මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, දඩයමක් කරගෙන ඉන්න තියනව නම් කොහොමද? ඇත්තටම එහෙම හිතෙන අය ඕන තරම් ඉන්නව. ඒත් ඒකට ආස උනත් ගිහින් ඉන්න එක හිතන තරම් ලේසි නෑ. මං කියන්නෙ වටේ පිටේ කව්රුත් නැතුව, ෆෝන් එකක්, වහනයක් එහෙම නැතුව ඉන්න එක ගැන හරිද…

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, දඩයමක් කරගෙන ඉන්න තියනව නම් කොහොමද? ඇත්තටම එහෙම හිතෙන අය ඕන තරම් ඉන්නව. ඒත් ඒකට ආස උනත් ගිහින් ඉන්න එක හිතන තරම් ලේසි නෑ. මං කියන්නෙ වටේ පිටේ කව්රුත් නැතුව, ෆෝන් එකක්, වහනයක් එහෙම නැතුව ඉන්න එක ගැන හරිද. ජීවිතේ තමන්ට සිද්ද උන දේවල් එක්ක ජීවිතය ගැන කලකිරිලා අර මං කලින් කිව්ව වගේ ජීවිතයක් හොයන් යන කෙනෙක් තමා එඩී කියන්නෙ. නම පිරිමි කෙනෙක් වගේ උනාට එඩී කියන්නෙ ගැහැණු කෙනෙක්. නගරෙ ජීවිතේට හුරු වෙලා කාත් කව්රුත් නැතුව අර විදිය ජීවිතයක් ගෙවන්න කියල හිතන් ආව එඩීට මුහුණ දෙන්න වෙන්නෙ තුන් හිතකින් වත් හිතුවෙ නැති දේවල් වලට. ඉතින් එඩීට ඒක කරන්න පුළුවන් වෙයිද? එයාට මුහුණ දෙන්න උන දේවල් මොනවද කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද?

2021 වසරේ එළිදක්වපු මේකෙ ප්‍රධාන චරිතය වෙන එඩී ගෙ චරිතය කරන Robin Gayle Wright තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙත්. ඔය Wonder Women, Justice League එකේ එහෙම එහෙන් මෙහෙන් හිටිය මෙයා. ඒ වගේම මේක තමා එයාගෙ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය. කුළුදුල් උනාට මොකද මේ සිනමාපටයට ලැබුණු ප්‍රතිචාර තියෙන්නෙ ගොඩක් ධනාත්මක මට්ටමේ. ඒ වගේම කියන්න ඕනෙ මේ ෆිලුම රූගත කිරීම් කරල තියෙන්නෙ කැනඩාවේ ඇල්බෙටා කියන ප්‍රදේශයේ. ඔයාලට සමහර වෙලාවකට හිතෙයි ග්‍රීන් ස්ක්‍රීන් එකක් ඉස්සරහ රඟපානවා කියල. ඒ තරම් මේක රූගත කරපු ස්ථාන ලස්සනයි.

මේක කැටගරි වෙන්නෙ Adventure/Drama ගණයට. ඒත් පොඩි Survivor ගතියකුත් තියනවා මොකද එඩී ජීවිතය බේරගන්න කරන දේවල් තියන නිසා. කතාව පොඩ්ඩක් ස්ටෝරි විදියට තමා ගලාගෙන යන්නෙ. ඒ නිසා ට්‍රේලර් එක එහෙම බලල බාගන්න. සංවේදි තැන් ටිකකුත් තියනව අන්තිමට එහෙම. ඔයා සංවේදි කෙනෙක් නම් ෆිලුමේ අන්තිමට ඔයාට අනිවාර්යෙන්ම දුක හිතෙයි. 18+ දැම්මෙ පොඩි පොඩි සිද්දියක් දෙකක් තියන නිසා. ලොකු කේස් එකක් නෑ. එහෙනම් ෆිලුමේ තව විස්තර ටිකක් පහලින් කෙටියෙන් දාගෙන යන්නම්. යන ගමන් පහලින් කොමන්ටුවකුත් හලාගෙන යන්න. සබ කරන්න ඉඩ දුන්න විමා සහෝට පිං දෙන ගමන් මෙතනින් නවතිනවා. තව ෆිලුමකින් සෙට් වෙමු. හැමෝම පරිස්සමින් ඉන්නෝ.

Name – Land 2021
Catagory – Adventure/Drama
IMDB – 6.6/10 (12+K Vote)
Director – Robin Gayle Wright
Starring – Robin Gayle Wright, Demián Bichir
Box office – $3.2 Million
Distributed by – Universal Pictures

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

3,494 downloadsDownload Land-.2021.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

3,494 downloadsDownload Subtitles17 KB

10 comments

  1. Shashi

    Thanks.....

  2. Anonymous

    Thanks jayawewa..?..!

  3. Asel Kulawardhana (MBBS COLOMBO )

    Thank You very Much Bro

  4. Asel Kulawardhana (MBBS COLOMBO )

    Nice Bro

  5. Anonymous

    John wick sub plz

  6. Anonymous

    thanks

  7. Anonymous

    John wick sub demu

  8. Nisal

    john wick 4 nadd

  9. Dewadithya

    Thanks for Sub!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P