Khajuraho Dreams (2025 Sinhala Subtitless ආයුබෝවන්, වෙනද වගේ මේකෙ IMDB අගය මම දාන්නෙ නෑ. පැහැදිලිවම ඒක අඩුයි. මමත් ෆිල්ම් එකේ නමයි ප්‍රධාන නළුවො දෙන්නයි දිහා බලල ඩවුන්ලෝඩ් පාරක් දාල බලන්න ගත්තා. නරකම නෑ කියල හිතුන නිසා සබ් එකත් කරල දැම්මා, මේක එක්තරා විදිහක road film එකක්. විශේෂයෙන්ම මලයාලමේ ලස්සන…

ආයුබෝවන්, වෙනද වගේ මේකෙ IMDB අගය මම දාන්නෙ නෑ. පැහැදිලිවම ඒක අඩුයි. මමත් ෆිල්ම් එකේ නමයි ප්‍රධාන නළුවො දෙන්නයි දිහා බලල ඩවුන්ලෝඩ් පාරක් දාල බලන්න ගත්තා. නරකම නෑ කියල හිතුන නිසා සබ් එකත් කරල දැම්මා, මේක එක්තරා විදිහක road film එකක්. විශේෂයෙන්ම මලයාලමේ ලස්සන road trip film ගොඩක් තියෙනවා. Blue Skies, Green Waters, Red Earth, North 24 Kaatham, Kilometers and Kilometers, Ambili වගේ ඒව එක්ක තියන්න බැරි උනත් මේක බලා ඉන්න අමාරු ෆිල්ම් එකක් නෙමෙයි.
මේකෙ නමත් එක්ක තමයි මුල්ම කුතුහලය එන්නේ. කජුරාහෝ දේවාලය ගැන අහල නැත්තම් ගූගල් සර්ච් කරල බලන්න. 11 වන සියවසේ ගොඩ නගන ලද මේ කාමයට කැප උන දෙවොලේ අඩංගු ශිලා මූර්තී සහ කැටයම් වල නිරූපනය වෙන්නේ විවිධ ලිංගික ඉරියව්.
මේකෙ කතාව තියෙන්නෙ කේරලේ ඉඳල සැතපුම් දහස් ගාණක් දුර මධ්‍ය ප්‍රදේශ් වල කජුරාහෝ බලා බයිසිකල් සංචාරයක් යන කේරළ තරුණ පිරිසක් ගැන. ඔවුන් මෙහි යන්නෙ කජුරාහෝ කැටයම් බලන්නම නෙමෙයි. ඒ පළාතේ ගමක් හා බැඳුනු සිරිත් විරිත් සම්බන්ධ කතා පුවතක් මගින් මැවුනු යටි අදහසකුත් සමහරුන්ගෙ හිතේ තිබෙනවා. ඉන්දියාවේ සමහර පළාත් වල දේවදාසි සංකල්පය හා බැඳුනු සිරිත් විරිත් තිබෙනවා. පාරම්පරිකව දෙවියන්ගේ සේවයට කැප වෙන කාන්තාවන් අනිත් අතට වෛශ්‍යා වෘත්තියේ නිරත වෙනවා. සුරූපී කාන්තාවන් සිටින මේ ගමේ විවාහ සති දෙකකට සීමා වෙන බවත් ඉන් පසු දික්කසාද වෙන ඔවුන් ඉන්පසු සිය පාරම්පරික දේවදාසී වෘත්තියේ කටයුතු කරන බව කියැවෙනවා. මේ කතන්දරය තමයි තරුණයෝ සිව් දෙනෙක් හා තරුණියක් කජුරාහෝ බලා යන්න යොමු කරන්නේ. ඉතින් ඒ ග්මේ විවිධ ත් දැකීම් වලට මුහුණ දෙන ඔවුන්ට තම අදහස් සාක්ෂාත් කර ගැනීමට හැකි වෙයිද කියන එක තමයි බලන්න වෙන්නේ. ඇත්තටම තව ටිකක් කොමඩි පැත්තට බර කලා නම් මේක ගොඩක් හොඳ රේටිං එකක් ගන්න තිබුන ප්ලොට් එකක් කියල කියන්න ඔනෙ.
අර්-ජුන් අශෝකන්, ශ්‍රීනාත් බාසි ඉන්න නිසා තමයි මේක බලන්න හිතුනෙ. තව ශරාෆ් යූ ඩීන්, ඩෘවන්, රාජ් අර් ජුන්, අදිටි රවි වැනි නළු නිලියන් රැසක් රඟපාන මෙහි අධ්‍යක්ශණය මනෝජ් වාසුදේව්ගේ. එහෙනම් බලන්න, නැවත හමුවෙමු.
ආයුබෝවන්.
Khajuraho Dreams (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
744 downloadsDownload Khajuraho-Dreams-2025.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Khajuraho Dreams (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #Khajuraho Dreams (2025) Sinhala Sub
- #Khajuraho Dreams (2025) Sinhala Subtitless
- #Khajuraho Dreams Sinhala Sub
- #Khajuraho Dreams Sinhala Subtitless
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි බන්දුල අයියේ උපසිරැසියට