මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නත්තම් නොබලයි.මේක Imdb 6.4 ක අගයක් ගත්ත 2023ජූලි මාසෙ ආපු මේ මාසෙ OTT release උන චිත්‍රපටයක්. Naslan Gafoor සහ Mathew Thomas යුගලය මොලිවුඩයේ ඉතාම ජනප්‍රිය නව යොවුන් නළු…

මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නත්තම් නොබලයි.මේක Imdb 6.4 ක අගයක් ගත්ත 2023ජූලි මාසෙ ආපු මේ මාසෙ OTT release උන චිත්‍රපටයක්. Naslan Gafoor සහ Mathew Thomas යුගලය මොලිවුඩයේ ඉතාම ජනප්‍රිය නව යොවුන් නළු ඩබලක්.හරියට නූලයි ඉඳිකට්ටයි වගේ තමයි. Jo & Jo ඉඳල Nehmar දක්වා චිත්‍රපට ගනණාවකම මේ නූලයි ඉඳිකට්ටයි දකින්න පුළුවන්.වෙනසකට තියෙන්නෙ මේ චිත්‍රපටයෙ ප්‍රධාන් චරිතය Naslan වීමයි. මීට අමතරව Meenakshi Dinesh, Binu Pappu, Nikhila Vimal,Rajesh Madhawan මෙහි රඟපානවා.මෙහි අධ්‍යක්ෂනය Arun D Jose ගේ.
අකිල් සහ ආතිරා තරුණ පෙම් යුවළක්.සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් තියෙන කේරලයේ ඔවුන්ගේ ගමේ පක්ෂ ලේකම් ආතිරාගේ පියා, අකිල් එහි ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔවුන් කුල දෙකක. ඔවුන් දෙදෙනා පැන යාමට තීරණය කරනවා.අකිල් සිය මිතුරන් සමග ඒ සඳහා දරණ උත්සාහය තමා මෙහි කතාව.සම්මතයෙන් ඉහළ කුලයක යැයි සැලකෙන සමාජවාදී රවීන්ද්‍රන් සිය දියණියගේ පෙම හේතුවෙන් සිය දේශපාලන දර්ශණය හා කුලවාදය අතරින් කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් තෝරා ගනීද? .
මෙයත් පෞද්ගලික ඉල්ලීමකට කරපු උපසිරැසියක්.කලින් කරපු Pachuvum Athbutha Vilakkum උපසිරැසියට හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබුනා.අපට ඉතාම සමීප මලයාලි සිනමාව රසිකයින් අතර ජනප්‍රිය කිරීම මගේ අරමුණ.ඉදිරියේදීත් තවත් මලයාලි චිත්‍රපට දෙකක් උප සිරැසි ගන්වමින් සිටිනවා. නැවත හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
18,871 downloadsDownload Journey-of-Love-18-2023.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-09-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Editor's Pick
- #Journey of Love 18+ (2023) Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Vineeth
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Kasun
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Thanks!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Journey of Love 18+ (2023) Sinhala Subtitles | කුළුඳුල් ආදරයක චාරිකාව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Journey-of-Love-18-2.jpg)
සබට බොහෝම ස්තූතියි. දෙනවා කියපු මලයාලම් චිත්‍රපටි දෙකත් දෙනකම් බලන් ඉන්නවා. ❤️