ආයුබෝවන් සියලු දෙනාටම. අද මම අලුත් ඉංග්ලිශ් ෆිල්ම් එකකට සබ් අරගෙන ආව. මේක මගේ හයවෙනි සබ් එක. කලින් කරපු සබ් වලට හොද ප්‍රතිචාර ලැබිල තිබුන. ඒවටත් ගොඩක් ස්තූතීයි. 2018 ජූනි මාසෙ 13 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක මේ වන විට IMDb දර්ශකයේ 5.0ක් වගේ අගයක් තමයි අරගෙන තියෙන්නෙ. මේ ෆිල්ම් එක Action/Thriller…

ආයුබෝවන් සියලු දෙනාටම. අද මම අලුත් ඉංග්ලිශ් ෆිල්ම් එකකට සබ් අරගෙන ආව. මේක මගේ හයවෙනි සබ් එක. කලින් කරපු සබ් වලට හොද ප්‍රතිචාර ලැබිල තිබුන. ඒවටත් ගොඩක් ස්තූතීයි.
2018 ජූනි මාසෙ 13 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක මේ වන විට IMDb දර්ශකයේ 5.0ක් වගේ අගයක් තමයි අරගෙන තියෙන්නෙ. මේ ෆිල්ම් එක Action/Thriller/Crime විදිහට තමයි වර්ග කරල තියෙන්නෙ. මේකෙ Trevor Jackson, Jason Mitchell, Lex Scott Davis වගේ නළු නිලියන් රැසක් රන්ගනයෙන් දායක වෙනව. ඇමෙරිකාවෙ ජෝර්ජියා ප්‍රාන්තයෙ කළු ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් මුල් කරගෙන තමයි ෆිල්ම් එක කරල තියෙන්නෙ. මේ ෆිල්ම් එකේ ගොඩක් දෙබස් ඇමෙරිකානු කළු ජාතිකයන්ගෙ ව්‍යවහාරික භාෂාව වන AAVE (African-American Vernacular English) එකෙන් තමයි සමන්විත වෙලා තියෙන්නෙ. අප්‍රිකාවෙන් වහල් සේවයට ඇමෙරිකාවට ගෙන එන ලද අප්‍රිකානුවන් පස්සෙ එයාලගෙම ජනාවාස හදාගන්න පටන් ගත්ත. ඒත් මෙයාල මුල්කාලෙ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න දැනගෙන හිටියෙ නෑ, ඒ වෙනුවට එයාල කරේ ඉංග්‍රීසි භාෂාව එයාලට පහසු ආකාරයට කතාකරපු එකයි. කොහොමහරි ඒක මෙයාලගෙ ව්‍යවහාරික භාෂාව වුනා. ඉතින් මම මේ කියන්න හදන්නෙ එයාල කතා කරන ඒ භාෂාව සාමාන්‍ය ඉංග්‍රීසි වගේ නෙවෙයි. ටිකක් වෙනස්. සමහර තැන්වල බොහොම අමාරුවෙන් තමයි වචන වල තේරුම හොයාගත්තෙ. සමහර තැන් වල පොඩි පොඩි අඩුපාඩු ඇති. මම හිතනව ඒක ෆිල්ම් එක රසවිදින්න බාදාවක් නොවෙයි කියල.
හරි කතාව දිහාවට හැරුනොත් යන්ග්බ්ලඩ් ප්‍රීස්ට් කියන්නෙ තරුණ වයසෙ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්. එයා කරන්නෙ ස්කැටර් කියන කෙනාගෙන් කොකේන් අරගෙන විකුණන එක. එක දවසක් වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කල්ලියක් එක්ක ඇතිවෙන ගැටුමක් නිසා මෙයා හිතනව එක විශාල කොකේන් ගනුදෙනුවක් කරල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන එකෙන් අයින් වෙලා වෙන රටකට යන්න ඕනෙ කියල. පොලිසිය එතකොට අර මෙයත් එක්ක පැටලිච්ච අනිත් මත්ද්‍රව්‍ය කල්ලිය මෙයාගෙ මේ වැඩේට කොහොම ප්‍රතිචාර දක්වයිද, කියල ඔයාල ෆිල්ම් එක බලලම හොයාගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, Lakshmi(2018) ෆිල්ම් එකත් එක්ක හැකි ඉක්මනින් නැවත් හමු වීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම බයිස්සිකෝප් එකත් එක්ක රැදිල ඉන්න. සියලු දෙනාටම සුබ පැතුම්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,956 downloadsDownload SuperFly-2018.zip113 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
28 comments
Dewadithya
udana ravindu
THnq bro
New day
සුපිරි
New day
Machan පුලුවන්ද family man film ekata sub danna
Leoathuwa
Gr8,tnx...
gihan perera
නියමයි මචෝ....සුපිරි....ස්තුතියි ස්තුතියි මහන්සි වෙලා උපසිරැසි දුන්නට.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ඉක්මනින් Lakshmi ෆිලුමටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ...මග බලන් ඉන්න ෆිලුමක් ඒක මචෝ.....
THE NEW FOLDER
thanks bro...............
Prabodha Madhusankha Hettiarachchi
Thank broo sub ekataaaa.. jaya wewa...!
Shadow4
nice work bro
harshani11112
ස්තුති සහො.......
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.nuwanjayasooriya7
ela keri
Kulanjana Maduranga
subata thanks.....
Suranjan
Thanks machan......jayawewa......!
jagath55
Thanks
Buddhikaborn
Mission impossible fallout එකේ සබ් දෙන්න ඒක නෑනේ
කැලුම් ගුණසේකර
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Dilip_kumara
Thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Indik pushes kumara
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
nihalpujitha
ELA ELA
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Farmchemie_Roshan
Thanx saho...
indika75
thanks..
nilanka
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for Sub!