ඔන්න මගේ පළවෙනි බයිස්කෝප් එක ගැන ලියවිල්ල. වැඩේට සෙට් උනාට ටික කාලයක් ගියේ හොඳ බයිස්කෝප් එකක් ගැන ලියන්න ඕනෙ නිසා. අන්තිමට මම තෝර ගත්තෙ මගේ හොඳම බයිස්කෝප් එක. මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. ආදර කතා බලන ගොඩක් අය කියන්නෙ, ¨A Walk to Remeber¨ වලට පස්සෙ තියෙන හොඳම ආදර කතාව මේක කියල. හැබැයි ගොඩක් ප්‍රසිද්ධ…

ඔන්න මගේ පළවෙනි බයිස්කෝප් එක ගැන ලියවිල්ල. වැඩේට සෙට් උනාට ටික කාලයක් ගියේ හොඳ බයිස්කෝප් එකක් ගැන ලියන්න ඕනෙ නිසා. අන්තිමට මම තෝර ගත්තෙ මගේ හොඳම බයිස්කෝප් එක. මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. ආදර කතා බලන ගොඩක් අය කියන්නෙ, ¨A Walk to Remeber¨ වලට පස්සෙ තියෙන හොඳම ආදර කතාව මේක කියල. හැබැයි ගොඩක් ප්‍රසිද්ධ නෑ. ඒඋනාට මේක ගැන තියෙන පාඨක ප්‍රතිචාරනම් ගොඩාක් හොඳයි. IMDB වල 7.6 ක ප්‍රතිචාරයක් තියෙනව. ඔයගොල්ලොත් මේක බලලම ප්‍රතිචාර දක්වන්නකෝ.
කථාවේ ප්‍රධාන නිළිය නටාලි, කියන්නෙ පාසලේ වැඩිම දස්කම් දක්වන සිසුවා. නටාලි හිතාගෙන ඉන්නෙ එයා එයාගෙ ජීවිතේ එයාට ඕනෙ විදියට හදාගෙන ඉවරයි කියල. ඔය අතරෙ තමයි කීත් නටාලිට ලං වෙන්නෙ. හැබැයි කීත් නටාලිගෙන් ආදරය ඉල්ලන්නෙ නෑ. ඒත් කීත් නටාලිට හරිම ඉක්මනට බලෙන්ම වගේ ලං වෙනව. නටාලි හදන්නෙ කීත්ව පුලුවන් තරම් අතේ දුරින් තියා ගන්න. කීත් එක වෙලාවකට නටාලිට ගොඩාක් ලෙන්ගතු බව පෙන්නුවට , තවත් වෙලාවකදි නටාලිව පුලුවන් තරම් එයාට ලං වෙන එක වලක්වන්න හදනව. මේ නිසාම නටාලිට ඕනේ වෙනව මේ කිසිම වැඩක් නොකරන, එයාගෙ ට්‍රක් එකට ජීවිතේ තරම්ම ආදරය කරන ඳගකාර කොල්ලව තේරුම් ගන්න. ඒත් කීත් ඒක හිතන තරම්ම ලේසි කරන්නෙ නෑ. කීත් නටාලිගෙන් එයාගෙ ජීවිතේ ලොකු රහසක් වසන් කරන්න උත්සාහ කරනව. අන්තිමට නටාලි කීත්ව තේරුම් ගන්නව. හැබැයි ඒ වෙනකොට මේ දෙන්නගෙම ජීවිත ගොඩාක් වෙනස් වෙලා ඉවරයි. ඒ වෙනස් වීම දෙන්නටම හොඳ එකක්ද, නැත්තම් නරක එකක්ද කියල ඔයගොල්ලො බලලම තීරනය කරන්න.
කතාවට ආස උනත් නැති උනත් , කතාව ඔයගොල්ලන්ව ගොඩාක් පුදුම කරවයි. කතාවට අමතරව ලස්සන පසුබිම් සංගීතයකුත් මුලු කතාව පුරාවටම ගලාගෙන යනව. ලස්සනම ලස්සන එලිසබෙත් හා(ර්)නොයිස් නටාලිට රඟපාන අතරෙ කීත් වෙනුවෙන් ජෙසී මැක් කා(ර්)ට්නි රඟපානව. ඇහැට කඳුලක් නංවන මේ කතාව, ආදර කතාවලට ගොඩාක් කැමති හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ කතාවක්. වැඩිය කියවල චිත්‍රපටිය අල කරන්න ඔනෙ නෑනෙ. ඔයගොල්ලොත් බාගෙන බලලම කොමෙන්ට් පාරක් දාන්නකො. 🙂
ලිපිය – දසුන් ලොකුහෙට්ටි

45 comments
සෑම්
mewi
math banna damma..balalama kiyannam
Asantha C
ela ela....onna office awilla mulinma karana wadeee....download karanna damma
Anonymous
apith download karanwa,pena widiyata lassana kathawak wagei,thnx for uploading...
පොඩි මෑන්
මමත් බාන්න දැම්මා තැන්කු...
MAX
Vinnaithaandi Varuvaaya wage tamil films add karanna apita balanna.
mier
me dawas wala dana godak films wala torrent sites Bahrain wala block karala nisa ewa ekakwath ganna bari una,
karunakarala meke torrent eke link eka methana post karanawada?
bohoma sthuthiy.h
බාලම බලමුකෝ :)
හෙළයා
බලමු
Dinushka Udara | රොකියා
කාලෙකට ඉහතදී මේක මමත් අහම්බෙන් බැලුවා. ලස්සන ආදර කතාවක් තමයි. ලිපිය ලියලා තියෙන "දසුන්" සහෝදරයත් රසවත් විදියට ලිපිය ලියලා තියෙනවා. දිගටම බයිස්කෝප් එකට ලිපි ලියන්න. ජය වේවා.
gani01
ඔන්න බාන්න දැම්මා මචෝ.:) ගොඩක් කාලෙකින් හොද ලව් ෆිල්ම් එකක් බැලුවෙත් නැ. හැමදාම අලුත් ෆිල්ම් තමා බලන්න වෙලා තියෙන්නේ.:D
gvs
ele ela
ගිශාන්
onna math baanawoooo.
Ansh Lucky Sri Jay
බාන්න දැම්මා..
:)
thanksh829
Thanks
h829
thanks machan
Naya
thanx
chathuranga
මම මේ ඉරිදා ඔය ෆිල්ම් එක බැලුවා. අමුතු ආදර කතාවක්.මේ ෆිල්ම් එක ගැන ලිව්වට ස්තූතියි. බලන්න හොද ෆිල්ම් එකක්..
හෙළයා
බෑවා. දැන් බලමු
ලාල්
බොහොම ස්තුතියි!දැනට පිල්ම් තුනක් බා ගත්තා හරිම ලස්සනයි.
උප සිරසි සමග සීඩී එකකට කොපි කරගන්න විදියත් කියල දෙන්නකො.තුලන ප්‍රනාන්දු
Ela film ekak wage
Walk to remember tharam nam ekak wath mage hithata alluwe na
meka bala balanna ona thanku saho@ Lal - Use nero
In nero vison theres a option to add subs and write a dvdAsitha
Well Done Dasun.....
Want more from U..kathu
පට්ට තමා..!! අාදර කතා කිවුවොත් අපි එතන.. Thank you කිවුවා ඔන්න...
kolla
ela ela
දිනුක
නියම ආදර කතාවක්... ස්තූතියි දසුන් සහෝ...
Asantha C
Film eka nam hodai machan.....eth mama ela love story ekak widiyata dakinne naaaa......mata mee kathaawa tikak wenas widiyakata danenneee......me ke kella hena chater neee......ara boy friend ge kisima waraddak nathuwa nee,uuuu wa atha arala keith ekka set wenne........(kello ethin kohomath oya wagee thamai nee......,mage real life eketh kellek mata oya wage experience ekak dunna hinda wenna athi mata ehema hithennee....)
Ruwan
thanks brooooo.................
Shiwanthika
ඔන්න දසුන් මමනම් අනිවර්යයෙන්ම මේක බලනවා....හරිද..
කසුන්
අම්මටසිරි දසුනයත් ඔයත් බයිස්කෝප් එකට ලිව්වද? එල එල. ඉතින් මේ Love ස්ටෝරි එකනම් මාරයි.මම මේක බලලතියෙනවා. අනිත් එක දසුන් ඔයා ලියල තියෙන විදියත් නියමයි. මගෙන් සුභ පෑතුම්. අනවාර්යෙන් මාත් ආයි පාරක් බලනවා. ස්තුතියි.ඔබට ජය.
dasun
pls kiyanna kohomada downlod karanne ........
me opan wana paeg akan banna be?nee
thanks dasun............
dananji
lovely story <3 <3 <3 <3
නිලංග
එල
AL1717
Mekath Hodai Wage kiyala Hithuna >
Onna Eka Nisa Mama Mekath Banawa..
Thanks Machangessy
තැන්කු තැන්කු මතං...
Ramraj
කෝ මම මෙතන කමෙන්ට් කරලා නෑනේ. ඔන්න ඒකත් හරි.
Nimesha
Sub :(
rosheen
super
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |:) තුති……. :)
Naween
පට්ට මචෝ.මේකට සබත් තිබ්බනම් එල.විස්තරේට බොහොම තෑන්ක්ස්…!
vma
sinhala subtitile upload karanna
anunethu
Sinhala sub eka denna..thanks
jagath_chaminda
thank you....
A.A.D hasindu
sub
Chamara Indika
meke sub nane....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අද මම තමා මුල්ම කෙනා....එල එල...ගොඩක් ස්තුති දසුන්
සහො....ඔන්න දැන්මා බාන්න...