Watch Trailer

Love Story (2021) Sinhala Subtitles | බාධක හමුවේ නොසැලෙයිද ආදරේ? [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! තෙලුගු රසිකයන් මේ අවුරුද්දේ එනකල් පුල පුලා බලා සිටි චිත්‍රපටයට තමයි අද සිංහල උපසිරැසි අරන් ආවේ. අපි කාගෙත් ආදරය ආදරය දිනාගත් සුරූපී නිළි සායි පල්ලවී සමඟින් නාග චෛතන්‍යා රංගණයෙන් දායක වන මෙම චිත්‍රපටය නිකුත්වන තෙක් තෙලුගු රසිකයන් බලා සිටියේ 2020 අවුරුද්දේ මුල ඉඳන්මයි. නමුත් කොවිඩ් වසංගතය…

ආයුබෝවේවා! තෙලුගු රසිකයන් මේ අවුරුද්දේ එනකල් පුල පුලා බලා සිටි චිත්‍රපටයට තමයි අද සිංහල උපසිරැසි අරන් ආවේ. අපි කාගෙත් ආදරය ආදරය දිනාගත් සුරූපී නිළි සායි පල්ලවී සමඟින් නාග චෛතන්‍යා රංගණයෙන් දායක වන මෙම චිත්‍රපටය නිකුත්වන තෙක් තෙලුගු රසිකයන් බලා සිටියේ 2020 අවුරුද්දේ මුල ඉඳන්මයි. නමුත් කොවිඩ් වසංගතය හමුවේ විටින් විට කල් දමමින් අවසානයේදි 2021 සැප්තැම්බර් මස 24 වෙනිදා සිනමා ශාලා වෙත නිකුත් කෙරුණා. මමත් වැඩියෙන්ම කැමති Romantic Drama කියන කාණ්ඩයෙන් තමයි මේ චිත්‍රපටය නිකුත් කෙරුනේ. සායි පල්ලවීගේ ජනප්‍රියත්වය හිනිපෙත්තට ඔසවා තැබූ චිත්‍රපටයක් වන Fidaa චිත්‍රපටය අධ්‍යක්ෂණය හා පිටපත් රචනය සිදු කළ Sekhar Kammula විසින්ම තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා පිටපත් රචනය සිදු කර තිබෙන්නේ. සංගීතය මුසු කරන්නේ සුප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන A. R. Rahmanගේ සංගීත ඇකඩමියේ ශිෂ්‍යයකු වන Pawan Ch විසින්. ඉතින් මේ වගේ කාරණා නිසා එනකල් බලන් හිටිය චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවන එක අහන්නත් දෙයක් නෙවෙයි. මුලින්ම ඒ ගැන ටිකක් විපරම් කරලා බලමු.

ඉන්දියානු රුපියල් කෝටි 20ක බජට් එකක් යොදාගෙන නිෂ්පාදනය කෙරුණු මේ චිත්‍රපටය නිකුත් කරපු පළවෙනි දවසෙම ඉන්දියානු රුපියල් කෝටි 16.5ක් උපයන්න සමත්කම් දැක්වුවා. ඒකෙන් කෝටි 10.3ක්ම උපයලා තියෙන්නේ තෙලන්ගානා ප්‍රාන්තයේ ආන්ද්‍රා ප්‍රදේශ් වලින්. බොක්ස් ඔෆිස් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරන විදිහට පළමු දවසෙන්ම කෝටි 8.75ක ශුද්ධ ආදායමක් ලබා තිබෙනවා. ඉතින් ඒක තමයි කොවිඩ් දෙවන රැල්ලෙන් පස්සේ ඉන්දියාවේ චිත්‍රපටයක් පළමු දවසෙන් ලබපු වැඩිම ශුද්ධ ආදායම. එහෙම ගතවෙලා පළවෙනි සතිය ඉවරවෙනකොට කෝටි 50 ක දළ ආදායමක් ලබන්න සමත්කම් දක්වනවා. ඉතින් එහෙම ආදායම් වාර්තා තියපු මේ චිත්‍රපටය මාසයක් යන්නත් කලින් අන්තර්ජාලයට මුදාහරින්න නිෂ්පාදකයන් තීරණය කරනවා. මේ වෙනකොට මේ චිත්‍රපටය ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 59 ක දළ ආදායමක් උපයන්න සමත්කම් දක්වා තිබෙනවා. මේ වන විට IMDb දර්ශකයේ 7.5ක අගයක් ලබාගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. වාර්තා කෙසේ වෙතත් මගේ පෞද්ගලික මතයේ හැටියට ෆිල්ම් එක ඇවරේජ් කියලා තමයි කියන්න වෙන්නේ. මුල් බාගයේ ලොකු කතාවක් නැති වුනත් දෙවන බාගයේදි කතාවේ හොඳ ගලා යාමක්, ආකර්ශනයක් දකින්න පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කතාව ගැන ටිකක් හොයලා බලමු

ඉන්දියානු සමාජයේ වගේම චිත්‍රපටවල දක්නට ලැබෙන සුපුරුදු කුල බේධය පිළිබඳ මේ චිත්‍රපටයෙන් දක්නට ලැබෙනවා. අපේ කතා නායකයා එහෙමත් නැත්නම් රේවන්ත් කියන්නේ පන්ති බේධය නිසා පොඩි කාලෙ ඉඳන් බැටකාපු කොල්ලෙක්. ඉගෙනීමට වඩා නර්ථනයට පොඩිකාලේ ඉඳන් ආසා කරපු රේවන්ත් තරුණවියට ආවාට පස්සේ බැංගලෝ්ර් වලට ඇවිත් තමන්ගේම කියලා ඩාන්සින් සෙන්ටර් එකක් දාගන්නවා. ඉතින් එකෙන් ජීවිතේ ගැටගහගෙන හිටිය රේවන්ත්ගේ අල්ලපු ගෙදරට කෙල්ලෙක් එනවා. ඒ තමයි මෞනි. ඉංජිනියරින් කරලා තියෙන මෞනි නගරෙට එන්නෙත් රස්සාවක් හොයාගෙන. හැබැයි ඉතින් රස්සාවක් හොයාගන්නත් ලේසි වෙන්නේ නෑ. කොහොමින් කොහොමහරි මෞනි රේවන්ත්ගේ ඩාන්සින් සෙන්ටර් එකත් එක්ක එකතු වෙනවා. ඉතින් කාලයක් යද්දී මේ දෙන්නා අතර ආදර පලහිලවුවක් ඇතිවීගෙන එනවා. හැබැයි ඒකත් එක්කම ප්‍රශ්නයකුත් ඇතිවීගෙන එනවා. ඉතින් කුල බේධයත් එක්ක කැටිවුන මේ ප්‍රශ්නයත් එක්ක ගොඩක් ප්‍රශ්නවලට මුහුණපාන්න මෞනිට සහා රේවන්ත්ට සිද්ධ වෙනවා. එහෙනම් කතාව ගැන යම්කිසි අදහසක් එන්න ඇති කියලා හිතනවා. සම්පූර්ණ කතාවම මොනවගේ ගලාගෙන යනවාද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

අවසාන වශයෙන් මේ උපසිරැසිය කරන්න එකතු වුන තාරක නුවන් දිල්හාර සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන්න ඕන. මොකද අයහපත් කාලගුණය නිසා පරක්කු වුන උපසිරැසිය තවත් සතියක් විතර ප්‍රමාද වෙන්න තිබ්බා මෙයාගේ උදවුව නැති වුනානම්. එහෙනම් ආයෙත් වරක් තාරක සහෝදරයාට ස්තූතියි කියමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා  අදාළ වේ.

24,703 downloadsDownload Love-Story-2021.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට සහ තාරක නුවන් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

24,703 downloadsDownload Subtitles78 KB

41 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    සහෝලා දෙන්නටම බොහෝම ස්තූතියි

  2. Anonymous

    Thanks

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Patta

  5. Naveen

    උපසිරසියට තුති

  6. Jevan

    Thanks machi

  7. Anonymous

    thanks for sub

  8. Anonymous

    Most Eligible Bachelor(2021) sub plz

  9. Niyon

    Doctor tamil film eka dennko ikmnt

  10. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Samith

    Thanks brother

  13. Anonymous

    Most Eligible Bachelor(2021)
    Sardar udham(2021) sub dennko

  14. Lahiru

    Thanks dennatama

  15. Anonymous

    thank u sub ekata

  16. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  17. thilina

    Laabam movie එකෙත් සිංහල subtitle එක ඉක්මනට ඕනේ....

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Anonymous

    Sub ekata thanku. Film eka nam supirimai kiyanna ba. lipiya kiyla thiyenawa wage average kathawak. Baluwata paduwakuth na habai

  20. DILmin

    Sub ekata thanks!

    1. Anonymous

      Sub eka witharak thiya films balanna film download karanna wena thanak thiyenawa...baiscope download nathuwa...?data godak yanne nathi

  21. Gihan Perera

    දෙදෙදෙනාට බොහෝම ස්තුතියි
    ඉදිරියටත් අලුත් ෆිල්ම් ඉක්මනින් ගේමු

  22. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  23. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  24. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  25. Teron

    thanks guyz

  26. Rajitha

    ස්තුතියි දෙදෙනාටම

  27. Anonymous

    උපසිරසියට ස්තුතියි

  28. Anonymous

    Thank you

  29. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි

  30. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි...ජයවේවා !!

  31. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

  32. Charith

    Thanks bn

  33. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  34. isuru srinath sjs

    අද බලන්න හදන්නෙ.. බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට..
    ජය වේවා!!

  35. oshanda

    thanks sahoo dhennatama

  36. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සභට..ජයවේවා !!

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  39. Vishwa sasanka

    Thank you

  40. Malith samarawickrama

    Thanks sub ekata