ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි තේරුනේ ඉංග්‍රීසී සබ වීඩීයෝ එකත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ කියලා. දෙබසින් දෙබස නවත්ත නවත්ත තමයි උපසිර…
ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි තේරුනේ ඉංග්‍රීසී සබ වීඩීයෝ එකත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ කියලා. දෙබසින් දෙබස නවත්ත නවත්ත තමයි උපසිරැසිය හදන්න උනේ. ඒ කතාවලින් වැඩක් නෑ නේ. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
මේ චිත්‍රපටය තිරගත කිරිම ආරම්භ කෙරුනේ ජනවාරි විසි එක් වෙනිදා. imdb අගය 5.7කුත් තක්කාලි අගය 50%කුත් අරගෙන තියෙනවා. ප්‍රධාන චරිතය හැටියට ඉන්නේ ඔයාලා ආදරේ කරන චැකී ජෑන්. ඊට අමතරව ඉන්දියාවෙන් සෝනු සූද්, දීශා පටානී, රංගන දායකත්වයක් දෙනවා. මීට කලින් චෑන් ඉන්දියාවේ චිත්‍රපටයකට සම්බන්ධ උනාද කියලා මට නම් ඒ හැටි මතකයක් නැහැ. කතාවෙත් ඒහැටි අඩුපාඩුවක් මං දැක්කේත් නෑ. චෑන් මේ කතාවෙදී රටම පිළිගත්ත පුරාවිද්‍යාඥයෙක්. මහාචාර්යවරයෙක්. දවසක් මෙයා දේශණයක් කරකර ඉද්දී මෙයාව හම්බවෙන්න ඉන්දියාවේ රජයෙන් එවලා කියන අශ්මිතා කියලා පුරාවිද්‍යාව පිළිබඳ Phd එකක් තියෙන කියලා කියාගන්න නෝනා කෙනෙක් එනවා. නිකන්ම හම්බවෙන්න නෙවෙයි එන්නේ, අමුතු වැඩකට අතගහගන්න කියලා යෝජනාවකුත් අරගෙනයි එන්නේ. පේන විදිහට ඒක ඉන්දියාවේ මඝධ රාජ්‍යයට අයත් නැතිඋන නිධානයක්. මඝධ රාජ්‍යයක්? නිධානයක්? කොහොමද මෙතනට එකපාරට ගෑවුනේ කියලා ඔයාලට කතාව මුලදී දැනගන්න ලැබෙයි. ඒ නිධානය හොයාගන්න උදව් ඉල්ලගෙන තමයි මෙයා ඉන්දියාවේ ඉඳලම ඇවිල්ලා ඉන්නේ. මේ නිධානය ගැන ඇහැගහගෙන ඉන්න තවත් කට්ටිය නැතුවට නෙවෙයි. මුලු කතාව පුරාවට ඒ බලගතු කියන නිධානය ගැන තමයි තියෙන්නේ. චෑන්ගේ රසිකයෙක් නම්, සුපුරුදු පරිදි කුන්ග්ෆූ පාරවල්, වඳුරෝ වගේ උඩ පනින දේවල් බලාපොරොත්තු වෙනවනේ. තියෙනවා තියෙනවා. වෙනසකටත් එක්ක මේක බැලුවට පාඩු නැහැ. එහෙනම් මම නවතිනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
*-* ජය ශ්‍රී *-*

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD-HC/ BR පිටපත් සඳහා වලංගු වේ.
20,001 downloadsDownload Kung-Fu-Yoga-2017-New-Brrip-Update.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
48 comments
Bms
chandima
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
ජැකීගේ ෆිලුමක් අද වෙනකම් මටනම් පොඩ්ඩක්වත් අවුල් ගිහින් නෑ. ඒ තරම් පට්ට! මේකත් BR එකක් ආව ගමන් බලනවා සහෝ..
බුදුසරණයි..ජය වේවා..Sanjaya Kumara
Thanks Machan sub ekata.....
bhashithU
jayma weewaaa broWWWW :eek: :mrgreen:
dew
The Myth 2005, india wala podi kotasak tiyanawa... meka niyamai thanks
අසිත
elama saho thanks
Gathsara Umesh Kumara
Bohoom sthuthiy
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kent
thnx mchn jackie inna hinda shanika download krnwa :D
kent
hash >> 5EB09E610168CA0CA1D28B1D6994421B12D0F7C9
Dasun Manuranga
Ela sahoooooooooooo niyamai sub eka
Gayan
Sub ekata thank's bro. Jayawewaa!
Dilshan Madushanka
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!කෞෂාන් පියුමන්ත
සුපිරි පහරක් වගේ,ඔන්න බාන්න දැම්මා.සබට තැන්ක්ස් මචී.ජය!!!
Kawshalya Dushyan
මෙහෙම කිවුවට තරහවෙන්න එපා බන්.. මෙික සිගිති අාතල් එකක් බන්.පයිට් ටික විතරයි හොද.අනිත්වනම් මෙලෝ රහක් නෑ. ෆයිටුත් වැඩිය නෑ.
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.amaniya aneesha
mama wena website ekakin me movie eka gaththa but meka aluth nisa DVD copy ekak awe me film eka HD da?
Ishan
මචන් සබ් එක සුපිරි. ටැන්කූ වේවා. ජැකී චෑන් කලින් ඉන්දියාවත් එක්ක ෆිල්ම් එකක් කල The Myth කියලා. ඒකේ Mallika Sherawat හිටියේ
chalana
meka webrip ekata matchda bro?
Mahesh
Sub ekata thanx
Nirodha uthpala
Digatama denna labeva kiya hadavatinma partana karanava
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akalanka
Thnx......
Shehan Madumalka
Thanks bro ☺️☺️☺️
Dulanga
Thanks
ඉෂාන් මදුෂ
ගොඩක් ස්තූතියි සහෝ
me
BR sub file එකේ size එක zero. Please upload again. Thanks
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Ruwan Chathuranga
Br sub 1 wada nahane
apahu danna plzdilip
Br sub 1 athule mukuthma na.. eka empty. ikmanata sub eka denna saho....
gihan
br sub eka wada nane eka hadala dannako
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharindu Athukorala
tnx bro
mindika
Thanks !!!
w a thilak
මේක බලන්න හිතාගෙන හිටියේ ගොඩ දවසකට කලින්...ඒ වුනත් ප්‍රමාද වුනා...කොහොමවුනත් ස්තුතියි
Viraj
sub ekata thanks saho..
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි..
අවිශ්ක මල්ෂාන්
මේ කොපියෙ කොලිටිය එහෙම හොදද?720p ද?
ashan alnkanath
thanks..........................................
එන්.විජිත අසංක
වාව්. මේකත් මෙච්චර ඉක්මනට දීලනෙ. එළ එළ.
බොහොම ස්තූතියි සබ දුනන්ට සහෝ.
ජෑකී චෑන් නම් ඉතිං කථා කරන්න දෙයක් නෑනෙ. පට්ට පට පට නෙ.sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Nishanpradeep95
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
nalin.kumara0510
Thanks bro good luck.
mahe_la
thanx
Anonymous
thank you.good work
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

NIYAMAI...