Apex (2026) Kraken (2026) Sinhala Subtitles ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට තවත් ෆිලුමක් අරම් ගොඩවැදුනා. මේ පාර ගෙනාවේ අමුතු ජාතියේ සත්තු ඉන්න ෆිල්ම් බලන්න ආස අයට ගැලපෙන ජාතියේ නෝර්වීජියානු ෆිලුමක්. මේ Kraken චිත්‍රපටය 81%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, IMDb 5.2ක අගයක් ලබාගන්නත් සමත්…
Apex (2026) Kraken (2026) Sinhala Subtitles
ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට තවත් ෆිලුමක් අරම් ගොඩවැදුනා. මේ පාර ගෙනාවේ අමුතු ජාතියේ සත්තු ඉන්න ෆිල්ම් බලන්න ආස අයට ගැලපෙන ජාතියේ නෝර්වීජියානු ෆිලුමක්. මේ Kraken චිත්‍රපටය 81%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, IMDb 5.2ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන යහපත් ප්‍රතිචාර තියෙන ෆිලුමක් බව කියන්න ඕන. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Pål Øie, Sjur Aarthun දෙපල විසින් ඒ වගේම Sara Khorami, Jenny Evensen, Mikkel Bratt, Silset Steinar, Klouman Hallert සහ Hans Morten Hansen වැනි අපිට නුපුරුදු රංගන ශිල්පීන් පිරිසක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ.
සොන්ග්නෙෆියුඩ් කලපුව කියන්නේ නෝර්වේ වල තියෙන ඉතා සුවිශේෂි කලපුවක්. මොකද මීටර් 1,300ක් ගැඹුරට විහිදෙන මේ කලපුව තමයි නෝර්වේ රටේ දිගම සහ ගැඹුරුම කලපුව වෙන්නේ. ඒ වගේම නොයෙකුත් සමුද්‍ර ජීවියෝ ගැවසෙන අලංකාර පරිසර පද්ධතියක් විදියටත් මේ කලපුව ප්‍රසිද්ධයි. මේ කලපුව ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නේ ඒ ආශ්‍රීතව සිදුකරන සැමන් මත්ස්‍යයන් ජනනය කිරීමේ ගොවිපළවල් තියෙන නිසයි.
මෙන්න මේ සැමන් මත්ස්‍යයන් ජනනය කිරීමේ ගොවිපළක් ආසන්නයේ සිදුවෙන අමුතුම විදියේ අතුරුදහන් වීමේ සහ මත්ස්‍යන්ගේ අමුතු ආකාරයේ හැසිරීම් ගැන බලන්න සාගර ජීවි විද්‍යාඥාවරියක් වෙන යොහානාට තමන් කලින් ජීවත්වූ වැන්ග්න්නස් පළාතට එන්න වෙනවා. මේ මත්ස්‍ය ගොවිපළේ ඉන්න සැමන් මත්ස්‍යන්ගේ සිරුරේ එක්තර පරපෝෂිත වර්ගයක් වැඩෙන නිසා ඔවුන්ව විනාශ කරලා මත්ස්‍යයන්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නංවන්න මේ ගොවිපල පවත්වගෙන යන අය විසින් නව තාක්ෂණික ශබ්ද තරංගයක් පාවිච්චි කරන බවත් යොහානාට දැනගන්න ලැබෙනවා. ඇත්තටම මේ තරංග තාක්ෂණය කාලෙකට කලින් යොහානත් අත්හදා බලලා ඒක සාර්ථක කරගන්න බැරි උන නිසා අත ඇරලා දාපු එකක්. ඉතිං ඇත්තටම මේ අතුරුදහන්වීම් සහ මත්ස්‍යන්ගේ අමුතු හැසිරීම් වලට හේතුව මොකක්ද? සැමන් මාළුන්ට අමතරව සොන්ග්නෙෆියුඩ් කලපුවේ තවත් හඳුනා නොගත් ජීවින් ඉන්නවද? නවීන තරංග තාක්ෂණය සහ සොබාදහම අතර ඝට්ටනය මොනවගේ වෙයිද?
මේ හැමදේටම පිළිතුරු ෆිල්ම් එක බැලුවොත් ඔයාලට හොයාගන්න පුලුවන්. එහෙනම් අවසාන වශයෙන් මේ ෆිලුම උපසිරසිගන්වන අවසර දුන්න රවිඳු හේෂාන් සහෝට ස්තූතිවන්ත වෙන ගමන් මම නවතිනවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ආපහු හමුවෙමු. ජයවේවා!
Kraken (2026) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,444 downloadsDownload Kraken-2026-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kraken (2026) Sinhala Subtitles
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Jenny Evensen
- #kraken 2026 sinhala subtitles
- #kraken sinhala sub
- #Must Watch
- #Offbeat
- #Sara Khorami
- #silset steiner
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sjur Aarthun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
damith niwanthaka
Thanks bro. Jaya wewa...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් මචෝ මේකට සිංහල උපසිරැසි දුන්නට