Luv Ka The End (2011) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් හැමෝටම ! මේ මගේ පළවෙනි හින්දි චිත්‍රපටි උපසිරැසිය ඔයාලත් එක්ක බෙදාගන්න ලැබීම ගැන සතුටුයි. මෙතෙක් කල් මම ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වල චිත්‍රපටි වලට උපසිරැසි ලබා දුන්නත්, දැන් ටිකෙන් ටික හින්දි චිත්‍රපටි වලටත් උපසිරැසි ලබා දෙන්න මගේ පොඩි බලාපොර…
Luv Ka The End (2011) Sinhala Subtitles
ආයුබෝවන් බයිස්කෝප් හැමෝටම ! මේ මගේ පළවෙනි හින්දි චිත්‍රපටි උපසිරැසිය ඔයාලත් එක්ක බෙදාගන්න ලැබීම ගැන සතුටුයි. මෙතෙක් කල් මම ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වල චිත්‍රපටි වලට උපසිරැසි ලබා දුන්නත්, දැන් ටිකෙන් ටික හින්දි චිත්‍රපටි වලටත් උපසිරැසි ලබා දෙන්න මගේ පොඩි බලාපොරොත්තුවක් තියනවා. පොඩි හරි… ලොකු නෙමෙයි.
බම්පි අධ්‍යක්ෂණයෙන් 2011 වසරේ තිරගත වුණු මේ හින්දි රොමැන්ටික් කොමඩි චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට ශ්‍රද්ධා කපූර් සහ තාහා ෂා රඟපානවා. Y-Films කියන යෑෂ් රාජ් ෆිල්ම්ස් හි අනුබද්ධ සමාගමෙන් නිපදවපු පළමු චිත්‍රපටය තමයි මේක. 2011 මැයි 6 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටය හොඳ ප්‍රතිචාර රැසක් ලැබුවා. මේක ටිකක් 2009 අමෙරිකානු චිත්‍රපටයක් වන Wild Cherry, 2006 චිත්‍රපටයක් වන John Tucker Must Die සහ ජෝන් ග්‍රීන්ගේ Paper Towns නවකතාව පදනම් කරගෙන හදපු එකක්.
රියා ඩයල්ඩාස් තමයි මේකේ ප්‍රධාන චරිතය. පාසල් අධ්‍යාපනය ඉවර කරලා දැන් කෙල්ල හීන මවනවා තමන්ගේ පොහොසත් පෙම්වතා වන ලව් නන්දා එක්ක අනාගතේ. මේ ලව්ට නම් ලොකු වුවමනාවක් තියෙන්නේ BBC (බිලියනයර් බෝයිස් ක්ලබ්) කියන තරඟයක් දිනන්න. මේක පොහොසත් කොල්ලන් අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච තරඟයක්. මේකෙදි කොල්ලෝ වීඩියෝ අප්ලෝඩ් කරනවා ගැහැනු ළමයි එක්ක ඔවුන් ඉන්න හැටි පෙන්නලා. මොකද ඒ වීඩියෝ වලින් තමයි ලකුණු හම්බ වෙන්නේ. ලව් නන්දා මේ තරඟයේ මුල තැනට එන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ රහස රියාට හෙළි වෙන්නේ එයාගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් හරහා.
ලව්ට මේ තරඟය දිනන්න තිබුණු එකම විදිහ තමයි රියාගේ 18 වැනි උපන්දිනය දවසේ එයාව ඇඳට අරන් එයා එක්ක ලිංගික සබඳතා පවත්වලා ඒකත් වීඩියෝ කරන එක. එතකොට තමයි තවත් ලකුණු 1000ක් හම්බ වෙන්නේ, එතකොට ඒ අවුරුද්දේ ප්‍රොෆයිල් එක කිසිම කෙනෙකුට අල්ලන්න බැරි තැනකට යනවා. රියා නොදැන මේ ගේමට එකතු වුණත්, පස්සේ එයාට තේරෙනවා ලව්ට ඕන ආදරය නෙවෙයි ලකුණු විතරයි කියලා. දැන් රියා තීරණය කරනවා එයාගේ යාළුවෝ එක්ක එකතු වෙලා මේක ගැන පළිගන්න, ලව්ගේ ජීවිතය විනාශ කරන්න.
රියා විශ්වාස කරනවා ලව්ගේ බලය තියෙන්නේ මිනිහගේ කාර් එක, සල්ලි, හැඩරුව සහ යාළුවෝ තියෙන තාක් කාලෙකට විතරයි කියලා. ඉතින් මින්ටි (රියාගේ නංගි) එක්ක කතා කරලා රියා තීරණය කරනවා ලව් නන්දාගෙන් හැම දෙයක්ම උදුරගන්න. ඒ කොහොමද? මේ ගැහැනු ළමයි ගන්න ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා – ලව්ගේ කාර් එකට කරන දේ, ලව්ගේ පෙම් හමුව අවුල් කරන එක, මිනිහගේ බීම වලට යම් දෙයක් එකතු කරන එක සහ තවත් දේවල් ගොඩක්. මේ සිද්ධි වලින් එකක් තමයි ප්‍රසිද්ධ “මටන් සෝන්ග්” කියන සිංදුව එන තැන. ඒකෙත් යම් දෙයක් වෙනවා, ඒත් ඒක නම් ඔයාලා චිත්‍රපටයේදිම බලන්න ඕනේ!
ලව්ට එරෙහිව රියාගේ මේ පළිගැනීමේ සැලැස්ම ඉස්සරහට යද්දි, මිනිහගේ ප්‍රතිරූපයට සහ සමාජ තත්වයට වෙන දේවල් නිසා කතාව වඩාත් රසවත් වෙනවා. ඔයාලත් දැන් කුතුහලයෙන් ඉන්නවා නේද මේ රියා ඇත්තටම ලව්ගේ ජීවිතය කොයි විදියට අවුල් කරයිද කියලා? චිත්‍රපටය බලලා ඒක දැනගන්න පුළුවන්!
ඇත්තටම මේ චිත්‍රපටිය හරිම විනෝදජනකයි! අනිවාර්යයෙන්ම මේක බලද්දි ඔයාලගේ මුහුණට සිනහවක් ගෙන එනවා. මේ චිත්‍රපටය නරඹන අතරතුර මට තේරුම් ගිය විශේෂ දෙයක් තමයි මේක සාමාන්‍ය හින්දි චිත්‍රපටි වලින් ටිකක් වෙනස් රසවින්දනයක් ලබා දෙන බව. ඇත්තම කිව්වොත් හොලිවුඩ් චිත්‍රපටයක විලාසයක් මේකෙන් දැනෙනවා. හින්දි සිනමාවේ බොහෝ චිත්‍රපටි වල අපි දකින සම්ප්‍රදායික ආදර කතා වලින් ඔබ්බට ගිය නව මානයක් මේකෙන් ඉදිරිපත් කරනවා.
ශ්‍රද්ධා කපූර්ගේ රඟපෑම ඉහළින්ම අගය කරන්න ඕනේ. එයා මේ චිත්‍රපටයේ ජීවය. විශේෂයෙන්ම පළිගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කරන අවස්ථා වල එයාගේ රඟපෑම බලාන් ඉන්න ආස හිතෙනවා. ඒ වගේම තාහා ෂා මේ කතාවේ ලව්ගේ චරිතය ලස්සනට කරගෙන ගිහින් තියෙනවා. මේ දෙන්නගේ කෙමිස්ට්‍රි එක හොඳට වැඩ කරලා තියෙනවා චිත්‍රපටය පුරාම.
මේ චිත්‍රපටය මගින් තරුණ කාලයේ ආදරය, මිතුරුකම, විශ්වාසය සහ පාවාදීම වගේ දේවල් ගැන කතා කරනවා. ඒත් ඒක අමුතු විදියට ඉදිරිපත් කරන නිසා ඔයාලට මේක බලද්දි කලකිරීමක් ඇතිවෙන්නේ නෑ. හරියට ආදරයට නැතුව කෙල්ලොන්ට පාඩම් උගන්වන දෙයක් කියලා හිතාගන්න.
තාක්ෂණික අතින් ගත්තත් මේක හොඳ මට්ටමක තියෙනවා. සංගීතය, ඡායාරූප කරණය, සංස්කරණය සියල්ලම Y-Films සමාගමේ පළමු නිර්මාණයට ගැලපෙන විදියට හොඳින් කරලා තියෙනවා. විශේෂයෙන් “මටන් සෝන්ග්” ගීතය ඔයාලා හැමෝටම බොහොම තදින් මතක හිටිවී.
මගේ සිංහල උපසිරැසි එකතුවට එකතු කරපු පළමු හින්දි චිත්‍රපටිය මෙය වන අතර, ඉදිරියේදී තවත් හින්දි චිත්‍රපටි රැසකට උපසිරැසි ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මේ චිත්‍රපටය බලලා ඔයාලගේ අදහස් පහතින් කොමෙන්ට් කරන්න. හොඳ නරක දෙකම කියන්න කිසි ගැටලුවක් නෑ. අලුත් හින්දි චිත්‍රපටි වලට උපසිරැසි ගන්වලා ඕනේ නම් මට ඒ ගැනත් කියන්න. මට සෙට් වුණොත් හරි, වෙලාවක් තිබුණොත් කරලා ගේන්නම්.එහෙනම් ජයවේවා !!
Luv Ka the End (2011) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
784 downloadsDownload Luv-Ka-The-End-2011.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Luv Ka the End (2011) Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
2 comments
arawindasunimal
Buddhika laKMal
Sub ekata thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks sub ekata