Watch Trailer

Checkered Ninja (2018) Aka Ternet ninja Sinhala Subtitles | කොටු ඇඳුමින් සැරසුණු නින්ජා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතිං යාළුවනේ… ඔන්න මම මගේ පළවෙනි Animation ෆිල්ම් එක ගෙනාවා.තව මේක තමයි මම සම්පූර්ණෙන් අහගෙන සබ් කරපු පළවෙනි ෆිල්ම් එක. ලෝක කට්ටක් කෑවේ ඉතිං. විභාග වැඩත් හින්දා බාරගෙනත් සතියකටත් වඩා ගියා මේක ගේන්න. ඒත් ෆිල්ම් එක සුපිරි හින්දා කොහොමහරි සබ් කළා. Animation පිස්සෙක් නම් මේක බලන්නම ඕනා කියලා තමය…

කොහොමද ඉතිං යාළුවනේ… ඔන්න මම මගේ පළවෙනි Animation ෆිල්ම් එක ගෙනාවා.තව මේක තමයි මම සම්පූර්ණෙන් අහගෙන සබ් කරපු පළවෙනි ෆිල්ම් එක. ලෝක කට්ටක් කෑවේ ඉතිං. විභාග වැඩත් හින්දා බාරගෙනත් සතියකටත් වඩා ගියා මේක ගේන්න. ඒත් ෆිල්ම් එක සුපිරි හින්දා කොහොමහරි සබ් කළා. Animation පිස්සෙක් නම් මේක බලන්නම ඕනා කියලා තමයි කියන්නේ. මේ ෆිල්ම් එකට නම් පැය එක හමාරක් වියදම් කළත් පාඩු නෑ කියල නම් ෂුවර් එකටම කියන්න පුළුවන්.

මේක Animation/Fantasy යන වර්ග වලට අයත් චිත්‍රපටයක්. ධාවන කාලය පැය 1 යි මිනිත්තු 23 ක් තියන මේ චිත්‍රපටයට 7.3 වගේ තරමක් ඉහළ IMDb අගයක් ලැබිලා තියනවා. මේ චිත්‍රපටය මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ ඩෙන්මාර්කයේ. ඒ Ternet Ninja යන නමින්. එම චිත්‍රපටයේ ඉංග්‍රීසි පරිවර්තනය තමයි Checkered Ninja යන නමින් නිකුත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය භාෂා රැසකට පරිවර්තනය වෙලා තියනවා. මමත් මේ ෆිල්ම් එකම ඉංග්‍රීසි, ජපන්, ඩැනිෂ් යන භාෂා තුනෙන්ම බැලුවා. ඒත් හොඳටම තියෙන්නේ ඉංග්‍රීසි පරිවර්තනය නිසා ඒකට තමයි සබ් කළේ.

ඉංග්‍රීසි පරිවර්තනයේ සින්දු වල කොලිටි එකත් ඔරිජිනල් ෆිල්ම් එකට වඩා ගොඩක් හොඳයි. ඉතිං මම ඒවාටත් කොහොමහරි සබ් කළා. ඒ හැම එකක්ම මාර ලස්සනයි. විශේෂයෙන් රැප් එක. ඉතින් මේකේ ඉංග්‍රීසි පරිවර්තනයේ හඬ කැවීම් ශිල්පීන් ගැන නම් සඳහනක් නෑ. ඩෙන්මාර්ක් චිත්‍රපටය ගැන තමා විස්තර ගොඩක් තියෙන්නේ.

මේකෙ වෙන කතාව කෙටියෙන් කිව්වොත්, ෆිලිප් එපර්මන්ට් කියලා සෙල්ලම් බඩු ව්‍යාපාරිකයෙක්, එයාගේ තායිලන්තේ තියන සෙල්ලම් බඩු හදන ෆැක්ට්‍රියේ ළමයින්ව වහල්ලු හැටියට තියන් වැඩ ගන්නවා. ඒකත් ළමයෙක්ට ඔරොත්තු දෙන විදියට නම් නෙවෙයි. ඉතිං එක ළමයෙක් අතින් අත්වැරදීමක් වෙනවා. ලොකු දෙයක් නම් නෙවෙයි. ඒත් මේ ව්‍යාපාරිකයා ඒ ළමයට පහර දීලම මරණවා. පස්සේ ඒ ළමයා අතින් අවසානෙට වැරද්දක් එක්ක හැදුණු බෝනික්කාව ඒ ෆැක්ට්‍රියේ කළමනාකරු අතට ගන්නවා. එහෙම ගද්දි ඒ බෝනික්කාට කොහේදෝ ඉඳන් ඇවිල්ලා වැදුණු අකුණකින් පණ එනවා. ඇත්තටම කිව්වොත් අකුණ හරහා බෝනික්කාගේ ඇඟට ආත්මයක් එනවා. ඉතින් ඔහොම තමා මේ කතාව පටන් ගන්නේ. ඒ ආත්මයේ වගතුග තමා අර කිව්ව රැප් එකේ තියෙන්නේ. ඉතිං චිත්‍රපටිය නම් බොහොම රසවත් එකක්.

ඉතිං මේ ෆිල්ම් එක හොයාගන්න උදවු කරපු, ඒ වගේම මේක කරන්න අවසර දුන්නු අශාන් විමුක්ති(විමා) සහෝදරයාටත් වෙබ් අඩවියේ අනිත් සහෝදර සහෝදරියන්ටත් ස්තූති කරනවා. ඒ වගේම කමෙන්ට් එකක් දාන හැමෝටමත්.

ඉතින් මේකටත් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක් !!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

3,955 downloadsDownload Checkered-Ninja-2018.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගීත් මිහිර සත්සර

Subtitles

3,955 downloadsDownload Subtitles45 KB

19 comments

  1. Shashi

    Thanks.....

  2. Pramod

    එල මචං , තෑන්ක්ස් සබ් එකට ජය වේවා

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් මේ දෙකටත් සබ් දෙන්න.
    Lupin the 3rd (2014),Lupin III: The First (2019)
    ජය වේවා!

    1. ගීත් මිහිර සත්සර

      ඇඩ්මින්වරුන්ගේ අවසරය මත උත්සාහ කර බලන්නම්...

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Little Joe (2019)
    The King of Staten Island (2020)
    The Lovebirds (2020)

    1. ගීත් මිහිර සත්සර

      ඇඩ්මින්වරුන්ගේ අවසරය මත උත්සාහ කර බලන්නම්...

    2. ගීත් මිහිර සත්සර

      Little Joe දෙන්නම්... පොඩ්ඩක් පරක්කු වෙයි... Scientific වචන බර ගාණක් තියන හින්දා ටිකක් කල් යයි... දැන් කරන ගමන්...

  5. KALANA IDUWARA(SL KINGSTON)

    THANX BRO.දිගටම SUB දෙන්න.ඔයාටයි BISCOPETEAM එකේ හැමෝටමයි සුභ අනාගතයක්!

  6. indika75

    thanks..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. rockz2020

    කියන්න දෙයක් නෑ සුපිරියි සහෝ! කීවා වගේ සිංදුවත් නියමයි නේ✌ ;)
    සබ් වැටෙනකන් ඩව්න්ලෝඩ් කරන් බලාන හිටියේ :)
    පොඩ්ඩන්ටම හදපු එකක් නෙවේ වගේ නෙහ් :)
    සබ් ගෙනාව එකනම් ලොකු දෙයක් සහෝ, කොහොම හරි මහන්සි වෙලා සබ් එක ගෙනාපු එක වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ❤ සහෝට ජයෙන් ජයම වේවා! ✌❤

    StarDog and TurboCat (2019)
    Vic the Viking and the Magic Sword (2019)

    1. ගීත් මිහිර සත්සර

      StarDog and TurboCat එක තමා මම මුලින් කරන්න හිටියේ. ඒත් ඒකට හරිහමන් ඉංග්‍රීසි උපසිරසියක් නෑ.හරිහමන් කියන්නේ කොටින්ම ඉංග්‍රීසි එකක් නෑ.... මේකට තිබ්බෙත් ඩැනිෂ් language උපසිරසියක්නේ. උපසිරසියක් ආපු ගමන් ඇඩ්මින්වරුන්ගේ අවසරය මත උත්සාහ කර බලන්නම්... ස්තූතියි...

    2. rockz2020

      අහ් බොහොම ස්තූතියි සහෝ! ✌❤

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  10. Mailer

    Thanks supiri ela pluwanman DC superhero girls TV series 2019 sub dennko please plz thx sub ekata supiri

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. D.Chamara

    bohoma sthuthi

  13. Anonymous

    Film eka harima lassanai. Subtitles walata thank you. Checkered Ninja 2 ekatath sub karannako plz

  14. Anonymous

    Ternet ninja 2 sub eka ona