Watch Trailer

Hacked (2020) Sinhala Subtitles | ලාබාල හැකර්වරයාගේ ආදරය![සිංහල උපසිරැසි ]

තාක්ෂණය කියන්නේ අද ලෝකේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාවක්. අද ලෝකේ හැමදෙයක්ම වගේ රැදිලා තියෙන්නේ තාක්ෂණය මත කිවොත් වැරදි නැහැ. තාක්ෂණය කියන දේ එක්ක කතා කරද්දී ඒ එක්කම එන අපරාධත් අමතක නොකර බැහැ. මේ අතරින් පරිගණක තාක්ෂණය සහ ඒ සම්බන්ධ අපරාධ කියන්නේ අද ලෝකේ විශාල වශයෙන් කතා වෙන මාතෘකාවක්. පරිගණක හැකර්වරු එහෙ…

තාක්ෂණය කියන්නේ අද ලෝකේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාවක්. අද ලෝකේ හැමදෙයක්ම වගේ රැදිලා තියෙන්නේ තාක්ෂණය මත කිවොත් වැරදි නැහැ. තාක්ෂණය කියන දේ එක්ක කතා කරද්දී ඒ එක්කම එන අපරාධත් අමතක නොකර බැහැ. මේ අතරින් පරිගණක තාක්ෂණය සහ ඒ සම්බන්ධ අපරාධ කියන්නේ අද ලෝකේ විශාල වශයෙන් කතා වෙන මාතෘකාවක්.

පරිගණක හැකර්වරු එහෙම නැත්නම් පරිගණක දත්ත හොරාගන්නන් කියන්නේ අද වැඩියෙන් කතා වෙන මාතෘකාවක්. කිසියම් කෙනෙකුගේ හෝ ආයතනයක රහස්‍ය තොරතුරු වලට පිවිස ඒවා ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා භාවිතා කර අදාල පුද්ගලයාගෙන් ලාභ ප්‍රයෝජන ලබාගන්න මෙම හැකර්වරු උත්සාහ කරනවා. අද අපි මේ අරගෙන ආපු චිත්‍රපටියත් මේ හැකර්වරයෙක් හා සම්බන්ධව ගොඩ නැගිලා තියෙන කතාවක්.

සමිරා ඛන්නා කියන්නේ  නිවාස සංකීරණයක තනියම ජිවත්වෙන තරුණියෙක්. සමාජයේ තත්වයක් තියාගෙන වගේම රැකියා ස්ථානයේ ඉහල තනතුරක ඉන්න කෙනෙක්. විවේක් කියන්නේ අවුරුදු 19ක පොඩි කොල්ලෙක්. හැබැයි පරිගණක වැඩකාරයෙක්. ඒ උනාට මෙයා ඒවගෙන් කරන්නේ නම් සමාජයේ හොද වැඩ කියල සම්මත වැඩ නෙමේ. විශේෂයෙන් පුද්ගලයන්ගේ රහස්‍ය තොරතුරු භාවිතා කරලා එයාලගෙන ප්‍රයෝජනය ගන්න කෙනෙක්. විවේක් ඉන්නෙත් සමිරා ඉන්න නිවාස සංකීරණයේම තමයි. මේ අතරේ සමිරා නොහොත් සෑම්ව දකින විවේක්ට එයා ගැන හිතක් පහල වෙනවා. ඔව් ඔව්. අක්කියෙක් තමා ඉතින්, එහෙමයි කියල කැමැත්ත ඇති නොවී තියෙයි ද? ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ?  තමාගේ ආදරේ පෙන්වන්න විවේක් මොනව කරයි ද?  සමිරා කැමති වෙයිද ? කැමති උනේ නැත්නම් මොනව කරයි ද? ඊට පස්සේ සමීරගේ ජිවිතයට මොනව වෙයි ද? මේවට උත්තර හොයන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය බලන්න වෙනවා.

Creatures 3D (2014) , Raaz 3D (2012), Raaz Reboot(2016), 1921 (2018), Ghost (2019) වගේ  horror සහ thriller චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Vikram Bhattගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ චිත්‍රපටිය එන්නේ. ඒ වගේම මේක  Phychological thriller film ගණයට වැටෙන චිත්‍රපටියක්. චිත්‍රපටියේ ඉන්න නළු නිලියන් නම් වැඩිපුරම දකින්න ලැබිල තියෙන්නේ ඉන්දියන් නාට්‍ය වල තමයි. කොහොම නමුත් හොද ගීත කීපයක් තියෙන වගේම හොද අවසානයක් තියෙන, අවසානය වෙනකන් කුතුහලය රදාගෙන බලන්න පුළුවන් චිත්‍රපටියක් විදියට නිර්දේශ කරන්න පුළුවන්.

සුපුරුදු විදියටම තරිදු අයියත් එක්ක එකතුවෙලා ඔන්න අපි පුළුවන් ඉක්මනටම චිත්‍රපටියට උපසිරසි අරගෙන ආවා. චිත්‍රපටිය ආවේ අපේල් 3. දින දෙකක් වගේ කෙටි කාලයකින් ඔන්න අපි උපසිරසි අරගෙන අවා. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. එතකන් මේකත් මතක තියාගන්න.

ඔයාගේ ජිවිතේ ගොඩක් දේවල්  විශේෂයෙන් පුද්ගලික ජීවිතය අන්තර්ජාලයට භාරදෙන්න එපා.
එහෙම උනොත් ඔයාට වෙන්නේ ඔයත් නොදනිම වෙන කෙනෙක්ගේ පාලනයට යටත් වෙන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD  පිටපත් සඳහා අදාළ වේ.

36,496 downloadsDownload Hacked-2020.zip95 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට සහ “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS

[ දසන් බුද්ධික ]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

[ තරිඳු රුක්ෂාන් ]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

36,496 downloadsDownload Subtitles95 KB

37 comments

  1. malith sandeepa

    සබ් එකට බොහොම ස්තුතියි❤

  2. arawindasunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  3. waruna nirman

    supiri

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. indika75

    thanks..

  6. Asitha pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

    1. dushdush

      Thank you ❤️

  8. malithmadhushan45

    බොහොම ස්තුතියි දසන් අයියේ තරිඳු අයියේ සබ් එකට

    1. Anonymous

      Hh

  9. Anonymous

    thanks for this

  10. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  11. Sameera

    ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගන්න විදියක් දන්න කෙනෙක් කියනවද

    1. PandaChami

      torrentcounter.red
      eke thiyenawa

  12. rajitha

    Thanks....jayawewa.....!

  13. isuru srinath sjs

    දෙන්නටම බොහොම ස්තුතියි ..!!

  14. pasindu naveen

    tnq bro.......................................niyamai

  15. Anonymous

    thanks

    1. Anonymous

      hi

  16. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Dewadithya

    Thanks for sub!

  19. දසිත චාමික

    sub ekata thanks! jaya!

  20. D.Chamara

    bohoma sthuthi

  21. MAALNATH

    Thanks ..............good luck ..................

  22. mindika

    Thanks !!!

  23. Rumesh dhanushka

    Thanks

  24. tharidu16

    thanks machiii

  25. Amila Mudalige

    Sub ekata Thanks

  26. Lasantharathnasirirox

    යාළුවො දෙදෙනාටම ගොඩාක් ස්තුතියි සිංහල උපසිරැසි නිර්මාණයට..ජයවේවා !!

  27. sampath n perera

    thanks... god bless you

  28. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  29. Anonymous

    බුදු සරණයි සැමදෙනෙකුටම respect ස්තුතිය ගොඩාක්

  30. Anonymous

    Ela

  31. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  32. yohan

    thankz sub walata.

  33. Sahan Gayantha

    thanks a lot sahola sub ekata..