Sirai (2025) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප්වාසී රසික රසිකාවියනි! පුරුදු විදියටම තවත් සුපිරිම දෙමළ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි මම අද වෙබ් අඩවියට ගොඩවුනේ. සමහර චිත්‍රපටි තියෙනවා ලොකු සද්ද බද්ද නැතුව ඇවිත් ප්‍රේක්ෂකයන්ගේ හිත් හොල්ලලා යන, අන්න එහෙම චිත්‍රපටියක් තමයි අද මේ අරගෙන ආවේ. 2025 දෙසැම්බ…

ආයුබෝවන් බයිස්කෝප්වාසී රසික රසිකාවියනි! පුරුදු විදියටම තවත් සුපිරිම දෙමළ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි මම අද වෙබ් අඩවියට ගොඩවුනේ. සමහර චිත්‍රපටි තියෙනවා ලොකු සද්ද බද්ද නැතුව ඇවිත් ප්‍රේක්ෂකයන්ගේ හිත් හොල්ලලා යන, අන්න එහෙම චිත්‍රපටියක් තමයි අද මේ අරගෙන ආවේ. 2025 දෙසැම්බර් මාසේ 25 වෙනිදා නත්තලත් එක්කම තිරගත වීම ආරම්භ කරපු “Sirai” කියන චිත්‍රපටිය, Crime සහ Courtroom Drama ශානරයට කැමති ඔයාලට අලුත්ම අත්දැකීමක් වේවි. මේකේ විශේෂත්වය තමයි ඉන්දියානු රුපියල් කෝටි 3ක වගේ පොඩි නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය වෙලා, අවසානයේ කෝටි 31කට අධික ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් වීම. Suresh Rajakumari ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙහි, ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පී වික්‍රම් ප්‍රභූ (Vikram Prabhu). මේක ඔහුගේ 25 වන සිනමාපටය. ඒ වගේම විනිශ්චය අපේක්ෂිත සිරකරුවාගේ චරිතයෙන් LK අක්ෂේ කුමාර් (LK Akshay Kumar) සිය මංගල රංගනය ඉදිරිපත් කරද්දී, අනිෂ්මා අනිල්කුමාර් සහ ආනන්ද තම්බිරාජා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 8.4/10 ක අගයක් ලබාගන්න වගේම හොඳ විචාරක ප්‍රතිචාරත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. නිකම්ම නිකන් ඇක්ෂන් සිනමාපටයක් නොවී, මිනිස්සුන්ගේ හදවතටම දැනෙන විදියට කතාව ගලාගෙන යන නිසා තමයි මෙච්චර හොඳ ප්‍රතිචාර සහ විචාරක පැසසුම් ලැබිලා තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකෝ. කතාව පටන් ගන්නේ තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරන හරිම අවංක පොලිස් කොස්තාපල්වරයෙක් වටා. ඔහුවට පැවරෙන විශේෂ රාජකාරිය තමයි නඩු විභාගයක් සඳහා තරුණ සිරකරුවෙක්ව රැගෙන ගොස් ආරක්ෂිතව උසාවියට ඉදිරිපත් කරන එක. මුලින් මේක හරිම සාමාන්‍ය රාජකාරියක් විදිහට පෙනුනට, මේ දීර්ඝ ගමන අතරතුර සිද්ධ වෙන දේවල් එක්ක මුළු කතාවම වෙනස් පැත්තකට පෙරලෙනවා. මේ සිරකරුවාගේ අතීතය මොකක්ද? ඔහුගේ ජීවිතේ තිබුණු විසඳුම් නොලැබුණු ප්‍රේමය මේ ගමනට බලපාන්නේ කොහොමද? එක පැත්තකින් තමන්ගේ රාජකාරිය සහ නීතිය අනිත් පැත්තෙන් තමන් ඉස්සරහ ඉන්න මනුස්සයෙක්ගේ හෘද සාක්ෂිය මේ දෙක අතර මැදිවෙන පොලිස් නිලධාරියා අන්තිමේදී ගන්න තීරණය මොකක්ද? නීති පද්ධතියේ තියෙන හිඩැස් සහ මනුස්සකම අතර දෝලනය වන මේ ආතතිමය ගමනාන්තය කුමක්ද යන්න චිත්‍රපටය බලලාම දැනගන්න.
එහෙනම් ඉතින් වැඩි විස්තර කියලා කතාවේ රසය නැති කරන්න මම ලෑස්ති නෑ. ඉන්දියානු චිත්‍රපට ප්‍රියකරන ඔයාලා අනිවාර්යයෙන්ම මග නොහැර බලන්න ඕන චිත්‍රපටියක් මේක. විශේෂයෙන්ම මේකේ එන දෙබස් සහ චරිතවල හැඟීම් ප්‍රකාශනය හරිම තාත්විකයි. එසේ නම් අදට මම නවතිනවා උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගන්න ගමන්, ඔයාලගේ වටිනා අදහස් යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම ලස්සන උපසිරැසියකින් හමුවෙමු.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!
Sirai (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,383 downloadsDownload Sirai-2025.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sirai (2025) Sinhala SubtitlesSubtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #Indian Box Office Hits
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sirai (2025) Sinhala Sub
- #Sirai (2025) Sinhala Subtitles
- #Sirai Sinhala Sub
- #Sirai Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Vijay
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
යුරාන් ධනුක
උපසිරසියට තුති අයියේ
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ස්තූථියි තරිදු අයියේ