Watch Trailer

Kabhi Alvida Naa Kehna (2006) | කිසිදා ‘වෙන් වෙමු’ කියනු එපා..[සිංහල උපසිරැසි සමඟ]

“කවදාවත් ‘අපි වෙන් වෙමු’ කියලා කියන්න එපා. එහෙම කියනකොට නැවත හමු වීමේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. කවුද දන්නෙ? ඔබ අප නැවත මුණ ගැසෙයි” එහෙම කියන්නෙ මම නෙමෙයි, ‘මායා’. ඇය එහෙම කියන්නෙ, ඇගේ විවාහ උත්සවය දවසේ මුණ ගැසුණු නන් නාඳුනන පුද්ගලයෙක්ට. ඔහුගේ නම ‘දේව්’. ඒ දිනය ඔවුන් දෙදෙනාගේම ජීවිත වල විශාල පෙරළි…

Kabhi Alvida Naa Kehna (2006)
“කවදාවත් ‘අපි වෙන් වෙමු’ කියලා කියන්න එපා. එහෙම කියනකොට නැවත හමු වීමේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. කවුද දන්නෙ? ඔබ අප නැවත මුණ ගැසෙයි” 

එහෙම කියන්නෙ මම නෙමෙයි, ‘මායා’. ඇය එහෙම කියන්නෙ, ඇගේ විවාහ උත්සවය දවසේ මුණ ගැසුණු නන් නාඳුනන පුද්ගලයෙක්ට. ඔහුගේ නම ‘දේව්’. ඒ දිනය ඔවුන් දෙදෙනාගේම ජීවිත වල විශාල පෙරළියක් සිද්ධවෙන දවසක්. දේව් කියන්නෙ, පාපන්දු ක්‍රීඩාවේ දක්ෂ ක්‍රීඩකයෙක්. තම පාපන්දු ජීවිතයේ ඉහළටම යන්න ඉන්න කෙනෙක්. නමුත් එදා මායාගේ හමු වීමෙන් පස්සෙ පෙර කියූ පෙරළිය සිදුවෙන්නේ ඔහුට ඉතාමත් නරක විදිහට, ඔහු අනතුරකට පත් වෙනවා. එදාට වසර හතරකට පසු, ඇය පැවසූ ආකාරයටම ඔවුන් නැවත මුණ ගැහෙනවා.

ඒ තමන් ගැන පුද්ගලිකවම කලකිරුණු, තමන්ගේ විවාහයේ අසාර්ථකත්වයට ගමන් කරන දෙදෙනෙක් විදිහටයි. මායා ගේ සැමියා ‘රිශී’ ඇයට ඉතාමත් ආදරෙයි. නමුත් ඇය ඒ බව තේරුම් ගන්නෑ… ‘දේව්’ ගේ බිරිඳ ‘රියා’ තම රැකියාවෙ ඉහළම තැනක ඉන්න කාන්තාවක්. ඇය රැකියාව නිසා ඉතාමත් කාර්ය බහුලයි, තමන්ගෙ දරුවා වෙනුවෙන් වුණත් ඇයට ලැබෙන්න සීමිත කාලයක්. දේව් තම අනතුරින් පසු, පාදයේ ආබාධයක්
සහිත කෙනෙක් බවට පත් වෙනවා, පා පන්දු ක්‍රීඩාවෙන් සමු ගන්න වෙනවා. මේ අසාර්ථකත්වයෙන් පසු ඔහු ඉතාමත් කෝප සහගත පුද්ගලයෙක් වෙනවා. තමන්ගේ පුංචි පුතාටත් නපුරු විදිහටයි සලකන්නෙ. මේ පවුල් දෙක තුළ ඇති දුරස් බව නැති කරන්න, මායා ගේ සැමියාගෙ පියා සහ දේව් ගේ මව උත්සාහ කරනවා. ඔවුන් මායා ගේ සැමියාත්, දේව් ගේ බිරිඳත් එකිනෙකාට විවෘත වීමට සලස්වා ගැටලුව විසඳීමට උත්සාහ කරනවා. නමුත් ඊට පෙර වෙනත් දෙදෙනෙක් එකිනෙකාට විවෘත වෙනවා… ඒ තමයි ‘දේව්’ සහ ‘මායා’. තමන් දෙදෙනාම පත්ව ඇත්තේ එකම තත්වයට බව වටහා ගත් ඔවුන් දෙදෙනා, උත්සාහ කරන්නේ තමන් දෙදෙනා ගේ වැරදු හඳූනාගෙන, තමන්ගේ සහ කරුවන්ට ආදරණීය වෙන්නයි. නමුත් නොසිතූ අයුරින් ඔවුන් දෙදෙනා ආදරය කරන්න පටන් ගන්නවා..

“අප ගන්නා සමහර තීරණ වලින් තවත් කිහිප දෙනෙක් අසරණ වෙනවා… තීරණ ගන්න සුදුසු අවස්ථාවල නොගෙන, පසු අවස්ථාවල ඒ තීරණ ගත්තහම එහෙම වෙනවා. විවාහ වන විට හිතා බැලිය යුතු දෙයක් තමා, ඒ කෙනා තමා සමග ජීවිතේ ගත කරන්න සුදුසුම
කෙනාද කියලා. විවාහ වුණාට පස්සෙ ඒ ගැන හිතලා බලන්න ගියොත් තමයි මෙහෙම වෙන්නෙ “

මේ සිනමා සිත්තම තෝරගන්න ප්‍රධානතම හේතුව තමයි මෙහි අධ්‍යක්ෂක වරයා ‘Karan johar’ වීම. මොකද මං බලපු ලස්සනම හින්දි සිනමා කෘති වල karan johar ගෑවිලා හරි ඉන්නවා. මේ කථාවත් ඔහුගෙන්මයි. නිෂ්පාදනය ‘yash johar’ විසින්. තව ‘farah khan’ ද දායක වෙලා තියනවා. බොහෝ සිනමා කෘති වල ඇගේ දායකත්වය විශිෂ්ටයි. මේ සිනමා සිත්තමේ ඉතාමත් ලස්සන ගීත් ඇතුළත් වෙනවා, එහි ගී පද වැල් javed akhtar විසින් ලියලා තියෙන්නෙ. ඒ වගේම සංගීතය shankar ehsaan loy විසින්. මෙන්න එහෙනම් චරිත නිරූපණය… ‘රිශී’ විදිහට Abhishek bhachchan රඟ දක්වනවා, ඔහුගේ පියා ‘සෑම්’ ගේ චරිතය ඉදිරිපත් කරන්නේ සැබෑ ජීවිතයේත් ඔහුගේ පියා වන ‘Amithab bhachchan’
විසින්. රියාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී ‘Preity zinta’ විසින්. මායාගේ චරිතය ‘ Rani mukerji’ විසින් ඉදිරිපත් කරන අතර ‘දේව් සරන්’ විදිහට ‘Shah rukh khan’ විසින් චරිතය සජීවී කරනවා. එක් ගීතයකට සුරූපී නිළි ‘Kajal’ දායක වෙනවා. තවත් ගීතයකට John abraham දායක වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ සිනමා කෘතිය ලස්සන නිර්මාණයක් කියලා විතරයි.

එහෙනං, අපි සියලු දෙනාට සහාය ලබා දෙන ‘වාසල’ සහෝදරයාටත්, ‘විකියා’සහෝදරයාටත් ස්තූතිය පළකරමින් මම නවතිනවා.

Kabhi Alvida Naa Kehna (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

15,423 downloadsDownload Kabhi-Alvida-Naa-Kehna-2006-Br.zip314 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නාමික සඳරුවන්

Subtitles

15,423 downloadsDownload Subtitles314 KB

55 comments

  1. asiri

    thanks

  2. vee

    maxxa saho

  3. chamath cafe

    ජයම වේවා සහෝට !

  4. asiri

    elane niyamama ekak meyka nam thwath awa denna

  5. eranga

    bohoma pin

  6. quik

    thanks

  7. geeth

    nyamayi machan

  8. eranga

    bohoma thuthi

  9. tharanga

    එලස් බලන්න ඕනේ

  10. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    atහටම නාමික සහෝ...මේක මාරම ලස්සන ජීවිතයට ගතයුතු දේවල් ගොඩක් තියෙන අනර්ග ෆිල්ම් එකක්..
    ඒ වගේම ඔයා ලස්සනට ලිපිය ලියල තියෙනවා...
    අනිත් දේ තමයි මේ ෆිල්ම් එකේ සින්දු වල ලස්සනම තේරුමක් තියෙනවා...
    මගෙත් ආසාවක් තිබ්බා මේ ෆිල්ම් එක කරන්න..
    (එහෙම කිව්වට මම නම් කරයි)
    නියමයි කොල්ලෝ...
    එලම වැඩක්..
    ජය වේවා...

  11. wow

    wow,, maru :D

  12. ccnp

    Thanks

  13. bandula

    supirine sharukge anith awathd denna

  14. zumo man

    elazzz thxzzz

  15. Shehan

    Machan Mama Meka Enakan Balan Hitiya ... thankz Machan... Tawa Sub Danna Machan.... Sharuk Ge tawa parana tikak dapan .. Parades .,,Dil Se wage Ewa Machan Aniwaren Ubata Godak Comment Evi

  16. “චූටී මල්ලි”

    මේක 1ක් පාරක් ටීවී එකෙ බැලුවා
    නමුත් හරිහමන් විදිහකට තාම බලලා නෑ
    දැන් සබුත් තියෙන එකෙ බලතෑකි හොදට
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.....

  17. රොයිලි

    බොහොම ස්තූතියි නාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. vernie

    meka mama aasama ekak

  19. Ash

    සුපිරි මචෝ... මේව තමා දෙන්න ඕනෙ

  20. Uraj Deemantha

    මේක බැලුවා මතකයි...... දැන් නම් ආයේ බලන්න හිතයි..... :D

  21. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…

    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  22. නලින්

    ස්තුතියි නාමික සහෝ

    කියලා වැඩක් නැහැ මෙකට සබ් කරපු එක නම්

    ජය වේවා මචෝ!

  23. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  24. vernie

    "a64659a490efb4eb3ee54ab71116417639d1e2ce" mekata sub hariyanne naha

  25. sp පියමල්

    ලස්සන කතාවක්,thanks සහෝ

  26. mudiya / මුදියා

    පට්ටම එකක් තමයි මේක නම්.
    මේකෙ සින්දු ටිකට කෙච්චර ආසයිද මං.
    නියමයි නාමිකයෝ.
    ආයෙත් බලන්න ඕනි අනිව.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  27. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ වෙච්චි මහන්සියට
    ඔයාගේ සබත් එක්ක බලලා තමයි මේ කමෙන්ට් කරන්නේ
    නියමයි මචෝතව මේ වගේ මගහැරුණ සුපිරි කතා අවලට උපසිරසි අරන් එන්න සත්තිය ලැබෙන්ට කියා පතනවා
    ජය

  28. charitha polgasdeniya

    මට නම් මේක කොච්චර බැලුවත් එපාවෙන්නේ නැති සලරුවක්
    බොහෝම ස්තූතියි සඳරුවන් සහෝ මේකේ උපසිරැසි දුන්නට
    ජය වේවා බයිස්කෝප්...!!!

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  30. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. sasanka

    සබ් එක සින්ක් වෙන්නේ නැ ඒකට මොකද නරන්නේ....

  32. dasun

    923 mb copy ekata sub hariyanne naa .. plz upload .a64659a490efb4eb3ee54ab71116417639d1e2ce

  33. SomE OnE

    සිංහල සබ් එනකන් බලන් හිටියේ.. එලම තමයි මේක දැම්ම එක.. පොඩි දෙයක් කියන්න ඕන..සමහර තැන් වල " - " එක වැරදියට වැටිලා තිබුන.. එකත් හරිගැස්සුව නම් සුපිරිම තමා.. එල සහෝ.. keep it up.. (Y)

  34. Shanu

    a bnz.. wede nm awlk ne, bt sub tka awlne bn.. 1kt krnna dyk kypnko...

  35. Amila

    thanks machan.......................

  36. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  37. Naween

    ශාරුක් ප්‍රීති සින්තා එකතුවෙන් හැදුනු හැම චිත්‍රපටියක්ම ඉතාම අනර්ග විදිහට තියනවා.
    මේකත් අනිවාර්යයෙන් එහෙම ඇති.උපසිරැසි වලට බොහොම ස්තූතියි සහෝ...

  38. Isuru Anuranga

    thnk u very much.oyala oyala loku sevayak karanawa apta.

  39. chenuka

    ela macho jaya wewa

  40. asanka

    ප්රිටි සින්ට ප්‍රවීන?????පිස්සුද???අමිතාබ්ට කියපන් ඒක....සබ් එකනම් හොදයි

  41. විදුර ප්‍රසංගන

    ඇවිල්ල අවුරුදු 10 කට පස්සෙ බලන්නෙ. සබ් එකට ස්තූතියි

    1. sacheee35

      උපසිරැසි වලට ස්තූතියි

  42. Mahela

    meke subtitles ganna be ne ai error ekak enne

  43. nadun dilhara

    elmaaaaaaaaaaa

  44. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

    1. Kasun Lakshan

      Veer zara onee

  45. nipuna_sahani

    ❤️❤️❤️

  46. arawindasunimal

    thanks sub ekata jayawewa............

  47. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සබ් එකට :) :)
    Bluray update please :) මේවා bluray quality එකෙන් දිලිසි දිලිසි බලන්න වටින පරණ සුපිරි හින්දි filmනෙ ඇයි blurayවලට sync කරන්නේ නැත්තේ :)

  48. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  49. Anonymous

    2021 blnne

Load more comments