Love Reset (2023) Sinhala Subtitles හැමෝටම ආයුබෝවන් අදත් සුපුරුදු විදියට බයිස්කෝප්වාසීන්ට අරගෙන ආවේ 2023 වර්ෂයේදී විකාශනය උන දකුණු කොරියානු ආදර කතාවක්.ආදර කතාවන් කිව්වම දන්නවනේ ඉතින් එයින් දකුණු කොරියාවට හිමිවෙන්නේ සුවිශේෂි ස්ථානයක්. සාම්ප්‍රදායික ආදර කතාවලට එහා ගිහින් ඔවුන් එයට කාලීන සිදු වීම්ද එක…
Love Reset (2023) Sinhala Subtitles
හැමෝටම ආයුබෝවන් අදත් සුපුරුදු විදියට බයිස්කෝප්වාසීන්ට අරගෙන ආවේ 2023 වර්ෂයේදී විකාශනය උන දකුණු කොරියානු ආදර කතාවක්.ආදර කතාවන් කිව්වම දන්නවනේ ඉතින් එයින් දකුණු කොරියාවට හිමිවෙන්නේ සුවිශේෂි ස්ථානයක්. සාම්ප්‍රදායික ආදර කතාවලට එහා ගිහින් ඔවුන් එයට කාලීන සිදු වීම්ද එකතු කරලා නිර්මාණය කරන්නේ සීනී තේ කොළ උණු වතුර පදමට මිශ්‍ර උනු තේ කෝප්පයක් වගේ තමයි. ඒ තරමටම මේ ආදර කතා රසවත්ව නිර්මාණය කරන්න දකුණු කොරියානුවන්ට තියෙන්නේ සුවිශේෂි හැකියාවක්. මන් දීපු උපමාව ගැනනන් වැඩිය හිතන්න එපා. මට කියන්න ඕන උනේ මේ ආදර කතා හරිම රසවත් කියලා.
ඉතින් මේ ආදර කතාවත් හරිම වෙනස්. දැකලා තියනවද පණ වගේ ආදරේ කරලා කසාදත් බැදලා ටික කාලයක් යද්දී දෙන්නට දෙන්නා පේන්න බැරිව දුටු තැන ගහමරාගෙන දික්කසාදත් වෙලා ආයෙමත් අර මුල් කාලේ වගේ පණ වගේ ආදරේ කරන්න පුලුවන් ජෝඩුවක්. මොන විකාරයක්ද ඒ එහෙනන් මොකටද දික්කසාද වෙන්නේ. වැඩේ කියන්නේ මේ සංවේදී සිද්ධිත් අපිට බලන්න පුලුවන් හිනා වෙවී. ඉතින් ඔව් මේක වර්ග වෙන්නෙත් Rom-Com කියන ශානර වර්ගයට.පටන් ගත්ත වෙලාවේ ඉදලා හිනා වෙවී බලන්න පුලුවන් හරිම සැහැල්ලුවෙන්. හිනා වෙනවා වගේම ආදර සම්බන්ධතාවලදී ආදරේ වගේම දෙන්නට දෙන්නා ගැන අවබෝධයකුත් ඕන වෙනවා කියලා මේ ආදර කතාවෙන් අපිට ඔප්පු කරනවා. ඒක තමයි දකුණු කොරියානු ආදර කතාවල සුවිශේෂීත්වය.
ඉතින් මේ ලස්සන ආදර කතාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Nam Dae-jung කියන අධ්‍යක්ෂකවරයා. ආදයම් වාර්තා අතිනුත් හොද තත්ත්වයක තියනවා. IMDb Ratings 6.8/10 ගන්නත් සමත් වෙලා තියනවා. රංගනයෙන් දායක වෙලා තියෙන්නේ අපි ටිකක් දන්න කියන සුපුරුදු සෙට් එකක් මෙහි ප්‍රධාන නිළිය මේ දවස්වල විකාශනය වන ජනප්‍රිය ආදර කතාමාලාවකත් දැකගන්න ලැබෙනවා.
කතාව ගැනත් පොඩ්ඩක් කියමු නේ. වැල් බයිලා ඇති. නෝ ජන්ග්-යූල් කියන්නේ නීතිඥයෙක් වෙන්න කඩඉම් විභාගයට පාඩම් කරන කොල්ලෙක්. කතාවේ මුලදී පෙන්නනවා මෙයා ටිකක් දුකින් ඉන්නේ මොකද එයා පණවගේ ආදරේ කරන හොන්ග් නාරා අද වෙන පුද්ගලයෙක්ව කසාද බදිනවා. ඉතින් මෙයා අන්තිමට තීරණය කරනවා එයා ආදරේ කරන කෙල්ලව උස්සගෙන හරි එනවා කියලා. මෙයා යන්න හදනකොටම කෙල්ලම එනවා කොල්ලා ගාවට ආයෙනම් එන්න මෙච්චර පරක්කු වෙන්න එපා කියලත් කියාගෙන.
ඔහොම ගිහිල්ලා කෙල්ලගේ තාත්තගේනුත් බොහොම අමාරුවෙන් කැමැත්ත අරගෙන මාර කට්ටක් කාලා මේ දෙන්නා කසාද බදිනවා. ටික කාලයක් ගියාම මේ දෙන්නට දෙන්නා පේන්න බැරුව යනවා ඉතින් මෙයාලා අන්තිමට නවතින්නේ උසාවියේ.දික්කසාදේ අවසන් තීරණයට දිනයකුත් දාගෙන මේ දෙන්නා උසාවියෙන් එළියට එනවා. ඒ දින 30ක කාලසීමාවක්. මෙහෙම පේන්න බැරුව තියාගෙනත් මේ දෙන්නා ආපහු යන්නේ එකම වාහනේකින් රණ්ඩු වේවී ටික දුරක් යනකොට බොහෝම දරුණු රිය අනතුරකට ලක්වෙනවා.සිහිය ලැබෙන්නේ හොස්පිට්ල් එකේදී. ඔතනින් තමයි කතාවේ හොදම හරිය යන්නේ දෙන්නට දෙන්නා නෙවෙයි තමන්ගේ අම්මා තාත්තාවත් කව්ද කියලා දෙන්නටම මතක නෑ. ඔවුන්ගේ මතකේ නැතිවෙලා අනතුර නිසා.
මන් කතාව බොහොම කෙටියෙන් තමයි කිව්වේ තව ආතල් සිද්ධි බරගානක් වෙනවා.එහෙනන් බාගෙනම බලන්න. එහෙනන් මන් යනවා තව අලුත් උපසිරසියකින් හමු වෙමු.හැමෝටම ජය!
Love Reset (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,954 downloadsDownload Love.Reset-2023.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Love Reset (2023) Sinhala SubtitlesSubtitles by
ඉෂාරා ගුණරත්න
Subtitles
10 comments
Nayana Buddhika
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඉෂා .......
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Kavindu Nethmina
Sub Ekata Thanks Sis
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
movie eke link ekak nadda?
Sanupa Ranmeth - Admin
අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න සහෝ.
Buddhika laKMal
මේකනං පට්ට මූවි එකක් වගේ..
බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට...Ravindra
Thanks sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි