Jailbreak Pact චිත්‍රපටිය David Albala විසින් අධ්‍යක්ෂණය කළ සත්‍ය සිදුවීම් පාදක කොටගත් ස්පාඤ්ඤ චිත්‍රපටියකි. මේ චිත්‍රපටියට උපසිරසි කරන්න හිතුවේ මේ දවස් වල කාලීන මාතෘකාවක් වෙලා තියෙන “අරගලය” ගැන මේ චිත්‍රපටියෙන් යම්කිසි දුරකට අදහසක් දෙන නිසා. කථාව පැත්තට හැරුනොත්,
1996 දී චිලී රාජ්‍යයේ බලය හිමිව තිබුණේ Pinochet කියන ඒකාධිපති පාලකයාට . මොහු ගෙනගිය හමුදාමය ඒකාධිපති පාලනයට විරුද්ධව එවකට සමාජයේන් හා විවිධ වූ දේශපාලන පක්ෂවලින් ඒකාධිපති පාලනයකට ඇති අකමැත්ත ප්‍රකාශ කරමින් අරගල කළා. Manuel Rodrigueගේ පෙරමුණ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය Pinochet පාලනයට විරුද්ධව අරගල කළ ප්‍රධාන දේශපාලනික පක්ෂයක් විය. මෙම අරගලය සාමකාමී එකක් නොවූ අතර Pinochet පාලනය සතුව තිබූ පොලිස් ස්ථාන, ප්‍රධාන දේශපාලනික නායකයින් එල්ල කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට තරම් අවසානයේ දරුණු එකක් බවට පත් විය. අවසානයේදී කුවීන්ස් නම් ප්‍රදේශයේ පොලිස් කරුවන් මේ අරගලය නිසා මරණයට පත්විය. මේ සම්බන්ධයෙන් Pinochet පාලනය මගින් අසත්‍ය චෝදනා ගොනු කළේ Manuel Rodriguezගේ පෙරමුණ පක්ෂයටයි. අවසානයේ වූයේ Manuel Rodriguez පක්ෂයෙහි සාමාජිකයන් 200ක් දේශපාලනික සිරකරුවන් ලෙස Pinochet පාලනය විසින් නම් කිරීමයි . එයින් සිරකරුවන් නව දෙනෙකුට මහාධිකරණය විසින් චෝදනා ගොනු කොට මරණිය දණ්ඩනය ලබා දෙන ලදී. මොවුන්ගෙ අවසාන නවාතැන උනේ අන්තිමට සැන්ටිගෝ සිර ගෙදරයි.
මොවුන් දේශපාලනමය වශයෙන් සිරකරුවන් ලෙස නම් කළත් මොවුන් වෘත්තිමය වශයෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි උසස් වෘත්තිකයන්.දේශපාලන සිරකරුවන් වශයෙන් මොවුන්ට අත්විඳීමට සිදු වූ අමිහිරි අත්දැකීම් නිසා සිර ගෙදරින් පැන යාමට ඔවුන් තීරණය කළා. ජෙමිනේ, ව’ගස් , පිටුකෝ, ජර්මාන් හා ලාලෝ කියන අපේ කතාවේ කතා නායකයන් තමා මේ සැලැස්මේ ප්‍රධාන කොටස් කරුවන් වෙන්නේ.
සිර කුට්ටියේ බිත්තියක් කඩල, එතනින් මීටර් 70ක් තරම් දිගට හාරපු උමගක් ඔස්සේ පලායෑමට තමා මොවුන් උත්සාහ කරන්නේ. උමගෙන් හාරන පස් එහෙම දාන්න තෝරගන්නෙත් මෙයාලා අමුතු තැනක. කොහොම වුණත් මේ සැලැස්ම ඒතරම් ලේසි එකක් නම් නෙමෙයි. සිරගෙදර නිලධාරීන්ගෙන් ආරක්ෂා වෙන්න ඕන, විශ්වාසවන්ත අනෙකුත් සාමාජිකයන්ට මේ වැඩේට එකතු කරගන්න ඕන, හිරගෙදර ඇතුළේ ඉන්න ඔත්තුකරුවන්ගෙන් බේරෙන්න ඕනා ඔක්කොටම වඩා එලියෙ ඉන්න කාගෙන් හරි උදව් ඉල්ලගන්නත් ඕන. ඉතින් තේරෙනවනෙ තේරෙනවනේ මේක එතරම් ලේසි දෙයක් නෙමෙයි කියලා. මේ ඔක්කොම බාධක එක්ක මෙයාලා මාස 18ක් තිස්සේ මේ උමග හාරනවා. ඔක්කොම හාරලා ඉවර වෙනකොට භූමිකම්පාවකුත් එනවා.
මේ කටුක උත්සාහයේ අවසාන ප්‍රතිඵලය වන්නේ, දේශපාලනික සිරකරුවන් 49කට සැන්ටිඑගෝ හිර ගෙදරින් පැනලා යන්න අවස්ථාව හම්බවෙන එක. කොහොම වුණත් අවාසනාවට මොකක් හරි දෙයක් සිද්ධ වෙනවානේ කොහෙන් ගියත්. ඒක චිත්‍රපටිය බලලම දැනගන්න. කොහොම වුණත් මේ සිරකරුවන්ගේ පලා යෑම Pinochet පාලනයට ලැජ්ජාවක් වුණා. කොහොමහරි තිබ්බ ජනමත විවරණයකින් වංචා කරලා දිනන්න හැදුවත් අරගලකරුවන්ගේ උත්සාහය නිසා එය Pinochet පාලනය එයින් පරාජය වෙනවා. අවසානයේ මේ අරගලය නිසා Pinochetට සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එකග වී ඡන්දයකින් තමන්ට අවශ්‍ය පාලකයා පත්කරගන්න ජනතාවට අයිතිය ලබාදෙන්න ඉඩ දෙන එකයි. එකට නීතිය අනුව මොවුන් වරදකරුවන් උනත් පසෙව පත්වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවෙහි ජනාධිපති Augusto Pinochet මුන්ට සමාව ලබා දෙනවා
ඕනෑම ඒකාධිපති පාලනයකට තිත තියන්න ජනතා අරගලයකට පුළුවන් වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්!
මේක මගේ පළවෙනි උපසිරසිය නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉතින් එවා ගැන මාව දැනුවත් කරන්න කරන්න කියලත් ඔයාලාගෙන් ඉල්ලනවා. ඔබට ජය!
නදුන් පියුමන්ත.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,266 downloadsDownload Jailbreak-Pact-2020.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදුන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-04-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නදුන් පියුමන්ත
Subtitles
17 comments
Kevin
Kushan
Sub akta thanks
indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Tharuka
All the old knives film eke sub eka dennko
Theekshana
Thanks bro ❣️❣️
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Lakshansilva18
Thanks for subtitles
requests:-
In the name of the father (1993)
K Pax (2001)
Primal Fear (1996)
The Last House on the Left (2009)
Arlington road (1999)
The Devil's Advocate (1997)
The Lincoln Lawyer (2011)
Frailty (2001)
The Wind That Shakes the Barley (2006)
volver (2006)
five fingers (2006)Aragalakaruwek
Aragalayata jaya
#GoHomeGota
#GoHomeRajapakshas
#GiveOurStolenMoneyBackAragalakaruwek
Sub ekata Thanks
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥hh
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥sdxdf
Dewadithya
Thanks for Sub!
Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Congrats for 1st attempt
Keep it up brother
Thank you