පසුගිය මාර්තු මාසයේ පැවති 90 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සඳහා නිර්දේශ වූ Loveless හෙවත් Nelyubov චිත්‍රපටය, සම්මානනීය රුසියානු චිත්‍රපට අධ්‍යක්ෂක Andrey Zvyagintsev ගේ නිර්මාණයක්. ලොව පුරා සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකින් පිදුම් ලද මෙම සිනමාපටය, 2017 ජූ…

පසුගිය මාර්තු මාසයේ පැවති 90 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සඳහා නිර්දේශ වූ Loveless හෙවත් Nelyubov චිත්‍රපටය, සම්මානනීය රුසියානු චිත්‍රපට අධ්‍යක්ෂක Andrey Zvyagintsev ගේ නිර්මාණයක්. ලොව පුරා සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකින් පිදුම් ලද මෙම සිනමාපටය, 2017 ජූනි මස 01 වන දා සිට රුසියාව ඇතුළු ලොව පුරා රටවල ප්‍රදර්ශනය ආරම්භ කරනවා. Maryana Spivak, Aleksey Rozin, Matvey Novikov, Marina Vasileva, Andris Keiss ඇතුළු නළු නිළියන්ගේ රංග ප්‍රතිභාවයෙන් හැඩ ගැන්වුණු මෙහි කැමරාකරණය, ආලෝකකරණය හා අධ්‍යක්ෂණය ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින බව සඳහන් කළ යුතුයි. මිනිත්තු 127 ක කාලයක් පුරා දිව යන, Drama කාණ්ඩයට අයත් මෙම සිනමාපටයට IMDB දර්ශකයේ 7.7 ක ඉහළ අගයක් ද හිමි වී තිබෙනවා.
අතුරුදහන් වූ දරුවෙක්, අසාර්ථක විවාහයක් හා වාර්ගික අර්බුදයක් පිළිබඳව සාකච්ඡා කෙරෙන සම්භාව්‍ය මට්ටමේ සිනමා කෘතියක් වන Loveless චිත්‍රපටයෙහි තිර රචනය, කුඩා දරුවෙකු වටා ගෙතුන ද එය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් බව සිහිපත් කළ යුතුයි. විවාහ වී සිටින හා විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මෙම සිනමා නිර්මාණයෙන් ලබාගත හැකි ආදර්ශය නම් ඉතා ඉහළ එකක්.
වයස අවුරුදු 12 ක දරුවෙකු වන අල්යෝෂාගේ දෙමාපියන් දික්කසාද විමට තීරණය කරනු ලබනවා. ඔවුන් දැනටමත් ඔවුන්ගේ සහකරුවන් සොයාගෙන අවසන්. නමුත් මේ බවක් අල්යෝෂාගේ දෙමාපියන් තවම අල්යෝෂාට පවසා නැහැ. එහෙත් ඔවුන්ගේ කතාබහට රහසින් ඇහුම්කන් දෙන අල්යෝෂා, තම දෙමාපියන්ගේ වෙන්වීමේ තීරණය අසා දැඩි ලෙස කම්පාවට පත්වෙනවා. සිය දෙමාපියන්ගේ රණ්ඩු සරුවල් අතර කල් ගෙවන අල්යෝෂා හිටිහැටියේම නිවසින් අතුරුදහන් වෙනවා. ඔහු නිවසින් පලා ගියා ද? කවුරුන් හෝ පැහැරගෙන ගියා ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් ඔබට මෙම චිත්‍රපටය බලන්නම වෙනවා.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,650 downloadsDownload Loveless-2017.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක දිසානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක දිසානායක
Subtitles
31 comments
nuwan1234
Fanta
sub akata thanxx...අනේ මචන්ලා
Solo a star wars story
Sicario 2
Next gen
Final score mee ftta films tikata ikmanata sub dennlakoo....plzzz......Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata....!
Janakakumara
Ela bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!දමිත් රත්නායක
පලමු සිංහල උපසිරැසිකරණය මගේ උනුසුම් සුබ පැතුම්.
ජයෙන් ජය සහෝ.Kulanjana Maduranga
g'luk 1st attempt saho....subata thanks...keep it up....
Wicki
Thanks
Suranjan
Thanks machan.......jayawewa........!
ZK
ස්තූතියි. ..........
Induvara namal
Thank you
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nimach273
Thanks sub akta jaya wewa
පැතුම් ඉෂාර
ස්බට තුති!!!!
Chanmatara
Thanx bro ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
JanakaPrasanga
Thanks lot bro,,,
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
Hashan M. Priyadarshana
Thanks bro
Chulender kasun
Thanks brooo ..
SURANGALAKSHAN
Thanks bro.
sanjeewakbg
Thanks bro...
lathindu
Sub ekata Thanks Bro
rasikaindika
thanks saho
Chanmatara
Thanx සහෝදරයා .....
Su
Thanks saho sub ekta.. :)
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Rukshan37
Ela ela
bLack_sNow
thanks saho sub ekata
Nishan
Thanx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි ඔබට ජය!!