The Secret Agent (2025) Sinhala Subtitles 1970 ගණන්වල බ්‍රසීලයේ තිබ්බ අඳුරු දේශපාලන වටපිටාවක් ගැන කියවෙන “The Secret Agent” කියන්නේ ප්‍රේක්ෂකයාව අන්තිම වෙනකන්ම පුටුවේ හිරකරලා තියාගන්න පුලුවන් සුපිරිම Political Thriller ෆිල්ම් එකක්. දූෂණය, බලය වගේ දේවල් එක්ක තනියම හැප්පෙන සාමාන්‍ය මනුස්සයෙක්ගේ කතාවක…

The Secret Agent (2025) Sinhala Subtitles
1970 ගණන්වල බ්‍රසීලයේ තිබ්බ අඳුරු දේශපාලන වටපිටාවක් ගැන කියවෙන “The Secret Agent” කියන්නේ ප්‍රේක්ෂකයාව අන්තිම වෙනකන්ම පුටුවේ හිරකරලා තියාගන්න පුලුවන් සුපිරිම Political Thriller ෆිල්ම් එකක්. දූෂණය, බලය වගේ දේවල් එක්ක තනියම හැප්පෙන සාමාන්‍ය මනුස්සයෙක්ගේ කතාවක් තමයි මේකෙ තියෙන්නේ. මේ ෆිල්ම් එකට විචාරකයින්ගෙන් මාරම ප්‍රතිචාර ලැබිලා තියෙනවා වගේම, ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලදී හොඳම තිර රචනය සහ හොඳම අධ්‍යක්ෂණයට සම්මානත් දිනාගෙන තියෙනවා. Ratings පැත්තෙන් ගත්තත් ගොඩක් ඉහළ අගයක් ගන්න මේ ෆිල්ම් එක, හරි තාත්වික කතාවක් එක්ක යන නිසා බලන කෙනාට අලුත්ම අත්දැකීමක් දෙනවා.
කතාව යන්නේ ‘අමන්ඩෝ’ කියන අවංක යුනිවර්සිටි රිසර්ච් කරන කෙනෙක් වටා. එයාට රටේ තාක්ෂණය දියුණු කරන්න ඕන වුණත්, ‘ජිරොට්ටි’ කියන දූෂිත රජයේ ලොක්කෙක් එක්ක ලොකු හැප්පීමකට යන්න වෙනවා. මේකෙ ප්‍රතිඵලයක් විදියට අමන්ඩෝට තමන්ගේ ආදරණීය බිරිඳවයි පොඩි පුතාවයි දාලා ‘මාසෙලෝ’ කියන බොරු නමකින් හැංගිලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ජිරොට්ටි එයාව මරන්න කුලී මිනීමරුවන්ව එවන එක. මේ අස්සේ බ්‍රසීලයේ කානිවල් කාලෙ මෝරෙකුගේ බඩින් මනුස්ස කකුලක් හම්බවෙන අමුතුම සීන් එකකුත් මේකට සෙට් වෙනවා. මේ දේවල් නිසා කතාවේ කුතුහලය උපරිමයටම තියෙනවා කිව්වොත් නිවැරදියි.
මේ ෆිල්ම් එකේ තියෙන ලස්සනම දේ තමයි, දශක ගාණකට පස්සේ ‘ෆ්ලේවියා’ කියන පර්යේෂිකාව පරණ කැසට් පටි වගයක් අහලා මේ අඳුරු අතීතය ආයෙත් අවුස්සන එක. එයා අමන්ඩෝගේ ලොකු වෙච්ච පුතා, ඒ කියන්නේ ‘ෆර්නැන්ඩො’ව හම්බවෙන තැන කතාවට මාරම සංවේදී බවක් එකතු වෙනවා. නිකන්ම ත්‍රාසජනක ෆිල්ම් එකක් නොවී, පිය සෙනෙහසයි පවුලක දුකයි ගැනත් කතා කරන නිසා මේකෙ නළු නිළියන්ගේ රඟපෑම් වලටත් සම්මාන ලැබිලා තියෙනවා. අභිරහස්, ත්‍රාසය පිරුණු, ඒ වගේම හිතට වදින සීරියස් කතා බලන්න ආස අයට මේක කිසිසේත්ම මඟහැරගන්න එපා. තවත් ලස්සන කතාවකින් හමුවෙමු.
මේ උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.
1,472 downloadsDownload The-Secret-Agent-2025.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Secret Agent (2025) Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි යසිරු සහෝ උපසිරැසියට