[box] ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ අළුත්ම අළුත් සුපිරිම සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන මම ආයෙත් ආවා.. මේකෙ නම දැකපු ගමන් ඔයාලට මේ කතාව ගැන මතක් වේවි. ප්‍රංශ සාහිත්‍යයේ අති විශිෂ්ඨ නිර්මාණයක් වන මේ “මනුතාපය“ වික්ටර් හියුගෝ නම් ශ්‍රේෂ්ඨ නවකතා කරු විසින් රචිත සම්භාව්‍ය කෘතියක්. මුල් කතාව කිසි…

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ අළුත්ම අළුත් සුපිරිම සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන මම ආයෙත් ආවා.. මේකෙ නම දැකපු ගමන් ඔයාලට මේ කතාව ගැන මතක් වේවි. ප්‍රංශ සාහිත්‍යයේ අති විශිෂ්ඨ නිර්මාණයක් වන මේ “මනුතාපය“ වික්ටර් හියුගෝ නම් ශ්‍රේෂ්ඨ නවකතා කරු විසින් රචිත සම්භාව්‍ය කෘතියක්. මුල් කතාව කිසිම වෙනසක් නැතිව උපරිම රසාස්වාදය ලැබෙන අයුරින් නිපදවපු මේ චිත්‍රපටිය IMDb රේටින් වල 8.0/10ක් තරම් ඉහල අගයක් ලබා ගැනීම පුදුමයක් නෙවෙයි. ඔස්කාර් සම්මාන 8ක් සහ තවත් සම්මාන 79ක් සඳහා නාම යෝජනා වී ඇති මේ චිත්‍රපටිය සම්මාන 31ක් සඳහා හිමිකම් කියන සුපිරි ගණයේ නිර්මාණයක් කියලා මුළු ලෝකෙම පිළිගන්නවා. ඒ වගේම මෙවන් සුපිරි ශ්‍රේෂ්ඨ නිර්මාණයකට ඔයාලට සිංහල උපසිරැසි ගෙන එන්න ලැබීම මගෙත් වාසනාවක්… මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර තෙවෙනි ස්ථානයේ තියෙන්නෙත් මේ චිත්‍රපටිය බව IMDb වෙබ් අඩවිය පවසනවා. 2012 වසරේ දෙසැම්බර් 28 වෙනිදා තිරගත වීම පටන් ගත්ත මේ චිත්‍රපටිය මුල් සතියේ විතරක් ඩොලර් මිලියන 28ක් හෙවත් රුපියල් මිලියන 3500ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. මේ චිත්‍රපටිය යුනිවර්සල් සමාගමේ දැවැන්ත නිර්මාණයක් වන අතර මෙහි විශේෂත්වය වෙන්නේ චිත්‍රපටියේ සෑම දෙබසක්ම පැවසෙන්නේ ගීතමය අයුරකින් වීමයි.
මේ කතාව ගැන අපේ යාළුවන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. තම සහෝදරියගේ පුතාගෙ ජීවිතේ බේරගන්න ඕන කමට පාන් ගෙඩියක් හොරකම් කරපු නිසා ජෝන් වැල්ජෝන් කියන පුද්ගලයව හිරේට නියම වෙනවා. පාන් ගෙඩිය හොරකම් කරාට අවුරුදු 5ක් සහ පැන යන්න උත්සාහ කලාට අවුරුදු 15ක් වශයෙන් jir 20 කින් තමයි ඔහුව සිරගෙට නියම වන්නේ. එහිදි ඔහුට ජාවෙට් නමින් පොලිස් නිලධාරියෙක් මුණ ගැහෙනවා. ඔහු තමයි වැල්ජෝන්ගෙ පරම හතුරා වෙන්නේ.. වසර 20ක සිර දඬුවම යහපත් කල්ක්‍රියාව නිසා වසර 19 කින් අවසන් වෙලා වැල්ජෝන්ට කොන්දේසි සහිත සමාවක් ලැබෙනවා. ඒ කොන්දේසිය වන්නේ හැම මාසෙකම පොලිසියේ පෙනී සිටින හැටියටයි. හිරෙන් නිදහස් වෙලා එන වැල්ජෝන්ට රැකියාවක් ලබා දෙන්න කවුරුත්ම කැමති වෙන්නෙ නැහැ. ඒ වගේම හැම මිනිහෙක්ම මේ වැල්ජෝන්ට හරියට හිරිහැර කරනවා. එදා රෑ සීතලේ ගැහි ගැහී පල්ලියක සොහොනක් ලඟට වෙලා ඉන්න වැල්ජෝන්ට ඒ පල්ලියේ පූජකතුමා කරුණාව දක්වලා ඇතුලට කැඳවගෙන ගිහින් හොඳට කන්න බොන්න දීලා නිදාගන්නත් හොඳ තැනක් ලබා දෙනවා. ඒත් වැල්ජෝන් ඉන්නේ මිනිසුන් ගැන වෛරයෙන් නිසා සහ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඒ පල්ලියේ තිබුන රිදී භාණ්ඩ සොරාගෙන රාත්‍රියේදිම එතනින් පැනලා යනවා. ඒ උනාට ඔහුට වැඩි දුර යන්න ලැබෙන්නෙ නැහැ. පොලිසියෙන් ඔහුව බඩුත් එක්කම අල්ලගන්නවා. එහෙම අල්ලගෙන බඩුත් එක්ක නැවත පල්ලියට අරගෙන එනවා. වැල්ජෝන් පොලිසියට කියන්නේ ඒ රිදී භාණ්ඩ තමන්ට පල්ලියේ පූජකතුමා දුන් බවයි. පොලිසියෙන් ඇවිත් මේ ගැන පූජකතුමාගෙන් ඇහුවම ඔහු කියන්නේ…????
ඉතින් මේ කතාව කියවපු හෝ බලපු අය දන්නවා ඇති ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා.. මේ කතාව ගැන නොදන්න කෙනෙක්නම් ඉතින් ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා බලලම තමයි දැනගන්න වෙන්නේ..කොහොම උනත් සාමාන්‍ය කතාව වෙනස් ආකාරයකින්.. එනම් ගීතමය ආකාරයකින් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් වේවි කියලා හිතනවා.. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,868 downloadsDownload Les.Misérables.2012-2.zip291 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
64 comments
kalinga
h[A]s
ජයෙන් ජයම වේවා සුපිරි
lasidu
මැක්සා මචං අනිවා මේක දෙනකම් උන්නේ :)
Isuru
thanks macho
wow
wow....maru :)
chami
thnxxxxxxxxxxxx
was
අනිවා බෑමක් මේක. බොහොම පින් මහන්සි වෙලා සබ් දැම්ම එකට
quik
thanks
දිෂාන්
ජයවේවා දිනිදු හොද film එකක් අනිවාරෙයෙන්ම බලන්න ඕනි. බෝම පිං.
මම මේ පොත පොත් සාප්පුවක තිබිලා ටිකක් බැලුවා මොකද වෙනස් නමක්නෙ.
ඒත් ගත්තෙ නම් නෑ. දැන් ඉතින් කියවන්නෙ නැතිව බලන්නම පුළුවන්නෙ. ඔන්න ගත්ත මමත්.harsha
niyamai :D
Dilan-
jayama weywa!!!
tharanga
සුපිරිම සුපිරි වැඩක් මේක ... ජය
ccnp
Thanks
නලියා
නියමයි දිනිදු සහෝ..
සුපිරි නිර්මාණයකට සබ් දැම්මට.. තව තවත් මේවගේ සබ් දාන්න ලැබේවා..ජය වේවා...!
Buddhika
පට්ටම ෆිල්ම් 1ක්... ජය වේවා.......!!!
kasun
:) thnxz :)
ositha
patta patta patta
geeth
elalalallalalalalallaa
elakiri
එලම කිරි වැඩක් නේ...අපිත් බානවා..ජයම වේවා!
nsuvin
නියමයි.. ඔන්න අපිත් බානව හොදේ..
සංජිව
ගොඩක් ස්තුතියි, මමත් ඩවුන්ලොඩ් කරගත්තා දැන්ම බලන්න ඔනා....
f_live
ලොවෙත් නෑ පට්ට
vee
maxxxxxxaaa
Chami.S
Great Job. Thanks!!!
“චූටී මල්ලි”
සුපිරි එකකට සබ් දුන්න සුපිරි කොල්ලෙක් ඔයා
kassa
පට්ට මචෝ.. මේ film එක දානකම් බලං හිටියේ.පුලුවන්ම් anna karenina 2012 සබ් දාපන්..thnx :)
සචිත උදාර
එළනේ...! බොහොම ස්තූතියි! :)
රොයිලි
බොහොමත්ම ස්තූතියි දිනිඳු සහෝ. මේකට උපසිරැසි දාන්න ඕනා කියලා හිත හිත හිටියත් වෙලාව ඒකට හරස් වුණා. අනිවා පට්ටම චිත්‍රපටියක්. ඔන්න මමත් බානවා. :P
yeshu
thankZ, but..,
ඉක්මනට බ්ලූ රේ එකක් ආව ගමන් ඒකට මේක අප්ඩේට් කරනවාද....abcdishan
සුපිරිම සුපිරි වැඩක් මේක … ජය
d2dinu
ජයවේවා! වටිනා කියන වඩක්.
me
Thanks
mudiya / මුදියා
නියමයි දිනිඳු.සුපිරියි වැඩේ නම්.ඔෆිස් එකේ බාන්න දාල ආවෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!
හසන්ත වික්‍රමරත්න
තෑන්ක් යු වේවා තමා කියන්න වෙන්නේ, බලන් හිටියේ මේකේ සබ් එක එනකන්. ආරංචියක් ආවා ඔයා කරනවා කියලා. :D
RICHI
THANKS....
රෂි
thankss saho
nishila
wenas ma wu athdekimak laba dena Vishista nirmanayak. Honda gala yaamak athi sangeethamaya nirmanyak. bohoma isthuthiy.
Dhanuka
Niyamay. Thank u very much.
anju
Thank u very much, I watched the mini movie which was subbed in Sinhala in 90's. This is a heart touching story ....
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
ස්තූතියි
sura
ela kiri
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා
umesh
thanks.math dan download karagaththa.
Madu
enakan balagena hitapu film ekak!Godak thanks.'ARGO','Lincoln' films dekath denna puluwan nam godaak hondai.
Jayawewa!!!සමීර කරුණාරත්න
කතා දෙකක් නැහැ සහෝ සුපිරියට කරල තියනවා....
ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි වුනාට...jack
niyamai niyamai macho
vernie
mama බ්ලූරේ (BRRip) enakamma hitiyaa meka balanna. thanx saho
yeshu
thankZ
banda
thanks you very much.wadagath film ekak .
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ටම ෆිල්ම් එකක් නේ අදම බලන්න ඕනේ....ජය වේවා!