Watch Trailer

Killer Whale (2026) Sinhala Subtitles | මිනීමරු තල්මසා .[සිංහල උපසිරසි]

Killer Whale (2026) Sinhala Subtitles මේක තමයි මගේ පළවෙනි සබ් එක බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් ලබා දෙන්න. මේ කිලර් වේල් Film එක Thriller, Horror කාණ්ඩයට අයිති වෙන Film එකක් මේකෙ සාමාන්‍යයෙන් වෙන දේ කිව්වොත් යාළුවො දෙන්නෙක් එක Orcas වර්ඟයේ ඩොල්පින් කෙනෙක් එක්ක මුහුණ දෙන ත්‍රාසජනක සිද්දියක්…

Killer Whale (2026) Sinhala Subtitles

මේක තමයි මගේ පළවෙනි සබ් එක බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් ලබා දෙන්න. 

මේ කිලර් වේල් Film එක Thriller, Horror කාණ්ඩයට අයිති වෙන Film එකක් මේකෙ සාමාන්‍යයෙන් වෙන දේ කිව්වොත් යාළුවො දෙන්නෙක් එක Orcas වර්ඟයේ ඩොල්පින් කෙනෙක් එක්ක මුහුණ දෙන ත්‍රාසජනක සිද්දියක් තමා තියෙන්නෙ මේකෙ cast එකේ ඔයාලට Fall වගේ ෆිල්ම් වලින් මුනගැහුන වර්ජිනියා ගාර්ඩ්නර් කියන නිළිය තමයි ප්‍රදාන චරිතෙට රඟපාන්නෙ ඒවගේම Mortal Kombat ෆිල්ම් එකේ හිටපු මෙල් ජාර්සනුත් එයාගෙ යාළුවා විදිහට රඟපානවා අන්තිමට කියන්න තියෙන්නෙ මේක බලලා රසවිදින්න කියලා තමයි.

මෙහි orca යනු සාමාන්‍ය සතුන් වගේ නොව, ඉගෙනගන්නා, සැලසුම් කරන, සහ මිනිසුන්ගේ දුර්වලතා හඳුනාගන්නා ජීවියක් ලෙස පෙන්වනවා ඒකෙන් චිත්‍රපටයට වැඩි තර්ජන සහ ආතතියක් එක් කරනවා මෙම චිත්‍රපටයේ ප්‍රධාන කතාවෙන් කියන්නෙ මිනිසා vs ස්වභාවධර්මය, භය, ජීවත්වීමේ සටන, සහ තනිවීම කියන අදහස. සාගරය මෙහි සුන්දර දෙයක් විදිහට නොව, අඳුරු, අනතුරුදායක, සහ මරණයට නුදුරේ තියෙන ස්ථානයක් ලෙස පෙන්වනවා. සංගීතය, කැමරා කෝණ, සහ නිශ්ශබ්ද මොහොතන් භාවිතා කරලා ප්‍රේක්ෂකයාට “ඊළඟට මොකක් වෙයිද?” කියන ආතතිය තබාගන්න චිත්‍රපටය උත්සාහ කරනවා.
මෙය Jaws වගේ පැරණි sea-monster චිත්‍රපට වලට සමාන vibe එකක් තියෙනවා කියලාත් බොහෝ දෙනෙක් කියනවා.

‎ඉතින් නැවත උපසිරැසියකින් හමුවෙනතුරු මෙතනින් නවතිමි. හැමෝටම ජයවේවා.
‎

Killer Whale (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,477 downloadsDownload Killer-Whale-2026.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Killer Whale (2026) Sinhala Subtitles

Subtitles by

ෂතිර මයෝද්

Subtitles

1,477 downloadsDownload Subtitles28 KB

5 comments

  1. යුරාන් ධනුක

    නියමයි සහෝ. දිගටම සබ් ගේමු.
    පලවෙනි වැඩේට සුබ පැතුම්!

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං උපසිරැසියට

  3. එල්. සී. ‎දමැල්

    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් ෂතිර සහෝ!
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
    දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
    ජය! ✌

  4. Yasiru Kapurusinghe

    *-* උපසිරැසියට ස්තූතියි සහෝ *-*

  5. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤