Watch Trailer

Love and Monsters (2020) Sinhala Subtitles | විපරිත රාක්ෂයන් අතරින් ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම, සුපිරිම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. ගොඩක් අය මේක නිකුත් වෙනකන් ඇඟිලි ගැන ගැන හිටියේ. මේ මාසේ 16 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට මම උපසිරැසි දුන්නා. මේ නිර්මාණයේ විස්තර බැළුවොත් මේ වන…

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම, සුපිරිම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. ගොඩක් අය මේක නිකුත් වෙනකන් ඇඟිලි ගැන ගැන හිටියේ. මේ මාසේ 16 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට මම උපසිරැසි දුන්නා. මේ නිර්මාණයේ විස්තර බැළුවොත් මේ වන විට 7.2 ක ඉතාමත් හොඳ IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Adventure\Comedy යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම වර්ගීකරනයට ලක්වෙලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Micheal Matthews විසින්. අපි හැමෝම දන්න Teen Wolf රූපවාහිනී කතා මාලාවේ “ස්ටයිල්ස්” එහෙමත් නැත්තම් The Maze Runner චිත්‍රපට ත්‍රිත්වයේ “තෝමස්” ලෙස ප්‍රධාන චරිතය හොබවු Dylan O’ Brien තමයි මේකේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ. ඒ එක්කම Iron Fist රූපවාහීනි කතා මාලාවේ කොලීන් ලෙසත්, Underwater (2020) Spirit Warriors (2010) Game of Thrones වැනි නිර්මාණවලට දායක්තවය සැපයූ සුරූපී නිළි Jessica Henwick ප්‍රධාන නිළිය ලෙස එකතු වෙනවා. මීට අමතරව Guardians of the Galaxy චිතරපට මාලාවේ “යොන්ඩු”ගේ චරිතය රඟ දැක්වු Michael Rooker සහ ළමා නිළි Ariana Greenblatt, Dan Ewing, Ellen Hollman යන නළු නිළියන් මේ චිත්‍රපටයට රංගන දායකත්වය සපයනවා.

නුදුරු අනාගතයේ පෘතුවි කක්ෂය තුලට ඇස්ටරොයිඩ් එකක් එහෙමත් නැත්තම් ග්‍රාහකයක් ඇතුල් වෙනවා, විද්‍යාඥයන් කියන විදියටනම් මේ ග්‍රාහකය අනිවාර්යයෙන්ම අපේ ලෝකයත් එක්ක ගැටිලා මහා විනාශයක් සිද්ධ වෙනවා. මේ ග්‍රාහකය ඇගතා 616 කියලා තමයි විද්‍යාඥයන් හදුන්වන්නේ. ඉතිං මේකට විසඳුමක් විදියට මේක පෘතුවියේ ගැටෙන්න කලින් ඉහල අභ්‍යවකාශයේදීම පුපුරවා හරින්න තීරණය කරනවා. ඉතිං කොහොමින්හරි ඒ සැලසුම ක්‍රියාවට නංවලා ග්‍රාහකය ඉහල ආකාශයේම පුපුරවා හරින්න සමත් උනත් ඊට පස්සේ වෙන්නෙ කොහෙත්ම නොහිතපු දෙයක්. පුපුරවපු ග්‍රාහකයේ කැබලි රසායනික සම්මිශ්‍රණයක් වෙලා පොලවට වහිනවා. මේ වැස්සට නිරාවරනය වෙන සත්තු ඔක්කොම රසායනික විපර්යාසයකට ලක්වෙලා විපරිත වෙනවා. ඒ කියන්නේ කුඩා කෘමියෝ, උභය ජීවීයෝ ඔක්කොම මහ විශාල සත්තු විදියට පරිවර්තනය වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කුඩා කූඹියෙක් අලියෙක් තරමටම ලොකු වෙනවා. ඒ විතරක් නෙමෙයි උන් මිනිස්සුන්වත් කන්න පටන් ගන්නවා. මේ විදියට අවුරුදු 7ක් ගියාට පස්සේ පෘතුවියේ ඉතුරු වෙන්නෙ මනුෂ්‍ය ජනගනනයෙන් 95%ක් විතරයි. මේ ඉතුරු වෙන අය තැන් තැන් වල පොළව යට බංකර නිර්මාණය කරගෙන ඉන්නේ. “ජොයෙල් ” අවුරුදු 17දී තමයි මේ බංකරයක් ඇතුලට එන්නේ. එයාගේ අම්මා තාත්තාත් නෑ. මෙයාගේ පෙම්වතිය ඉන්නේ සැතපුම් ගාණක් ඈතින් තියෙන වෙනත් බංකරයක. අවුරුදු 7ක් මෙහෙම හිටපු ජොයෙල්ට මේ ඔක්කොම එපා වෙලා තමන්ගේ පෙම්වතියව බලන්න යන්න ඕන වෙනවා. හැමෝම එපා කියද්දි බංකරයෙන් එළියට එන ජොයෙල්ට මාර අකරතැබ්බයන්ට තමයි මූණ දෙන්න වෙන්නේ. එළියේ උදව්වට අයත් නැතුව, විපරිත උන දරුණු රාක්ෂයෝ අතරින් ජොයෙල්ට තමන්ගේ පෙම්වතිය බලන්න යන්න පුලුවන් වෙයිද ? මේ රාක්ෂ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයිද ?

ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඔයාලට මේක නරඹලා දැනගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ දෙවෙනි කොටසක් එයි කියලත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් අපි බලමුකෝ. අපිත් වැඩ රාජකාරි තියාගෙන කොහොමෙන් හරි ඔයාලට අළුත්ම චිත්‍රපට ආපු සැනින් උපසිරැසි ගන්වලා දෙනවා. ඒහෙම උනාට ඔයලගෙන් ලැබෙන දිරිමත් කිරීමනම් ගොඩක් මදි, උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය සහ කොමෙන්ට් වැටෙන ප්‍රමාණ්‍ය බැලුවම හැමදාම කොමෙන්ට් කරන 1%ක් වගේ තමයි ඉන්නේ. ඒ නිසා ඔයාලගෙන් ඉල්ලන්නේ අපිව දිරිමත් කරලා හෝ ඔයාලගේ ඉල්ලිම් තියෙනවනම් කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න කියලා තමයි. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙන් වෙන චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. දිගටම අපේ වෙබ් අඩවියත් එක්ක ඉන්න නවතම චිත්‍රපටයක උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා ! මම දනුවා…

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

48,043 downloadsDownload Love-and-Monsters-2020-Blu-Ray.zip102 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

48,043 downloadsDownload Subtitles102 KB

181 comments

  1. ishanz super

    Sub eka maru ayye!!!

    1. Lahiru Viduranga

      Tx for sub bro....

  2. Anonymous

    niyami

  3. charith

    fatima 2020 movie eke sub eka danna berida.

  4. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි.

  5. Anonymous

    ස්තූතියි! එල

  6. Randula

    dan tama download kale.. balalama comment ekak dannam

  7. jeewantha

    නියමයි

    1. හේමන්ත

      ස්තුතියි ධනුක....

  8. bhagya wijesinghe

    Thanks for this subtitles ️

    1. chamil

      "A babysitters guide to monster hunting" mekatath sub eka denna puluwannam maru..

  9. Anonymous

    Thanks for sub bro.

  10. chamal

    walking dead world beyond eke subs karannnko

  11. RVMENDIS85

    Thanks for sinhala sub..

  12. chamil

    Thanks bro. Sub eka enakan balan hitiye

  13. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  14. Udaya Fdo

    Thank you

  15. Anonymous

    Thnx bro for the Sub

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  17. Anonymous

    supiri wadak thank

  18. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... yuran danuka

  19. Anonymous

    thanks for the subtitle..

  20. Anonymous

    Tanx mchoo..

    1. Charith

      Thans sub 1 ta

  21. Risenpds

    ෆිල්ම් එක මරු
    මම බයිස්කෝප් සයිට් එකෙන් ගොඩ කාලයක් ෆිල්ම්,ටීවී සීරියස්,උපසිරසි ඩඋන්ලෝඩ් කරනවා....
    මට මෙච්චර කාලයකට හම්බවෙච්ච ලන්කාවේ සුපිරිම tv ,film subtitles සයිට් එක. ජයවේවා

  22. Anonymous

    Thanks bro

  23. sampath

    THX bro , jawa wewa!!!!!

  24. dilan

    thank Kollo

  25. Prabodha

    Godak sthuthi sahooo

  26. tv malli

    tnx bn sub ekata

  27. Nilush Angana

    Sub ekata thanx

  28. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  29. Ashan

    දෙනකන් බලාගෙන හිටියේ..ගොඩාක් ආදරෙයි ස්තූතියි

  30. Oli

    Suppa wadak digata karanna ,,,,,api comment karan nm

  31. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  32. Shaggy

    Thank you very much

  33. gimhara

    බලාගෙන හිටියෙ ..ස්තූතියි

  34. Anonymous

    ela thanks . digatama karpan bokka'

  35. Pathum Aroshana

    Thanks bro

  36. sampath n perera

    miyamai thanks

  37. Ravindu

    Thank you for the subtitle.
    Comment aduwen danne meke ගොඩක් detail fill කරන්න tiyena nisa වෙන්න පුළුවන්. Comment eka witarak dala post karanna puluwan widihata hadanna. Thank you.

  38. indika75

    thanks..

  39. Anonymous

    Thanx brother

  40. samith

    Thank you Very Much for the sub

  41. Isaac Mendis

    Thanks sub ekata jaya wewa

  42. Anonymous

    Thz for sub

  43. Anonymous

    thanks for sub

  44. -චානක ඉඳුනිල්-

    ස්තූතියි සහෝ සබ් එකට,
    ඉදිරියටත් උපසිරැසිය කරමු!

  45. tharanga

    film eka download karanne kothaninda

    1. යුරාන් ධනුක (දනුවා)

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න පුළුවන්

  46. lakshan

    thanks ............................

  47. Anonymous

    ❤ Thanks You Bro ❤

  48. Pasindu

    Enakam balagen hitiye thanks bro. Podi ඉල්ලීමක් තියනවා. Aluthen apu film dekak gan puluwan nam sub denna kollo thanks.....!
    Alone (2020 apu එකක් )teen wolf eke scott thama
    main character eka patta film ekak.

    After we collided (2020 apu එකක්) patta romance
    movie ekak.
    Thanks Bro...!

  49. Anonymous

    Thnx saho

  50. Anonymous

    Thnks lot bro...

Load more comments