ඔන්න යාලුවනේ මේ මාර මම අත ගැහැව්වේ horror, Comedy වර්ගීකරණය යටතේ නිකුත්වෙලා තියෙන වර්ථමානයේ ඉන්දියාවේ දමිළ කොමඩි කින්ග් විදියට සලකන්න පුලුවන් යෝගි බාබුගේ අලුත්ම චිත්‍රපටයයි. IMDb 5.1 ක් වගේ අරගෙන තියෙන යෝගි බාබුට අමතරව,මලවිකා මෙනොන්, රාජේන්ද්‍රන්, කෝවයි සරලා, එම්.එස්. බාස්කර්, රමේෂ් කන්නා ඇතුළු රංග…

ඔන්න යාලුවනේ මේ මාර මම අත ගැහැව්වේ horror, Comedy වර්ගීකරණය යටතේ නිකුත්වෙලා තියෙන වර්ථමානයේ ඉන්දියාවේ දමිළ කොමඩි කින්ග් විදියට සලකන්න පුලුවන් යෝගි බාබුගේ අලුත්ම චිත්‍රපටයයි. IMDb 5.1 ක් වගේ අරගෙන තියෙන යෝගි බාබුට අමතරව,මලවිකා මෙනොන්, රාජේන්ද්‍රන්, කෝවයි සරලා, එම්.එස්. බාස්කර්, රමේෂ් කන්නා ඇතුළු රංගන පිරිසක් දායක වෙලා තියෙන අතර 2021 සැප්තැම්බර් මස 24 වෙනිදා තමයි නිකුත් වෙලා තියෙන්නෙ. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ ශක්ති චිතම්බරම් විසිනුයි. කතාව ගැන චූටිවට කියන්නම්.
එම්.එස්.ආර්. සහ නිර්මලා පිටදේශක්කාරයින් එක්ක එකතුවෙලා මාරාන්තික වෛරසයක් බෝ කරලා එයින් අධික ලාභ උපයන්න තීරණය කළා. ඒක එක්කෙනෙකුට දීලා එමගින් අනෙක් අයටත් බෝ කරන්න හිතාගෙන එයාලගෙ ඉස්පිරිතාලෙට ඇතුළ් වුණ වයිරමනී නම් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළ් කරලා පාරක ගිහින් දැම්මා. මෙයාගෙ ලෙඩේ අසාධ්‍ය තත්වයට පත් වෙමින් තිබුණා. මෙයාව හොයාගන්න පට්ටුමේල බංගලාවේ කට්ටිය අරන් ගිහින් ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. පට්ටුමේල බංගලාවේ අය නොමිලේම ප්‍රතිකාර ලබා දෙන දහස් ගානක් සුව කරපු පවුලක්. පට්ටුමේල බංගලාව අවට අක්කර 100ක් පුරා පැතිරිලා තියෙන දුර්ලභ බෙහෙත් ඖෂධ වලින් පරිපූර්ණ වෙච්ච තැනක්. මරණෙන් නැගිට්ට වයිරමනි සිය දහස් වාරයක් තමන්ට ප්‍රතිකාර කරපු සබාපතිගේ පවුලට ස්තූතිය පුද කළා. කොහොමහරි මේ වෛරසය සුව කරන්න පුලුවන් බෙහෙත් පට්ටුමේල බංගලාව අවටින් හොයාගන්න පුලුවන් බව දැනගන්න එම්.එස්.ආර්. සහ නිර්මලා මේ බංගලාව මිලදී ගන්න දත කනවා. සබාපති කීයටවත් මේ බංගලාව විකුණන්නේ නෑ කියල කිව්වත් හොදින් හෝ නරකින් හෝ මේ බංගලාව අරගන්න උත්සාහ කරනවා. එහෙනම් ඉතින් අපි බලමු මේ බංගලාව අරගන්න පුලුවන්ද ? කවුද මේ බංගලාවේ හොල්මන් කරන්නෙ කියල

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.
6,101 downloadsDownload PEI-MAMA-2021.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
18 comments
Anonymous
Sadeepa amod
Laabam film ekata sub denne puluwan nam plzz
Kushan
Sub akta thanks
Anonymous
Patta
Jevan
Thanks machi
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Samith
Thanks brother
Anonymous
Most Eligible Bachelor(2021)
Sardar udham(2021) sub dennkoLahiru
Thanks saho
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
සබට තෑන්ක්ස් මචන්
Anonymous
from where to find the torrrent link
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
sadeepa
thanks for the sub...................
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks