කුඩා කල දහම් පාසලේදී, එහෙම නැත්නම් පාසලේදී අපි අහලා තියෙනවා එක ජාතක කතාවක්, එකම කූඩුවක හිටපු ගිරා පැටවුන් දෙන්නෙකුට මහා සුළි කුණාටුවක් හේතුවෙන් තමන් හිටපු කූඩුවෙන් දෙපැත්තකට වෙන් වෙන්න සිදු වෙනවා. සුළි සුළඟට ගසාගෙන යන මේ පැටවු දෙන්නාගෙන් එක්කෙනෙක් වැටෙන්නේ තාපසාරාමයකට, ඒ වගේම අනෙක් ගිරා පැටියා වැටෙ…

කුඩා කල දහම් පාසලේදී, එහෙම නැත්නම් පාසලේදී අපි අහලා තියෙනවා එක ජාතක කතාවක්, එකම කූඩුවක හිටපු ගිරා පැටවුන් දෙන්නෙකුට මහා සුළි කුණාටුවක් හේතුවෙන් තමන් හිටපු කූඩුවෙන් දෙපැත්තකට වෙන් වෙන්න සිදු වෙනවා. සුළි සුළඟට ගසාගෙන යන මේ පැටවු දෙන්නාගෙන් එක්කෙනෙක් වැටෙන්නේ තාපසාරාමයකට, ඒ වගේම අනෙක් ගිරා පැටියා වැටෙන්නේ සොරු රැළකගේ වාස භූමියකට. තාපසාරාමයට වැටුණු ගිරවා යහපත් වචන කතා කරන්න හුරු වෙද්දී, සොරු රැළ අතරේ හැදී වැඩුණු ගිරවා පරුෂ වචන ආදී වැරදි ක්‍රියාවන්ට හුරු වෙනවා. හරි ලස්සන ආදර්ශමත් කතාවක්. ජාතක කථාවේ නම සත්ති කුම්භ ජාතකය. හැබැයි අද මම ගෙනාවේ මේ ජාතක කතාව සම්බන්ධ චිත්‍රපටියක් නම් නෙවෙයි ඒත් මට මේ චිත්‍රපටිය බලද්දී ඔය ජාතක කතාව මතක් වුණා. ඒකේ කථාවත් යම්තාක් දුරකට චිත්‍රපටියේ කතාවට ගැලපෙන නිසා.
චාලී සහ ගුඩ්ඩූ කියන්නේ සම නිවුන් සහෝදරයෝ දෙන්නෙක්. චාලීට “ස” ශබ්දය උච්චාරණය වෙන්නේ “ෆ” විදියට. ඒ වගේම ගුඩ්ඩූ ගොතයි. මුම්බායේ මුඩුක්කු වල ජීවත්වන මේ දෙන්නගේ එකම සෙවණ තමන්ගේ තාත්තා. නමුත් තාත්තගේ අභාවයත් සමඟම මේ දෙන්නා වෙන් වෙනවා. එතනින් පස්සේ දෙන්නාගේ ජීවිත වෙනස් වෙන්නේ අහසයි පොළවයි වගේ. තුරඟ තරඟ ඔට්ටු අල්ලන තැරැව්කාරයෙක් බවට පත්වෙන චාලීගේ සිහිනය වෙන්නේ තමන්ගේ කියලා ඔට්ටු අල්ලන කවුළුවක් පටන් ගන්න එක. ජීවිතේ දිනන්න පුළුවන් මාර්ග දෙකක් චාලී දන්නවා. එකක් තමයි කෙටි පාරකින් යන එක. අනික තමයි කෙටිම කෙටි පාරකින් යන එක. ඒත් ගුඩ්ඩු බොහෝම අමාරුවෙන් ඉගෙන ගෙන සමාජයේ යහපත් පුද්ගලයෙක් වෙන්න වෙර දරනවා. ඒ අතරේ තමයි ගුඩ්ඩුට ස්වීටිව මුණ ගැහෙන්නේ. කොහොමහරි මේ දෙන්නාගේ සම්බන්දෙත් ස්වීටි ගැබ්බර වෙන තැනටම දුරදිග යනවා. ස්වීටිගේ අයියා. මැර බලයෙන් දේශපාලනයට පිවිසෙන චණ්ඩියෙක්. ජීවිතේ තමන්ගේ සිහින සැබෑ කරගන්න කෙටිම කෙටි පාරකින් යන්න හදන චාලීගේ එකම එක ක්‍රියාවක් නිසා චාලීගේ කල්ලිය. මුම්බායේ පාතාලයට සම්බන්ධ පොලීසිය, මත්ද්‍රව්‍ය නාශක අංශය, අන්තර්ජාතික මත්ද්‍රව්‍ය කල්ලියක්, හා ස්වීටිගේ අයියා අතර ඇතිවෙනවා මාරන්තික ගැටුමක්. ඒක මොන වගේද කොහොමද වෙන්නේ කියලා හැමෝම බලන්න එහෙනම්.
2009 වසරේ අගෝස්තු 14 වෙනිදා තිරගත වුණු මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වන චාලී/ගුඩ්ඩූ සහ ස්වීටි කියන චරිත වලට රංගනයෙන් දායක වී ඇත්තේ ජනප්‍රිය නළු Shahid Kapoor සහ Priyanka Chopra. IMDb අගය 7.5/10 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Vishal Bharadwaj ගෙන්. සාමාන්‍යය බොලිවුඩ් චිත්‍රපටවල ඇති වීරයා දුෂ්ටයා කතා ශෛලියෙන් ඔබ්බට ගිය මේ කතාව සමාජ ප්‍රශ්නයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයක් කියලා මට කියන්න පුළුවන්. Vishal Bharadwaj ගේ සංගීතයෙන්ම රසගැන්වුණු මේ චිත්‍රපටියේ අවසාන ගීතය ගායනා කරන්නේ මගේ ආසම බොලිවුඩ් ගායක Mohit Chauhan විසින්.
ඉතින් ඒකත් රස විඳලා, ඔයාලගේ අදහසකුත් එක්කරන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා. සියලු දෙනාටම ජයම වේවා…! එලස්ස්ස්…
641B53B6F8A09678799423F1DF9000521F827F3E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,748 downloadsDownload Kaminey.2009.baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
46 comments
chanaka
Raj
නියමයි මචන්, පට්ට පට පට, TanQ
Saketha Pulasthi
එක නම් බාලා තියෙන්නේ . සබ් එකට ස්තූතියි
Sisira Hegoda
Thanks
ලක්ෂාන්
මේක පට්ට ෆිල්මක්නෙ සහෝ..මේ වගේ ඒවා අතාරින්නෑ බලනවා.සබට බොහොම තුති....
චතුරංග උස්වත්ත
මේක කලින් බැලුවා.. දැන් ආයෙම බලනවා.
සබ් එකට ස්තූතියි, නියම වැඩක්.
ජයවේවා..!!
ද රොක්
පට්ටයි වගෙ.තෑන්ක්ස් මචො :) :) :)
Saman Prasad ( Black Panther )
thanq wewa..... (y)
DilanH
මේක මගේ ගාව කලින් තිබුනා බැලුවේ නැ
දැන් සබ් එක්කම බලත හැකි !!
ස්තුතියි සහෝ ජයවේවාAviya
suppa film ekakneh thanks ah (Y)
sachin
supiri matchan
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)ගයාන් රූකාන්ත (ජෝනා)
එහෙනම් කොල්ලා මේකත් දීලා ඔන්න ගත්තා
හින්දි නම් අතාරියි ...සබට තුති මචෝ ජය වේවා.......!!!කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො සබට :P :P ජය
Global
Me Movie Eka Sammana Keepayakatath Nirdeshauna Ekak. Fila Fair Sammana Ganna Hari Amaruine. Subata Bohoma Sthuthi Saho.
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. දැන් තමා ඔන්න ශීල්ඩ් එක බලන්න යන්නෙ. මේක බාන්න දාන්නම් කෝ. ජය෴෴ :P :P
MaX DiMuu
fattama movie ekak. sub walata thanks
Nisha
elzzzzzz
me
Thanks
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි....
දිගටම මේ කාර්‍යය කරගෙන යාමට අවැසි ශක්‍තිය හා
ධෛර්‍යය ලැබේවා.......
ජයෙන් ජයම වේවා!!!!!!!!!!Tharindu Perera
Suppaaa film ekak vageeee...
kathavath niyamai.....
danma banavaaa machannn.....
thanks machann sub ekatahhh....Malinda
supiri film ekak macho....
Thnks..
ane macho tamil ekakata sub dennako....Chami
Thank you very much friend...
Darshana
Niyama film ekak wage.. Thanks...
Kulanjana Maduranga
mekanm patta filumak.parana unata kamak na aniwa balanawa.subata thanks YASHODA saho.good work. ohoma yn. jaya wewa.....
“චූටී මල්ලි”
කලින් බැලුවා
එල හොදේ
සබට තුති
ඔබට ජය...........Aditha Praween
එළ නියමයි
දිගටම සබ් දෙමු .ජය වේවා !
:Djack
පට්ට මචෝ...
බොහෝම ස්තුතියි.sp පියමල්
thanks
නලින්
ස්තුතියි ශ්‍රිමාල් සහෝ!
ජය වේවා
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි, ජයවේවා.
Maduranga
Thanks for the sub...............
ප්‍රදිප්
ගොඩක් ස්තුතියි යාලුවා සබ් එකට.
nelum nethanjana
sabata thank u bnn
Dharshana..
thanks...
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Isuru
Macho puluwannam Buddha kiyala TV Series ekak yanawa Zee TV eke eke English hari Sinhala hari Subtitle upload karanna kathawath ekka..... Please........Eka Derana TV eke yanne kali aduwen ekai.......
Randika N Jayarathna
thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz br
kalindu
film eka baluwata passe comment ekak damma nam anith aytath danaganna puluwan film eka hodada kiyala.. :)
Sanjaya
Thanks Saho.....
thilina
ජයවේවා….
උපසිරැසියට තුතිearnga pathirage
thama beluve na bn dan man balanava ok ela ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍sanjeewa
thanks
nimal dissanayake
යශෝධ
හොඳ, ප්‍රවේගකාරී, සිත් ඇද බැඳගන්නා
ෆිලුමකට
නියමෙට සබ්ස් දීලා
සුපුරුදු ලෙසින් කර තිබෙන මෙහෙවරට
මෙන්න මගේ ප්‍රණාමය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Bro