Watch Trailer

Last Kind Words (2012) | අවසන් කාරුණික වදන… [සිංහල උපසිරැසි සමඟ]

[box]සිංහල උපසිරැස කරණය අනතර් ජාලයේ ඇරඹු බයිස්කෝප් අඩවිය මේ වෙනකොට උපසිරැස 1000 අප අතර පත්කොට හමාරයි… මම මේ 1000 චිත්‍රපය කීයක්නම් බලා ඇති ද… මේ කීයකට අදහස් ප්‍රකාශකොට ඇතිද කියන එක හිතුවම පොඩි වරදකාරී හැගීමක් ඇති වෙනව හිතේ, ඉතින් මම හිතුවා ඒ වරදෙන් මදකට හෝ මිදෙන්න මේ මහගු කාර්‍යයට උර දෙන්න. මේ තමයි…

Last Kind Words (2012)සිංහල උපසිරැස කරණය අනතර් ජාලයේ ඇරඹු බයිස්කෝප් අඩවිය මේ වෙනකොට උපසිරැස 1000 අප අතර පත්කොට හමාරයි… මම මේ 1000 චිත්‍රපය කීයක්නම් බලා ඇති ද… මේ කීයකට අදහස් ප්‍රකාශකොට ඇතිද කියන එක හිතුවම පොඩි වරදකාරී හැගීමක් ඇති වෙනව හිතේ, ඉතින් මම හිතුවා ඒ වරදෙන් මදකට හෝ මිදෙන්න මේ මහගු කාර්‍යයට උර දෙන්න. මේ තමයි මගේ මුල්ම උපසිරැස මේ සදහා මම තෝර ගත්තෙ Drama | Mystery | Thriller ගණයන්ට අයත් මීට සතියකට පමණ ඉහතදී අන්තර්ජාලයට් හොද පිටපතක් නිකුත් වුන චිත්‍රපටයක් වන Last Kind Words ඉතින් මේ උපසිරැසේ වැරදි අඩුපාඩු එහෙම තියනව නම් මට ඒව පෙන්වා දෙන්න. ඉදිරි උපසිරැස නිර්මාණ වලදී මම ඒව හදාගන්නම්.

Last Kind Words නිමවෙන්නෙ Kevin Barker අතින් පිටපතත් ඔහු හා Amy Riherd Miller අතින්. මෙය ඇයගෙ කුලුදුල් පිටපත් රචනය. මේ සිනමා සිත්තම ප්‍රේක්ෂකයන් අතට පත් වන්නෙ 2012 මාර්තු 24 වැනිද. රංගනයෙන් එකතු වෙන්නෙ Brad Dourif, Spencer Daniels, Alexia Fast, Marianne Hagan, Sarah Steele වගේ පිරිසක්. IMDB අගය නම 4.5 තමයි තියෙන්නෙ නමුත් ඉතින් ඒක 114 කුගේ මතය විතරනේ.

එහෙනම් කතාව පැත්තට යොමු වෙමු. එලී කියන්නෙ 17 හැවරිදි තරුණියක් ඇය තමන්ගේ පවුල එක්ක කෙන්ටකී ප්‍රදේශයේ බොහොම හුදකලාව තියන ගොවිපොළක පදිංචි වෙනව. ඇයට බොහොම පාළුයි මොකද ආශ්‍රරයට කිසිවෙකුත් නැහැ. මේ ගොවි පොළය මායිම්ව තියෙන්නෙ කැලෑවක්. කොහොම හරි මෙ විදිහට කාලය ගෙවිල යනකොට ඇයට හමුවෙනව ලස්සන, කරුණාවන්ත අමන්දා නම් තරුණියක්ව. එලීට මෙය බොහොම අස්වැසිල්ලක්. අමන්දාගේ පෙනුම හැටියට නම ඇය පරිපූර්ණ කෙල්ලෙක්. නමුත් ඉතින් පිට පොත්තෙන් මිනිස්සු මනින්න බැහැ නේ… මේ අතර වරයේ කැලෑවෙන දිරාගිය මිනිස් සිරුරු වගයක් සොයා ගැනීම එක්කම සියල්ල වෙනව වෙනව, අමන්දා හා කැලෑව යනු රහස් ගුහාවක් බව එලී දැන ගන්නව. මෙහි අවසානය කොයිවගේ වේවිද බලාගන්න ඔයලට මේ චිත්‍රපටය බලන්නම වෙනව.

මේ චිත්‍රපටය මට හොයාදීල, උපසිරැස කරණ ආකාරය කියා දීල මේ ලෝකයේ ඇවිද යන්නට මට උපකාර කල සමීර කරුණාරත්න සහෝයුරාට ස්තුතියි වන්ත වෙන ගමන් මම යනව එහෙනම් මට උපසිරැසේ වැරදි අඩුපාඩු කියා දෙන්න. ඔබගෙ අදහස් වලින් මා දිරිමත් කරන්න. තවත් උපසිරැසක් සමග ඉක්මනින් හමුවෙමු.

Last Kind Words (2012) on IMDb

 

 

550 MB කොපිය මෙතනින් බාගන්න fb72b2fcd3142f9ad3a452c0d1bba1ea2301b454 710 MB කොපිය මෙතනින් බාගන්න 7428046b44709334ab6d023f9ad7ef622ecac902 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,040 downloadsDownload Last.Kind_.Words_.2012.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන් හසංක

Subtitles

2,040 downloadsDownload Subtitles48 KB

54 comments

  1. Blackhatlk

    Thanks :)

  2. lk

    patta machan

  3. mihin ලංකා

    පළමු වැඩේට සුභ පැතුම්.. දිගටම සබ් දෙමු

  4. chamath cafe

    ප්‍රථම නිර්මාණයට උණුසුම් සුභ පැතුම්.බයිස්කෝප් සයිට් එක පට්ට හොදේ. දැන් නම්

  5. naleen

    thx all the best 1st sub

  6. ositha

    maxxa ne macho meyka download karala unne sub akka balanna ahaki thxz

  7. amilatk

    jayen jaya!!!

  8. ganidu

    තෑන්ක්ස් සහෝ පළමු වැඩේට සුභ පැතුම් දිගටම සබ් දෙන්න ඔන්න

  9. tharanga

    බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.... සහෝව.

  10. h[A]s

    පට්ට හොදේ රේටින් ටිකක් අඩු උනාට මේක සුපිරි ෆිල්ම් එකක්.ආයේ බලන්න ඕනේ සබ් එක්කම ~! cngtrz !~

    ජය!

  11. ccnp

    Thanks

  12. සමීර කරුණාරත්න

    මම නම් හිතන්නෙ නැහැ මම ඒ තරම් උදව්වක් කලා කියල මේකට....
    කොහොම නමුත් අමාරු වැඩේ අවසාන කලේ ඔයානෙ.....
    එහෙනම් ඉතින් අපේ උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව....
    දිගටම උපසිරැස දේවි යැයි බලාපොරොත්තු වෙනව...
    ( කොහොමත් උඹට මගෙන් ගැලවෙන්න බැහැ මචෝ.) :D

    1. නුවන් හසංක

      comment කරපු හැමොටම ස්තුතියි.

      ඔය සමීර නැ කිවුවාට ඔකා තාමා මෙකට සම්බන්ධ කලේ

      ස්තුතියි සමීර

      දිගටම උපසිරස දෙන්නවා.

  13. isuru

    jaya wewa palamu sub akata

  14. shann

    නියමයි සහෝ ජය පතනවා

  15. mihan menuka

    නියමයි දිගටම යමු

  16. pubudu

    all the best saho

  17. dj

    නුවන් සහෝට බොහොම තුති

  18. zumo man

    elazzz thnxzzz

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචන්......පලවෙනි එකට පට්ටම එකක් අරං ඇවිත් තියෙනවා...
    ආපු ගමන් අපිව බය කරන්න නේද කල්පනාව...
    බලමුකෝ....
    වැඩේ දිගටම කරගෙන යමු....
    ජය වේවා!!!!

  20. Ashan ravihansa

    ela ela machan palamu uapasirayata jaya ialaga ekath ikamanatama denda godak thankz

  21. දිනුක මධුශාන්

    මංගල උපසිරසියට උණුසුම් සුබ පැතුම්! ඉදිරියටත් තවත් හොඳ චිත්‍රපටි රැගෙන ඒවි යැයි බලාපොරොත්තු වෙනවා..උපසිරසියට බොහොම ස්තුතියි! ජය වේවා!

  22. “චූටී මල්ලි”

    ආ.... මේක ගන්න හදලා ගත්තෙ නෑ
    දැන් ඉතින් ගන්න වෙනවා
    කමක් නෑ එල එල
    තව ලස්සන එවාට දෙන්න
    ඔබට ජය.........

  23. “චූටී මල්ලි”

    Nailbiter (2013)
    meikatath dennako hakinam saho

  24. Nilanka

    පලමු වැඩේට මගේ හදපිරි ස්තූතිය.

  25. Namika

    පළවෙනි එක කියල අවුලක් නෑ.. ඔයාට හොඳ සිතුවිල්ලක් ඇවිත් තියෙන්නෙ සහෝ.
    මහන්සිය අගය කරනවා.. දිගටම එකතු වෙලා ඉමූ, බයිස්කෝප් සෙට් එකට ආදරයෙන් සාදරයෙන්, කෑදරයෙන්ම පිළිගන්නවා! ජය වේවා!

  26. Chanaka

    I am downloading now

    Thanks

  27. sumudu

    niyamai :)

  28. Chathuranga

    thanks...

  29. upali

    ela ela ela

  30. eraNga

    හොදම දේ හොදම තැනින් බයිස්කෝප් අඩවියට එකතුවීම අගය කරනවා.

  31. නලින්

    පළමු සබට සුභ පැතුම් නුවන් සහෝ

    මේවා දැක්කාම මානසිකව වැටෙනවා බන්.! නොබා කොහොමැයි..:D
    ජය වේවා සහෝ.

  32. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්, ජයවේවා.

  33. rasika

    pahugiya lipiwala(2010 wage) sinhala subtitles naththe ai ?

  34. අසින්ත

    පලමු වැඩේට සුභ පැතුම්. Horror එකකින්ම වැඩේ පටන් ගත්ත එකට තෑන්ක්ස්. ඔහොමම යමු.

  35. nalaka

    thank u brother.....

  36. Hiruni

    Thanx!

  37. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  38. ශාන් විමුක්ති [වීමා] 〠

    සමීර කරුණාරත්න මෙහෙම කියනව:
    2013 June 4 at 7:15 pm
    මම නම් හිතන්නෙ නැහැ මම ඒ තරම් උදව්වක් කලා කියල මේකට….
    කොහොම නමුත් අමාරු වැඩේ අවසාන කලේ ඔයානෙ…..
    එහෙනම් ඉතින් අපේ උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව….
    දිගටම උපසිරැස දේවි යැයි බලාපොරොත්තු වෙනව…
    ( කොහොමත් උඹට මගෙන් ගැලවෙන්න බැහැ මචෝ.)

    ආවා ආවා..
    විකියා පාට් ටූ - එවන්ඩද සමීරයා..
    දැන් කරලියේ.... ;)

    කියල තියෙනව වගේම බොලාට ගැලවුමක් නෑ කොල්ලෝ..

    එහෙමන්ම් ඉතින් කන්ඩායමට සාදරයෙන් පිලිගන්නව සහෝ
    පලවෙනි උපසිරසියට සුබපැතුන්
    තව එකක් ඕන හොදේ
    මෙන්න බෑව :D

  39. harsha

    mama asama wargaye film ekak. thanks machan film ekatai, sub ekatai.

  40. රොයිලි

    බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියටත්. ජය෴෴ :P :P

  41. mindika

    Thanks !!!!!!!!!!!!!

  42. ප්‍රශන්න

    මරු මචන්.. වැඩේ අවුලක් නැහැ සබ් එකනම් එළකිරි.. තව කරපන්

  43. දිනිඳු සම්පත්

    බයිස්කෝප් අඩවියට තවත් අළුත් සාමාජිකයෙක් එකතු වෙලානේ. බොහොම සාදරයෙන් පිළිගන්නවා! ඒ වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  44. කැලුම් ගුණසේකර

    ස්තූතියි නුවන් සහෝ. පලවෙනි උපසිරැසි නිර්මාණයට ම‍ගෙන් උණුසුම් සුබපැතුම්.

  45. uda

    තවත් මුල්මකාරයෙක්!
    මේ ජාතියෙ ඒවා මගෙත් ෆේවරිට්ස්. ඒ නිසා බලමු. හොදයි වගේ...
    අමුතු ගුප්ත දේවල්වලට නැඹුරු වෙලා මාත් ගුප්ත වෙයිද මන්දා? :P

    මගෙ නම ගුප්තා එහෙම නෙමෙයි හැබැයි හොදේ... :D

  46. prasad

    palaweni sub ekata uba pethum wagema idiriyata thawa thawa ub denna kiyala illanawa....

  47. Madhawa

    තෑන්ක්ස් සහෝ සබ් එකට ඩවුන්ලෝඩ් වෙනගම්න්

  48. Sameera

    thanks buddy.,we love this movie.,11!!

  49. රාම් රාජ්

    ෂා හොරර් නේද ස්තූතියි.

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments