2019 අගෝස්තු 28 වන දින තිරගත කරන ලද Drama, Sport ගණයට අයත් IMDb අගය 6.1 අරගෙන තියෙන M. Sasikumar, Bharathiraja, Meenakshi Govindarajan, Soori, Murli Sharma, යන අයවලුන් චරිත නිරූපනය කරනු ලබනවා. මෙම චිත්‍රපටයත් ක්‍රීඩාවටම සම්බන්ධ දුප්පත් පවුල්වල ගැහැණු ළමයි තම රට වෙනුවෙන් කැපවෙද්දි ඔවුන්ව ඉදිරියට, ජ්…

2019 අගෝස්තු 28 වන දින තිරගත කරන ලද Drama, Sport ගණයට අයත් IMDb අගය 6.1 අරගෙන තියෙන M. Sasikumar, Bharathiraja, Meenakshi Govindarajan, Soori, Murli Sharma, යන අයවලුන් චරිත නිරූපනය කරනු ලබනවා. මෙම චිත්‍රපටයත් ක්‍රීඩාවටම සම්බන්ධ දුප්පත් පවුල්වල ගැහැණු ළමයි තම රට වෙනුවෙන් කැපවෙද්දි ඔවුන්ව ඉදිරියට, ජ්‍යාත්‍යාන්තරයට රැගෙන යාමට පුහුණුකරුවන් දෙපළක් උත්සාහ දරන අවස්ථවක ඉහළ තලයේ ඉන්න වගකියන්න ඕන අයගෙ දූෂණය වංචාවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක ගැනයි.
කබඩි කියන්නේ ඉන්දියාවේ පාරම්පරිකම ක්‍රීඩාවක්. දමිලයන්ගේ ක්‍රීඩාවක්. ඉන්දියානු භූමියේ ක්‍රීඩාව. පොංගල් උත්සවේ පවත්වන ජල්ලිකට්ටු ක්‍රීඩාවට ක්‍රීඩකයන් තමන්වමසූදානම් කරගන්න පුහුණු ක්‍රීඩාව තමයි කබඩි ක්‍රීඩාව. ඉන්දියාව පුරා පැතුරුණු මේ ක්‍රීඩාව අද වන විට පාකිස්තානය, නේපාලය, බංගලාදේශය, ඉරානය, එංගලන්තය, වගේ රටවල් 32ක් පුරාවට මේ ක්‍රීඩාව පැතිර තිබෙනවා. ඉන්දියානු කබඩි ව්යූහය වන ඉන්දියානු කබඩි සංගම් ෆෙඩරේෂණය 1950 වර්ෂයේදී ආරම්භ වූවක්. කබඩි පිටිය කියන්නේ මීටර් 10 * 13 න් වට වුන වර්ග අඩි 1400 ක භූමි ප්‍රමාණයක ලී කුඩු, පොල් කොහු, වැලි එක්ක මිශ්‍ර කරල ක්‍රීඩකයන්ගෙ ආරක්ෂාව තහවුරු කරල ආව මෙම ක්‍රීඩාව ප්‍රො කබඩි වැනි ලීග් ක්‍රීඩා හරහා මෙම ක්‍රීඩාවට දැන් ජාතික මට්ටමේ පිළිගැනීමක් ලැබී තිබෙනවා. බර්ලින් ඔලිම්පික්, ආසියා ඔලිම්පික්, ලෝක් කුසලාන කබඩි ඉන්දියානු භූමියේ ක්‍රීඩාව ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා.
මුරුගානන්දම් සෙවඩමුත්තු මහතාගෙන් කුඩා කළ සිටම කබඩි ක්‍රීඩාව හදාරා එයින් ඉහල තැනකට පැමිණ දුම්රිය දෙපාර්තමේන්තුවේ කබඩි ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙනවා. පසුව ඔහු ක්‍රීඩා කරන තරගයකදි ඔහුගේ පුහුණුකරුගේ උපදෙස් වලට පිටින් ක්‍රියා කර තරගය ජයගත් නිසා ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරනු ලබනවා. ඔය අතරෙම ගමේ තමන්ගෙ පුහුණුකරු වන සෙවඩමුත්තු මහත්තයා අසනීපව රෝහල්ගත කරල කියල මුරුගානන්දම්ට පණිවිඩයක් ලැබෙනවා. ඔහු වහාම තමන්ගේ ගුරුවරයා බැලීමට පැමිණෙනවා. මේ වන විටත් සෙවඩමුත්තු මහතා ගැහැණු ළමුන්ගේ කබඩි කණ්ඩායමක් පුහුණු කරමින් සිටිනව. ගුරුතුමා කියනවා මගේ සෞඛ්‍ය තත්ත්වය යටතේ ටික දවසක් වත් යනතුරු කබඩි කණ්ඩායමේ පුහුණුකාරයා විදියට ළමයින්ව පුහුණු කරන්න කියල. ඉතින් ඒ වැඩේ බාර අරගෙන ළමයින්ව පුහුණු කරල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන තරගාවලියේ කණ්ඩායම් 32ක් අතුරින් ජයග්‍රහණය කරා මෙහෙයවනවා. මුරුගානන්දම්ගේ කණ්ඩායමේ විද්‍යා හට ජාතික කණ්ඩායමේ පුහුණු කදවුරට ඇතුලත්වීමේ අවස්ථාවක් ලැබුණත් මුරුගානන්දම් අස්කල නිළධාරියා ඇයව ඇතුළත් කරගැනීමට අල්ලස් ඉල්ලා සිටිනවා. නමුත් දුප්පත් පවුලක ඉපදුන ඇයට එම මුදල දීමට නොහැකිව සිය දිවි හානි කරගැනීමට උත්සාක කරනවා. ඒ හේතුවත් සමගම ගැහැණු ළමුන්ගේ දෙමාපියන් කබඩි ක්‍රීඩවට එන්න නොදී ඔවුන්ව නොයෙකුත් රැකියාවලට යවන්න කටයුතු කරනවා. පසුව දින කීපයකින් ඉන්දියානු පළාත් මට්ටම් තරගාවලිය පැවැත්වෙන බැවින් මුරුගානන්දම් තීරණය කරනවා එයට කොහොමහරි කණ්ඩායමක් ඉදිරිපත් කරල ජයග්‍රහණය කළොත් තමයි මේ ගැහැණු ළමයින්ට සාධාරණයක් ඉටුවෙන්නෙත් දූෂිත නිළධාරියාට පාඩමක් උගන්වන්න හැකිවෙන්නෙත් කියල. ඉතින් ඒක කරන්න නම් විසිරුණු කණ්ඩායම එකතු කරගෙන හොදින් පුහුණුවෙලා තරග කරන්න වෙනවනේ….මුරුගානන්දම් මේ අභියෝගයට මුහුණ දෙන්න කොහොමද බලමු.
තෙරුවන් සරණයි !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
7,499 downloadsDownload Kennedy-Club-2019.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
15 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!viraj
meke link EKA biscopdownload.co eke nane..
Nilush Angana
Sub ekata thanx
Sanjaya
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සහො-
කරන කියන යහපත් දේ සාර්ථක වේවා
-තෙරැවන් සරණයි-හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nicky SL
Guilty 2020 hindi movie eke sub dennako plz
gayanmagee
thanks
indika75
thanks..
mdj777
සිංහල උපසිරැසියට ස්තූතියි
Ravisara Dharmapala
Supiri filn ekk nimy thnsk sub ekta bro..
D.Chamara
bohoma sthuthi sahoo
Kanchaka
Thanks bro
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!