වෙලාව රෑ 12 ත් කිට්ටු වේගෙන එනවා. දැන් තමයි මේ උපසිරැසිය ඉවර කලේ. පරිවර්තනය කරන්න හිතුවට වඩා කල් ගියා. හේතු කිහිපයක් තියෙනවා. කොරෝනා අවුල නිසා ඇඳිරි නීතිය දැම්මත් බැංකුවේ වැඩ කරන නිසා වැඩට යන්නත් වෙනවා. ඒ වගේම ගෙදර හිටිය කියල නිකං ඉන්න වෙන්නෙත් නෑ. කොල්ලෙක් උනත් උයන්න පිහන්නත් සිද්ධ වෙනවා. චිත්‍රපට…

වෙලාව රෑ 12 ත් කිට්ටු වේගෙන එනවා. දැන් තමයි මේ උපසිරැසිය ඉවර කලේ. පරිවර්තනය කරන්න හිතුවට වඩා කල් ගියා. හේතු කිහිපයක් තියෙනවා. කොරෝනා අවුල නිසා ඇඳිරි නීතිය දැම්මත් බැංකුවේ වැඩ කරන නිසා වැඩට යන්නත් වෙනවා. ඒ වගේම ගෙදර හිටිය කියල නිකං ඉන්න වෙන්නෙත් නෑ. කොල්ලෙක් උනත් උයන්න පිහන්නත් සිද්ධ වෙනවා. චිත්‍රපටය පැත්තෙන් කියනවා නම් හමුදා වචන ගොඩයි. ඒවායෙ තේරුම අන්තර්ජාලයෙන් හොයල පුළුවන් උපරිම සාධාරණයක් පරිවර්තනයට දෙන්නත් සෑහෙන්න කට්ටක් කන්න උනා. කොහොමෙන් කොහොම හරි ඔන්න මේ වෙනකොට චිත්‍රපට 30ක් සිංහලෙන් පරිවර්තනය කරලා ඉවරයි.
අද අරන් එන චිත්‍රපටයෙ නම Jarhead: Law of Return. නිකුත් වෙන්නේ 2019 වසරේ. මං විශ්වාස කරනවා මේක මං බලපු හොඳම හමුදා කතා වලින් එකක් කියල. කතාව ඒ තරම්ම සංවේදී විදිහට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේක Jarhead කතා මාලාවේ සිව්වෙනි කොටස. මිට කලින් Jarhead (2005), Jarhead 2: Field of Fire (2014), Jarhead 3: The Siege (2016) කියන චිත්‍රපට නිකුත් උනා. නමුත් ඒවා නොබලා මේ කතාව බැලුව කියල නම් කතා මාලාවේ අතරමං වීමක් වෙන්නේ නෑ. ඒක මට සහතික කරන්න පුළුවන්.
කතාව කියනවට වඩා බලන එක ඇත්තටම හොඳයි. නමුත් සම්ප්‍රදායෙන් පිට නොයා සරල අදහසක් දෙන්නම්. රෝනන් ජැක්සන් (Devon Sawa) කියන්නේ ඇමෙරිකානු ගුවන් හමුදා භටයෙක්. එයාගෙ තාත්තා සෙනෙටර් ජැක්සන් (Robert Patrick) ඇමෙරිකානු ජාතිකයෙක් උනාට අම්මා යුදෙව් ජාතියට (ඊශ්‍රායිලයට) අයිති කෙනෙක්. ඒක නිසා රෝනන් ට ද්විත්ව පුරවැසි භාවය ලැබෙනවා.රෝනන් එයාගෙ යාළුවෙක් එක්ක මෙහෙයුමකට ගිහින් සිරියානු කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කරනවා. විනාඩියක් යන්න කලින් එයාල දෙන්න ඉන්න යානයට පොළවෙන් මතු උන මිසයිලයක් ඇවිත් වදිනවා. බේරෙන්නේ රෝනන් විතරයි. හැබැයි එයාට ආපහු ගෙදර යන්න ලේසි වෙන්නේ නෑ. මොකද මිසයිලය එවපු අල්ශබාහ් කියන දරුණු සිරියානු ත්‍රස්තවාදියා රෝනන් ව අල්ලාගෙන සෑහෙන්න වද දෙනවා.රෝනන්ට ද්විත්ව පුරවැසි භාවය තියෙන නිසා එයාව බේරගන්න ඇමෙරිකානු නාවික භට කණ්ඩායමක් වගේම ඊශ්‍රායිලයට අයත් ශල්ඩග් කියන හමුදා කණ්ඩායමත් එකට එක්ව මෙහෙයුමක් දියත් කරනවා. රෝනන් කතාවට මුල් උන චරිතය උනත් කතා නායකයා වෙන්නේ ඇමෙරිකානු නාවික භට කණ්ඩායමේ නායක සාජන්ට් ඩේව් ටෝරස් (Amaury Nolasco).
මෙතනින් එහාට කතාව කියන එකේ තේරුමක් නෑ. ඔයාලම බලන්නකෝ. චිත්‍රපටයෙ IMDb අගය 6.7 ක් වෙනවා. අධ්‍යක්‍ෂණය කලේ Don Michael Paul. චිත්‍රපටය මුල හරියේ පොඩි නිරුවත් දර්ශනයක් තියෙනවා. මේ දවස් වල හැමෝම වගේ ගෙදර ඉන්න නිසා පොඩි ඈයෝ මේක බලනවා නම් ඒ ටික ගුටි නොකා බලන්න කියලත් කියන්න කැමතියි. කතාවක් විදිහට නම් සෑහෙන්න වෙනස් අවසානයක් දකින්න පුළුවන්. හැමදාම වීරයෝ විතරක් දිනන්නේ නෑ කියල ඔයාලට තේරුම් යයි. එහෙනම් පොඩි රෙස්ට් එකක් අරන් Bombshell (2019) අරගෙන එන්නම්. කට්ටිය ලෙඩ නොවී, වගකීමෙන් සහ පරිස්සමින් ඉන්න. ඒක රට වෙනුවෙන් කරන ලොකු උදව්වක්.
හැමෝටම ජය.!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
14,529 downloadsDownload Jarhead-Law-of-Return-2019.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
41 comments
මිලින්ද ප්‍රියලාල්
තිමල්ක
දෙයියො දුන්න වගේ
Prabodha
Sthuthi sahooo
chamikara bro sinhala sube ekata thanks niyamai jaywewa.
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thank you machan
gihan perera
පට්ට මචන්..... කාලෙකින් බැලුවෙ නෑ යුද්ධ ෆිලුමක්..... ස්තුතියි සහෝ..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා.....
arawindasunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
ela
Anonymous
Thanks........
subodha
Thanks
Suranjan
Thanks jayawewa.....!
Leoathuwa
Niamai ...brother...waiting to bombshell ...!!
punsara
tnx supiriyak genawat kalekin balanne army ekak
das98un
Ela bro
Dewadithya
Thanks for sub!
Shan Perera
පොඩි ඉල්ලීමක් කරන්න ආවේ බයිස්කෝප් සියලුම රසිකයන්ගෙන්,
Youtube වලට ඇති පැකෙජ් නිසා හැමොම වගෙ Youtube එකෙ ගොඩක් වෙලාවක් රැදෙනවා. ඉතින්
බයිස්කෝප් පිස්සෙක් විදියට පොඩි ඉල්ලීමක් තියන්නවා,පුලුවන්නම් හැමොටම උදව්වක් වන පරිදි, ඔබ ලඟ ඇති සියලුම වර්ගයේ අලුත් සහ පරණි චිත්‍රපටයන් සිංහල සබ් ( subtitles ) එකත් එක්කම Youtube එකට එකතු කරන්න ( upload ) පුලුවන්නම් මෙ දවස්වල ගොඩක් වටිනවා.
ස්තුතියි
Navin
mama hithanne eka karanna amarui,copyright walata ahu wenawa
Bandara
ඒක ඇත්ත.කොපිරයිට් නිති බලපානව
indika75
thanks..
mAlaka
Thanks ❤️❤️❤️❤️❤️❤️❤️
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..
damith
patta film ekak
thanks mchan subata
Anonymous
tnx saho sub ekata
Susith
Tnz machan
Akika
Patta machan
Sub ektai film ektai dekatama thanks
හොදම film ekak
මෙි වගේ සුපිරි අලුත් film ටිකක් දෙන්න
ගොඩක් වටිනව මෙි වෙලාවෙ
Thanks broAchi
සුප්පා බ්‍රෝ..තැන්ක්ස් ආ...සබ් එකට...
Sajithlakshan
thanks ...................
Anonymous
Thanks...........
suranuwan
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rockz2020
බොහොම ස්තූතියි! ජයවේවා සහෝ! ✌❤
ranga
thank you
sanjeewakbg
thanks bro..
Pramukmili
Thanxxx bro............
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!smasher
THANKX BRO
Leoathuwa
kooooooo.......??
Bombshell (2019 film)
Anonymous
Thank u very much..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

#සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #චාමි
#චාමි
1️⃣0️⃣0️⃣%
%
(1)