අදත් ආවා ඕන්න මගේ නවවෙනි උපසිරසියත් අරං. අමුතුම තාලේ අබිරහසක් විසඳන්න නුවණක්කාර විදිහට වැඩ කරපු පොලිස් නිලධාරී කණ්ඩායමක් ගැනයි මේ කතාව. හොඳම පන්නයේ කොස් වර්ගයකින් (මලයාසියානු අංකල් හොංග් ප්‍රභේදය) හදාපු කොස් අච්චාරුවක් කෑමට පිළිගන්නලා තමන්ගේ දේශපාලන පක්ෂයේ නායකතුමාගේ හිත දිනාගත්තු, ඉන්දියානු ව්‍යවස…

අදත් ආවා ඕන්න මගේ නවවෙනි උපසිරසියත් අරං. අමුතුම තාලේ අබිරහසක් විසඳන්න නුවණක්කාර විදිහට වැඩ කරපු පොලිස් නිලධාරී කණ්ඩායමක් ගැනයි මේ කතාව.
හොඳම පන්නයේ කොස් වර්ගයකින් (මලයාසියානු අංකල් හොංග් ප්‍රභේදය) හදාපු කොස් අච්චාරුවක් කෑමට පිළිගන්නලා තමන්ගේ දේශපාලන පක්ෂයේ නායකතුමාගේ හිත දිනාගත්තු, ඉන්දියානු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික චරිතයක් වෙන මුන්නාලාල් පටේරියා මහත්මයාට, පක්ෂ නායකතුමාගෙන් සුහද අභියෝගයක් එල්ලවෙනවා ඒ අච්චාරුවෙන්ම තව බෝතල් දෙකක් දාන්න. වෙන මොනවත් නෙමෙයි, අච්චාරු බෝතල් දෙක නැත්තන් පටේරියාට ඇමති පට්ටමත් නෑ. ඉතිං පටේරියා මහත්තයා අහල බලනව ගෙදර තව බඩු තියෙනවද කියල. හරි වැඩේ, අච්චාරු ඉවරයි. ඉතින් ආයෙ අලුතෙන්ම දාන්න වෙනවා. ආ, අවුලක් නෑ. හොඳ සාරෙට හැදිච්ච කිලෝ පහළවේ පහළවේ විතර ගෙඩි දෙකක් අන්න මිදුලෙ ගහේම තියෙනවා. කොහොමහරි පහුවදාම කොස්ගෙඩි දෙක කඩලා වැඩේට බහින්න හිතාගෙන, අන්තිමේ පහුවදා, ඒ කිව්වෙ මාර්තු 18වෙනිදා, උදෙන්ම නැගිටලා පොඩ්ඩක් ඇවිදින්න හිතාගෙන පටේරියා තුමා ඔන්න බැස්සා එළියට. එළියෙ දැකපු දෙයින්… නැත්තන්, නොදැකපු දෙයින් මහත්තයා තුෂ්ණිම්භූත වෙනවා. කොස් ගෙඩි දෙකම මිසිං. අන්තිමේදි හොයල හොයල බැරිම තැන පොලීසිය, අධිකරණ වෛද්‍ය අංශය ඇතුළු ගොඩ දෙනෙක්ගේ සහය ඇතුව නැතිවුණු කොස් හොයන්න ඒ මහත්තයා පියවර ගන්නවා, ඇත්තටම කොස්වලට වඩා දරුණු කාරණා බොහොමයකට තමන්ගේ අවධානය යොමුකරන්න මුලින් කියපු පාර්ශව වලට සිද්ධවෙලා තියෙන පසුබිමකත්. ඉතින් කොහොමහරි මේකට සම්බන්ධ තොරතුරු, සාක්කි, හෝඩුවාවල් හොය හොය යන ගමනේ දී අපේ හුදු නැතිවුණු කොස් පිළිබඳ පරීක්ෂණය අපූරු හැරවුම් ලක්ෂ්‍යයකට ළඟාවෙනවා.
ආනන්ත් ජෝෂි, ගුර්පාල් සිං, නේහා සරාෆ්, බ්‍රිජේන්ද්‍ර කාලා, විජේ රාස්, අපූර්වා චතුර්වේදි, ඒවගේම විශේෂයෙන් දන්ගල් හි බබිතා චරිතයෙන් ඔබ හඳුනාගත් සන්යා මල්හෝත්‍රාත්, භූල් භුලයියා හි පොඩි සාමි (චෝටේ පණ්ඩිත්) චරිතයෙන් හමුවූ රාජ්පාල් යාදව්ත් ඇතුළු විශිෂ්ට නළු නිළි කැළකගේ දායකත්වයෙන්, වැඩි ආරලු බූරලු නැතුව මිනිත්තු 115ක් වැනි කෙටි කාලයක දිවෙන කඨාල් කතාපුවත IMDb දර්ශකයේ ලකුණු 6.7කුත් Rotten Tomatoes අඩවියේ 86%ක ප්‍රේක්ෂකාගාර ඇගයීමකුත් හිමිකර ගන්නවා. එතනින් එහා ලොකුවට විස්තරයක් ලබාගන්න බැරිවුණා, මොකද මේ චිත්‍රපටය අමෙරිකානු නෙට්ෆ්ලික්ස් ජාලයෙන් නිකුත් වෙලා අදට ගතවුණේ යන්තම් දින 10ක් විතරයි.
තාක්ෂණික පැත්තට අවධානයක් දුන්නොත් නම්, මම දන්න තරමින් මේක රූපවාහිනී චිත්‍රපටයක්. කොටින්ම මේකේ Age Rating එක පවා දීලා තියෙන්නෙ TV-MA මට්ටමින් (අවු. 17න් ඉහළ, නමුත් මට පේන හැටියට මේක General Audience (G) හැටියට වර්ග කරන්න පුළුවන් මෙහෙ හැමෝටම හින්දි බැරි නිසා.) එදිනෙදා චිත්‍රපටවල ඔබ දකින 2.35:1, (Cinemascope/Anamorphic Widescreen) 1:85.1, (American Widescreen Cinema) 1.78:1, (Standard 16:9 Widescreen) සහ පැරණිතම චිත්‍රපටවල 4:3 (Standard Definition, 35mm Classic) කියන Aspect Ratios හැම එකකටම වෙනස් 1.667:1 ක (5:3) රාමුවක තමයි මේ සලරුව ධාවනය වෙන්නෙ. මේක යුරෝපාකරයේ සම්මත Aspect Ratio එකක්. Paramount Ratio විදිහටත් හඳුන්වනවා. එ් ඇරුණාම සමහර පුළුල් තිර මොනිටර (1920×1200) වලත්, 35mm Widescreen සිනමාපටවලත්, Super 16mm සිනමා පටවවල සාමාන්‍ය දිග පළල අනුපාතය විදිහටත් මේ කියන Aspect Ratio එක යොදාගෙන තියෙනවා. සමන්ත් ලක්රා සහ ඇන්තනී බී ජේ රූබන්ගේ ගේ ඩොල්බි ඇට්මෝස් හඬ සංකලනයෙන් සමන්විත වුණත් 1080p පිටපතේ 5.1 සරවුන්ඩ් සීමාවෙනුත්, 720p පිටපතේ ස්ටීරියෝ සීමාවෙනුත් සෑහීමකට පත්වෙන්න අපිට සිද්ධ වෙනවා. චිත්‍රපටයේ සංගීතය Zee Music ලේබලය යටතේ රාම් සම්පත් වෙතින්.
මේ චිත්‍රපටය වැටෙන්නෙ Mystery, Comedy, Crime ගණයට. ඉතිං පුදුමයකටත් වගේ සිරසෙන් ඇස්ටරික්ස් කාටූන් එකට (සූර පප්පා) ඩබ් කළා වගේ ඔරිජිනල් දෙබස්වල නැති ආතල් එකක් දෙන්න YTS එකේ ඉංග්‍රීසි උපසිරැසිකරුවාත් උත්සාහ කරල තියෙනවා. එක උදාහරණයක් දෙන්නම්, මුදල් ගණුදෙනු පරහක් සාකච්ඡා කරන මැද ෆෝන් එකේ සිග්නල් අඩුවෙලා මිනිහෙක් මෝටර්සයිකල් සීට් එකක් උඩ හිටගෙන ෆෝන් එකේ අනික්පැත්තෙ ඉන්න කෙනාට කෑගහනව මෙහෙම, “අබේ දේනා නහී අබේ ලේනා හේ!” කියල. ඉංග්‍රීසි උපසිරැසියේ තිබුනේ මෙහෙම. “Not “bake the bunny”, I said, “Take the money, 1,500 rupees.”” කියල. ඔයාලා ගැන නං මම දන්නෑ, හැබැයි සැරින් සැරේ හරි හින්දි ෆිල්ම් බලලා මගේ හැදිච්ච පුංචි වාක් කෝෂයට අනුව නම් මිනිහා කෑගැහුවෙ, “අනේ, දෙන්න නෙමෙයි මනුස්සයො, ගන්න කියල කිව්වෙ!” කියල. මට ඔය හින්දි විභක්ති, උක්තාඛ්‍යාත වලට වෙනකම් නම් ඇති දැනුමක් නැහැ. ඉතිං මට අමාරුම වෙලාවට විතරක් Google Translate එකේ හින්දි වොයිස් ඉන්පුට් එක හවුල් කරගන්නත් සිද්දවුණා. හැබැයි ගූගල් හින්දිය සිංහලට පරිවර්තනය කරන හැටි දකින බොහොමයක් වෙලාවලදි මට හිතෙන්නෙ “නෑ, මෙයිට වඩා නං හොඳට මට පරිවර්තනය කළහැකි කියල. මේක මගේ අතිමාන්නයක්, පම්පෝරියක් නෙමෙයි, Google Translate පාවිච්චි කරන අය දන්නවා මම මේ මොකක්ද කියන්නෙ කියල.
ඉතින් බයිස්කෝප් එල්කේ වෙබ් අඩවියට පිවිසෙන්න වගේම ක්‍රියාශීලීව උපසිරැසිකරණයේ නියැළෙන්න මට අතහිත දුන්නු ලශේන් ද මැල්, ශාන් විමුක්ති, සිසිල ප්‍රසාද්, කාන් ෆර්නැන්ඩු සහ රවිඳු හේෂාන් ඇතුළු සොයුරු කැළටත්, බයිස්කෝප් එල්කේ වෙබ් අඩවියට යනඑන රසික ඔබ සැමටත් ස්තුතිවන්ත වෙමින් මම සමුගන්නම්, නැවත හමුවන බලාපොරොත්තුවත් ඇතිව.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,873 downloadsDownload Kathal.A.Jackfruit.Mystery.2023.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ දුවිඳු තරින්ද පෙරේරා
Subtitles
- #Editor's Pick
- #Kathal: A Jackfruit Mystery (2023) Sinhala Sub
- #Kathal: A Jackfruit Mystery (2023) Sinhala Subtitles
- #Kathal: A Jackfruit Mystery Sinhala Sub
- #Kathal: A Jackfruit Mystery Sinhala Subtitles
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Tabu
- #උපසිරැසි
- #විතානගේ දුවිඳු තරින්ද පෙරේරා
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
15 comments
Buddhika Lakmal (laKMal)
Anonymous
downlord wenne naha nesubtittle
nisa
sub akata thnks
ඩොක් අයියා
සුපිරි වැඩක් වගේ, බොහොම හොඳයි මල්ලියෝ
Daham Chinthaka
Tamilarasan sinhala sub one
senel
Kohomahari sub eka dunna ekata thankz. Hindi wala onema wachanayak hari wakyak hari, hariyatama theruma onenam ahanna. Hindi 90%k wage puluwan game bhashawa unath.. help ekata one welawaka ready...
Sahan Gayantha
thanks a lot sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Man
Thanks, for your effort and time brother!
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Anonymous
♥♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Duwindu Tharinda
Update: 5x3 Aspect Ratio එක මෙයිට කලින් ජපානයේ Hi-Vision කියන පරණ Analog HDTV ආකෘතියේදි පාවිච්චි වෙලා තියෙනවා. https://en.m.wikipedia.org/wiki/Multiple_sub-Nyquist_sampli…
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥