Watch Trailer

Kanchana 2 : Muni 3 (2015) with Sinhala Subtitles | ගංගා ගේ පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අපි කාලයක් තිස්සේ හොඳ පිටපතක් එනකල් බලන් ආසාවෙන් බලන් හිටිය බ්ලොක්බස්ටර් චිත්‍රපටියකට උපසිරැසි ඇරගෙන ආවා. කාංචනා 2-මුණි 3. ඔයාලට මේ පිටපත ආව ගමන් උපසිරැසි ලබා දෙන අරමුණෙන් මම කලින්ම උපසිරැසි කරලා තිබුණට මොකද, අපි නොසිතුව විදියට චිත්‍රපටියේ බොහෝ දර්ශන කපලා දාලා තිබුණා. එම නිසා නැවත මුල…

Kanchana 2 : Muni 3 (2015)
ඔන්න යාළුවනේ අපි කාලයක් තිස්සේ හොඳ පිටපතක් එනකල් බලන් ආසාවෙන් බලන් හිටිය බ්ලොක්බස්ටර් චිත්‍රපටියකට උපසිරැසි ඇරගෙන ආවා. කාංචනා 2-මුණි 3. ඔයාලට මේ පිටපත ආව ගමන් උපසිරැසි ලබා දෙන අරමුණෙන් මම කලින්ම උපසිරැසි කරලා තිබුණට මොකද, අපි නොසිතුව විදියට චිත්‍රපටියේ බොහෝ දර්ශන කපලා දාලා තිබුණා. එම නිසා නැවත මුල ඉඳලා ටයිම්-ලයින් දාන්න වුණා. පුරා පැය 17 ක් එක දිගට ටයිප් කරලා තමයි අද උණු උණු වෙම උපසිරැසිය ඔයාලට ලබා දෙන්නේ. ඉතාමත් කාර්ය බහුල කාලසටහනක් මැද්දේ ඉඳගෙන තමයි ඔයාලා වෙනුවෙන් දවසකුත් රාත්‍රියකුත් වෙන් කර ගත්තේ. රාඝවා ලෝරන්ස් විසින් පිටපත් ලියා අධ්‍යක්ෂණය කළ මෙම දමිළ චිත්‍රපටය භීතිය හා හාස්‍ය මුසු චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වෙනවා. මෙය මුණි කථා මාලාවේ 3න් වැන්නයි.කතාව පොඩ්ඩක් කියන්නම්කෝ.

රාඝවා කවුද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. හොල්මන් වලට පට්ටම බය පොරක්. මුත්‍රා කරන්න යන්නෙත් අම්මත් එක්ක. හැබැයි මිනිහට හොල්මන් කීවොත් මාරම ඉන්ටරෙස්ට් එකක් තියෙන්නේ. ග්‍රීන් ටීවී කියලා මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙක් ලෙස ඔහු සේවය කරන්නේ. ඔය අතරේ හොල්මන් පිළිබඳ වැඩ සටහනක් පටිගත කරන්න මොහුට සිද්ධ වෙනවා. මේ වැඩ සටහන අධ්‍යක්ෂණය කරන්නේ ඔහුගේ පෙම්වතිය නන්දනී. ඒ වැඩසටහනට ලොකේෂන් හොයද්දී තමයි වෙරළක් අසළ තියෙන පරණ බංගලාවක් හමු වෙන්නේ. ඒ බංගලාව බොහොම භයානක දේවල් සිදුවුණ ස්ථානයක්. කතාව බලද්දී ඔයාලට තේරෙයි. බංගලාව අසළ වෙරළ තීරයට යන මොවුන්ට බලාපොරොත්තු නොවුණ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඔය වෙරළේ වැලි යට තිබිලා තමයි නන්දනී පරණ මාලයක් එළියට ඇදලා ගන්නේ. ඊට පස්සේ තමයි ආතල් එක පටන් ගන්නේ හොඳඳ !  ඒවා ඉතින් මෙතන කියන්නේ නෑ.

ඔය මාලේ ඇත්තටම අයිති ශිවා කියලා තරුණයෙකුට. එයාගේ පෙම්වතිය ගංගා සහ ඔවුන්ගේ මිතුරන් කීප දෙනෙක්ම බොහොම අසාධාරණ ලෙස ඝාතනයට පත්වෙනවා. ඒ අයගේ සිරුරු මිහිදන් කරලා තිබෙන්නේ ඔය වෙරළේ තමයි. ඉතින් මාලේ ගත්තාම ඒ ආත්ම ටික අවදි වුණා. තමන්ට සිදුවුණ අසාධාරණයට ඒ ගොල්ලෝ සාධාරණයක් ඉටු කරගන්න තමයි උත්සාහා කරන්නේ. මේකට මාට්ටු වුනේ රාඝවා-නන්දනී යන ජෝඩුව තමයි. ඔවුන් ලවා යම් ආකාරයක පළි ගැනීමක් කරන්නයි උත්සාහය.

ඒක තමයි කතාවේ හරය. හැබැයි ඔය කීවා වගේ නෙවෙයි චිත්‍රපටිය බලන්න ගියාම. ෆුල් ආතල් එකක් තියෙන්නේ හොඳේ. බය සහ හාසය මුසු වුණ එකක්. ඔයාලම බලන්නකෝ අර හොල්මන් සෙට් එකට සාධාරණයක් ඉටු වෙයිද කියලා. තවත් දෙයක් එකතු කරන්න කැමතියි. මේ චිත්‍රපටයේ තියෙනවා යාළුවනේ පට්ට සිංදුවක් ‘ මොඩ-මොඩ ‘ කියලා. කුඩා දරුවෙක් විසින් ගායනය කරන එම ගීතයත් හුඟාක් ජනප්‍රිය එකක් වුණා. සමාවෙන්න ඕන ඒ සිංදුව හැරෙන්න මේකේ තියන අනිත් සිංදු වලට නම් මම උපසිරැසි දැම්මෙ නැහැ ඉක්මණට දෙන්න ඕන නිසා. එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්ම, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු…ජයවේවා !

Ivide (2015)on IMDb

 

 

720 MB (HD) කොපිය මෙතනින් බාගන්න

19E72C352AA043FF0C98F24A7B5569038B593041 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

20,885 downloadsDownload Kanchana-2-Muni-3-2015.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

20,885 downloadsDownload Subtitles77 KB

34 comments

  1. Sanj

    Thanks

  2. Gayan

    Dounlord කරන්න බෑ ෆිල්ම් එක...මහන්සි වුනාට තැන්ක්ස් යාළුවා....සුභ අනාගතයක්....

  3. kavinda

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  4. Gayan

    හරි අමාරුවෙන් dounlord කරන්න තැන හොයා ගත්තා පොඩි අවුලක් කියන්නේ link එකෙන් හිහාම නිල් එවා එනවා...මාරම අවුල...කමක් නෑ කොහොම හරි වැඩේ කරගන්න පුලුවන් වුනා..නැවත වරක් ස්තුතියි කියනාවා මහන්සියට....

    1. kalu

      kohomada bn download karagatte? amarui hoya ganna

  5. Podi Malli

    සබට ස්තූතියි.. වටිනවා හෙනටම

  6. Rajitha Abeysinghe

    thanks!

  7. D Chamara

    niyamai sahoo niyamai denakam balagena hitiya bohoma sthuthi ....

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. Lakshan Nilanka Jayasuriya

    ඒල ඒල සහෝ...මේක දෙනකන් බලාගෙන හිටියෙ...සබට බොහොම තුති...ජය වේවා....!

  11. තිසල්

    තැන්ක්ස් බන් එල මරු එකක්

  12. roshan

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!

  13. Kulanjana Maduranga

    niayamai…thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. srimal

    elama ela denakan balan hitiye sabata thaanks

  15. tharin

    රොම්බ තැන්ක්ස් මචන්....මං ඊයෙත් සර්ච් කළා මේක දාලද කියලා....

  16. Prabhath

    හදවතින්ම ස්තූතියි සහෝ...

  17. කසුන් හර්ෂණ

    පුලුවන් නම් Kalpana Guest House ෆිල්ම් එකට සබ් දෙන්නකෝ. පට්ටම Horror Film එකක්.

  18. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. DilShan

    thanks bro

  20. Shiraj

    Machan mekata parana film balala tiyenna onada story eka therum ganna ???? PLZ Danna ekkenek kiyannako

    1. indrajith

      na machan

  21. Sanindu Lakkitha

    Thanx macho... Meka tamai hoda copy ekak enna parakku unama film eka. Monawa unat hoda copy eka apu gaman sub eka denmata godak thanx macho... Jaya wewa.....

  22. Harshana Madumal

    Thanks aaaaaa

  23. P.K

    Thank you saho...I've watched the Kanchana 1...Raghava's mother is awesome...Funny character...Even this is a horror movie, never get scared because of the comedy scenes...

  24. Lakshitha

    thnx saho sub 1te :D

  25. thushanga

    suppa mchan.puluwan nam muni 1 sub ekath karannakoo.muni 2007.me series eke mulma eka.

  26. suneth indika

    ela aaaaa..........

  27. zaza

    sub download wenne nane error meg ekak enawane plz help me....

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  29. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  30. spsm

    Balanna asawen hitapu film ekk. Sub ekt godak pin

  31. Milinduprabash

    Elammmmmmm