හිතන්න ඔයාගෙ ප්‍රාර්ථනාවන් හැබෑවක් කරලා දෙන්න පුලුවන් තැනක් ගැන. ඔයා හිතන පතන ඕනෙම දෙයක්… හැබැයි ඔලුවෙ තියාගෙන ඉන්න ඕනෙ දේ තමයි දෙයක් ලබාගන්න නම් තව දෙයක් අපිට කැපකරන්න වෙනවා කියන එක. “උරාෂිමා උමඟෙ පුරාවෘත්තයෙනුත්” මෙන්න මේ වගේ දෙයක් තමයි විස්තර වෙන්නෙ. මේක ග්‍රාමීයව පවතින කට කතාවක්. කියන්නෙ නම් මේ…

හිතන්න ඔයාගෙ ප්‍රාර්ථනාවන් හැබෑවක් කරලා දෙන්න පුලුවන් තැනක් ගැන. ඔයා හිතන පතන ඕනෙම දෙයක්… හැබැයි ඔලුවෙ තියාගෙන ඉන්න ඕනෙ දේ තමයි දෙයක් ලබාගන්න නම් තව දෙයක් අපිට කැපකරන්න වෙනවා කියන එක. “උරාෂිමා උමඟෙ පුරාවෘත්තයෙනුත්” මෙන්න මේ වගේ දෙයක් තමයි විස්තර වෙන්නෙ. මේක ග්‍රාමීයව පවතින කට කතාවක්. කියන්නෙ නම් මේ උමඟෙ ඇතුලට ගියාම ඔයා බලාපොරොත්තු වෙන ඕනෙම දෙයක් ඔයාට ලබාගන්න පුලුවන් කියල. හැබැයි ඒ වෙනුවට ඔයා අවුරුදු සීයකින් විතර වයසට යනවා කියල තමයි කියන්නෙ. මේ කතාවේ තෝනෝ කඔරු සහ හනාෂිරෝ අන්සු කියන දෙදෙනා ග්‍රාමීයව පවතින මේ කටකතාවේ ඇත්ත නැත්ත අත්දකිනවා. මොකද මේ දෙන්නටත් නැවත ලබාගන්න ඕනෙ දෙයක් තමන්ට පවතින නිසා…
සාමාන්‍යයෙන් චිත්‍රපටයක් හෝ රූපවාහිනී කතා මාලාවක් බලලා, ඒක අපේ හිතට ගොඩක් තදින් වැදුණාම අපි ඊළඟට කරන දේ තමයි ඒ වගේ තව මොනාද තියෙන්නෙ කියල හොයලා බලන එක. කට්ටියට මතක ඇති නේද මීට කලින් මං උපසිරසි දීපූ Summer Ghost? ගොඩක් අයට ඒක නම් හොඳට ෆීල් වෙන්න ඇති කියල මං විස්වාස කරනවා. ඉතින් ඒක බලලා ඒ ජාතියෙම එකක් හෙව්වනම් මේ උපසිරසි දෙන්නෙ අන්න ඒ වගේ ඇනිමේ එකකටයි.
“මෙයි හචිමොකු සෙන්සෙයි” විසින් රචනා කරපු සම්මාන දිනපු Light Novel එකක් වෙන The Tunnel to Summer, The Exit of Goodbyes මූලාශ්‍ර කරගෙන තමයි ඇනිමේ එක නිර්මාණය වෙන්නෙ. පසුකාලීනව මේ Light Novel එක ඇසුරින් Volume 4 ක් යටතේ Chapters 17 කින් සමන්විත මන්ගා එකකුත් නිර්මාණය වෙනවා.

මෙයි හචිමොකු සෙන්සෙයි
Light Novel එක නම් මං කියවලා නෑ හැබැයි. හැබැයි මන්ගා එක නම් කියවන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම ඇනිමේ එකේ තියෙන කතාවට වඩා ගොඩක් ලස්සන, පැහැදිලි ටිකක් ගැඹුරට යන කතාවක් තමා මන්ගා එකේ තියෙන්නෙ. සමස්තයක් විදිහට මන්ගා එකේ කතාව මට නම් Perfect. ✨️ ඇනිමෙ එකෙයි මන්ගා එකෙයි කතාවෙ ගලායාම සෑහෙන වෙනස් උනත් හරය නම් එකමයි. ඉතින් ඇනිමේ එක බලලා එතරම් තෘප්තියක් නැත්නම් මන්ගා එකත් උත්සහ කරලා බලන්න. මං මේ කියන්නෙ ඇනිමේ එක වැඩක් නෑ කියල නෙමෙයි හොඳේ. මං කියන්නෙ මන්ගා එකට සාපේක්ෂව ඇනිමේ එක මට දැනුන විදිහ ගැන. කොහොමත් හරිම ලස්සන දර්ශන එහෙම තියෙන අර අපිව වෙනම ලෝකෙක අතරමං කරවන්න පුලුවන් විදිහෙ ඇනිමේ එකක්. ඉතින් රෑ වගේ නිස්කලංක වෙලාවක් මේක බලන්න තෝරගන්න කියල තමා මං නිර්දේශ කරන්නෙ.

ඉතින් ඇනිමේ වෙනුවෙන්ම වෙන්වෙලා තියෙන MyAnimeList (MAL) තුළින් 7.88ක අගයකුත් Imdb 6.8ක අගයකුත් මේකට ලැබෙනවා. CLAP කියන ස්ටුඩියෝව විසින් නිර්මාණය කරන මේක Drama, Mystery, Sci fi කියන වර්ගීකරණයට තමා වැටෙන්නෙ. ඉතින් මූලිකවම ඔය විස්තර තමා දැනගන්න තියෙන්නෙ.
එහෙනම් මේ හිතූපැතූ සම්පත් ලබාදෙන උරාෂිමා උමගෙ ඇත්තම විස්තරේ මොකක්ද කියල දැනගන්න එක මං ඔයාලට බාර කරනවා. කලිනුත් කිව්වා වගේ මේක බලන්න දවසේ හොඳම වෙලාව විදිහට රාත්‍රිය තමා මං නිර්දේශ කරන්නෙ. බලන්නකෝ ඔයා මොනවගේ ලෝකෙකද අතරමං වෙන්නෙ කියල…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,768 downloadsDownload The-Tunnel-to-Summer-The-Exit-of-Goodbyes-2022.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
5 comments
Tharidu Sagara
Minindu
Thank you❤️
Anonymous
Thank You ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anjana
My Oni girl ehe sub ekakath dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..