ඔන්න එහෙනම් සටන් කලා පිස්සන්ට වගේම, හද්ද පරණ ෆිල්ම් පිස්සන්ට සුපිරි ෆිලුමක් ගෙනාවා. Once upon a time in China කියන ෆිල්ම් 5කින් යුතු ෆිල්ම් සීරීයස් එකේ දෙවෙනි ෆිලුම තමා මේක. පළවෙනි එක බලපු නැති අය මේක බලන්න ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න කියලා මතක් කරනවා. පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙන මේ ෆිලුම Action, Adv…

ඔන්න එහෙනම් සටන් කලා පිස්සන්ට වගේම, හද්ද පරණ ෆිල්ම් පිස්සන්ට සුපිරි ෆිලුමක් ගෙනාවා. Once upon a time in China කියන ෆිල්ම් 5කින් යුතු ෆිල්ම් සීරීයස් එකේ දෙවෙනි ෆිලුම තමා මේක. පළවෙනි එක බලපු නැති අය මේක බලන්න ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න කියලා මතක් කරනවා. පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙන මේ ෆිලුම Action, Adventure, Biography කාණ්ඩවලට අයත් වෙනවා වගේම IMDb අගය 7.3කුත්, Rotten tomatoes ප්‍රතිශතේ 93% ගන්නත් මේ ෆිලුමට හැකිවෙලා තියෙනවා.
අපි කවුරුත් දන්න අදුනන ජෙට් ලී එහෙමත් නැත්තම් මාස්ටර් වොන්ග් තමා මේ ෆිලුමෙත් ප්‍රධාන චරිතෙට පණ පොවන්නේ.Tsui Hark විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කරලා තියෙන මේ චිත්‍රපටියට මුලින් කතාවේ අපි දැක්ක 13වෙනි නැන්දා(Rosamund Kwan), ෆූන්(Max Mok), කොමදෝර් ලන්(IP Man එහෙමත් නැත්තම් Donnie Yen) කියන චරිත එකතුවෙලා තියෙනවා. ඒවගේම මාස්ටර් ගවු ගන්ග්(Hang yan-yan), සන් වෙන්(Zhang Tielin) වගේ අලුත් චරිතත් මේ ෆිලුමේ දකින්න හම්බවෙනවා. ආයේ ඉතින් සුපිරි ෆිලුමක් තමා මේක. අපෝ පරණ මගුලක්නේ, ඕවා බලන්න පුළුවන්ද කියල අහන අයට කියන්න තියෙන්නෙ අපිට ඕගොල්ලො ගැන හරිම දුකයි කියලා විතරයි.
කතාව පටන් ගන්නේ වොන්ග් ෆෙයි හන්ග් තම උපන් බිම අතහැරලා වෛද්‍ය සම්මන්ත්‍රණයකට හොන්ග් කොන්ග් එන අවස්ථාවෙන්. මෙහෙම එන මෙයාට අලුත් යාලුවෙක් හමබෙනවා, සන් වේන් කියලා. මෙයාගේ අරමුණ තමා පවතින ක්වීන් රජය පෙරළා දාලා චීන ජනරජයක් පිහිටවන එක. ඒවගේම අපේ මාස්ටර්ට මුලින් ෆිලුමේ හිටිය පරණ යාලුවෙකුත් හම්බවෙනවා, හැබැයි ඉතින් අන්තිමට මේ පරණ යාලුවට මාස්ටර් අතින්ම මැරෙන්න වෙලා තමා කතාව ඉවර වෙන්නෙ. මේ කතාවේ මාස්ටර් වොන්ග්ගේ අනෙක් සතුරා වෙන්නේ සුදු නෙළුම් සමාජය කියලා නිකායක්. මේගොල්ලෝ චීන සංස්කෘතියට අදාළ නොවේ යැයි තමන්ට හිතෙන දේවල් විනාශ කර කර යන සටන් කලාව දන්න කල්ලියක්. පුරුදු පරිදි මේගොල්ලොත් මාස්ටර් අතින් පරාද වෙනවා. ඉතුරු ටික කතාව බලලම තමා ඕගොල්ලොන්ට හොයා ගන්න වෙන්නේ.
අන්තිම වශයෙන් කියන්න ඕනේ මාස 2ක් වගේ කාලයක් මේ සබ් අදින්න උදවු කරපු, පැය 24ම කරන්ට් එක ලබා දුන්නු CEB බොහොම ස්තූතියි. හැමෝම යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යමු හොදේ…
එහෙනම් හැමෝටම ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,605 downloadsDownload Once-Upon-a-Time-in-China-II-1992.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකිත මේනුල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිකිත මේනුල
Subtitles
12 comments
Anuja Lakshitha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Udara Damith
elaaaaaaa
indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Bobby
I like it. Thank you very much
ශාමල් මනෝජන්
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ. හැකි විදියට මේකේ ඉතුරු සෙට් එකටත් සබ් දෙන්න.
Once Upon a Time in China III - 1992
Last Hero in China - 1993
Once Upon a Time in China IV - 1993
Once Upon a Time in China and America - 1997Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥bn
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks ayye sub ekt