Watch Trailer

John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සුබ ගමන් වික් මහත්මයා [සිංහල උපසිරසි] (*550)

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මේ ආවේ හැමෝම මග බලාන උන්නු ජෝන් වික් චිත්‍රපටමාලාවේ 4වැනි සහ අවසන් සිනමාපටය අරගෙනයි. සමාවෙන්න ඕන මේ උපසිරැසිය ගේන්න දවසක් විතර පමා වුනා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා ප්‍රථමයෙන්ම. අපි මේ චිත්‍රපටය ගැන යම් විමසීමක් කළොත් මාර්තු 24 වෙනිදා ඇමරිකාවෙදි තිරගත වීම් ආරම්භ කළ ජෝන් වික්…

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මේ ආවේ හැමෝම මග බලාන උන්නු ජෝන් වික් චිත්‍රපටමාලාවේ 4වැනි සහ අවසන් සිනමාපටය අරගෙනයි. සමාවෙන්න ඕන මේ උපසිරැසිය ගේන්න දවසක් විතර පමා වුනා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා ප්‍රථමයෙන්ම.

අපි මේ චිත්‍රපටය ගැන යම් විමසීමක් කළොත් මාර්තු 24 වෙනිදා ඇමරිකාවෙදි තිරගත වීම් ආරම්භ කළ ජෝන් වික් සිනමාපටය මේ වන විට IMDB අගය 8.1 ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 94%ක අගයක් අරගන්න සමත් වෙලා තියෙන්නෙ ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක්ද සමගින්. එසේම මේ වන විට ඩොලර් මිලියන 400කට වැඩි ආදායමක් උපයාගෙන තිබෙන්නේ ජෝන් වික් චිත්‍රපට මාලාවේ චිත්‍රපටයක් ලබා ගත් ඉහළම ආදායම් වාර්තාවට හිමිකම් කියමින්. Keanu Reeves, Donnie Yen, Bill Skarsgård, Laurence Fishburne, Hiroyuki Sanada, Lance Reddick, Scott Adkins, Ian McShane යන විශිෂ්ඨ නළුනිලියන් රැසක් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා.

මෙවර සිනමාපටයේ කතාව වෙන්නෙ ජෝන් වික් පෙර සිනමාපටයේ වින්ස්ටන් විසින් ඔහුට වෙඩි තබා වහලකින් බිමට දැම්මාට පස්සේ දිවි ගලවාගැනීමෙන් අනතුරුව හයි ටේබල් එක විනාශ කිරීමේ මෙහෙයුමකට එළඹීමයි. තමන්ගෙ නිදහස සහ මුදුව ලබාගැනීමේ අපේක්ෂාවෙන් ජෝන් වික් විසින් ජ්‍යෙෂ්ඨයාව ඝාතනය කරන අතරම එයට ප්‍රතිචාරයක් විදිහට හයි ටේබල් එක නිව්යෝක් කොන්ටිනෙන්ටල් හෝටලය විනාශ කරන්න පෙළඹෙනවා. මේ නිසාම ජෝන් වික් තමන්ගෙ පරණ මිත්‍රයින් සහ පවුලේ අය වෙත යන්නත් පෙළඹෙනවා වගේම, මෙවර ජෝන් වික්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා බවට පත්වෙන්නේ ග්‍රමොන්ට් වංශාධිපතිවරයා. එහෙමනම් ජෝන් වික් සහ හයි ටේබල් එක අතර ඇති විරසකයට, මහා යුද්ධයට මෙවර අවසානයක් ලැබේවිද කියලා බලන එක ඔබටම බාරයි.

ඒ වගේම මේ සිනමාපටය මගේ උපසිරසි ජීවිතේදීත් විශේෂ කඩයිමක් සනිටුහන් කරන සිනමාපටයක් කිව්වොත් නිවැරදියි. ඒ මොකද මේක මගේ උපසිරසි දිවියේ 550වැනි උපශිර්ශය නිසා. එහෙමනම් ප්‍රථමයෙන් ඔබ හමුවේ මා උපසිරසි දිවියේ ආ ගමන් මග මෙලෙස දිග හරින්නම්.

  • පළමු උපසිරැසිය 2015.04.19
  • 50වන උපසිරැසිය 2015.10.23
  • 100වැනි උපසිරැසිය 2016.03.10
  • 150වැනි උපසිරැසිය 2016.09.13
  • 200වැනි උපසිරැසිය 2017.02.23
  • 250වැනි උපසිරැසිය 2017.09.11
  • 300වැනි උපසිරැසිය 2018.04.23
  • 350වැනි උපසිරැසිය 2018.11.11
  • 400වැනි උපසිරැසිය 2019.07.10
  • 450වැනි උපසිරැසිය 2019.11.12
  • 500වැනි උපසිරැසිය 2020.11.19

යන දිනයන්වල සනිටුහන් වෙලා තියෙනවා. ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ මේ තරම් දීර්ඝ ගමනක් එන්න හේතු වුන ප්‍රධානම කොට්ටාෂය වෙන්නෙ අපෙන් උපසිරසි බාගත කරගෙන යන බයිස්කෝප් රසික රසිකාවියන් වෙන ඔබ. ඒ වගේම ඒ අය අතරිනුත් කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරලා යන්න තරම් නිහතමානි වෙන අතලොස්සක් තරම් වූ පිරිස. ඉතින් ඒ සියල්ලන්ටම විශේෂයෙන්ම තුති පුද කරන්න ඕන. ඒ වගේම තමා අපේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු සහෝදර උපසිරසිකරුවන් සියළු දෙනාවත් මේ අවස්ථාවේ ඉතාම ආදරෙන් සිහිපත් කරන්නම ඕන. මොකද ඒ අයගෙනුත් මේ ගමන විශාල සහයෝගයක් ලැබුනා වගේම ඉතාම හොද මිතුරු මිතුරියන් පිරිසක් හදුනා ගන්නට ලැබී තිබෙනවා. එහෙමනම් වැඩි දේවල් කියවන්න යන්නෙ නැතුව මා සමුගන්නවා ඔබට වික් මහත්මයාගේ අවසන් වික්‍රමය බලන්නට ආරාධනා කරමින්. යලිත් උපසිරසියකින් හමු වෙන තෙක් ඔබට ජයෙන් ජය!.

උපසිරසි යාවත්කාලින කිරීම වෙනුවෙන් සනුක අක්නාත් ට අපගේ ස්තුතිය

 

 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.

28,978 downloadsDownload John.Wcik_.Chapter.4.2023-Bluray-Update.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

28,978 downloadsDownload Subtitles67 KB

29 comments

  1. Anonymous

    Thanks brother ❤️

  2. Chad

    Blu-ray Update karala dennako plz

    1. Rock

      Blue-ray plz

    2. Kavindu Madhuranga

      Blu-ray Update Karala Dennako. Loku Deyak.

  3. Anonymous

    Thanks bro

    1. Pavith Wijesooriya

      550 කියන්නෙ එසේමෙසේ කඩයිමක් නෙමේ. ඉතින් බයිස්කෝප් පවුලට ඉන්න තවත් අනගි උපසිරසිකරුවෙක් කියල සැක නැතිව කියන්න පුලුවන්. ඉතින් මේ කඩයිමට මගෙනුත් උණුසුම් සුභ පැතුම් අයියෙ!!! ඊළඟ කඩයිම තව 50කින්...

    2. Chad Log

      Blu-ray walata meka wada nane

  4. ලහිරු ප්‍රසාද්

    සමාවෙන්න ඕන කමෙන්ටුවක් දාන්න පමා උනාට මචන් , හැබැයි ඒකත් හොදයි කලින් දාලා තිබ්බනම් ඒකත් නැතිවෙලානෙ. කොහොමහරි ඉතිං 550 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා මචං. ඊලඟ කඩයිමටත් ඉක්මනින්ම යමං. සබටත් බොහෝම තුති. ජය!

  5. Leo

    Please Bluray Update Sub eka denna puluwanda

  6. Chamindu U

    Bluray Update eka dennamk

  7. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට...
    550වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් මධුකප්‍රිය සහො! :)
    මෙච්චර දුර ගමනක් ඇවිත් තියෙනවා කියන්නේ ලේසි පහසුනම් නැතුව ඇති කියන වග හොඳින්ම පැහැදිලි කාරණයක් තමයි. කොයි තරම් මහන්සියක්, කැපවීමයක් ඔය 550 ඇතුළෙ සැඟවිල ඇත්ද! ඒක තේරුම්ගන්න පුලුවන් එක සබ් එකක් හරි ස්ව-උත්සහයෙන් සම්පූර්ණ කරපු කෙනෙක්ටම විතරයි...
    ඉතිං 600ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  8. Logan x

    Blu-ray Update eka denna puluwanda please

  9. Sachith

    BluRay update ekak dennako please

  10. Dumindu WeeraSooriya

    "John.Wick.Chapter.3.2023.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA" Mekata Hariyana Sinhala Subtitles File eka Dennako. Thanks.

  11. Sachith

    BluRay update karannako please

  12. Bhathiya

    Bluray update eka denna.....

  13. Nishan

    Thanx bro

  14. dishantha

    supiri bro keep it up

  15. Anonymous

    Thanks a Lot Brother

  16. Sachith

    ස්තුතියි ❤

  17. Rev N wijayadewa

    ඉතා දීර්ඝ කාලයක් අන් අයගේ රස වින්දනය වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරන ඔබට සුබ පැතුම්

  18. දහරා මුතු අමා

    මුලින්ම සමාවෙන්න ඕනේ කමෙන්ටුවක් දාන්න පරක්කු වුනාට, ඉතින් කඩයිමට උනුසුම් සුබ පැතුම් මල්ලි. ඉදිරි කඩයිම් වලට යන්නත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඒ වගේම ඉදිරි වැඩ කටයුතුත් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඒ වගේම සබටත් බොහොම ස්තූතියි.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. ශසිත් සඳරුවන්

    තවත් කඩඉමකට සුබපැතුම් සහෝ...
    දැන් සුබපතලාම ඇති වෙලා, කී ගමනක්ද ඉතින් :-)
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  21. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  22. nishu

    your hard work and perseverance have paid off. congratulations for your 550th graduation! wishing you even more success in the future.

  23. Ishan

    Thank you for your priceless effort

  24. Hashan D Hettiarachchi

    Sepa sepa

  25. Anonymous

    thanks oyata