Watch Trailer

Life (1999) Sinhala Subtitles | ජීවිතය මෙහෙමත්.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ මගේ 05වෙනි උපසිරැසියත් එක්ක. මේ ෆිල්ම් එකේ නම Life. කතාවටම ගැලපෙන නමක්. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක් නේ, ඒ මොකද කීවොත් ජීවිතයක් එහෙම් පිටින්ම කනපිට ගහන්න එක තත්පරයකින් වුනත් පුලුවන්. අපි කව්රැත් දන්නවා බන්ධනාගාර ගතවෙලා ඉන්නේ වැරදිකරැවෝ කියලා, ඒත් ඔවුන් අතරේ නිවැරදිකරැ…

කොහොමද යාලුවනේ මම අද ආවේ මගේ 05වෙනි උපසිරැසියත් එක්ක. මේ ෆිල්ම් එකේ නම Life. කතාවටම ගැලපෙන නමක්. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක් නේ, ඒ මොකද කීවොත් ජීවිතයක් එහෙම් පිටින්ම කනපිට ගහන්න එක තත්පරයකින් වුනත් පුලුවන්. අපි කව්රැත් දන්නවා බන්ධනාගාර ගතවෙලා ඉන්නේ වැරදිකරැවෝ කියලා, ඒත් ඔවුන් අතරේ නිවැරදිකරැවෝ එහෙමත් නැත්නම් වෙන කෙනෙකුගේ චෝදනාවක් තම පිට පැටවි ජිවිතාන්තය තෙක් සිර දඩුවම් පුද්ගලයින්ද සිටිනවා. මම මොනවද මේ දොඩවන්නේ කියලා ඔයාලට හිතෙන්න ඇති. මම එහෙම දෙයක් කීවේ මේ ෆිල්ම් එකට ඒක සම්බන්ධ හන්දයි.කව්රැහරි හිතනවනම් අපෝ මහ හද්ද පරණ ෆිල්ම් එකක්, වැඩක් නෑ කම්මැලියි, කියලා හිතෙනවනම් ඒ හිතෙන තෙකනාගේ මෝඩ කම. මොකද මේක සමනල කතාවක්, බොළඳ කතාවක් නම් නෙවෙයි, මේක ඇවිල්ලා පටන්ගත්තු වෙලාවේ ඉදන් අවසානේ ෆිල්ම් එක හදපු හැටි පෙන්වන තැනට එනකම් ජෝක් තියෙන, වෙලාවකට ඇඩෙන, මළ පනින ඒ වගේ හැගීම් ගොඩක් ඇති කරන්න පුලුවන් විදිහේ චිත්‍රපටියක් මේක.

කතාවේ පසුබ්ම ගැන කීවොත් සත්‍යය සිදුවිමක් පදනම් කොටගෙන තමයි Life චිත්‍රපටය නිර්මානය කරන්නේ. 1999 වර්ෂයේ තිරගත වුන මේ ෆිල්ම් එක Ted Demme විසින් අධ්‍යයක්ෂණය කර ඇති අතර චිත්‍රපටය සදහා වැයවුනු ඇස්තමේන්තු ගත මුදල $80,000,000 පමණ වේ. තිරගත වි පලමු සතිය වන විට $20,414.775 පමණක් උපයා ගැනිමට සමත්වී තිබෙනවා. තවද 07 IMDB මීටරය දක්වා ගෙනියන්න සමත්වෙලා තියෙනවා.මෙහි ප්‍රධාන චරිතය කව්රැත් හොදට දන්න විකට නලුවන් වන Martin Lawrence සහ Eddie Murphy විසින් දායකත්වය දක්වනවා. මේ දෙන්නාගේ ෆිල්ම්ස් ගැන ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.මේ දෙන්නගේ ෆිල්ම්ස් බලලා නැති දෑස් කුමටද කියලා තමයි කියන්න තියෙන්නේ.. මේ දෙන්නා ඉන්නවනම් ෆිල්ම් කොහොම ඇත්ද කියලා හිතාගත්තැකිනේ. තවද මේකේ හොදම වේෂ නිරෑපණය සදහා 2000 වර්ෂයේදි ඔස්කාර් සම්මාන උළෙටත් නිර්දේශ වුනා.මහලු වයසේ තියෙන වේෂ නිරෑපණයට අනුව මේ ඉන්නේ අපි දන්න දෙන්නමද කියලා හිතෙනවා.

-මහලු වියේ වේෂ නිරෑපණය-

එහෙනම් දැන් මම කතාව පැත්ට හැරෙන්නම් Life ෆිල්ම් එක නිර්මාණය වී තිබෙන්නේ සැබෑ කතාවක් ආශ්‍රයෙන්. රේයි ක්ලව්ඩ් බෑන්ක්ස් යනු බැංකුවක රැකියාවක් කරන පුද්ගලයෙකු වන අතර රේයිෆොර්ඩ් ගිබ්සන් පොඩි පොඩි වංචා වැඩ කරමින් ජීවිතය ගෙනියන කෙනෙක්.මේ දෙදෙනාම මුණගැහෙන්නේ හරි අපූරැ විදිහකට ඒක කියන් නෑ මම. මේ දෙන්නට පොඩි වැඩක් පැවරෙනවා ඒ වැඩේ ඉටු කරන්න ගිහින් අහම්බෙකින් ජීවිතය දෙදෙනාගේම කණපිටට පෙරලෙනවා එම සිද්ධිය නිසා ඔවුන් දෙදෙනා ජීවිතාත්නය තෙක් සිරගත වෙනවා.මේ සිරගතවුනාට පස්සේ දෙන්නා හිරෙන් පැනලා යන්න මාර ප්ලෑන් ගහනවා වගේම හරි දුක්බර සිදුවිම මෙන්ම බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් දර්ශණත් එමටයි.කතාව ගැන ආයෙ මොකවත් කියන්න යන් නැ මම මේ දෙන්නා මුණ ගැහෙනනේ කොහොමද,හිරේ යන්න තරම් සිදුවෙන සිදුවිම මොකක්ද ඒ සිද්දිය පිටුපස ඉන්නේ කව්ද, හිරෙන් පැනලා යයිද ඔය ඔක්කොම ෆිල්ම් එක බබලම තිරණය කරන්න.

සැබෑ රේයි ගිබ්සන් සහ ක්ලවුඩ් බෑන්ක්ස් (පිළිවෙලින්)

විශේෂයෙන් කියන්න ඕනි ඹේක 18+ බලනව නම් වඩා හොදයි මොකද මේකේ එන දෙබස් තියෙන්නෙම ආයේ පොඩි අයට අහන් ඉන්න පුලුවන් ඒවා නම් නෙමෙයි.මේක ජිවිතයට පාඩමක්ද කියාදෙන ලස්සන ෆිල්ම් එකක මේක අනිවා අරන් බලන්න මොකද ආසාවෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක් හැබැයි 18+ බලනවනම් වඩා හොදයි කියලා නැවතත් මතක් කරන ගමන් අදට මම කැපෙනවා මතක් කරලා ලෝබ නැතිව අදහස්, උදහස්, චෝදනා, ඝර්ජනා ඕනි එකක් දක්වලා කමෙන්ට් එක්කුත් දාගෙන යන්න මොකද මගේ ඊලග උපසිරැසියේ අඩුපාඩු හදාගන්න නම් ඔයාලගේ අදහස් අවශ්‍යයමයි කියලා ඒකත් මතක් කරලා මම කැපෙනවා තවත් සබ් එකකින් හම්බෙනතුරැ

ජය..!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,015 downloadsDownload Life-1999.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිසර ධර්මපාල

Subtitles

2,015 downloadsDownload Subtitles72 KB

15 comments

  1. Pcvenom

    supiri

  2. Shamal manojan

    මේ උපසිරැසියට බොහොම ස්තූතියි.

    Friday After Next - 2002 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?

    1. Ravisara Dharmapala

      Ha mn blanm

  3. Kavinu

    සබට තුති වේවා!
    ❤️

  4. indika75

    thanks..

  5. Dilankamadusara

    Eddie Murphy ge thawa films denna

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. tharindujp

    ජය වේවා සහෝ මේ වගේ තව හොද නිර්මාණ ගෙන්න කියල ඉල්ලනවා ජය වේවා ඔබට

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  10. podda

    elama

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Navod

    Thank you my bro

  13. Anonymous

    ඔබගේ මහන්සියට අපගේ උත්තමාචාරය. ස්තූතියි සහෝ....

  14. Anonymous

    sub eka weda na machn erorr ekk enwa hadala dapn