අද ඉතින් ආදරවන්තයන්ගේ දවසේ ලස්සන ආදර කථාවක් අරගෙන ආවා ආදරය කරන ඔයාලා හැමෝම වෙනුවෙන්. ඔයාට මතකද ඔයාගේ ආදරයණීය පෙම්වතා? පෙම්වතිය? හම්බවුනේ කොහොමද කියලා?..හැමෝටම එක එක විදිහට ඒ හමුවීම තියෙයි. ඒත් ඔයාල කාටවත් ඔයලගේ ආදරය හමුබවුනේ අනතුරකින් (accident) එකකින් ලැබුන කෙනෙක් ඉදීවිද? හැබැයිි මේකෙ කෙනාටනම් ඒක…

අද ඉතින් ආදරවන්තයන්ගේ දවසේ ලස්සන ආදර කථාවක් අරගෙන ආවා ආදරය කරන ඔයාලා හැමෝම වෙනුවෙන්. ඔයාට මතකද ඔයාගේ ආදරයණීය පෙම්වතා? පෙම්වතිය? හම්බවුනේ කොහොමද කියලා?..හැමෝටම එක එක විදිහට ඒ හමුවීම තියෙයි. ඒත් ඔයාල කාටවත් ඔයලගේ ආදරය හමුබවුනේ අනතුරකින් (accident) එකකින් ලැබුන කෙනෙක් ඉදීවිද? හැබැයිි මේකෙ කෙනාටනම් ඒක ලැබුනේ අනතුරක් නිසා..අප ජීවිතේ එකතුවෙන්නෙත් කේන්දර බලල, නැකත් බලල නෙමෙයි, ඒ වගේමයි අපි ජීවිතෙන් වෙන්වෙන්නෙත් කේන්දර බලල නැකත් බලල නෙමෙයි? මං හිතන්නේ ජීවිතේ හමුවීමත්, වෙන්වීමත් හරිම පුදුම දෙයක් කියලා? අපි ප්‍රාර්ථනා කරන කොටනම් හිතනවා අපි එකතු වෙලා , මේ සංසාරේ එකට ගිහිල්ලා එකට වෙන් වෙමු කියලා… ජීවිතේ අතරමැදදි කොහොමද පුන්සද මැරුණොත් එහෙම…
අපි කැමති හැමදාමත් තමන් ආදරය කරන කෙනා ලගින්ම ඉන්න, ආදරය කරමින්, ඒත් නොසිතූ වෙලාවක තමන්ගේ ආදරය අහිමිවුනොත් තමන්ට මොනව වගේ නම් දෙයක් දැනේවිද?
ඇරඔුමම කදුලක් වෙලා..
මා බලා ඉද්දී ඒ දිහා…
ආ දුරත් දුර වැඩි නිසා…
අවසානයට පෙර ඈ ගියා…
ඔන්න ඉතින් ඉක්මනටම තවත් උපසිරසියක් අරගෙන ආවා..ඉස්සර වෙලාම බයිස්කෝප් කණ්ඩායමට ස්තූතිය පල කරනවා මේ ෆිල්ම්එකට උපසිරසි කරන්න අවස්ථාව ලබා දීම පිළිබදව, ඒ වගේම මේකට අවස්ථාව වෙන් කරල දුන්න සිසිල අයියටත් බෙහෙවින් ස්තූතියි. 2008 සැප්තැම්බර් 26 වෙනිද තිරගත වුන Romance | Thriller කියන categories එකට අයත් වෙන මේ ෆීල්ම් එකට IMDB මීටරේ 5.5/10 අගයක් හමුවෙලා තියෙනවා. මේක Nakul සහ Sunaina යන දෙපලගේ රංගන දායකත්වයෙන් හැඩ වෙන බොහොම ලස්සන දුක හිතෙන ආදර කථාවක්. KANDHAKOTTAI (2009), BRAHMA.COM (2017), SEI (2018), Masilamani යන චිත්‍රපට වල මොහු රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයකි.
අධ්‍යක්ෂණය – එස් උමපති
කථාව රචනය – පී.වී. ප්‍රසාද්
රංගන ශිල්පීන – Naku, Sunaina, Sampath Raj
IMDB අගය – 5.5/10
ධාවන කාලය – මිනිත්තු 188
විකාශණය – 26 September 2008
එහෙනම් මේකෙ කථාව ගැන පොඩි හැදින්වීමක් කැන්නම්, සබාපති(නකුල්) පාපන්දු ක්‍රීඩාවට ලැදිව සිය මව අහිමිව පියා සමග ඉතා දුක්බර ජීවිතයක් ගත කරනු ලබන , මත්පැනට අබ්බැහි වූ පුදගලයෙකි.දිනක් මොහු පාපැදියෙන් ගමන් කරන අතර තුරදී රිය අනතුරකට ලක්වේ. එය ඔහුගේ වරදකින් සිදුවන්නක් නොවන අතර, එයට හේතුව වන්නේ ඒ අසලින් ගමන් කරමින් සිටි මීරා (සුනයිනා) ගේ සළුව සුලගට ගසා ගොස් සබාගේ මූණෙහි වැදීම නිසා ඔහු අනතුරකට ලක්වේ. මෙයින් බොහෝ බියට පත්වන මීරා ඔහුව රෝහලට ඇතුලත් කරනු ලබයි.ඔහුගේ තත්වය අසාධ්‍ය බව පවසන වෛද්‍යවරුන් ඔහුව බේරාගත හැක්කේ දෙවියන්ට පමණක් බව පවසයි.ඇයගේ මවද මියගෝ සිටින අතර ඇය ඔහුව බේරා දෙන මෙන් සිය මියගිය මවගෙන් ඉල්ලා සිටියි. කෙසේ හෝ ඇය ඔහුව බේරා ගැනීමට සියළු වෙහෙසන් දරමින් ඔහුව රැක බලා ගනී. අවසානයේ සබා හොද තත්වයට පත්වන අතර සබා සහ මීරා ඉතාම සුහද මිතුරන් බවට පත්වේ. මීරා යනු පොහොසත් පවුලක එකම හිමිකාරිණිය වේ.
සබා කෙමෙන් කෙමෙන් මීරාට ආදරය කිරීමට පටන් ගත්තද, ඇය පොහොසත් කෙල්ලක් නිසා තම ප්‍රේමය ඇය හට පැවසීමට බියවේ.කෙසේ හෝ පසුව ඔහු තම ආදරය ඇයට ප්‍රකාශ කරයි, පසුව ඇය ඔහුගේ ආදරය පිළිගනී. සබා දිනක් ඔහුගේ විද්‍යාලයේ පාපන්දු තරග සදහා පිටත් වන අතර , ඔහු නැවත මීරාව දැකීමට පැමිනෙන්නේ කුසලානයද දිනා බව පවසමිනි. සබා කුසලානයද දිනා ප්‍රීතියෙන් පැමිනෙන්නේ තම ආදරවන්තිය දැකීමේ නිමිත්තෙනි.නමුත් ඔහුගේ බලාපොරොත්තුව ඔහුට සිදු වන්නේ සිහිනෙකින්වත් නොසිතූ දෙයකි, මීරාට සිදු වන්නේ කුමක්ද? පොලීසිය සබා පසුපස පැමිනෙන්නේ කුමකටද? ඔවුන්ගේ ආදරයට සිදුවන්නේ කුමක්ද? කියලා දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් ලස්සන ආදර කථාවකින් හමුවෙන තුරු සියළු දෙනාටම ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,980 downloadsDownload Kadhalil.Vizhunthen.2008.Baiscopelk.com_.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
20 comments
playgayan
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන්
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Anuradha Rathnasiri
Thanks
torrent file dala na ne. hoyaganna ba movie ekaHashan M. Priyadarshana
තෑන්ක් යූ මචං සබ් එකට..
Kadhal Solla Vandhen (2010) ෆිල්ම් එකත් මේ වගේම පට්ට ලව් ස්ටෝරියක් මචං පුලුවන් නම් ඒකටත් සබ් එක කරමු ෆිල්ම් එක හොයාගන්න පුලුවන් නම්..
ජය වේවා!harshani11112
Happy valantine day...
kelumchathuranga
thanks
ඩොක් අයියා
ඔන්න එහෙනම් බාගත්ත හොඳේ
surangamk
link please
msumith88
link eka na
liyanage89
Baiscopedownloads eka download link ekak nehe. Hash ekak hari torrent link ekak hari danawada?
Kulanjana Maduranga
subata thanks
Madhura prasad
තුති වේවා සහො
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ
Rumesh dhanushka
BOhoma sthuthiy
dindi
film eka baiscope download site eke nane..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති මලේ..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Eranda Malith 2.0
Thanks mcn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ආදරය ජීවිතය සහ වෙන්වීම. හැමෝම බැලිය යුතු පිලුමක්. උපසිරැසියට ස්තුතියි.